හැමදාම උදේ පාන්දර පහට විතර අපේ කඳවුර වටෙිටම ඉන්න වළි කුකුලන් රෑන් හඬ තලන්න පටන් ගත්තම ඒ සද්දෙත් එක්කම අපේ කඳවුරේ ඉන්න කුකුළ්ලු ටිකත් තරඟයකට වගේ හඬලන්න පටන් ගන්නව. ඊලඟට පටන් ගන්නෙ කඳවුරේ මෙස් එක පිටිපස්සෙ තියෙන කොහොඹ ගහේ ගම්මානේ පදිංචි වෙලා ඉන්න මයිනන්ගේ සද්දේ. ඒ අතරින් පතර කඳවුරට උතුරින් තියෙන කැලෑවෙන් මොනරුත් එකෙක් දෙන්නෙක් "කෑවෝහ්,කෑවෝහ්" කියලත් හඬ තලන්න පටන් ගන්නව. කලපුවෙි ගොඩගැහිල රැඳිල තියෙන පාසි ගොඩ තම නවතැන කරගත් පන් කුකුලන්ගේ "ක්‍රෝක් ක්‍රෝක්" සද්දෙත්ට එක්ක උදේ ආහාරය සකසන ඩිකිස් පියන්වලින් නිකුත්වෙන සද්දෙත්, අනෙක් කුරුළු සද්දත් අපේ ඇඟේ ලේ වලට කැවිල තිබුනෙ ඒ දවස්වල. රෑ පුරාවටම ඇහැරිල ඉඳල නිදාගන්න තියෙන පැයෙත් මෙහෙම සද්ද බද්ද ඇහෙනකොට සමහරෙකුට තරහ යන එක සාධාරණයි. ඒත් රේල් පාරක් අයිනෙ තියෙන ගෙදරක සුව නින්දක පහස විදින කෙනා කෝච්චියට වෛර කරන්නෑ. ඒ සද්දය නැලවිලි ගීතයක් වගේ විඳගෙන නිදා ගන්නවා. අපිත් එහෙමයි. මෙි කුරුළු නාදය තව තවත් රසවිඳිමින් නිදාගන්නව. බැරිවෙලාවක්වත් ඇහැරුනොත් වෙලාව එනකම් ඇස්දෙක පියාගෙන ඒ හඬට කන්දීගෙන එක එක කුරුල්ලන්ගේ සද්දේ මිහිරි පහස විඳ ගන්නව. තවත් අලුත් දවසක් උදාවීමෙි සතුට උන් එහෙම සමරද්දි අපේ හිත්වලටනං දැනෙන්නේම සතුරු භූමියක තිබෙන වික්ෂිප්ත වූ තවත් දවසක ආරම්භයක් විදියට.
හාත්පස සිසාරා හමන වියලි සුලඟින් උනත් හිතට දැනෙන්නේ ටිකක් භයංකාර සිතුවිලි සමුදායක්.ඒකට හේතු ගොඩක් මෙි භූමියේ තිබුනා.
මෙි හොඳම යුද්ධ කාලෙ ස්නයිපර් ප්‍රහාර, රැකසිට පහර දීම්, මාර්ග ආරක්ෂක මුරයට පහරදීම්, කාලතුවක්කු ප්‍රහාර හා මර උගුල් ආදියෙන් අපේ ගොඩක් මිතුරන් සදහටම සමුගත්තා. බට්ටො නිසා විස්සක් විතර සදාකාලික අබ්බගාතයො උනා. මෙික අපිට දරාගන්න බැරුව හිටිය කාලයක් මෙි. උදේට එක කෝප්පෙ දෙකට බෙදාගෙන බීල යන එකා හවස ආපහු එන්නෙ නෑ. එක්තරා දවසක අපේ සෙබළුන් අසූතුනක් නැතිවුනා ඔය මූසල කඳවුරේ. ඉතිං ඔහොම තැනක්තමා ඒ.හැබැයි මෙික හිනාවෙන කතාවක්නම් නෙවෙයි.අදටත් මං හිතෙන් දුක්විදින කතාවක් කිව්වොත් නිවැරදියි. මෙි මගේ බිරිදත් දන්න කතාවක් නිසා මෙිකත් දාන්න කිව්වෙ එයාමයි.
ඒ ඇරයුමත් එක්ක මෙික මට ඔයාලාට කියන්න ඔින කියල හිතුනා..ඒ මගේ ජීවිතේ අවසන් වෙනතුරුත් සමහරවිට මතු ආත්මවලත් අමතක කරන්න බැරි අමතක වෙන්නෙ නැති කතාවක් හිංද.
මෙි කතාව වෙනකොට මං ආමි එකට ඇවිත් අවුරුදු දෙකක් විතර ඇති.මගේ දෙවෙනි සේවා ස්ථානය වුනේ කිරාන්. අපි මෙි කඳවුරෙන් යනව මාර්ග ආරක්ෂක මුරය පනස් පහක් දවසකට. ඉතින් මෙදත් අපි ගියා. මං එතකොට හෙන විසේකාර පැඟිර .කෙල්ලෙක්වත් නෑ ඉතින්☺️☺️☺️..යාලුවෙන්න කෝට්පති තරුණියක් ඒ දවස්වල සෙට්වුනෙත් නෑ.
එක දවසක් ඔහොම පිකට් ගිහින් පාරෙ ඉන්න කොට මං දැක්කා ලස්සන සූටි හුරු බුහුටි සුදු සුදාම්මි කැටයක් පාරෙ පැද්දි පැද්දි පොත් ටිකකුත් අතින් අරං ඉස්කෝලෙ ඇරිල කෝරකල්ලිමාඩු පැත්තට යනව. මං එදා සෙට් එකකුත් කරේ දාගෙන හිටියෙ කණ්ඩ භාර සැරයන් එක්ක. අපි දෙන්නට විතරයි පාරෙ ඇවිදින්න පුලුවන්.අනෙක් අය පාරට ඒම සපුරා තහනම්.මොකද "පළමුව ආරක්ෂාව" නිසා.
මං ඒ සූකිරි කැටෙි පද්ද පද්ද යන හැටි දැකල සාජන්ගෙන් ඇහැවුව..
*"සාජන් කෝරකල්ලි මඩු පැත්තට යමුද."
* හා යමං.
දැන් දෙන්නම එනව.අර ළමය හිමින් සැරේ යන්නෙ.
මං එයා කිට්ටුවට ඇවිත් අමුතු හිනාවක් ඒම දාල ඇහුවා
*ආ නංගී කොහොමද ජීවිතේ
* නල්ලා ෂුවන් ෂර්
*අප්පඩියා..කොහෙද ගෙවල්?
*කෝරකල්ලිමාඩු ෂර්..
*කෝරකල්ලිමාඩු කොහෙද..?
දැං ගෙවල් තියෙන තැන කිව්වා.මං මෙයාව කලින් දැකල තියෙනව වුනාට කතාබහ කරල නෑ. මාත් ඔික මතක තියාගෙන සද්ද නැතුව සාජන් පස්සෙං ඇදිල ඇදිල ගියා.
අපරාදෙ කියන්න බෑ සුපිරි කෑල්ල ඈ. නලල මැද තිලකය නැත්තං එයා දෙමල කියල කියන්නම බෑ. මෙයාව කලින් දැකල තිබුනට ඒ වෙලාවෙ දැකල කතාකරාම වෙනදට වඩා අමුතු හැඟීමක් එක පාරටම එදා ඇතිවුනේ. ඒක හරියට අධි වෝල්ටීයතාවයකින් කරන්ට් එකක් වැදුන වගේ හැඟීමක්. ඔලුවෙ කෙස් ගස්වලින් පටන් ගෙන කකුල් දෙක දක්වා හිරිගඩු පිපෙන කනේ මයිල් කෙලින් වෙන නිකන් කියාගන්න බැරි ටිලිං ටිලිං වගේ හැඟීමක්.
ඔහොම ඉද්දි ආයෙත් දවසක එයාව හම්බවෙනව.
ආයෙත් ඇහුව විස්තර 12 වසරේ පලවෙනි අවුරුද්දෙ ඉන්නෙ.මැත්ස් කරන්නෙ..නම සුගන්ධිනී. තාත්ත වාලච්චෙින පේපර් මිල්ස් එකේ ෆෝමන් කෙනෙක් විදියට වැඩ.
පස්සෙ පස්සෙ මට නිකන් මෙයාව දකිද්දි පපුව නිකන් ඉදලකින් අතුගානව අතුගානව වගේ හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. එයාව දකින දකින වාරයක් පාසා පපුව රේක්කෙකින් අදින්නා වගෙ වුනා. පපුවෙ මැද්ද හරියට කැලැත්තුනු සෝඩා කුප්පියක් වාගෙ වෙන්න පටන් ගත්තා.
මං දැන් ඉල්ලල පිකට් යනව.අනික් උන්ට කලින් සෙට්එක කරේ දාගන්නව.
නැත්තං කෝරකල්ලිමඩු පොයින්ට් එකට වැටෙන තුන්දෙනා අතරට පැන ගන්නව.
ඔහොම දවස දවස යද්දි අමුතු හැඟීම් රාශියකින් පපුව පිරෙන්න ගත්තා. පොයින්ට් එකේ සෙන්ට්‍රි ඉන්න ගමනුත් මෙයා ගැන හිතෙන්න කල්පනාවෙන්න පටන් ගත්තා. අපි යාලුවෙලා කෝවිලේ උත්සවෙි අරං ගමට යනහැටි හීන බැලුවා. ඒ දවස්වල ඩෙක් පීස්වලින් බලපු හිංදි චිත්‍රපටි දෙමළ චිත්‍රපටි වල වගේ හිතෙන් සින්දු කෑලිත් කියනව. නිදාගන්න ගියාමත් මෙයාගැනම කල්පනා වෙනව. දවස ආරම්භයේදිම මතක් වෙන්නෙත් මෙයාව. ඒක වචන වලට පෙරලන්න හරි අමාරුයි. නැවුම් අදහස්වලින් හිත පිරෙන්න ගත්තම මාත් "හෙන වැඩ්ඩෙක් දැන්" යන සිතිවිල්ල පහල වෙන්න ගත්තා. තනියට හැමතිස්සෙම කව්රුහරි ලඟ ඉන්නව වගෙ දැනුනා. එයත් එක්ක කතාකරන ඒව හිතන්න වුනා. ඒක අමුතුම ලෙඩක් බවට පරිවර්තනය වෙමින් තියෙන අතරතුර ටික දවසක් යද්දි අපි දෙන්න ඇත්තටම හිතවත් උනා.
පස්සෙ මං පිකට් යනකොට ඉක්මනින් ගිහින් පෝලිං වෙන්නෙ එයාගෙ ගෙවල්ගාව දාන පොයින්ට් එකට. මම එයාව කයියට අල්ලගන්නෙ අහම්බෙන් හම්බවෙලා කතාකරන විදියට. ඒත් මං නොඉවසිල්ලෙන් ඉන්නෙ ඉස්කෝලෙ ඇරිල එනකං. ඒ පොයින්ට් එක ඉස්සරහ තියෙනව විශාල කොහොඹ ගහක්. ඔය ගහ යටට වෙලා තමා මං පාරෙ ඈත බලාගෙන ඉන්නෙ මෙයා ඉස්කෝලෙ ඇරිල එනකං.
ඉස්කෝලෙ ඇරිල පාරට ආවම මං ලඟට එනකං ඇස් දෙක එක මොහොතක් ඉවතට ගන්නැතුව එයා දිහාම බලාගෙන ඉන්නව. හිමීට හිමීට ලඟට එනකොට අනිත් පැත්තෙන් පාරට පැනල ඉස්සරහට යනව. එයත් හරි ලස්සනට හිනාවෙනව. මාත් හිනාවෙනව. මෙි වෙද්දි මට දෙමළ ටික ටික පුලුවන්. හොඳටම බෑ.
ඔහොම ටික දවසක් ගතවෙලා ගිහින් මං එයාගෙන් ඇහුව යාලුවෙන්න.
අම්මොහ්..මෙයැයිට බයට කලන්තෙ විතරයි හැදුන්නැත්තෙ. හීනි ඇස්දෙක විශාල කරල මා දිහා බැලුවා. පිරුනු හඳක් වගේ මූන අඳුරු වළාවකින් වැහිල ගියා වගෙ වුනා. එකපාර කතාකරගන්න බැරුව විනාඩි කිහිපයක් මා දිහාම බලාගෙන හිටියා.
අක්කත් ඒ වගේමයි. ලස්සනයි. අක්ක ඒ වෙනකොට අපේ කෝප්‍රල් කෙනෙක් එක්ක යාලුවෙලා හිටියෙ.(මාත් පස්සෙ දන්නෙ.ඒකි ඒ කෝප්‍රල්ම එක්ක විවාහවුනා. එයා දැන් වැලිමඩ බෝගහකුඹුර කියන පැත්තක ඉස්කෝලෙක ටීචින් කරන්නෙ.)
මං යාලුවෙන්න අහපුවම මෙයා බයවුනා. එහෙම ඉඳල හිනා වෙන්නෙවත් නැතුව වචනයක්වත් නොකිය යන්න ගියා. මට බය හිතුනා. ඒ එයාගේ ප්‍රතිචාරය කොහොම එකක් වෙයිද කියල.
මාත් ගේම අතෑරියෙ නෑ. ඒ දවස්වල ආමි පොයින්ට් ලඟ තියෙන ගෙවල්වල කෙල්ලො වැඩිය එලි පහලියට එන්නෑ. බයයි. ඒ වුනාට මං හැමදාම හැමතිස්සෙම ඇස් දෙක හරෝගෙන ඉන්නෙ එයාගෙ ගේ පැත්තට. වෙිලුනු තල් අතුවලින් වට කරල වැටක් ගහල තිබුනු ඉඩමෙ එක තැනකින් මං හොරෙන් තල් අත්තක් අයින් කරල ගේ දොර හරිය පේන්න හදා ගත්තා. මෙයා ඉස්කෝලෙ වැඩ එහෙම කරන්නෙ දොරගාව. මට එතන හොඳට පේන්න පුලුවන් තැනක් හොරෙන් හදාගත්තා. දැන් කොහෙ ඔලුව හරවලා බැලුවත් ඇස් දෙක නතර වෙන්නෙ එයාගෙ ගේ දොරගාව.
මං එකපාරටම යාලුවෙන්න අහපුවම මට වැඩිය මූන දෙන්න ආවෙනෑ. මට බයත් හිතුන දැකපු හීන වතුරේ ගහගෙන යයි වත්දෝ කියල. ආයෙ දවසක් මෙයා හම්බුනාම මං අරකම ඇහුව. ඊට පස්සෙ මෙයා ගෙදර එන පාර වෙනස් කලා. ඉස්කෝලෙ ඇරිල එද්දි එයාගෙ යාලුව වුන දීපනීගෙ ගෙදරට ගිහින් ඒ පැත්තෙන් දෙවැටක් දිගේ මෙයා එන්න පටන් ගත්තා. ඒ වුනාට මෙි පලාතෙ ගහක් ගලක් ගානෙ දන්න මට එකම එක දවසයි මෙයාව මගහැරුනෙ. පස්සෙ ඒ දෙවැට ගාවට ගිහින් මෙයා එන දිහා බලාගෙන හිටියා. නමුත් කතාකරන්න ගියෙ නෑ ගෙවල් වැඩි නිසා.
ඔහොම ඉද්දි එක දිගටම කීප වරක්ම කරච්චල් කරනකොට දවසක ලස්සන හැන්දෑවක මාත් ආදරවන්තයෙක් වුනා.
එහා ඔලුව වනල බිම බැලුවම මගෙ පපුව වෙිගෙන් ගැහෙන්න පටන්ගත්තා. මටත් නොදැනිම ලොකු හුස්මක් ගැන්නවුනා. ඉන්න තැනත් අමතක කරල දෝතටම ආදරෙන් සුදුමූන අරගෙන කාගෙන කාගෙන යන්න හිතුනා. එච්චර කාලයක් එයා මට කතාකලේ සර් කියල. ඒත් ඒ කටින්ම මගේ නමම කියල කතාකරන්න පටන් ගත්තම පට්ටම පට්ට ෆිට් එකක් ආඩම්බරයක් සතුටක් දැනෙන්න ගත්තා. මරතෝන්ඩිවලින් පාට කරල තිබුනු අත්දෙක උදුරලා අරන් ඇඟිලි ටික හපාගෙන හපාගෙන යන්න හිතුනා.
ආයෙ මොන මගුලකට මුං මෙච්චර ලස්සන වෙනවද කියල හිතුනා.
මෙයා ඉස්කෝලෙ යනව කිව්වට ඉතින් මුකුත් හිතන්න එපා. මටත් ඒ හැටි වයසක් නෑනෙ ආමි එකේ හිටියට.අපි අතර අවුරුදු හතරයි පරතරය.ඒක ඉතා සාමාන්‍යයිනෙ.
අපි දෙන්නත් ඉතින් තල් අතු ගහපු එයාලගෙ වැට අස්සෙන් හැංගි හැංගි ආදරය කලා. මං තල් අත්ත අයින් කරපු තැන එයාට පෙන්නුවම එයාටත් මාව හොඳට පේන තැනකින් ඉඳගෙන තමා ඉස්කෝලෙ වැඩ කලේ. මං වෙන දිහාක් බලල ඒ සැනින් මෙයා දිහා බලද්දි මෙයාත් ඒ හැම සැරේම මං දිහා බලන් ඉන්නව මාත් දැක්ක. අපි හොරෙන් ඒ විදියට එකිනෙකා දිහා බල බල විහිලු කරනව. හිනාවෙනව. කෝලං කරනව. ගොලු බාසාවෙන් කතා කරනව. ඇස්වලින් කතාකරනව. එක එක ඉරියව් පාල තරහ අවුස්සනව. එයා කන වෙලාවට මට කෑම කටක් දික් කරනව. තේ බොනකොට අපි තුන්දෙනාටම ගෙනත් දෙනව. ඒත් කොච්චර මෙයා දිහා බලං හිටියත් මං කවදාවත් එයාගෙ ශරීරය විනිවිද දැක්කෙ නෑ. ආදරය විතරයි දැක්කෙ. කොටින්ම කියනවනං මෙයාට මං දැන් වශීවෙලා. එයා හිනාවෙනකොට කම්මුල් දෙකේ පොඩි වලක් හැදෙනව. ඇස්දෙක පුංචිම පුංචි වෙනව. මෙයාගෙ ඒ ඉරියව්, කාන්තා ලක්ෂණ දැක්කනං ඔිනම ඍෂිවරයෙක්ගෙ උනත් දැහැනක් බිදෙන්න පුලුවන්. ඉතින් අපි ගැන කවර කතාද. මාත් වශීවුනෙ මෙි ලස්සනට.
ඔහොම කාලෙ ටික ටික ගෙවී යන්න වුනා.
හැබැයි එදා පළවෙනිම දවසෙ මෙි කතාව ජොලියට වගේ පටන් ගන්න හිතුනත් පස්සෙ පස්සෙ ඒ ආදරය, ආදර හැඟීම් පපුව හරහා ලේ නහර දිගේ ඇටමිදුලු දක්වාම කිඳා බැස්සා. ඒකිටත් එහෙමයි.
මෙයා අපි දෙන්නගෙ කතාව එක දවසක් එයාගෙ අම්මට කියල. අම්ම මට කතාකලා. මාත් ගියා. ඊට පස්සෙ මගෙන් ඇහුව. මං ඇත්තම කිව්වා.අම්ම කිව්ව "මෙිව පුතා කවදාවත් කෙරෙන දේවල් නෙවෙයි. අපිවත් අමාරුවෙ නොදා වහාම නවත්තන්න" කියල. දෙමළ උනත් මෙික වෙනම සීන් කෝන් එකක්නෙ. එයා කිව්වෙ ගමෙි ඉන්න එල්ටීටීඊ සපෝර්ට් කරන අය දැනගත්තොත් එහෙම එයාලවත් මරල දායි කියල. එතකොටනං මටත් බය හිතුනා. මොකද එහෙම උනොත් ඒකට මාත් වග කියන්න එපැයි. ඒ උනත් මෙි වෙනකොට මං හිටියෙ කීයටවත් මෙික නවත්තන්න බැරි අවදියක. සුගාටත් එහෙමයි. අපි ලියුම් පවා හුවමාරු කරගත්තා. එයා ලියුම ලියල ගෙනත් තියනව ගේ ඉස්සරහ තියෙන බෙනයක් තියෙන කණුවක බෙනය ඇතුලෙන්. ඒ කරල කියනව ගොලු බාසාවෙන් ලියුමක් තියනව ගන්න කියල. මාත් ලියුම් ලියනව. ඒ සුගාගෙ අක්කත් එක්ක යාලුවෙලා ඉන්න කෝප්‍රල්ගෙන් අහගෙන. ඒ වුනාට කෝප්‍රල් දන්නෑ මං ලියුම ලියන්නෙ එයාගෙ නෑනට කියල. නම විතරක් වෙනස් කරනව.
පස්සෙ එයාගෙ අම්මගෙ කීම පිළිනොගත්ත තැන ඒක තාත්තට කියල තාත්තත් මගෙන් ඇහුව.
මාත් ඔව් කියල කීවත්, තාත්තත් කීවෙ වහාම නවත්තන්න කියල. මං කිව්ව ඒක නං කරන්න බෑ. දැන් පරක්කු වැඩී. ඔන්නං මං අපෙ ගෙදරටත් කියල ගෙදරින් එක්කං එන්නං කියල. ඒත් මෙයා කොක්කමයි දැම්මෙ. පස්සෙ දවසක ඔක්කොම ඉන්න වෙලාවක අම්මයි තාත්තයි දෙන්නම මට ආයෙ ගෙට කතාකලා.
එදා ඒ පොයින්ට් එකේ හිටියෙ මායි කෝපල් ජයරත්නයි. කෝපල් ජයාට සුගා කතාකරන්නෙ "අන්නා" කියල. මෙයාගෙනුයි මෙයාගෙ යාලුවන්ගෙනුයි වැඩිපුරම බයිට් වුනෙත් කෝපල් ජයරත්න. අපි දෙන්නගෙ ලව් එක අපේ කිහිපදෙනෙක් දැනගෙන හිටිය. ඒ අතරිනුත් කෝප්‍රල් ජයරත්න තමා මට බැහැලම සපෝර්ට් කලේ. මොකද කෙල්ල අවුලක් නෑ. කෝප්‍රල් ජයරත්නත් හොඳ මනුස්සයෙක්. එයා මං වෙනුවෙන් මෙයාලගෙ පරම්පරාවත් හෙව්ව.(එයත් ඊට පස්සෙ එක් දවසක කිරාන්වලදිම අපි හැමෝවම අතහැරල දාල යන්න ගියා)
අපේ පිකට් දවසට හැමදාම කෝපල් ජයාව තමා කෝරකල්ලිමඩු පොයින්ට් එකට දාන්නෙ. ඒ එයාගාව මැෂින් ගන් එකක් තියෙන නිසා හා කරන හැමදේම මීටරෙන් කරන හිංද. එතන ඩෙින්ජර් පොට් එකක්. සන්දිවෙිලි කඳවුරේ අයයි අපේ අයයි ලින්ක් වෙන්නෙ එතනින්.
මොකක් හරි හේතුවකින් මට එයා ගාවින් පෝලින් වෙන්න බැරිවුනොත් මට කියනව"ඒහ්... උඹ වරෙන් මෙතෙන්ට" කියල. එතකොට එතනින් කෙනෙක් එක්ක මං මාරුවෙලා එතනට යනව. එහෙමත් මට උදව් කලා.
ඒයාගෙ පවුලත් වැදගත් දෙමළ කුලයක.වැලි දෙමල නෙවෙයි.
සුගාගෙ තාත්ත මට ගෙට කතාකලාට ඇතුලට ගියෙ අපි දෙන්නම. අම්මයි තාත්තායි පැයක් විතර මට හෙන ලෙක්චර් එකක් දුන්නා..කිව්වෙ ජාතිය ආගම මගෙ රස්සාව සහ එයාලට එල්ටීටීඊ එකෙන් වෙන්ඩ නියමිත කරදර ගැන. අනිවා මෙික ටෙරාල දැනගත්තොත් මාවත් මරනව.ඒකිත් මරනව.පවුලත් මරනව.එහෙම වෙලත් තියෙනව ඊට කලින්. ඊට පස්සෙදිත් වුනා.
ඉතින් එයාලා කොච්චර කිව්වත් මට මෙික නවත්තන්නම බෑ කිව්වා.එයත් ගේම අතාරින්න සූදානම් නෑ. කොපල් ජයරත්න කිව්වෙම බයවෙන්න එපා හමුදාව පැත්තෙන්, අපිට දෙමළ කෙනෙක් විවාහ කරගන්න එපා කියල කොතනකවත් නෑ. මෙයාගෙ උසස්පෙළ ඉවරවුනාම හමුදාවෙත් අනුමැතිය ඇතිව බඳින්න ලෑස්ති කරමු කියල. එයත් දරුණුවට කරුණු පැහැදිලි කලා. ඒත් වැඩක් වෙන පාටක් තිබුනෙම නෑ.
හැබැයි අපි ඇත්තටම ඇත්තටම ආදරේ කලා. කොපල් ජයරත්නත් කිව්ව "මෙිකිව අතරමං කලොත් එහෙම මමයි තොට වෙඩි තියන්නෙ දැනගනිං"කියල.
මං හැම මාසෙකම මොනවා හරි ප්‍රසන්ට් එකක් මෙයාට ගෙනවිත් දුන්නා. මං එයාට සල්ලි පවා දීල තියෙනව. ඒ දෙන්නෙ ලියුං අස්සට දාල. මහ ලොකු ගණන් නෙමෙයි. කැන්ටිමෙන් යාලුවො එක්ක කන්න, ඉස්කෝලෙ ට්‍රිප් යන්න, කෙල්ලො ආසයිනෙ මූනෙ ක්‍රීම් එහෙම ගාල මෙිකප් දාගෙන වගෙ ඉන්න. ආං ඒවට තමා දුන්නෙ. සිගරට් තියා අරක්කුවත් ඒ දවස් වෙනකොට මං කටෙි හරියෙ තියල තිබුන්නෑ. බොන්න උවමනාවක් උනෙත් නෑ.
අපි මෙහෙම මාස හයක් විතර ගොඩාක්ම ආදරෙන් හිටියා. ඒ වෙද්දි උදාවෙලා තිබුනෙ අපිට අපිව නොදැකම ඉන්න බැරි කාලෙ. ඒක මට වචනවලට පෙරලගන්න තේරෙන්නෑ. මං කොටින්ම ආදරය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගත්තෙ එයාගෙන්. එයා පොඩි එකියක් උනත් මහ අම්මන්ඩි කෙනෙක් වගේ මට උපදෙස් දෙන්නෙ.මාත් හරි ආසයි එයා දෙන උපදෙස් උනත් පිළිපදින්න. එයා ඒ අස්සෙ මරතෝන්ඩි ගාල මගේ නියපොතු පවා පාට කරනව.
ජීවිතයක තියෙන තනිකම, පාලුව, බලාපොරොත්තු කියල දෙයක් මෙි ලෝකෙ තියනව කියල ඉගෙන ගත්තෙ මෙයාගෙන්.අත්වින්දෙ මෙයාගෙන්. ඊට කලින් කවදාවත්ම මට කොතනකවත් හුදෙකලාව කියන එක දැනිල නෑ. එහෙම එකකුත් ජීවිතයක තියෙනව කියල ඉගෙනගත්තෙ මෙයාගෙන්.
කොන්ඩ කරල් දෙක ගොතල හතරැස් කර තියෙන ගවුම ඇදල ඉනෙන් පළල් පටිය බැඳල සපත්තු දාල ඉස්කෝලෙ යනකොට මාරම හැඩයි. ඒයාම මට කියල තියෙනව ඉස්කෝලෙම කොල්ලො බර ගානක් මෙයාට ට්‍රයි කියල. ඒ හැම දෙයක්ම මාත් එක්ක කියනව. දවසක් කොල්ලෙක් දුන්නු ලියුමකුත් මට දුන්නා. ඒ ලියුමෙ ලියන්න ආරම්භ කරල තිබුනේ "සන්දිරන්" කියල සිංදු කෑල්ලකින්.
මෙයා ඉස්කෝලෙ, ගෙදර වෙන හැමදෙයක්ම මට කියනව. මං දෙමල ලියන්න ඉගෙන ගත්ත එයාගෙන්.ඒව ඉගෙන ගන්න ආසයි කිව්වම මට හෝඩ්පොත් සහ ඒව ලියන පොත් පවා මට ගෙනත් දුන්න.ලියන විදිය කියල දුන්නා.ඒවගෙ හරි වැරදි බැලුවෙත් මෙයා. අකුරු ලියපු හැම පිටුවකටම ලකුණුත් දහයෙන් දහයම හම්බුනා.
කතා කරන්නත් ගොඩක් දුරට ඉගෙන ගත්තෙ එයාගෙන්. ඒත් අම්මල තාත්තල අකමැත්තෙන්ම ඉද්දි. හැබැයි මට මුකුත් නොකිව්වෙ මොකද මං ආමි නිසා එයාලට හමුදාවෙනුත් කරදරයක් වෙයි කියලත් බයක් තියෙන්න ඇති.මට වැඩි නීති දැම්මොත් මං වෙඩිවත් තියලදායි කියලත් හිතේ තියෙන්න ඇති. ආදර කතාවක්නෙ. ඒ නිසා හිතේ තරහ අකමැත්ත හංගන් ඉන්නත් ඇති. තාත්තා නං මට වැඩිපුර හම්බුනෙත් නෑ. එයා වැඩට යනවනෙ. ඉන්න දවස්වලට පලාතෙවත් ගියෙත් නෑ. මං මෙි දෙන්නට කතාකලෙත් අම්ම අප්පා කියල.
මටත් කටපුරා පුතේ කිව්ව.ඒ වුනාට මෙිකට කැමති නෑ. මම ආමි උනත් අපි අපිටම වෙන්වුනු ආදරණීය ලෝකයක හැමතිස්සෙම තනිවෙලා හිටිය. බංකරේ හිටියත් වැඩක හිටියත් ගමනක් ගියත් මොනවා කලත් ඉස්සල්ලම මෙයාව තමා මතක් වෙන්නෙත් මතක් කරන්නෙත්. එතකොට නිවී සැනසිල්ලෙ කරන වැඩෙත් කෙරෙනව. රෑට පොයින්ට් එකක හිටියත් එයා මගෙ ඉස්සරහ ඉන්නව ඉන්නව වගේ දැනෙනව. දවසගානෙ යන කෝවිල වෙනදට සතපහකට මායිම් නොකරත් ඊට පස්සෙ හැමදාම මලක් හරි තියන්න පුරුදුත් වුනා.
ඒත් මං අයුතු අදහසකින් කිසිම අවස්ථාවක අතින්වත් අල්ලල තියා ඒවා ගැන හිතුවෙවත් නෑ. මොකද එයා තනියෙන් ගෙදර ඉන්න අවස්ථා මට ඔින තරම් ලැබිල තියෙනව. නිළ ඇඳුමෙි ගරුත්වයයි, අපේ ආදරයේ ගරුත්වයයි රැකගන්න මං හැමතිස්සෙම ඇප කැපවී හිටියා. එයා තනියෙන් ඉන්න වෙලාවල්වලට මං පාරෙන් ගේ මිදුලටවත් අඩිය තිබ්බෙ නෑ. මෙයාගෙ නෑදෑයො වටෙිම හිටියෙ. නීල් පද්ම කුමරන් කියල බාප්පෙක් හිටිය. මට මාර සපෝර්ට්.මං ඒයාගෙ ගෙදරට යනවනං ඉස්සෙල්ලම යන්නෙ නීල් සිත්තප්පා හම්බවෙන්න.
එයා තමා මගෙ ඔත්තු සේවයෙ ප්‍රධානිය. ගමට කොටි ආවත් කියනව. දවසක් කෑම්ප් එකට හැරෙන තැන එයාගෙ නංගිගෙ ගෙදර ඉඳන් මං එනව දැකල එක පාරටම ගෙට කතාකලා. මාත් වෙනසක් වගේ දැනුනු හිංද එකපාරටම ගෙට රිංගල ඇහුව ඇයි කියල.
*පුතා, ඊයෙ හරියට බල්ලො බිරුවා කලපුව පැත්තෙන්. රෑ දෙතුන දෙනෙක් අපේ දෙවැට පාරෙන් යන සද්දෙත් ඇහුනා. ගොඩක් කල්පනාවෙන් යන්න. අනිත් අයටත් කියන්න.
"මාත් තෑන්ක්ස් සිත්තප්පා" කියල ඇවිත් අපේ නිළධාරියට විස්තරේ කිව්වම එයා පිකට් එකම නවත්තලා එක එක්කෙනා ලඟට ගිහින් පණිවිඩෙි කිව්වා. එදා අපි ජොනී බට්ටෙකුත් එක්ක බට්ටො හතරක් හොයාගත්තා. පලවෙනිවතාවට ජොනියෙක් දැක්කෙත් එදා.
සිත්තප්පා මට කියල තිබුනා කෙල්ලව කවදාවත් අතරමං කරන් නැත්තං ඔිනම උදව්වක් කරන්නං කියලත්. සමහර දවස්වලට නීල්ලගෙ ගෙදර හදන කෑම පාර්සල් වෙලා මගේ ගාවට ආව. සුගාගෙ තාත්ත කියන්න ඔින දේවල් මට කිව්වෙ මෙයා. සුගා වෙනුවෙන් හැම දෙයක්ම කලේ නීල්.
ඔහොම කාලෙත් ගතවුනා.මං මාස අටකින් නිවාඩු ගියෙනෑ. ගියොත් මෙයාව දකින්න ලැබෙන්නෑනෙ.ඔහොම කොහොමින් කොහොම හරි මෙික අපේ නිඅ තුමාගෙ කනට ගියා.අම්මට සිරි..එතන කේස්එක අම්බානකයි.මට බනිනව බනිනව බනිනව ඉවරයක් නෑ. පස්සෙ බැනල බැනල එදාම හවස මාව මාරුකලා මුලස්ථානෙට. එතකොට අපේ මුලස්ථානෙ තිබ්බෙ කල්කුඩා.
මට මෙික මහා දුකක් වුනා.ඉන්න හිටින්න පවා බැරිඋනා. දරාගන්නම අමාරු කාර්යයක් උනා. මාව පිච්චෙනව පිච්චෙනව වගේ ගතියක් හැමතිස්සෙම දැනෙන්න ගත්තා. එකතැනක විනාඩියක් රැඳිල ඉන්න බැරිගතියක් දැනුනා. කන්න බොන්න පවා බැරිවුනා. කෑම්ප් එකෙන් පැනල යන්න හිතුනා.
පස්සෙ මටම තේරුනා මෙික හරියන වැඩක් නෙමෙි කියල. මාත් නිදැල්ලේ ඇරපු හරකෙක් වගේ කඳවුරේ හැමතැනම ඇවිද ඇවිද කල්පනා කර කර නොකා නොබී කාලෙ ගෙව්වා. එහෙම දවස් දෙකයි හිටියෙ. ඒත් අදටත් මට දැනෙන්නෙ එහෙම මාස ගානක් හිටිය වගේ. අන්තිමෙිට මෙික ඉවසන්නම බැරිතැන වෙන දෙයක් වෙද්දෙන් කියල හිතල ඒ කදවුරේ හිටපු අපේ පලවෙනි බැච් එකේ සාජන් කෙනෙකුට කිව්වා. (එතුමා පස්සෙ කැප්ටන් කෙනෙක් දක්වා නිළ උසස්වීම් ලබල හමුදාවෙන් අයින් වෙලා දැන් රට ඉන්නෙ.) ඒ සාජන් මං වැඩිය ආශ්‍රය කරල තිබුනෙත් නෑ.නමුත් අනික් අයට වඩා ටිකක් හොදයි කියල හිතුනු නිසා මං එයාට කිව්වා. සාජන් කිව්ව වරෙන් යන්ඩ සාජන් මෙිජර් හම්බෙන්ඩ කියල. මාවත් ඇදගෙනම ගිහින් මගෙන් අහගත්තු කතාව එතුමාටත් කිවිවා. හැබැයි මෙි සහෝදරයන් ගැන කිවම යුතුයි මාව නක්කලේකට ගත්තෙ නෑ.හිත රිදෙන්න වචනයක් කතාකලේ නෑ. ඒ ඒ උත්තර හරිවෙලාවල් වලට දුන්නා. සාජන් මෙිජර් මට පැය ගානක් තිස්සෙ කිව්ව ඔික නවත්තපං ඒකිට ආදරේනං කියල. හේතු කෝටියක්නං කියන්ඩ ඇති. ඒත් මට ඒ එකක්වත් ඇහෙන මට්ටමක නෙමෙි හිටියෙ. හේතුව කොටි හිංද. මොන පිස්සුද මෙික නවත්තන්නම බෑ. අමතක කරන්නම බෑ. සර් පැයගානක් තිස්සෙ කියපුව මගේ එක කනකට වැටුනෙ නෑ. මං අන්තිමෙිට කිව්ව "සර්,මාව මැරෙයිද දන්නෑ සර්.මාව මැරෙන්ඩ වගේ එන්නෙ සර්" කියල. එතුමටත් කරන්න වෙන දෙයක් නැති තැන "බලමු සීඔිටවත් කියල,වරෙන්කො යන්න" කියල කර කර වැඩ ඔක්කෝම නවත්තල මාව සීඔි ගාවට අරං ගියා.එවකට හිටියෙ කර්නල් ***නායක කියල සර් කෙනෙක්. එතුමා හමුවට මාව පැමිණුවම මගෙන් කතාව ඇහුවා. මමත් ඇත්තම කිව්වා. මුල ඉඳන් අගටම කතාව සාවදානව අහං ඉදල හේතු අහේතු විභාග කරල කරුණු කාරණා පහදල දැඩි අවවාද කීපයක් එක්ක හා නිරීක්ෂන අධීක්ෂණ පිට නැවත මාව කිරාන් යවන්න කැමති උනා. මට පිකට් යාම සපුරා තහනම්.ඒකට හේතුව තාම එයා ඉගෙන ගන්න නිසා කියල සර්ම කිවා. එයාව හම්බ වෙනවනං ආරක්ෂාවක් ඇතුව ගෙදරටම ගිහින් කතා බස් කරන්න පැයක කාලයක් දුන්නා. හැබැයි ඒක සතියකට වතාවයි පුලුවන්.උන්නු හැටියට මලා මදෑ කියල හිතල මං හා කිව්ව. මට එතුමාට දනගහල වඳින්න හිතුනත් හමුදාවෙ එහෙම එකක් නෑ කියල හිතුනම නිකා හිටිය.
සීඔි මෙි තීන්දුව දුන්නම මට එකපාරට හිතාගන්න බැරුව ගියා.මට හිතුනෙ විහිලුවටවත් කිව්වද කියල. ඇස් දෙකෙන් කදුලු කැට කිපයකුත් කඩා නොහැලුනාම නෙවෙයි. මං ටික වෙලාවක් සර් දිහාම බලාගෙන හිටිය හිතාගන්න බැරුව. සර් හරි ලස්සනට හිනාවෙලා කිව්වා.
*ආරච්චි...ඔයාට දැන් යන්න පුලවන්.පරිස්සමින් රාජකාරි කරගෙන ඉන්න. කියපුවා මතකයිනෙ??
*ඔව් සර්
මං මගේ ජීවිතේ පලමුවරට මුලු හදවතින්ම නැගී එන අප්‍රමාන පිය සෙනෙහසත් එක්ක එකතු කරල එතුමට සැලියුට් කලා.
ආයෙත් එතුම ලස්සනට හිනාවුනා.
සාජන් මෙිජර් තුමා මට එදාම කිරාන් යන්න අවස්තාව හදල දුන්නා.
කුඹුරුමුල්ලෙන් ආපු ට්‍රැක්ටරේට මාව දාල කිරාන්වලටම ගිහින් බස්සල සෙට් එකේ සනාථ කරන්නත් කියල ඒකෙ ආපු සාජන් කෙනෙකුට කිව්වා.
මං එතුමටත් සැරයන්ටත් කරන්න පුලුවන් උපරිමෙන්ම ස්තුති කරල ආව.
ඒ දෙන්නම එක දෛයයි මට කිව්වෙ. ඒ
*ඒක තමා බං මනුස්සකම සහ රාජකාරිය කියන්නෙ..උඹත් පුරුදුවෙයං.කවදාවත් වරදින්නෑ. පරිස්සමින් හිටහං යන තැනක..කියල
දැං නිඅ තුමාගෙනුත් කරදරයක් නෑ.හැම ඉරිදම මං හවස පහේ ඉදන් හය හත වෙනකං එයාලගෙ දිහා යනව.තාත්ත කැමතිවුනා.අම්ම කැමතිවුනා.අපේ ගෙදරින් පුදුම බර බරයක් ආව.පස්සෙ තොට ඔිනමනං ඉන්ඩම බැයිනං එක්කවර කියල තාත්තත් කිව්වා.අවුලක් උනේම නෑ.අම්මනං කිව්වා දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක කොහොමද පුතේ උන්ගෙ අම්මගෙ නම ඉස්කෝලෙකදිවත් ලමයි ඉස්සරහ කියන්නෙ කියල.ඒ අම්මලගෙ හැටිනෙ.
දෑවැද්දට අස්වැන්න කැඩෙන පොල් අක්කරයක්. අලුත්ම ටැක්ටරයක්. ගෙයක් හදනවනං හදන්න සල්ලි දෙනව කිව්වා.මොකද හමුදාව ප්‍රශ්ණයක් නෑනෙ.ඒ පැත්තෙන් යන්න ඔින උපරිම තැනට ගිහින්නෙ තිබුනෙ.බයවෙන්න දෙයක් නෑ දැං.
ඒ ගොල්ලංගෙ ආරක්ෂාවට ඇම්බුෂ් එකකුත් ඒ කිට්ටුවෙන් දිනපතා ස්ථානගත කරන්න නිඅ තුමා උපදෙස් දුන්නා.
කාලෙත් ගෙවිල ගියා..
ඒ අතර එක්තරා කාලකන්නිම මහ මුස්පේන්තුම දවසක් උදාවුනා. එදා උදේ ඉඳන් ධාරානිපාත වැස්ස. හෙන ගගහ වැස්ස. ඊට සතියකට විතර කලින් මෙහෙට වැස්ස පටන් ගත්තත් මෙදා දරුණුවටම කඩා හැලුනා. පරවල් යටවෙන තත්වෙට පත්වුනා. මුලු දවසම අඳුරුයි. එදා රෑ මං හිටපු පොයින්ට් එකත් වැහිවතුරෙන් යටවුනා. ටකරමක් යටට වෙලා බාගෙට තෙමි තෙමී සෙන්ට්‍රි හිටියෙ මුලු රෑ කාලෙම අවදියෙන්. නිදාගන්නවත් තැනක් නෑ.
මෙදින බංකරේ රෑ මාත් නිදි මරන අතරේ අනෙක් පැත්තෙන් සුගාට මහ විපතක් වෙලා තිබුනා. අපි දෙන්නගෙම බලාපොරොත්තු ආශාවන් හීන මහ සැඩ ගග දියකට හසුවී ඈතට ඈතට ගසාගෙන ගිහින් තිබුනා.ඒ වැස්සත් එක්කම මගේ හැමදේම දියවී ගිහින් තිබුනා.ඒ අකුණුත් එක්ක මගේ පපුව කෑලි කැලීවලට කැඩිල සීසීකඩ වෙලා ගියානං හොඳයි කියල හිතුනා.ඒකෙන් වුනේ අදටත් මගේ පලවෙනි ආදරය දකින්න නොලැබීම. එහෙම දෙයක් එදා රෑ වෙනබව දන්නවනං හරි, ඉඟියකින් තේරුනානං හරි මම කොහොම හරි යනව සුගාගෙ ගෙදර. ඒත් හිතන්නවත් කාලයක් නොදී දෛවය කියන අලුගුත්තේරුවා අපි කාටවත්ම නොකියා අමුම අමු මහා නින්දිත පාදඩ පසික්කාඩු වැඩක් කලා.
මං ඊට පස්සෙ මහ පුදුම පුදුම විදියට ජීවත් වුනේ.
හිත හදාගන්න බැරිම උනා.පිස්සෙක් වෙන ලකුනු පහල වුනා. අර අහිංසක අම්මයි තාත්තයි නොකා නොබී දවස් ගණන් ගෙවල තිබුනා.අක්කා පහුවදාම වාලච්චේන කඳවුරේ ඇතුලෙ තියෙන ගුරුවරියකගෙ ගෙදරක නැවැත්තුව.ඒ පවුලත් සීසීකඩ වෙලා ගියා. කිසිම දෙවිකෙනෙකුට එයාව බෙිරගන්න බැරිවුනා.දේව විශ්වාසය කියන එක මං දෑතින්ම අරං කිරාන් හංදිය මැද්දෙම පොලවෙ ගහල පාගල පාගල චප්ප කරලම දාල කෙලත් ගැහුව. අදටවත් මං දෙවියො කියන එක බහුභූතයෙක් විශ්වාස කරන්නෑ.
මං කිරාන් කෝවිල ඉස්සරහටම ගිහින් කෝවිලට කෙල ගැහුව. තුවක්කුවෙන් එයා වෙනුවෙන් හැමදේම කරන්න පුලුවන් කියල හිතාගෙන හිටපු හැම එකක්ම අන්තිමෙි බොරුවක් කියල ඔප්පු වුනා.
අන්තිමෙිදි මට අවියක්වත් නැතුව කදවුර තුල මාස ගානක් ලගින්න වුනා. මට හැමෝම සැලකුවෙ පිස්සෙක් ගානට. මාත් එක්ක කව්රුත් වැඩිය කතා කලේ නෑ. මාව ශෙල් එකෙන් එලියට දාන්න කලින් එතෙක් බිලට්වල ලඟ තියාගෙන හිටපු රාජකාරියෙන් තොර සෑම අවියක්ම මුරහලේ තියල ඉබියතුරු දැමීමට නියෝග වුනා.කිසිම අවස්තාවක මගේ ඇස් දෙකට කිසිම අවියක් බෝම්බයක් ගැටීමට සැලැස්වීම තහනම් වුනා.ඒ වෙනුවෙන් කටයුතු ඉටුවුනා.. උපරිම මානසිකව වැටිල හිටි නිසා කිසිම ඩියුටියක් නෑ.ඒ අතර තුර බොහෝ අවස්ථාවල මටත් ජීවිතෙන් යන්න පවා හිතුන. මං තනිවෙලා හිටියෙ.නමුත් මගේ වෙනස දන්න නිසාදෝ මා ගැන අවදානයෙන්ම ඉන්න කියල කඳවුරේ රාජකාරි කල වෛද්‍ය බළකායෙ සෙබලෙකුත් යොදවල තිබුනා.කන්න ගියත් බොන්න ගියත් ටොයිලට් ගියත් ඔහු ආරච්චි...ආරච්චී...කියාගත්තු ගමන්.
එක පාරක් මට දවස් දහයක් නිවාඩු දීල යන්න කිව්වා මං බෑම කියද්දි.ඒත් මට යන්න හිතුන්නෑ. කදුරුවෙලට ගිහින් ආයෙ කඳවුරට ආව. ආයෙ පාරක් තව කෙනෙක් එක්ක එයාට මාව නිවාඩු යනකං බලාගන්න කියල නිවාඩු එව්වා. ඒත් මං ඔිමාරගොල්ලෙ තේ බොන්න බස් එක නවත්තපුවම එතන නවත්තල තිබ්බ බස් එකක නැගල අරයටත් හොරෙන් ආයෙ කඳවුරට ආව.
ඒ ආදර කතාවෙි අවසානය දුක්බර උනේ එදා කාලකන්නි වැස්ස දවසේ රෑ සුගාව එල්ටීටීඊ එකෙන් උස්සං ගිහින් තිබුනා.ඒ කියන්නෙ උස්සල බලෙන් සංවිදානෙට බදවගෙන. ඒක වුනේ කොහොමද කියල අදටවත් මට හිතාගන්න බෑ. කෑ ගහන්නවත් ඉඩ දීල තිබුන්නෑ. තුවක්කු කටවල් වල ඔබල තමා එයාලව මෙල්ල කරල තිබුනේ.එයා විතරක් නෙමෙි..තවත් ගොඩක් දෙනෙක් අරං ගිහින් තිබුනා.සමහරු අවුරුදු දා හතරක පහලොවක තරම් වයසක ලමයි. මං එයාව එක්කගෙන එන්න උසස්පෙල කරනකං හිටියෙ.. එයාට හොදට ඉගෙන ගන්න පුලුවන්. කැම්පස් යන්නමයි ආසාව තිබුනෙ. ගණන් තමා ආසම විෂය.
නමුත් මෙි වෙද්දි උසස්පෙල විභාගෙ ලංවෙලා තිබුනු නිසයි සද්ද නැතිව හිටියෙ. තව එක මාස දෙකක් හිටියනං අදටත් එයා ජීවතුන් අතර...එහෙනං මම ගෙදර එක්කගෙන ඇවිත්. අර නින්දිත පාදඩ කාලකන්නි ටික මලක්වගේ හිටපු මගේ සුගාව මෙල්ලකරගෙන කොහෙම අරං ගියාද දන්නෙ නෑ. එයා මෙි විපත කොහොම ඉවසුවද දන්නෑ. මාවත් මතක්වෙලා හයියෙන් කෑ ගහල අඬන්නත් ඇති. සුගාගෙ තාත්තා කිව්වෙ බිම දිගේ මඩෙි ඇදගෙන ගියේ කියල. ඒ වෙලාවෙ ඉඳල මං හිටියෙ වියරු වැටිල වගේ. හත් දෙයියනේ සුගා කොහොමද දන්නෑ මෙිව දරාගත්තෙ. ඉන්න තැනකින් පැනලවත් එන්න බැරිවෙන්න ඇති. ඒ ආවත් කොහෙ කියල කොච්චර දුරක් කියල එන්නද. එයා මට වැඩිය දුක්කන්දරාවක් විඳින්න ඇති. හමුදාවෙන් මාත් එක්ක ඇවිත් එයාව බෙිරගනී කියල බලාපොරොත්තුවෙන් හිටියද දන්නෙත් නෑ. පපුව පැලිල මැරිලද දන්නෙත් නෑ. එයාව අත්දෙකෙන් අල්ලගෙන බිම දිගේ ඇදන් යද්දි මොනව හිතුනද දන්නෑ.
එදායින් පස්සෙ තමා ඔය සමස්ත දෙමල ජාතියටම මට පුලුවන් විදියට පහර දෙන්න පටන් ගත්තෙ. අහිංසක මිනිස්සුන්ට නෙමෙි. අර පාදඩ කාලකන්නි යක්කුන්ට. සිවිල් වුනත් කමක් නෑ, එක වචනෙ මිස්වුනානං ඇති. කටක් කියල එකක් තිබුනෙ අපරාදෙ කියල හිතෙන්න දුන්නෙ.
සුගාගෙ අක්කවත් කොටි උස්සන් යන්න කලින් එයාව හොරෙන් පන්නල අරං ගිහින් අර කේප්‍රල් විවාහ කරගත්තා. අම්මල තාත්තල දැනුවත්වම.
ඒ පවුලටත් අනෙක් ලමයි අරන්ගිය පවුල්වලට වගේම ශෝචනීය අවසානයක් ලගාවුනා.එයාලගෙ අම්ම නැතිවුනා අවුරුදු හතරකට විතර පස්සෙ අඩුවයසෙන්ම දුක් වෙලාම.
අපි මෙි හැමදෙයක්ම දැනගත්තෙ ඔක්කොම සිද්ද උනාටත් පස්සෙ. එදා රෑ සුගාලගෙ ගමෙි ඇම්බුෂ් එක ගියපු අටදෙනාගෙන්ම මම ගේම ඉල්ලුවා. කෝපල් පේමතිලක ඉන්න තැන හොයාගෙන ගියා වෙඩි තියන්න. පස්සෙ මට ගැහුව. මාත් ගැහුවා. අපි ගහගත්තා. ඒත් කට්ටියම වටවෙලා මට හොඳටම ගහල ගහල අවුගහකට තියල බැඳල තිබුන එදා හවස ඉඳන් රෑ එලිවෙනකම්ම. ගහේ බැන්දෙව්වෙ ඔිසී. එයාටත් ඒ පාපෙටම හමුදාවෙ ඉන්න බැරිවුනා. හිරේ මාස ගානකුත් ඉදල ආවම හමුදාවෙනුත් අස් කරල දැම්ම. මං එදා අඬ අඬා සීතලේ ගැහි ගැහී මදුරුවො කකා මුලු රෑම ඇහැරිලා හිටියා. පහුවදාට එළිවුනු ගමන්ම තමා මාව කල්කුඩා වලට යැව්වෙ. ඒ ගිහිනුත් සතියක් විතර ශෙල් එකේ හිටියෙ. අන්තිමෙි පීටී යනගමන් හිටපු සීඔිම ඇවිත් මාව එලියට දාන්න කියල මුරපතිට කිව්වා.
මට උදව් කරපු කෝපල් ජයරත්න සැරින් සැරේ මාව බලන්න බැඳල තිබුනු තැනට ආව.ඇවිත් එකඑක දේවල් කියල හිත හදාගනින් කියල යනව. මෙි විදියට මෙික අවසාන වෙන බවක් එයත් දන්නවනං කීයටවත් උදව්කරන්නෑ කියලත් කිව්වා. අඩුගානෙ කෝපල් ජයරත්නවත් එදා ඇම්බුෂ් එකේ හිටියනං......
මාව බලන්න අනෙක් යාලුවොත් ආව. මගේ බැජියෙක් මං ගාවටම වෙලා මුලු රෑම ඇහැරිලා වැහිපොදේ තෙමි තෙමී කියෝ කියෝ හිටියා. හැබැයි එදා මට මාව බැඳපු එක ලනු පොටක් ලිහාගන්න පුලුවන්කමක් තිබුනනං සත්තකින්ම අද මං මරණ දණ්ඩනය නියම වෙච්චි හිරකරුවෙක්.
මං සීඔිට විස්තරේ කිව්වම විභාගයක් පවත්තලා අර අටදෙනාම චාජ් එකේ අරං ගිහින් පටි තිබ්බ එවුන් ප්‍රයිවට් කරල පටි නැතිවුන්ට දඬුවම් දුන්නා.
හැබැයි පසුකාලෙක කෝපල් ප්‍රේමතිලක ගැන හිතේ පැසව පැසව තිබුනු තරහ හිතේ හැටියට කල්ලාර් වලදි අවසන් කරගත්තා. එතකොටත් පොර ප්‍රයිවට්.මං කෝපල්. පොර ඇබ්සන් වෙලා ඉඳල ආවෙ අපේ කඳවුරට. ඒ ඇවිත් ඉන්න අතරේ එයාම දාගත්තු කේස් එකක් හරහා මං මගේ හිතේ තිබුනු සම්පුර්නම කේන්තිය පිටකලා. කිරාන් මතක්කර කරම තමා කේන්තිය යවාගත්තෙ. මොකද මට වටවෙලා ගැහුවෙත් මෙි උන්දැලම තමා. හැබැයි එදයින් අදත් තව වෙනකං ඒ සුදුමූන මං හමුදාවෙ දැක්කෙ නෑ. රෑම ආයෙ කඳවුරෙන් පැනල ගිහින් තිබුනා.
ඔහොම ඉද්දි කාලයත් එක්ක මගෙ හිතත් ටික ටික යතාතත්වෙට පත්වෙන්න පටන් ගත්තා. නමුත් අදටත් ඒ හැඟීම් එහෙම්මමයි. සමහර දවස්වලට නම් මෙික මතක් වෙනකොට ඉවසගන්නෙ බොහොම අමාරුවෙන්.
ඒයාගෙ තාත්ත විතරයි ගමෙි අදටත් ජීවතුන් අතර ඉන්නෙ.නීල් එකතැන්වෙලා.කකුලක් කපල දියවැඩියාවට.මෙි ආදරයට දැනට අවුරුදු විසිතුනක් වෙනව. මං මෙි ජනවාරි විසිපහත් ඒ තාත්තව බලල ආව ගිහින්. 2020.06.09 ත් ගිහින් ආවෙ එහෙ තමා. අවුරුදු දෙක තුනකට සැරයක් එයාගෙ අක්ක මදී ලවත් බලන්න යනව.මං එල්ටීටීඊ එකත් එක්ක පුදුම වෛරෙකින් ඉන්නෙ අදවුනත්.ඒ දවස්වල එල්ටීටී ඊ ප්‍රහාරයක් එල්ලවුනත් මරාගෙන මැරෙන ලයින් එකක් තිබුනෙ.නැගෙනහිර කොහෙ හරි ගහල බොඩිස් තියෙනව කිව්වොත් මං අනිවාරයෙන්ම ඒ තැන්වලට සෙට්වලින් කතාකරල අහනව කෙල්ලො මැරිල ඉන්නවද කියල.එකපාරක් 126 කදවුරේ කෙල්ලො දෙන්නෙක් මැරිල ආරංචියට ගිහින් බැලුව.එයා නෙවෙයි.ඒත් මට 2009 දි එක දෙයක් හරියටම පැහැදිලි උනා.ඒ ..එයා කොහෙදි හරි කැලේක මැරෙන්න ඇති.අපේම කාගෙ හරි වෙඩි උන්ඩෙකින්.
.අන්තිම මෙහෙයුමෙි දක්වා මං එයා ඉන්න තැනක් බැලුව.නමුත් අද මෙි මොහොත වෙනතුරුත් එයා නෑ.යුද්දය ඉවර වෙලා හරියටම මාස හතරකින් නැවත මාස හතරකින් නැවත මාස හයකින් වගේ පිට පිටම කිරාන් ගියා.ඒ වාසනාවකට හරි ජීවිතේ බෙිරගෙන ඇවිත් ඉන්නවද බලන්න.නමුත් අදටත් නෑ. අනාත කඳවුරු වල හිටියෙ ආමි අය. එයාලගෙ නම්බර් හොයාගෙන මං වෙනම කතා කරල ඇහුව ඒ නම තියෙන කෙනෙක් පුනරුත්තාපනය වෙනවද කියල. ඒත් නෑ.
මෙි කතාව මෙච්චර දුක්බර සිදුවීමකින් අවසානයක් දකීවි කියල එදා මට නිකමට හරි හිතුනනං කීයටවත් සැරයන්ට පිකට් එකේදි කෝරකල්ලිමඩු යං කියල කියන්නෑ.එහෙනං අනිත්පැත්තට එක්කං ගිහින් පුරුදු විදියට කිරිහට්ටියක් හරි කනව.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.06.12
හිතට සෑහෙන කම්පනයක් ගෙනාපු කතාවක්. මේ සිත්තර පටියෙ තියෙන්නෙත් ඒ වගේ ඇත්ත කතාවක්ලු. හැබෙයි මේකෙ අවසානය නන් ඔය තරම් ඛේදවාචකයක් නෙමෙයි.
ReplyDeleteGharasarapa
කියා ගන්න වචන නැ සහොදරයා...
ReplyDeleteජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...කවදාකවත් අපි ආස දේ අපිට ලැබෙන්නේ නැ...ජීවිතෙන් දෙන දෙයක් භාර ගන්නවා ඇරෙන්න...
ReplyDeletevery sad story....hope one day you will find her
ReplyDelete