Tuesday, June 2, 2020

අවසාන ආදරය

අදමං කියන්න යන්නෙ මගේ ඒ දවද්වල මිහිරි මතකයක්වුනු අද අමිහිරිවෙලා තියෙන සිද්ධාන්තයක් ගැන. ඒ තමයි රසී.නැත්තං රසනි.ගැන.

මෙි වෙනකොට මං හිටියෙ මඩකලපුවෙ තානායම් කඳවුරේ. මෙි කඳවුරේ හිටියා කාන්තා සෙබළියන් 135 දෙනෙක්. අපි ඔහොම ඉන්නකොට ආරංචියක් ආවා මෙහෙ ගෑනු ලමයි වගයක් චෙින්ජ් කරනව කියල.ඒ කියන්නෙ ඉන්න  ඩෑල් ටික ගිහින් බ්‍රෑන්ඩ් නිවු ඩෑල් ටිකක් එනව කියන එක.මෙහෙ ඒ වෙනකොට හිටියෙ හෙන අම්මන්ඩිල ටිකක්. අප්පේ බලන්ඩෙපැයි එයැයිලගෙ ගණන්. ඇම්බැක්කෙවත් නෑ එච්චර කැටයම්. ඒත් මෙයාලා ගාව තිබුනා. සමහරු අඟුරු වගේ කලුම කලුයි.ඒ පාටට පෙයාර් ඇන් ලවුලි තලි තලි ඉලුවම දාඩියත් පේන්නෙ සුදු පාටට. සමහරු පාට වැඩී. පාට වැඩි කට්ටියට අයිතිකාරයො වැහි වැහැල. නැත්තං නාන්නෙ නෑ.එක්කො උසයි නැත්තං මිටියි. එක්කො දත් මදින්නෑ. අනික ඒ ගොඩක් අය බැඳලා.
ඔහොම පසු බිමක තමා මෙි හුවමාරුව වෙනව කියල තිබුනෙ. ඒ කට්ටිය එනකං දතකට මැදගෙන හිටිපු ගැන් එක අතර තව සුවිසේසි පුද්ගලයෙක් හිටියා. ඒ තමා මම.
ඉතින් කට්ටියත් ආව කියමුකෝ. ඒ අතර හිටපූ සිරි සීදේවි කෑල්ලකට හිතත් ගියාම කියමුකො. ඒ තමා රසී. 😁😁

රසීගෙ ගම දොම්පෙ. අපේ ගෙවල් වල ඉඳන් ටිකක් දුර උනත් එකම ප්‍රාන්තෙ. අල්ලපු ආසනේ.

 එයාහෙන ගණන්. උද්දච්චියි. කුක්කුච්චයි. විචිකිච්චයි. උත්කුස්ටයි.
තලෙලුයි.දැක්කම මට වඩා උසයි. ..නමුත් ලගට ගියාම මිටියි. සුදට හුරුයි.තලෙලුත් නෙමෙි.සුදුත් නෙමෙි. ගොක්කොලේ පාටයි.
මෙි අයිටම් එකට මට ටිකක් හිත ගියා. කාගෙවත් ඇප්ලිකේෂන් එකක් භාරදෙන්න කලින් මගේ ඇප්ලිකේෂන් එක භාරදුන්නොත් හොඳා කියල හිතුනා. ඇත්තටම මට මෙික හිතුනෙ ජොලියට. කෙල්ලෙක් ඉන්න ඔින කියල හිතුනු හිංද මිසක්..ලව් එකක් තියෙන්න ඔින කියල හිතල නෙමෙි. මොකද ගමෙි කියල එකකට බැස්සත් නිවාඩු දවස් ටිකේ බැහැලා නිවාඩු ඉවරවෙලා ඊලඟ නිවාඩුව මාස තුනකින් හතරකින් ගිහින්  ආයෙ ටෝක් කරන්න ගියාම අපිව අමතක වෙලා. එක්කො වෙන එකෙක් දාගෙන.නැත්තං ඔයා කව්ද කියල අහනව.

 ඉතින් ඔහොම දින සති මාස වශයෙන් කාලය අපිටත් හොරා වෙිගයෙන් ගලාගෙන ගියා. මං මෙිකට ට්‍රයි කලා. විහිලු කරා.තරහ ඇවිස්සුවා.බැන්නා.ඊට වඩා බැනුම් ඇහුවා. අන්තිමට මෙික මුලු කාන්තා අනුකන්ඩයේම පැතිරිලා ගියා. සමහර කෙල්ලො මට ංආ...රසනී..කියල කතා කරන්නත් පටන් ගත්තා.

මං කලේ මට රසනි කියන එවුන්ටත් ට්‍රයි කරපු එක.හැබැයි වචනෙන් විතරයි. ක්‍රියාවෙන් නෙමෙි.
මගෙ වෙලාව බලපු තැනකිනුත් කියල තියෙනව අම්මට මෙි කේන්දරගත ප්‍රානියාට  එකතැනක ඉන්න බැරි ගතියක් තියෙන්නෙ..ඒකට මොකද්ද යන්තරයක් දාපුවම හරියයි කියල. ඒ දවස්වල යුද්දෙනේ. අම්මලානේ. අපලනේ..
ඉතින් යන්තර තුනයි ඇඟේ. 😏😏😏. එකක් ඉනේ දෙකක් කරේ. ඒ යන්තර මදිවට පෙරුම්කායනුයි වදකහයිත් බදිනව නිවාඩුවෙන් නිවාඩුවට  අතේ. ඒ ගොල්ලො හදපු අත පය බෙල්ලනේ කියල බෙල්ලෙ ඉනේ බැඳගෙන හිටියට...ඒ ගෙදර විතරයි.කඳවුරට එනකොට බෑග් එකේ. කෑම්ප් එකට ආව ගමන් ට්‍රන්ක පෙට්ටියෙ.ආයෙ ඒව දාගන්නෙ නිවාඩු යන්නෙ හෙටයි කියල.
 කතාවට යමුකො.

මං ඔහොම කාලයක් තිස්සෙ ට්‍රයි කරල කරල පාං බනිස් ඇදල ඇදල දැන් රසනිගෙන් අහනව අහනව ම්ම්හු..
කිසිම ප්‍රථිචාරයක් නෑ. මෙිකිත් කල් යද්දි යද්දි අලුගසාදාල ආව කියමුකො..දැං මට බයත් නෑ. මාව ගනන් ගන්නෙත් නෑ.මං අතාරින්නෙත් නෑ.
මාත් රසනි රාජකාරි කරන පොයින්ට් හොය හොය යනව. ඒ ගියාම එතන හරියට  මල්වෙඩි සංදර්ශනයක් වගේ
දෙපැත්තෙම මල් වෙඩි පුපුරනව.කන් අඩි පැලෙන්න සද්දෙ.

*රසනි...
*ඇයි මොකෝ.. කිරි බොන්ඩද.
*ඒකටත් එක්ක තමා. නැත්තං ඔය වටින කියන ඒව හැලිල යයි ඔියි..😁😁
*අනේ මෙි.මගෙන් මුකුත් අහගන්න එපා හරිද.
*ඔිව හංගගෙන ඉදල වැඩක් තියේද මැනිකෙ. ටිකක් අතපත ගාල හැඩට ලොකුවට හදල ගන්ඩෙපෑ. (කෙල්ලො කැමති වෙයිද කියාල්ලකො)
මං ඔිව කියන්නෙ එයැයිගෙ ප්‍රහාර කලාපයෙන් පිට ඉඳන්. නැත්තං ඇඟට හරි අමාරු වෙනව.
*අහන්න නේන්නං දෙයියනේ මෙච්චර ⁣පැට්ටෝල් පුච්චන්නේ. නෑනෙ කිසිම අනුකූලතාවයක්..
*හරි දැන් විහිලු ඇති.මොකද්ද ඔයා කියන්නෙ.
හිතවතුනි මට ඉතින් හිංදි චිත්තරපටිවල වගේ ඔයා මාව විවාහ කරගන්නවද කියල අහන්න හරි මං ඔයාට ආදරෙයි කියල කියන්න හරි තරං දැනුමක් ඒ දවස්වල තිබුන්නෑ.අනික ලැජ්ජා කාරය.

*මං අහන්නෙ හැමදාම එක දෙයයිනෙ වස්තුවෙ. බබෙක් වෙන්නැතුව ආයෙ ආයෙ අහන්නැතුව එකපාර කියනවකො.හලෝ.
*ඔහොම අහද්දි කැමතියි කියයිද කැමති එකියක්වත්
*ඒ කියන්නෙ ඔයා ඔිකේ
*මං එහෙම කිව්වෙ නෑනෙ.
*හරි. මං මෙි අවසාන වතාවට අහන්නෙ.ආයෙ කවම දාකවත් මං පස්සෙන් එන්නෙත් නෑ. කරදර කරන්නෙත් නෑ. මට එකපාර එක වචනෙන් කියනවකො හාද බෑද කියල.
*ඉතින් ඔික ඔයා ඊයෙත් කිව්වනෙ.නෑ කිව්වට පස්සෙ ඔය අදත් ආවෙ ලස්සනට.
*හරි ඉතින් ඒ මට ඔයාව නැති කරගන්න බැරි හිංදනෙ. ඔයාව බැන්දහම කැමතිනං හමුදාවෙන් අස්කරගන්න පුලුවන්. තට්ටු දෙකට ගේ තියෙනව.වෙන කාගෙද. ගේ ඉස්සරහම අක්කර දහයක ගෙඩි කැඩෙන පොල් වත්තක් තියෙනව වෙන කාගෙද. පැය බාගෙන් බාගෙට පාරෙ බස් එකක් යනව වෙන කාගෙද ඒව. අල්ලපු  ගෙදර  මාසෙන් මාසෙට පීදෙන පුරන් වෙච්චි කුඹුරක් තියෙනා. මං කියන්නෙ වෙන කාගෙද ඒව.
*එච්චර තියාගෙන මොකටද ආමි එකට දුක් විදින්න ආවෙ.
*මං කිව්වෙ නෑනෙ ඒව මගෙ කියල.ඒව වෙන කාගෙද. ඒ ඉස්සරහම තියෙන පුංචි ගේ පොඩ්ඩ විතරයි මගේ.ඒක අපි දෙන්නගෙමනෙ දැන්.
*මොකක් කිව්වා.අපි දෙන්නගෙ??
*ඔි. දැන් ඔයා හා කිව්වම ඉබෙිම අපි දෙන්නගෙ වෙනවනෙ.
*අනේ මෙි...මගෙන් මුකුත් නාහ ඉන්නවද.
*කැන්ටිම ඇරලද දන්නෑ.මොනාහරි කමුද.
*හ්ම්.
ඔන්න මිත්‍රවරුණි මටත් සැකයක් තිබුනා වෙලාවකට මෙිකි මාව වශි කරගෙන ඉන්නෙ කෑමටම විතරද්ද කියල.
*ආව්.බලනව අපි දෙන්නගෙ ගැලපිම විතරක්. කෑමක් කිව්වොත් තමුසෙටත් මරණයක් හරි කමක් නෑ නෙහ්?

මෙිකි හිනාවුනා.ඔය හිනාව කැන්ටිම ගාව දැම්මනං මාත් නොදැනෙන්න චූටි දතක් හරි ගලවනවනෙ. අපරාදෙ.
*නැද්ද හලෝ මාරු කීයක් හරි.මොනාහරි ගේන්න.
 මං එසේ හීනියට දෙසීයක් කඩල ඒකිගෙම සල්ලිවලින් ඒකිටම හවායන් කුකිස් එකක් ගෙනත් දුන්න කාපිය කියල. මාත් ටිකිරිමාරි දෙකක් ගත්තා. ලොකූ බීම බෝතලයක් ගෙනාවා. ඉන්න ගමන් රෝස මලේ නටුවෙ කටු කරන ගමන් බොන්න.එයාට හවායන් කුකිස් එකක් ගෙනත් දුන්නෙ ඒවගෙ තියෙන පොල් රැලි බඩට ගිය ගමන් බඩ බුරුල් වෙනව. රෑට ගොර ගොර සද්දෙ.පහුවදාට අමර සැප. ඉතින් චූටි පනිස්මන් එකක් දුන්න කියල හෙන ගහනවෑ හිතෝතුනි.😁😁😁.
එදත් වචනයක් දුන්නෑ. ඔහොමත් කාලෙ ගියා.
මම පොඩි කාලෙ ඉඳලම ආශ්‍රය කරපු ගස්ගල් ගානෙ කැලෑ ගානෙ සෙල්ලං කරපු සෙට් එකෙන්   කීප දෙනෙක්ම ආමි ආව. එකෙක් නේවි ගියා. අපි ලියුම් ලියාගන්නව. සතියකටනං මොකාහරි කොලු කාරයෙක්ගෙන් ලියුමක් එනවමයි. ඒ ලියුමක් කව්රු හරි දැක්කොත් සිංහල බාෂාව විකෘති කලා කියල වෙනමම නඩුත් දානව.ඒ තරං කුනු හරප හිතෝතුනි. ශික්.ලැජ්ජාවෙ බෑ.
අපි සෙට් වෙනව කෝමහරි නිවාඩුවට එකට ගමෙි එන්න.ඒත් සෙට්වෙන්නෙ දෙකයි තුනයි උපරිම හතරයි.ඒකත් කලා තුරකින්. අපි ඒ විදියට නිවාඩු එන්න මාස ගනන් බලාගෙන ඉන්නව දාහක් බොරු කියල.වෙන රෙජිමෙින්තුවක ඉන්න එකෙකුට නිවාඩු වාරය එනකං ඊට කලින් අපිට එන්න පුලුවන්කම තියාගෙනත් මාස ගනන් එකිනෙකා වෙනුවෙන් බලාගෙන ඉන්නව.
නිවාඩු ආවම අපි යනව හතරවටෙි ඇවිදින්න.හැබැයි යන්නෙ පංසල් ලඟ ලඟ තියෙන ඒවට.අත්තනගල්ල, වාරණ,පිළිකුත්තුව,මාළිගාතැන්න, දඩගමුව.. ඔන්න ඔිව. ඒවට නගින්න තියෙන පඩි ගානත් අපිට ඒ දවස්වල කට පාඩං.
ඉතින් මෙි නිවාඩුවට සෙට්වුනේ තුන්දෙනයි.
අපි ගියේ ඒ පෝයට වාරණ.

පෝය දවසකට එහෙ ගියා කියන්නෙ මක්කම ගියාට වඩා හපන්.මාර සෙනගක්. ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.
අපි පංසල් යන රටාවක් තියෙනව.
ඒ බදුලු කෝච්චිය.ඉස්සරහ එකෙක් හිටගන්නව...උගේ උරහිස් දෙපැත්තෙන් එකෙක් අල්ලගන්නව පිටිපස්සෙ ඉඳගෙන.ඔහොම ඔහොම ඉන්න තරමක් අල්ලගෙන ඩිලාන් මාලගමුව රේස් පදිනව වගේ අරෙහෙං මෙහෙං දැම්ම.අස්සවල් මුල්ලවල් වලින් ලඟ ලඟ නමල තමා යන්නෙ.නැත්තං යන්න බෑ.
එදා මං තමා ඇන්ජිම.ඒක හරි අමාරු කාර්යයක්. පිටිපස්සෙ එදා පස්දෙනෙක් හිටිය.
මායි හයයි.(ඒ ගමනට සෙට්වුනා තව තුන්දෙනෙක් යාලුවො.ගමෙි) ඉතින් එංජිමෙි වගකීම තමා ඉක්මනින්ම කන්ද උඩට ගැන්සියම අරං නැගීම. දැං අපි යනව.
කන්ද උඩටම නගින්න සෑහෙන්න දුරක් යන්න ඔින.ඒක ගල් කන්දක්.මුදුන මාර ලස්සනයි. වටෙිම පේනව.
ඔහොම චූට්ටි දුරක් නගිද්දි මට මහා කුරිරු අදහසක් ආව එකපාරටම.😁😏☺️
උඩ ඉඳල පල්ලෙහාට බහින සුදු සුදු අම්මියලාට මං නගින ගමන් ඉනට අනිනව,කුඩෙන් අදිනව,හෑන්බෑග් එකෙන් අදිනව.බඩට අනිනව.
මයෙ අප්පේ...බලන්ඩෙපෑ..පිටි පස්සෙ එවුන්ට මාර ආතල් එකක් දෙනව කෙල්ලො ටික..උන්ට හෑන්ඩ් බෑග් ප්‍රහාර,කුඩ ප්‍රහාර,එමටයි.ඒ අස්සෙ ටොකු අම්බානකයි.මං ටක් ගාල ඇන්න...ටුක්ගාල පාස්වුනා.මට ගහන ඒව වදින්නෙත් උන්ට.කෝච්චිය එනකොට දන්නවනෙ එකම නඩෙි කියල.උනුත් තමන්ගෙ ලඟින් යන යන එකාට ගහනව.
උඩට නගිනකොට ඔලු අතගානව,කං අතගානවා..මුං ටික..
ඔහොම නගිනකොට සුදු දිග සායක් ඇඳල අත්දිග සුදු හැටිටෙයක් ඇදල සුදාම්මියෙකුයි තව පොඩි කොල්ලෙකුයි..පවුලෙ කියල හිතන්න පුලුවන් බවලත් උදවිය ටිකකුයි පල්ලෙහාට බහිනව.මටත් ආතල්නේ... ඒකිගෙ අතේ තිබ්බ රෝස පාට ලොකු කොටු කොටු ලේන්සුවක්.. මං යන ගමන්ම ඔික ඇදගෙන ගියා. ඒය් ඒයි. මොකද ඔය කියනව ඇහුනා. යකෝ අහල පුරුදු මිහිරි කටහඩක්. කෝච්චිය නවත්තල බැලුව පස්ස.මොකද උඩ නගිනකොට ඉස්සරහින් එන අයගෙ මූනු බල බල ඉන්න බෑ.එහෙම උනොත් ඊලග පඩියෙ හැප්පෙනව. අම්මටහුඩු කිහාල්ලකො රසනි...
*ආ රස්නෙ... මොකෝ..මෙික අපේ ගම ඈ.ආව වැන්ද ගියා.සෙල්ලම් බෑ...දැම්මොත් ඉස්සුවා.. මට පංසල අමතක වෙලා ගියා ඒ වෙලාවෙ.

හිතෝතුනි,මට ලැජ්ජාව කියල එකක් තියෙනව කියල පලවෙනි පාරට දැනගත්තෙත් එදා.
*මෙිකි නැග්ගා පඩිටික ආපහු..ආව මං ගාවට(.ලේන්සුව මගේ අතේ.) ඇදගත්තා ලේන්සුව මගෙ අතින්..පුම්බගත්තා..අර සෙන⁣ග ගොඩෙි බැන බැන යන්න  ගියා.
*කව්ද බං ඒ.
කෝච්චි පෙටිටයකින් ප්‍රශ්ණයක්...
*අරකි බං..ඇන්ජිමෙන් උත්තර දුන්නා.
*යමන්කො උඩට.අද තමා තොට කෙලවන්නෙ..(තවත් පෙට්ටියකින් අදෝනාවක්.)
*ඔිකට කිහාං දැංවත් අත පය හතර හරියට අරං යන්ඩ කියල.(පිටිපස්සෙ ඇන්ජිමෙන් උපදේශයක්.)
*නෑ.නෑ.යමංකො උඩට..පල්ලෙහාට ගන්නෙ මංනෙ.(තවත් පෙට්ටියකින් තර්ජනයක්)
 මොනාද හිතවතුනි උඩහක් පල්ලෙහක් නෑ ආයෙ.කෙලින්ම ගැහුවා එතනම යූ ටර්න් එකක්.
අරුං බනිනව බැනිල්ලක් තිඹිරිගෙයි ඉඳන්ම පටන් අරගෙන.
ගියාට වඩා ස්පීඩ් එක චූට්ටක් අඩුකලා.දැං එනව හිමීට හිමීට. මෙි එන්නෙ රස්නෙ යන්නෙ කොහාටද..ඇවිත් ඉන්නෙ කා එක්කද ඊලඟට යන්නෙ කොහාටද කියල ඔත්තු බලන්න.මෙිකිලව අල්ලගන්න ලේසිවුන්නෑ.
ඒ තරමට සෙනග අපි ඉස්සරහින් උඩට නගිනව.
මාත් පල්ලෙහාටම බැස්සා.කොල්ලන්ට කිව්ව ඔහොම මං එනකං හිටහං කියල.ඒ කරල  මගින් තනියම ඉද්දි බාන්ඩෙ අල්ලගත්තා.
*රසනි..රසනි.ෂ්ෂ්ෂ්...!!!
*ඇයි මොකෝ.
*ඔහොම දමල ගහන්ඩෙපායිසෙ ..මෙි කොහෙද ආවෙ.
*ආ..අපි ආව පොල් කඩන්ඩ වාරණ.
*ඉතින් කැඩුවද.
*අනේ මෙි..පංසල් යන්න ආවනං පන්සල් යනව.මොනවද මෙතන කරන්නෙ.
*හරි හරී..යනව තමා අයිසෙ. මෙි අය කවුද?
*ආරච්චි මෙි 😡😡😡
*ආරච්චිල තමා කතා කරන්නෙ.නැත්තං අප්පුහාමියැ.? මෙි..පොඩිඩක් මුදු මොලොක් වෙනවකො හලෝ.අපි සොල්දාදුවො නේද?කෙල්ලො නේද.හත්තිලව්වෙි මෙි..
*ඇයි දැං මොකද්ද ප්‍රශ්ණෙ?
*ඔයාගෙ අම්ම කව්ද.?
*අර මල් තෝරන්නෙ. මෙයා මල් විකුනන්න තියෙන තැනක මල්පොකුරු කේවල් කර කර ඉල්ලන වයසක ඇන්ටි පරානයක් පෙන්නුවා.
*කව්ද අර සුදු සාරියද.සුදු සායද?
*සුදු සාරිය.
*මෙහා එකද එහා එකද
*මෙි පැත්තෙ එක්කෙනා.
*අපෝ...එයා තාම මල් තෝරනව මිසක්..තියෙන මලට පිලිවෙලක් කරන්න අදහසක් නෑ වගේනෙ..
*ඉතින්?
*නෑ.නිකන් කිව්වෙ.තාත්ත ආවද.
*නෑ.
*මෙි මං එකක් කියන්නද.
*හා කියනවකො බලන්න.
*ඔයයි මායි එක ප්‍රාන්තෙ ඈයොනෙ. එකම රස්සාවනේ.එකම කඳවුරේනෙ..
*ඉතින්.දැං මොකද වෙලා තියෙන්නෙ.
*කවද්ද නිවාඩු ඉවර.
*ඇයි මොකටද?
*යකෝ පොලිසිය වගෙ වෙන්ඩෙපා. අප්පේ මුන්දැලගෙ ගනන්.ඒක නෙමෙි. කවද්ද ආවෙ හරි කියනවකො.
*බෑ. මොකටද.
*මං නැන්දම්මගෙන් අහන්න එන්නද.තමුසෙ දැං කිව්වොත් හෙට එනවා.
*ඒක නෙවෙයි. මං එකක් කියන්නද.
*හ්ම්..
*දැං අවුරුදු කීයක් මගෙ පස්සෙ කැරකෙනවද.
*අවුරුදු එකහමාරක්.මාස දහඅටක්.දවස්වලින්නම් තිහ ගානෙ බැලුවොත් පන්සිය හතලිහක්.
*මං කැමතිවුනාද.
*වෙලා තියෙනව.කියන්නෑනෙ.
*නෑ.උන්නෑ.
*වෙනවද.
*ඒත් නෑ.
*කවදාවත්ම.
*කවදාවත් නෑ.
*හේතුව.
එයාගෙ අම්ම පුලුවන්තරම් කේවල් කරල කරල මල් පොකුරු දෙකකුත් අරන් පුස් කාච්චි රටකජු බූන්දි ගේන්න වෙන තැනකට ගියා.
*කියන්නෑ. අර කට්ටිය කව්ද.පස්සෙන් ගියෙ.
*යාලුවො. උනුත් දෙන්නෙක් ආමි.අපි මොන්ටිසෝරි ඉඳල එකට ඉන්නවුන්.
*හ්ම්. කමක් නෑ.
*රසනි.
*ම්ම්ම්ම්ම්..
*මට අද ඔයත් එක්ක වැදගත් දෙයක් කතාකරන්න ඔින. මං හිතන්නෑ ඒකට මෙතනට වඩා හොඳ තැනක් ලැබෙයි කියල. ඒ හංද මං කියන දේ චුට්ටක් අහන්න. ⁣හොඳටම සීරියස් වෙන්න.මාත් සීරියස් කතා කරන්නෙ.
*කියන්න
* අද පෝය දවසනෙ.ඉන්නෙ පංසලේ. මං මෙි සීරියස් කියන්නෙ. මං ඇත්තටම මෙච්චර කාලයක් ඔයා ගැන බලාපොරොත්තුවෙන් පස්සෙන් ආව එක ඇත්ත. මෙි කතාව මෙි පංසලේදිම වුන එක හොඳයි. අහන්නකො..මට ඔයා ගැන ඇත්තම හැඟීමක් නැත්තං මෙහෙම ඔයාගෙන් බැනුම් අහ අහ ගෑස් බල බල පස්සෙන් එන්න ඔින නෑනෙ. මං මෙච්චර කාලයක් කිව්වනෙ ආයෙ ඔයාට කරදර කරන්නෑ කියල.ඒත් කලානෙ. නමුත් අද මෙි පංසලේ අතගහල දිවුරනව මං ආයෙ කිසිම දවසක කිසීම දවසක ඔයාට කරදර කරන්නෑ.පංසෙන් එන්නෑ.ඔයා ඉන්න පැත්තකටවත් එන්නෑ.
*ඉතින්..
*හැබැයි මට කාරනා දෙකකට අවංකවම ඔයත් උත්තර දෙන්න ඔින. ඒ දෙන උත්තර අනුව තමා  මං පොරොන්දු වෙන්නෙ. මටත් මල පැන්නා ඉතින්.
*අහන්න.
*එක.ඔයා  මට නොකියපු නැත්තං හංගපු බෝයි කෙනෙක් ඉන්නවද ඇත්තටම??ගමෙි හරි ආමි එකේ හරි.
*ඇත්තටම නෑ.
*අවංකවමනෙ කියන්නෙ??
*අවංකවම නෑ.
*හරි දෙක.ඔයා එහෙනං මට කැමතිද?අකමැතිනං හේතුව මොකද්ද?
*ඉස්සෙල්ලා කියන්න ඔයා අවංකවමද මෙි අහන්නෙ. මං හේතුව කිව්වොත් මට ආයෙ කවදාවත් කරදර කරන්නැද්ද
*සත්තකින්ම නෑ.මං කිව්වනෙ.ජෝක් එක මගේ හැටි උනාට සිරා පුද්ගලයෙකුත් මෙි පංචස්කන්දෙ ඇතුලෙ ඉන්නව. පිස්සුව මගේ ආවෙිනික ලක්ෂණයක් උනාට මම පිස්සෙක් නෙමෙි. මං කිව්වනෙ පංසලේ අතගහල දිව්රනව කියල. සීරියස් අහන්නෙ. දන්නවනෙ ඉතින්...
*ඔයාගෙ ගෙදර නම්බර් එකක් තියෙනවද.
*තියෙනව.
*ඒක මට දෙන්න.මං අද රෑට කෝල් එකක් දෙන්නං.
*ඔයා මාව අඳුරනවද?
*ඔව්.
*කොච්චර කාලයක්ද
*සෑහෙන කාලයක්.
*එහෙනං ඇයි ඔික ෆෝන් වලින් කියන්න හදන්නෙ.ඇයි බයද?? අනික එහෙම බෑ.මං පංසලේදිනෙ පොරොන්දු වෙනව කිව්වෙ. මට ඔයා කෝල් දෙනකං බල බලා ඉන්නත් බෑ.ඉන්නෙත් නෑ. ඔයා දැන් කියන දේ අනුව තමා අපි දෙන්නගෙම අනාගතේ තීරණය වෙන්නෙ. හැබැයි ඒක අසතුටුදායක පිලිතුරක්නං සත්තකින්ම රසනි මං ආයෙ කවදාවත් ඔයාගෙ මූනට මුලිච්චි වෙන්න ඔය කෑම්ප් එකේවත් ඉන්නෑ. මං වව්නතිව් මගේ කම්පැනි එකට යනව.  මෙි සීරියස් කියන්නෙ හොඳේ. අද දවසෙ මෙි පන්සලේදි ඒකට සුභදායි උත්තරයක් නොලැබුනොත් සත්තකින්ම මං කිව්වදේ එහෙම්මම වෙනව. ඔයාගෙ හිතේ චුට්ටක් හරි කැමැත්තක් තියේනං මෙි පංසලෙන් එලියට අන්තිම අඩිය තියන්න කලින් දෙපාරක් බැයිනං සිය දහස් වතාවක් හිතල හරි හොඳට කල්පනා කරල බලල ඒ බව කියන්න ඔයාට අවස්ථාවක් තියෙනව. මං ඔයා නොපෙනී යනකම්ම බලාගෙන ඉන්නව. හැබැයි ඒක එහෙම නූනොත් මෙි බුදුමැදුරෙ මං පොරොන්දුවක් වෙලා යන්නෙ ආයෙ කවමදාකවත් ඔයාගෙ මූන බලන්නෙ නෑ කියල.

කෙල්ල නිහඬයි.උත්තරේකුත් නෑ. මං නම්බර් එක දුන්නෙත් නෑ. එයාගෙ අම්මත් ආව. එයාවත් මට අදුන්වල දීල මාවත් යාලුවෙක් කියල අම්මට හදුන්වල දීල එයාලා යන්න ගියා. වචනයක් දුන්නෙම නෑ. ආයෙ කිසිම දවසක කෙල්ලෙකුට ට්‍රයි කරන්නෑ කියල පංසලේදිම තීරනයකට ඇවිත් මං එයා යන දිහාම බලාගෙන හිටියා. හදවත කීරිගැහෙන සීන් එකක් වීගෙන ආව.
ඒක  පපුව  ඉදලකින් අතුගානව වගෙ හැඟීමක්.

කාසි කොච්චර තිබුනත් හිතගිය කාසිය නැත්තං වැඩක් නෑ.
වසන්තය ආවත් මල් පිපෙන් නැත්තං ඒ වසන්තයෙන් වැඩක් නෑ.
මුහුදේ ඔින තරම් මාලු ඉන්නව. ඒත් හිත ගිය මාලුවා නැත්තං මාලු කෝටියක් හිටියත් වැඩක් නෑ.


 අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් කට්ට කාගෙන එක එකාට චෙක්වෙවී බැනුම් අහ අහ පිස්සු කෙල කෙල විහිලු කර කර පපුවට දැනෙන්න ආදරයක් කියල ඒක පාර්ශ්වීයව හරි ට්‍රයි කරල ඒකට වාරණ පන්සලේදිම ඒකට නැවතීමෙි තිත තියන්න සිදුවෙච්චි එක කොච්චර අහඹු සිද්දීයක්ද. මම එතනදීම ඉස්සරහ තිබුනු බුදු මැදුරෙ පිළිම වහන්සෙ දිහා බලාගෙන මං මටම පොරොන්දුවක් දී ගත්තා.

බුදු හාමුදුරුවනේ, අද මෙි පංසලෙන් පිට වෙන්න මොහොතක් තියා හරි රසනි ආයෙ හම්බවෙලා එයාගෙ අදහස නොකිව්වොත් නැවත කිසිම දාක කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙත් නෑ. බඳින්නෙත් නෑ. මෙික සගේ පොරොන්දුවක්..
 බුදුහාමුදුරුවනේ ජීවිතේ ලැබිච්චි දේවල් වලට වඩා නොලැබිච්චි දේවල් ගොඩකින් මෙි හිත පිරිල තියෙන්නෙ. මෙි තවත් එකක් විතරයි කියල හිත හදාගන්න උත්සාහ කරන්නං. හැබැයි ආයෙ වාරණ පන්සලටත් කවදාවත් එන්නෙත් නෑ.

සහතිකයි අදින් පේම කතා සියල්ල අවසානයි.
ඇයි දෛවය ඔයා ඔතරම් නපුරු.
ගැහැනු ළමෙකුට කියල  පලවෙනියෙන්ම කැමති වුනේ ගයානිට.දැනෙන්න අදරය කලේ සුගන්දිනීට. ඒ දෙකම ඈතින් ඈතට ඈතින් ඈතට අහසින් කඩාපාත් වෙච්චි හෙන ගෙඩි වලින් සුනු විසුනු වෙලා ගිහින් තුන්වෙනියට කැමැත්තක් ඇතිවුනේ රසනිට. මාත් සාක්කු දෙකේ අත් දෙක දාගෙන කිසිම හැඟීමක් නැතුව රසනි යන දිහා බලාගෙන හිටිය. නොපෙනී ගිය ගමන් මට බුදු මැදුරෙ අතගහල පොරොන්දුවක් වෙන්න තියෙන නිසා නොපෙනී යනකම්ම බලන් හිටියා.
සෝකයක් දුකක් දැනුන්නෑ.. හිත ගල්කරගත්තා.
තවත් මං බලාගෙන..

 කට්ටියම ආයෙ අයිස්ක්‍රීම් වෑන් එකක් ගාව නතරවුනා. රසනි හැරිල මංදිහා බැලුව. ඒත් එක්ක ආපහු හැරිල  ඇවිත් වෙන තැනකට මොනවා හරි ගන්න ගියා.
තාම නොපෙනී ගියෙ නෑනෙ. ගිය ගමන් මං ආපහු හැරෙනව.
ඇත්තටම එයා මගෙ දෑස් මානෙන් නොපෙනී ගියා. අහඹුවකින් හරි ආපහු හැරිල එයිද කියල තවත් විනාඩි පහක් බලා ඉන්නව කියල හිතල ආයෙ බලාගෙන හිටිය. ඇත්තටම නෑ.එයා නෑ.ආයෙ කවදාවත් එන්නෑ. මං පපුව පිරෙන්නම ලොකු හුස්මක් අරගත්තා.

ඉස්සරහ නෙලුම්මල් විකුණන කෙනෙක්ගෙන් ගත්තා මල් පොකුරක්,පොල්තෙල් කාලක්,හදුන්කූරු පෙට්ටියක්,ගිනිපෙට්ටියක්. බාරයක් වෙන්න සුදු රෙදි පටියක්.අරගෙන ගියා බුදු මැදුරට යන්න හිතේ තිබුනු පොරොන්දුව යථාර්ථයක් කරගන්න.

එකපාරටම මං ඉස්සරහ රසනි හිටගත්තා. මගේ ඇස්වල කඳුලු පිරුනා. පුදුම කේන්තියක් ආව. කතා කරනකොට උගුර රිදෙන ගතියක් ආව. කටහඬත් වෙනස්වුනා. සතපහකට ගණන් ගන්නැතුව මං බුදුමැදුරට ගියා.

*මොකද මෙි..ඇයි කතා කරන්නැත්තෙ.
*කතාකරන්න කිසිම දෙයක් නෑ රසනි.
 සොරි. ඔයා මෙතනට ආයෙ ආව කාරණාවනං මං දන්නෑ. පිළිතුර "අකමැතියි" කියන එකනං කොහොමත් කමක් නෑ. ඒත් සතුටුදායක පිළිතුරක්නං ඔයාට ඒක මෙතනදි කියල යන්න තිබුනා. ඒකට අවුරුදු එකහමාරකුත් අරං අද අවසාන තත්පරේකුත් ගත්තා. පස්ස හැරි හැරි බල බල යන්නත් පුලුවන්, ආපහු හැරිල එක මොහොතක් මෙතනට ඇවිත් යන්න බැරිවුනා. මං ඔයාට කියල තියෙනව මං ඔයාට කැමතිවුන හේතු පවා. ඔයාත් මට කියල තියෙනව මගේ හැසිරීමට කටට කැමතියි කියල. නමුත් ඔයා අදත් මට ඒ ඔක්කොමටම හරියන්න දඬුවමක් දෙන්නනෙ හැදුවෙ. ඒකට පරක්කු වැඩී දැන්.මං  පොරොන්දු උනා මටම මෙි බුදුමැදුරෙ අතගහල පොරොන්දු වෙනව කියල අදින් පස්සෙ කිසිම කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙත් නෑ.බඳින්නෙත් නෑ. ආයෙ කවමදාකවත් ඔයාගෙ මූනවත්  බලන්නෑ කියල.ඒක ඉද්සෙල්ලා අවුරුදු දහයකින් ඔප්පුකරන්න මංම පොරොන්දුවක් වෙන්න යන්නෙ.

සොරි..මෙච්චර කාලෙකට මගෙ මොකක් හරි හැසිරීමකින් ඔයාගෙ හිත රිදුනනං.

ඇත්තටම සොරි.. රසනි හංසිකා තිලකරත්න. සොරි. ආයෙ කවදාවත් ඔයාට මගෙ පපුවෙ ඉඩක් නෑ.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.02

9 comments:

  1. අදයි බ්ලොග් එකට ගොඩවුනේ... කියවන්න සෑහෙන දේවල් තියෙනවා...

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි.. ඒත් දෛවය අපිට වඩා කෙලින්..

    ReplyDelete
  3. මට හිතෙනවා මේකේ second edition එකක් එයි කියලා...එහෙමද ආරච්චී ??

    ReplyDelete
  4. මේ ඇවිල්ලා film එකේ trailer එක මම හිතන්නේ?

    ReplyDelete
  5. /ඒක පපුව ඉදලකින් අතුගානව වගෙ හැඟීමක්./

    ඇත්ත...

    ReplyDelete