Monday, May 11, 2020



ලොකු කඳු දෙකකි අඩි දාහක් විතර           උස
මහ ගන කැලෑවෙන් යටවී වියන             ලෙස
පැවතෙන ආදි කාලයෙ සිට සරුය               පස
දවසට දහස්වර ඒ කඳු දකිති                      ඇස

එක පැත්තක්ය ජනපදයක හැඩ           ගත්තූ
ඉස්සර කැලෑවලු, පවසයි තතු                 දත්තූ
නැතුවා උනත් මෙි වනයෙහි අලි            ඇත්තූ
ඇත බොහොමයක් ආවෙිනික පොඩි     සත්තූ

කඳුපාමුලින් පිහිටා ඇත                        ඇළපාර
ඔිනම ඉඩෝරෙක ඇත ජලකඳ                   සාර
ගත සිත පුබුදුවන යුතුකම නැත                පෑර
මැද්දෙන් දිවෙයි සිරිපාදෙට යන                  පාර

සිරිපා පියුම වැඳ පායන නැගෙන                 හිර
තම රැස් විදාලයි මෙගමට පළමු                  වර
මිහිදුම මැදින් සිරිපාදය නොයෙක               වර
නුදුටුව දෑස්නම් පින්කර නොමැති              හැර

බුවනෙක බාහු වළගම්බා රජ                කාලේ
මෙි ගම හරහ සිරිපාදෙට ගිය                 තාලේ
ලියැවී තිබෙි පුස්කොලපත්වල                රාලේ
අම්බලමත් තිබෙි එන, පිටවන               පෑලේ

සුදුරෙදි හොරා වැල මදුලා                 අවිච්චියා
සැළලිහිණියා අද හවසත්               ඇවිත් ගියා
වැලිමුව ඌරු ඉත්තෑ හා                  පනක්කියා
දිනකට නුදුටුවොත් සැරයක්,         පනත් ගියා

උදයෙම ඇසෙන්නේ සියොතුන් ගී            නදය
හවසට අමුතු සිරියාවක් ඇති                 ලෙදය
මගෙ නිවහනත් පිහිටියෙ කඳු දෙක       මැදය
එම සිරි විඳින්නට මා පෙර පින                 ලදය

පායන කාලෙ නිල්ලට පවතින                තාලේ
ඒකත් පුදුමයකි රැක්කා වැනි                    සීලේ
මැද්දට හෙළකි මා එය දැක ඇත             බාලේ
කූඩැල්ලන්ට තෝතැන්නකි වැහි            කාලේ

කොතරම් පෑයුවත් සීතල සුළඟ             හමයි
ගත සිත නිවන්නට යන්නේ ඇසුරු       සැනයි
මෙයනම් සැබෑවකි නන්දන උයන          සමයි
යටවක කියන්නේ ඒ සුන්දරිගෙ             නමයි

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.11

No comments:

Post a Comment