Wednesday, July 15, 2020
මෝහිනී
අඩු කුල ඉහල කුල දෙක යසට පෑහිනී
වසඟෙට ගත්තෙ මාව අඩවන් දෑහිනී
රත්වුනි අහෝ! මාගෙත් රුදිර වාහිනී
උඹ මගෙ පැලට එනවද රෑට මෝහිනී
ඔය පපු කැවුතු මැද්දේ පේමෙ මා වුනී
හදකට හදක් නොසිතූ අයුරු යා වුනී
එනවිට ගෙදර මගදිම අඳුර බෝ වුනී
රෑ මද්දහනෙ හැඟුමන් පිබිද පා වුනී
නැවතී නොමැත තැන තැන අම්බලන් වල
නොතබමි තට්ටු එක එක දොර පියන් වල
කඩුපුල් මලේ දෙවියන් එක රැයින් කල
ගැස්මක් ඇතිවුනේ ඇයි ඇස් පියන් වල
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.15
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
කවි ගැන මාර හැකියාවක් තියෙන්නේ
ReplyDeleteහැම දෙනාට නෑ ඒ දෙය පිහිටන්නේ
තව තව ලියවෙන්ඩ කියලා මා පතන්නේ
මේවා කවද හරි පොතකට ගහපන්නේ.