Saturday, May 23, 2020
පාසැල් ප්‍රේමය
සෙනෙහස මනින්නට ලෝකයෙ නොමැත මිමී
එනිසා මුලාවට ඉඩදී පනිති පිමී
ඉවතට දමා ආදරයේ සියළු බැමී
වෙන පැත්තකට ගිය ඈ අද හැඳිනු වෙමී
රවුමට තිබුනු මුහුනට කලු ලපය ඉතා
ගෙන දුන් අලංකාරය එහි තවම ඇතා
නළලෙහි දඟකරති ලස්සන කියුඹු ලතා
සිකි පිල වරල ඇත පෙර පිලිවෙලට ගොතා
ඩෙනිමට තවම ඇගෙ රුව අලංකාරය
විකසිත දෙතොල් මල් පෙති එයා කාරය
ලෙලදෙන තිසර ලැම සෙල්ලක්කාරය
නැවතත් කතාබහ අති භයංකාරය
මගහැර නොගොස් හමුවී ඉදිරියට ගිහින්
ඇසුවෙමි නවක තතු පිලිබඳ මිතුරු ඇහින්
කල කී කතා බහ මැද ඉකි හඬකි සිහින්
ඇයටත් නොදැනි කලවයසත් ගෙවිල ගිහින්
පළවෙනි කඩ ඉමෙන් මම පස්සට හැරුනා
විසි දෙවසරක් කල් යුධ සේවෙට බැඳුනා
එනමුත් ඇගේ සිහිනය වෙත නිති ඇදුනා
ඇය කැම්පස් ගිහින් ඉහලම තැන රැඳුනා
විදුහල් පේමයට වැඩියෙන් එහා යතී
නැතිනම් අසාදාරනයක් කලා වෙතී
ඇය රට මැද්දෙ කොටසක උප දිසාපතී
මම කුස රජුය දැන් ඇය මගෙ පබාවතී
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.23
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment