Sunday, May 31, 2020
සමාධි බුදු සමිඳුනි
බුදු බව පතා අපමන දුක් කටොළු විඳ
සිදුහත් ලෙසින් ඉපිදව කල්පයක මැද
සමතිස් පෙරුම් අවසන බුදු පදවි ලද
සමිඳුනි දම්සුතුර ගැන මට කියන වද
මුව මද සිනහ රැල්ලට සිත නතර වුනේ
සිරිනෙත් යුගලයෙන් කරුණා ගුණය දැනේ
පිරිසිඳ මසිත විඳවනු දැක විගස කිනේ
හිමියනි මටද ඔය විදියට සිනහ සුනේ
ඉප දෙන මැරෙන සංසාරය අසාරය
පන්සාලිස් වසක් කල මුත් පචාරය
තවමත් එගැන මා නොකලෙමි විචාරය
කෙලෙසින් වහන්නද ඉපදෙන දුවාරය
නිතරම දෙසූ සද්දර්මයෙ කරුණ කට
සහ විඳවන විඳින බව කී වදන කට
නෑසුනු කන් වලින් ඉවතට හැරුනු කොට
ඔබ ඉදිරියට එන වීරිය කොහෙද මට
සැකසිය නොහැකි ලෙස ජීවන ගමන් මගේ
වැරදුන තැන් රැසක් ගැන පව් ලෙසින් හැඟේ
ගැහෙනව පපුව සිහිවෙන විට බියෙන් වගේ
කොහොමද යන්නෙ ඔබ හිමි දෙසු නිවන් මගේ
දුක පිරි ලොවෙන් පිටවන ලෙස සිතා ගමී
ගල් වඩු තෙමෙි වෙසෙනා තැන සොයා යමී
විමසා ඔබව නෙලු'යුරු මා ඔවා ගමී
ඔබ ඉදිරියේ මම මාවම නෙලා ගමී
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.31
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment