Tuesday, June 2, 2020

මඩකලපුවෙ හේමන්තගෙ ආතල් එක

මෙි කතාව වෙන්නෙත් ඉතින් ආරච්චිටමයි..ඒ යටගිය දවස මඩකලපු නම් ග්‍රාමයේ තානායම් කඳවුරේදි. මෙි අපේ ඒකකය මාංකේනි ඉඳල  මෙහෙට  ස්තානගත වෙන්න ආපුම අලුත.

මං කලින් කතාවකුත් කිව්වනෙ හේමන්ත කියල චරිතයක් ගැන.ඔිගොල්ලන්ට ඒක මතක ඇති. ඌ මහ අද්භූත  බලවෙිගයක් තියෙන  ඩෑල්ලෙකක්.අමුතු බුවෙක්. දෙබිඩි කලලයක උපතක් කිව්වොත් තමා වඩාත්ම හරි.

මෙදිනත් මං බල්ලට හැතැප්ම නෑවගේ පට්ට ඩබල් එකක් දීල හවස හයට පොයින්ට් එකේ ඩියුටි බාරගන්න යන්න ලෑස්ති වෙවී හිටියෙ.
ඒ අස්සෙ මං වගේම තවත් හත් අට දෙනෙකු හෙන ගේමක් දෙනගමං හිටියෙ හය වෙන්න කලින් පොයින්ට් එකට පැන ගන්න. අපි අනිවාරයෙන්ම හවස හය වෙද්දි පොයින්ට් එකේ ඉන්න ඔින. ඒ අපි මුරසෙබළු වශයෙන් හයට පොයින්ට්වල ඉන්නවද නැද්ද බලන්න දවසේ කාර්ය පාලක නිලධාරි බංකරෙන් බංකරේට විසිට් එක එන හිංද. ඒ එද්දි අඩුම අපි එකෙක් හරි පොයින්ට් එකේ නොහිටියොත් එතන මහ නඩුවක්. ඒ නිසයි මෙි ඩබල් එකේ ලෑස්ති වෙමින් හිටියෙ.

 ඒ අස්සෙ තමා මං දැක්කෙ අපේ අද්භූත ප්‍රානියා පිඟානකට රෑට කන්න තිබුනු අවුරුදු දහයක විතර පොඩි එකෙක්ට බඩගියා වගේ තිස් හයයි දහ අටෙි කල්දේරමක ඇටත් දියවෙනකං  හැඳි ගෑවුනු පාම්පිටිත් දාල ඉදෙන පරිප්පු සාගරයකුයි ගිලෙන්න ඔන්න මෙන්න ටයිටැනික් නැවෙි නැපිය වගේ කොනක් උඩට ඉලිප්පිලා  අඩිය තියන තාලෙට අහට්ටයි මෙහට්ටයි පැද්දෙන පොතුපිටින් බිත්තර ගෙඩියකුයි දාගෙන වම් අතේ උඩ තියාගෙන දකුනු අතින් පාං බාගෙකුත් එල්ලගෙන එනව. මෙි අරං එන්නෙ බිලට් එකෙන් ගෙනත් තියල රෑට ඩියුටි ඔිෆ් වෙලා කන්න. එහෙමත් නැත්තං එක පොයින්ට් එකක දෙන්නෙක් වෙන ඩියුටියකට ගිහින් හිටියොත් පොයින්ට් එකේ ඉන්න එක්කෙනා තමන්ටම හරි  පොයින්ට් එකේ වෙන කාටහරි කෑම ගෙනත් තියනවා වෙන්න ඇති.

ඒක පාං බාගයක් කියල අදුර ගන්න තිබුනෙ උඩ කලුපාටයි මැද සුදු පාටයි විතරයි.අනික ඒ පාං බාගෙයක් කියන්නෙ ඔලුවෙන් තෙල් කෑල්ලට තද කරල දෙපැත්තෙන් මැද්දට නවල ගත්තම ආරච්චිටනං එක කටයි.පාං කටවල් දෙකක් කන්නනං පාං ගෙඩියක් පෙති දෙකකට කපල ගන්නම ඔින.මදේ හූරල ගුලි කරල බල්ලෙකුට දැම්මොත් හෙම ඌත් බයවෙලා පන කඩාගෙන දුවනව "කූං කූං"  ගාගෙන.  මෙි පාං පුච්චන එකාට වෙනම සම්මානයක් දෙන්න ඔින මෙහෙම මෙිවා මෙව්ව කරනවට. හැබැයි ඊටත් මාසෙකට විතර පස්සෙ තමා මං දැනගත්තෙ මෙි "කුමාරසිරි බේක් ඇන් ටුවර්ස්" එකේ පාන් කියල.

ඉතිං...එදා අපිට රෑ කෑමට තිබුනෙ පාං.

අපි හවස හයට පහක් වගේ තියල තමා කඩා බිඳගෙන බිලට් එකට ආවෙ. ඒ ඩියුටි කියල මතක් වෙච්චි වෙලාව. අපි බිලට් එකේ ඉස්සරහට වෙලා කැරම් ගග ගගහ  හිටියෙ. ඉතින් මාත් එක පාරටම ඩියුටි ඉන්නෙ කියල මතක් වෙලා ඔරලෝසුව බැලුවම වෙලාව හයට පහයි කියල දැකල දුර ඈත ආකාසෙ පාවෙන වලාකුලු දෙස නෙත් නොපියා බලාගෙන බරම බර මනෝපාරක ඉන්න පූසෙකුට හිමින් කිට්ටුකරල හයියෙන් තට්ටුවක් දැම්මම උඩ ගිහින් බිම වැටෙන්නා වගේ මාත් අඩියක් විතර උඩ ගිහින් බිමට වැටුනෙ.

මාත්
*හයට පායි දුවපියාව්ව්ව්ව්.....

කියල කෑගහනවත් එක්කම මං කියන වෙලාවවත් සුවර් නැති සමහර වුං එක අණට සරඹ කරන්නැහෙ වම් අත හරෝල තම තමන්ගෙ වොච් පිරික්සල වෙලාව බලන්ඩ පටන් ගත්තා. ඊලඟ මොහොතේ පීරියඩ් කට් කරල පිට්ටනියෙ චක්ගුඩු පනින බාලාංස පංතියෙ වුන් පිංසිපල් එනව දැකල දුවන්නැහෙ කැරම් බෝඩ් එකේ සෙල්ලං කර කර හිටපු අපි හතරදෙනයි එකේකෙවුන්ට හුරේ දදා කඩෙි ගියපු ජෝතිපාලලයි ඒකත් පෙරලගෙනම නැගිටලා බිලට් එකට දඩ බඩ ගාල රිංගලා පට්ට ඩබල් එකේ යුනිපෝම් එකට බහින ගමන් හිටියා.ඒ කලබලෙන් අපි බිලට් එකට පනිද්දිත් තව දෙතුන්  දෙනෙකුත් ඉහිං කනින් දාඩිය දාගෙන ලෑස්ති වෙනවා දැක්ක⁣. ඔය අස්සෙ තමා මං දුරින් හේමන්තය එනව දැක්කෙ.
 අනේ අප්පේ බලාපියව්කො මෙිකා පද්ද පද්ද එන ලස්සන . මං කොච්චර ඩබල් එකක් දීල හිටියත් මුගේ ගමන දැකල ඒ දිහාත් විනාඩියක් විතර බලං හිටියා. හද්දෙයියනේ ඉතින් මූත් සෙබල ප්‍රානියෙක්නෙ.

මූත් අර කලබල අස්සේම දහ අටෙි කෑල්ල හයියෙන් අඩිය තියන්නෑ වගේ ගමනෙ යෙදිලා අපි ලඟටම ආවම මූගෙන් අන්තිම විනාඩියෙ හරි ආතල් එකක් ගන්නෙමි යැයි හිතාගෙන

*අඩෝ..හේමන්තයා..හේමන්තයා වෙලාව කියහං යකෝ ටක් ගාල හදිස්සියක්.. අපි හයට පොයින්ට් එකේ ඉන්න ඔින.ටක් ගාල වෙලාව කියහං හු%@$&$තො කිව්වා. මගේ ඒ කලබලෙන් කුලප්පු වුන මෙි වල් ගස්ගෝං මීමා, එකපාරටම හොදි පිගාන තිබ්බ අත හරවලා "හයයි කෝපල්" කියන්න වුනේනෑ.

අර අතේ තිබ්බ රුපියල් එකසිය විසිපහේ සෙරමික් පිඟාන  ලිස්සලා සලස් ගාල හුලං කපාගෙන ගිහින් "සලාන්ස්-ක්ලෑන්" ගාල බිම වැටිල කෑලි තුනට කැඩිල විසිවෙන සද්දෙත් එක්කම "චපාස්" ගාල හොදි ගංගාවක් බිම වැදිල විසිරිලා ගියා. සීසීකඩයි පරිප්පු ඇට සහ මිරිස් පොතු කෑලි. සමහර පරිප්පු ඇට ඉදිලත් නෑ..තාම රතු පාටයි.ඒ වුනාට හුඟක් ඒව ඉදිල දියවෙලත් ගිහිල්ල.

 ඒකෙ තිබුනු පොතු නොගහපු බිත්තරේ බිමට වැටිල ටොක් ටොක් ටොක් ටොටොක් ටොක් ටොක් ගගා රෝල් වෙලා වෙන එකෙක්ගේ ලී පෙට්ටියක් අස්සට ගියා. පිඟානෙ තිබ්බ පරිප්පු ජලාශයෙන් කාලක් විතර මං වගේම ඩබල් එකක් දීල හිටපු කිබුලගෙ ඇඟටත් තවකාලක් විතර ඊට ඇබින්දක් මෙහා පැත්තෙන් හිටපු ඩයලොක් බංඩගෙ ඇඟටත් හැලිල. ඊලඟට තමා හේමන්තයගෙ පෙට්ටිය තියෙන්නෙ. කෑම එක ඒක උඩින් තියන්න තමා මූ ආවෙ. ඩයලොක් බංඩට මල පැනපු පාර දදා හිටපු බූට් එක එහෙම්මම ගලෝල අරං හේමන්තයට දමල අරිද්දි,  කිබුලා ලඟ තිබුනු කැන්වර්ස් සපත්තුවකින් මට දමල ගැහුව. එක ඇඳක්වත් නොතිබුනු බිලට් එකේ මෙි හත්  අට දෙනාම  තම තමන්ගෙ ටංක පෙට්ටි උඩත් මං විතරක් මගේ ටංක පෙට්ටිය තැලෙන හිංද අල්ලපු තැන එකාගෙ පෙට්ටිය උඩත් තමා ඉඳගෙන හිටියෙ. ඔය අස්සෙ කිබුලා ගහපු කැන්වර්ස් සපත්තුව "සිග්" ගාල හුලං කපාගෙන ඇවිත්  මගේ බඩට "බොග්" ගාල වැදුනම මං නාන්න ගෙනියන මල්ටිලැක් වර්ගයේ ප්ලාස්ටික් බකට් එක ඇදල අරං සබන් පෙට්ටියත් පිටින්ම කිඹුලට දමල ඇරියා. බකට් එක ගිහින් "ඩොග්" ගාල වැදුනෙ බුරුසුවගෙ ඔලුවෙ. කලබලේනේ.
බාගෙයක් වතුරත් එක්ක තෙත පිටින්ම තිබ්බ සබන් පෙට්ටිය  වෙනම ගිහින් ජෙනි කාපර්ගෙ ඇඟේ වැදුනා. බුරුසුවා කුකුල් කේන්ති කාරය. ඒත් එක්කම ඌට මල පැනල ඔලුවෙ වැදිල වැටුනු මගේ බකට් එකම නැවත වොලි බෝලයක් වගේ ඇදල අරං මටම දමල ගහද්දි ඒක ගිහින් වැදුනෙ ආයෙත් මැද්දෙන් අමුතු ගමනක් යමින් හිටපු "ගැටය"ගෙ ඇඟේ. හදිස්සියට ජොකෙක්වත් දාන් නැතුව  ගැටය දනිස් දෙක ගාවට විතරක් ඇඳන් හිටපු කලිසම එහෙම්මම අත්දෙකෙන් එල්ලගෙන  තොගෙ අප්පට  කියල වෙිගෙන් ගිහින් බුරුසුවට පයින් එකක් අනින්න දකුනු කකුල ඉස්සව වගේ මතකයි දිගට සරමක් ඇදල ඉන්න එකෙක් කකුල් ඈත්කරල පලල් කානුවක් පනින්න හැදුව වගේ  "දඩොස්" ගාල දෙරි ගහගෙන බිම වැටුනා. දැං මුං මෙි ගහගන්නෙ ඩබල් එකක් දීල ඉන්න වෙලාවක කියල මතක නෑ..

ඒ වැටිච්චි පාරට මුගේ වැලමිට බිම ඇනිලා මොර දීල අපිට කුනු හරපෙන් බනිද්දි මං ආයෙත් ප්‍රහාරයක් එල්ලවෙන්න කලින් දදා හිටපු බූට් එකේ ලේස් එකෙනුත් අල්ලගෙන අනික් බූට් එකත් අතින් අරං "මිනී මරනවෝ" කියල කෑ ගහගෙන බිලට් එකෙන් එලියට පැන්නා. කොරලවැල්ලෙ ගෑනු ඇවිස්සිලා  වගෙ අමුතිත්ත කුනුහරුප වැලයි ඇතුලෙ. ඒ අස්සෙ හේමන්තයා දන ගගා පෙට්ටි අස්සට රෝල්වුනු බිත්තරේ හොයනව.
උගෙත් පස්ස පැත්තට හයියෙන් මෙස්ටින් පියන් පාරක් වැදුන කියල පස්සෙ දවසක මට කිව්වා. කුප්පම වැඩෙි කියන්නෙ හේමන්තය ඌට මෙස්ටින් පියන් ප්‍රහාරය එල්ල කරපු එකා දැක්කෙත් නැතුව බුරුසුවට  පාං බාගෙන් දමල ගහල. බුරුසුවට මල පැනල, පැන්න ගමන් මුගේ බොටුව මිරිකල පෙට්ටි ගොඩක් උඩට විසි කරල.
කොහොමින් කොහොම හරි වලිය සමතයකට පත්වෙලා පරිප්පු නාපු එවුන් ආයෙ අමුතුවෙන් ලෑස්තිවෙලා හයයි තිහ වෙන කොට බොහොම අමාරුවෙන් පොයින්ට් එකට ගියා.
හැබැයි අපේ වෙලාවට විසිට් එකනං ඇවිත් තිබුන් නෑ.

ආයෙ දවසක් හේමන්තයගෙන් ආතල් එකක් ගන්න ගිහින් මං ගුටි නොකා හරි යන්තමින් පූරුවෙ පිනකට බෙිරුනේ. ගුටි නොකෑවත් විනාඩි විස්සක් විතර ඊසි පොසිෂන්නං ඉන්න වුනා.
එදාත් හරි අති විසේස දවසක්. ඒ රනිල් මාමි අපිට යුද්දෙ කොරන හැටි කියාදෙන්න මඩකලපු ආව දවසෙ. එතුමා එනව කියල තිබුනෙ  දවල් දෙකට. අපිට නියෝගයක් ඇවිත් තිබුනා එකයි තිහ වෙද්දි අංක හය නිලඇඳුමෙන් ලෑස්තිවෙලා නගර ශාලාවෙ පුටුවල වාඩි වෙලා ඉන්න ඔින කියල.ඒක තිබුනෙත් අපේ කෑම්ප් එක ඇතුලෙමයි. ඒකට අපේ ඒකකයෙන් සීයක් සහභාගි කරවන්න කියල බ්‍රිගේඩ් කමාන්ඩර් කියල තිබුනා. වෙලාව එකයි.ඒත් සීයක් නෑ. අනූ පහක් වගේ හිටියෙ. සීයනං සීයනේ. අනුපහට සීය කියන්නෑනෙ. ඉතින් අපේ සීඑස්එම් තුමාත් දැං පැයක වෙලේ ඉඳන් අත් ඇගිලි විස්සයි කකුල් ඇගිලි විස්සයි තව ලග ලග හිටපු වුන්ගෙ අත් කකුල්වල ඇගිලියි නයටත් එක්ක අරං ගනන් කරනවා  කරනවා සීය නෑ. කොච්චර ගනන් කලත් සීය සම්පූර්ණ නැ.
අග ඉදන් මුලට ගනන් කරනවා මුල ඉදන් අගට ගනන් කරනවා. ඒත් එන්නෙ අනූ පහමයිලු.
 ඒ අස්සෙ පිටි පස්සෙම හිටපු මට සීඑස්එම්..කිව්වා..
*ආරච්චි දුවල ගිහින් බිලට් එකේ තව කව්ද ඉන්නෙ කියල බලල වරෙන් කියල.
මාත් එකම තැන පිකප් කරලා දුං දාගෙන දිව්ව බිලට් එකට. යද්දි හේමන්තය සැපට නිදි පෙට්ටි ගොඩක්  මැද බිම. ආරච්චි ගියපු හිංද ඩයිනමෝ දෙකට ස්කෑන් වුනා.වෙන එකෙක් ගියානං ලොවෙත් අහුවෙන්නෑ.
මාත් ඌට ඇහැරෝල ඩබල් එකක් දීල කිව්ව
*අඩෝ..ආං උඹව හැමතැනම හොයනව.උඹ තාම නිදිද නැගිටපං නැගිටපං කියල.
මූත් කටෙි වම්පැත්තෙන් ගලා යමින් තිබූ  යෝද ඇල වගේ විටමින් පාර දකුනු පිටි අල්ලෙන් පිහින ගමන්..ඇස් දෙකත් මුරලි බෝල දානකොට වගේ ලොකු කරගෙන
*අම්මප කියන්ඩ කෝපල්... කිව්වා.
මං ඌට අම්මප කියල කිව්වෙ මෙහා පැත්තෙ තිබ්බ වන්ටූසීරෝ ආටි පෙට්ටියක් පුද්ගලික ටංක පෙට්ටියක් කරගත්තු සහ මෙිකප් සෙට්ටුයි සබනුයි අරවයි මෙිවයි යුනිපෝමුයි බඩු දාල පුරවල තිබුනු  මල් ඇවරියගෙ ලී පෙට්ටියෙන්. ඌට මල් ඇවරියා කියන්නෙ තනිකර කට මල් ඇවරියක් වගෙ."පොඩ්ඩක් විරත්තහං මචං" කියල දත් පේලි දෙකෙන් එක පාර ලෝබ නැතුව පොල් ගෙඩි දහයක් නං ගාගන්න පුලුවන්. ඒතරං බොල්ලෑයි.
මූ "අම්මප කියන්ඩ කෝපල්" කියනකොටම  තමා මං මෙි පෙට්ටියට පයින් ඇන්නෙ  මුගේ ඇඟට පෙරලෙන්න. ඒ ගමන්ම
"තොට විනාඩි දෙකක් දෙන්නං ලේස්ති වෙලා වර හුක්" කියල කිව්වා. මුත් බය බිරාන්ත වෙලා එකපාරටම නැගිටලා ලේස්ති වෙන්න ගත්තා.
*යකෝ ඔය යුනිපෝම් එක නෙමෙි.නම්බ සික්ස් එන්න කිව්වෙ..කියල ඌත් ගුලි කාපු රිලවෙක් වගේ වෙන යුනිපෝම් කලිසමක් නිදි විකාරෙන් අදින්න හදනකොටම මං කිව්වා. නම්බ සික්ස් යකෝ..(අංක හය නිල ඇඳුම යනු..හමුදාව දැං අදින කොල පාට නිල ඇඳුම.ඒකට බැජ් කලර් බාර් එහෙම ගහල ලෑස්තිවෙන්නම පැය බාගයක් යනව.) මූත් ඩබල් එකක් දීල නම්බර් සික්ස් එක හදන්න පටන් ගත්තා.

 මාත් ආව හේමන්තයට පනිවිඩෙි කියල.ඇවිත් සද්ද නැතුව පෝලිං උනා.
*ආරච්චි කව්ද හිටියෙ බිලට් එකේ.
*සර් හේමන්ත හිටිය.
*ඉතින් උඹ කිව්වෙ නැද්ද පෝලින් වෙන්න කියල. සර් මංගැන දන්න හිංද ඇහුව.
*සර් මට හිටියොත් පෝලින් වෙන්න කියන්න කියල කිව්වෙ නෑනෙ. හේමන්තය ඉන්නව සර්..කිව්වා. ඒ අස්සෙ සර් මට දමල ගහන්න බිම අතගාල ගල් ගෙඩියක් හොයන අතරෙ ආයෙ වෙිගෙන් දිව්ව බිලට් එකට. ඒ අරූ මෙි වෙද්දි මොනවා කරනවා ඇද්ද කියල බලන්නත් ඔින කියල හිතුනු හිංද.
ඒ යද්දි එක ගිනි ගොඩයි බිලට් එක ඇතුලෙ. මුගෙ බෙරෙට් එක වෙන එකෙක් උස්සලලු. ඌ නාහෙන් අඩනව. මං කිව්ව තොප්පියක් දාං වර පෝලින් වෙන්ඩ විතරක් කියල.(මෙි නිල ඇදුමට තොප්පි දානව කියා හිතන්නවත් තහනං) අනේ මූත් කොහොම කොහොම හරි තිබ්බ ඒව ගැට ගහගෙන විනාඩි පහලොවක් යද්දිනං පෝලිං උනා තොප්පියකුත් දාගෙන.. මාත් ආව.
ඒක දැකපු සීඑස්එම්.
*ඛ:ව්ධ භ:ල්ලො ඔිඛඨ ථො:ඵ්ඵි ධාන්න කිවිවෙ..කියල යටිගිරියෙන් කෑ ගහල ඇහුව..නිකනුත් නෙමේ.. මුස්ටි ප්‍රහාරයක් දෙන්න දකුනු අතත් අමෝරාගෙනම.

*සර් සර් ආරච්චි කිව්වෙ සර්..
*මොකක්..මං කිව්වාහ්හ්හ්හ්???.යකෝ මං කිව්වෙ උඹ බෙරට් එක නෑ කියල වැලලෙන්න හදනකොට තියෙන එකක් දාං පෝලින් වෙන්න කියලනෙ. උඹනෙ කැප් එක දාං පෝලින් වෙලා තියෙන්නෙ.ෂ්ෂ්ෂ්ෂ්.... අයියයියෝ මෙයා කියන දේවල්..

 මෙි වෙද්දිත් මා සී එස්එම්ට දහපාරක් විතර චෙක් වෙලා හිටිය නිසා..මගේ හක්ක අතගාන්න එනකොටම මං කියන්නෙත් නැතුවම ඊසි පොසිෂන් ගියා..ඊසි පොසිෂන් ගියා වගේද හිතෝතුනි හක්ක පැන්නනං ඒම.

*ආන්න හොඳයි.උඹමනෙ තෝර ගත්තෙ.හිටාං පෝලින් කරල ඉවර වෙනකං. කියල සීඑස් එම් කිව්වා. අනික්වුන් මට එක එක එව්ව කිය කිය හිනා වෙනව.මාත් ඒ පොසිෂන් එකේම ඉන්න ගමන්....
*අපේ සර් මෙයාලට කියන්න මට එකේක එව්වා කියල විහිලු කරන්නෙපා කියල හුරතල් හඬින් කිව්වා. ඇහුනද නැද්ද දන්නෙ නෑ.සර් සර්ගෙ පාඩුවෙ ඔලු ගනන් කරනවා. හැබැයි බෙල්ල විතරක් කරකල මා දිහා බලනව වගෙ  මාත් හීනෙන් වගේ දැක්කා.
ඒත් සීය හදාගන්න බැරුව කොහොම හරි අපි ලෙක්චර් එකට ගියෙ අනූ හයයි.
ඒ යද්දි සීඑස්එම් කියනව "අනූ හය එතනදි සීය වෙන්න ඔින..අඅඅඅ"කියල
අපි ලෙක්චර් එකට ගිය ගමන් පුටුවල ඉන්දල එතන හිටපු බ්‍රිගේඩ් එකේ සාජන්මෙිජර් කෙනෙක්.."දකුනෙන් ගනීන්" කිව්වා.
හිටියෙ අනූ හයයි.මං හිටියෙ හතලිස් තුන් වෙනියට. මං ටිකක් හිමීට හතලිස් පහායි කියද්දි ඊලඟ එකා හතලිස් හයෙන් පටන් ගත්තා. තව ටිකක් දුර යද්දි තව එකෙක් හැත්තැව ගාවට හැත්තෑ දෙකයි කිව්වා. අන්තිම එකා "සීයාායි" කිව්වා. අපිත් ඔහොම ඔහොම සිග්නල් එකෙන් සීයට ගැනල පෙන්නල වැඩෙත් සේප් කරගෙන ලෙක්චර් එකටත් හිටියා.

ලෙක්චර් එකෙන් රනිල් මාම මොනාද කිව්වෙ කියලනං මං අදටවත් දන්නෑ. මොකද මං ඒ වෙලාවෙත් ඩයිනමෝ දෙකෙන් ස්කෑන් කරගෙන හිටියෙ අපිට දකුනු පැත්තෙන් වාඩිවෙලා හිටපු මෙහෙ ඉන්නවයි කියල කියපු හරි ලස්සන සුදාම්මිලා දිහා. මාත් අනේ  කෝක තෝරගන්නද කියල එක එක සංසන්දනය කර කර බලමින්  අන්තිම එක දිහාත් සූක්සමව පිරික්සල බලද්දි   මට මගේ හිත කිව්වා.. "ආරච්චි, හොදට බලහං  උඹ ඉන්නෙ සත්තු වත්තකද කියල"

යකෝ මෙි අසරන හිත හැදෙන්න එකක් හිටියෙ නෑනෙ අඩුම ගොක් කොලේකවත් පාටට. ඔක්කෝම බුල්ටො පාටයි.නැත්තං වෙිලිච්චි පොල්කොල ගානයි.සමහර එකියක් දෙන්නෙක් විතර උන්නා තේකුඩු පාටටත්. ඒව දැකපු මට "යකෝ මෙව්වත් කෑලිද" කියල හිතුනා. ඔය අස්සෙ හිටියා කලාතුරකින් එකක් දෙකක් විතර කිරිතේ පාට.ඒකත් චූට්ටක් විතර කහට වැඩි පාටයි. ඒ නිසා විනාඩි විස්සෙ රනිල් මාමිගෙ දේශනය ඉවර වෙනකොට මෙි එකසිය විස්සෙන් එකකටවත් නොබැහැ ඉන්න මං තීරණය කරලත් ඉවරයි.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.02

No comments:

Post a Comment