Saturday, June 13, 2020
අළුත් සොඳුරිය
හදවත සිදුරු කොට සෙනෙහස් තණු වයන
තරු කැට කඳුලුකැට විය බොඳවුනි නයන
දවසක නිහඬ වෙි හදවත නුඹ සොයන
පළවෙනි කවිය මෙි ඔබ වෙනුවෙන් ගයන
හිමි වී අහිමි වී හිමිවන තුරු ලෝකේ
පියවර එසවුනා වරදක් නැත ඒකේ
දවසින් දවස අඩු කරගෙන දුක සෝකේ
නුඹ සැනසුව පපුව පිටගම් යනු නාකේ
පළවෙනි ආදරේ කෙටිවිය නොදැනීම
ඇය වෙන දීගයක ගොස් විය තනිවීම
අවසන් නොමැත ජීවන තණු මිමිණීම
ආඩම්බරයි මට ඔබගේ පැමිණීම
ආරිය සිහල බිම ඉපදුනු මා වැනිම
වීරිය කරන සොඳුරිය තුටු ගෙන දුනිම
කාරිය අපේ ජය ගැන්මයි මෙි ඉනිම
බාරිය වෙලා මා රැකපන් පන වැනිම
පිටරට ඉපිද හෙළබිම ගති සිරිත දිනා
දිනයක පැමිණ පපුවක සොඳුරියක උනා
ජයටැඹ පෙන්න පෙන්නා දිරි ගෙනෙනු විනා
නොපතමි අන් දෙයක් බාරියෙ අලුත ගෙනා
ආටානාටි සුතුරට හිත පෑමක් ද
බාටා දාපු පා, එළියට ලෑමක් ද
ගාටා ආව ගිය කාලය හේමක් ද
ටාටා කාපු මට ඉසුසුව ගේමක් ද
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.13
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment