Monday, May 4, 2020

තල්ලු ස්ටාර්ට් චොපර් එක

මං මඩකලපුවෙ හිටියෙ මේ වෙද්දි. කොට් හැමදාම ගහනව කොහෙ හරි. ඒ මදිවට පිස්ටෝල ගෘප් එකෙන් හොය හොය මරණව.ඒ වෙනකොට ඊපීආර්එල්එෆ් එකේ කෝපල් කෙනෙකුයි අපේ බුද්දී අංශෙ කෝපල් කෙනෙකුයි පොල්සියෙ දෙන්නෙකුයි ගාන්ධි පිලිමෙ ලඟ වෙඩි තියල ඝාතනය කරල සතියක් නෑ. හරියටම කියනවනං උඩතලවින්න දසපුද්ගල ඝාතනයේ ඩෙත් බොඩි වගයක් මඩකලපුව ග්‍රවුන්ඩ් එකට ගෙනාපු දවස. මටනං මහ එපා කරපු දවසක්.

ඒ වුනාට මෙයැයිට තිබ්බ ඇම්ම ඇරුනෙ නෑ. මං ඒ දවස්වල ඇඟ එහෙම හදන කාලෙ.😁😁☺️☺️.දන්නැද්ද ඉතිනි පික්සොනෙ..
උදේටත් යකඩ කනවා.හවසටත් යකඩ කනවා.ඉවරෙකුත් නෑ.ඇඟකුත් නෑ.
 අනික රසීට ඇහැට කනට පේන්න ඉන්නත්  එපෑයැ.
අපේ බ්‍රිගේඩ් එකේ ස්ටෝර්ස් එකේ තිබුන වෙිට් සෙට් එකක්.ඔිකෙන් තමා කෑවෙ.😁😁☺️☺️

ආයෙ අපේ ස්ටෝර්ස් එකේ තිබ්බ ඒ දවස්වල පුටාර් එකක්. ඒකෙ තිබ්බෙ රෝද දෙකයි ප්‍රේම් එකයි සීට් එකයි විතරයි. බ්රේක් නෑ.මඩ්ගාඩ් නෑ. බල්ලො අල්ලන්නෑ. ඇල්ලුවත් දෙපැත්තටම අල්ලන්නෙ.පිටිපස්සෙ රෝදෙ පැච් එකක්.පැච් එකක් උනාට පැය බාගයක් විතර හුලං අල්ලල හිටිනව  හැබැයි කොහෙ ගියත් පැයබාගෙං එන්න ඔින.

හවස දෙකට විතර මහ වැස්සෙ එම් අයි 17 චොපර් එකකයි බෙල් 412 චොපර් දෙකකුයි ඇවිත් බෑව. එනකං අපි දන්නෑ. මාත් ඔලුව උස්සල බැලුව මොකටද යකෝ මෙි පාවෙන පීරිසි ඇවිත් තියෙන්නෙ කියල. බැලින්නං අරක තමා කාරනාව.(උඩතලවින්න)
වැස්ස හිංද කව්රුත් එලියට යන්න අදිමදි කලා.මට ඔිකෙ ඉතින් කිසි ගැටලුවක් නෑනෙ.
මට වැස්ස අව්ව කියල බෙිදයක් නෑ.
කෑමක් සෙට්වුනානං ගියා.
දැං මං මහ වැස්සෙ තෙමීගෙන ගියා චොපර් ගාවට. එයාෆෝස් එාක් කෝපල් කෙනෙක් කීව බොඩි වගයක් ගෙනාව මචං කියල. මිනී උනත් බොඩිනෙ යාලුවෙි.
කොහෙිම හරි ඇම්බියුලන්ස් අරව මෙිව ඇවිත් බොඩි ටික අන්ලෝඩ් කරල කට්ටිය කදවුර ඇතුලට ආව. මං හිතන්නෙ කෑමට හරි මොකේකට හරි.
මං ගත්තා හතර වටෙිටම කෝල්. ඉස්සෙල්ලම කාන්තා භඨ නිවාසෙට.
*ගුඩ් ඊවිනින් වුමෙන්ස්කෝ බිලට් සර්.
*ලමයි..බොඩ් වගයක් ගෙනත් තියෙනව ග්‍රවුන්ඩ් එක ගාවට. ඒව අරං යන්න එන්න. ඒ ගෙනාපු චොපර් එකක් තල්ලු ස්ටාර්ට්.ඒක ස්ටාර්ට් කරගන්නත් එක්ක ඩියුටි ඔිෆ් ඔක්කොම ග්‍රවුන්ඩ් එකට එන්න. (කෙල්ලොනේ, ⁣හරි ගොංනේ..චොපර්නේ..තල්ලු ස්ටාර්ට්නේ)
 (එම් අයි 17 කියන්නෙ අර රෝද තියෙන චොපර් එක හුඳේ)
*කව්ද කතා කරන්නෙ සර්..
*කතා කරන එකාගෙන් වැඩක් නෑ. ඔක්කොම එනවල ග්‍රවුන්ඩ් එක ගාවට.
මං පටස් ගාල පෝන් එක තිබ්බා.
ඊලඟට වැලිකතර..
*සීඑල්අයි බිලට් සර්..
*මෙි ග්‍රවුන්ඩ් එකේ එම් 17එරිලලු.ඒක තල්ලු කරන්න එන්න කියන්න ඔක්කෝටම..
*කව්ද කතා කරන්නෙ සර්..
*අයිසේ කිව්වම අහල එනවලා.කතා කරන එකාගෙන් වැඩක් නෑනෙ.(පොරලට වැඩෙි මීටර් නැතුවද මංද..වැස්සෙම ඇවිත්😁😁😁)
ඔහොම මං සෙක්ෂන් හතර පහකටම කතා කලා.
පැය කාලක් යනකොට ග්‍රවුන්ඩ් එකේ කට කපල ක්‍රවුඩ් එක.ඊටත් මහ වැස්සෙ.මං ජනේලෙන් ඔලුව දාගෙන හිනාවෙවි බල බල හිටියෙ.අපේ බිලට් එක තිබුනෙ ගවුන්ඩ් එක ගාවම පාර අයිනෙ.
එයා ෆෝස්ලා අහල ඇයි ඔිගොල්ලො කියල.කෙල්ලො කියල ඇදුම් වගයක් අරං යන්නයි චොපර් එකක් තල්ලු කරන්නයි එන්න කිව්වෙ කියල.
එතන හිටපු කෝපල්ට මළ පැනල අහල..කොහෙද යකෝ චොපර් තල්ලු ස්ටාර්ට්???
හෙන කේස් එකයිලු එතන. මං බලාගෙන කට්ටිය කං පිරෙන්න අහගෙන යනව.
මෙික ගියා බළසේනාවෙ දෙවෙනිය දක්වා.
චෙක්කලා.කව්ද කතාකලේ කියල. මං කෝල් ගත්තෙ එක්ස්චෙින්ජ් එක හරහා ඉන්ටර් කොම් ලයින් එකෙන්. හොයන්න අමාරුයි ගත්තෙ කව්ද ගත්තෙ කියල.

ඔහොම රෑවුනා.එහෙං මං ඩියුටි. ගාඩ්රූම් අංක දෙක ඉස්සරහ පොයින්ට් එකේ.කලපුව අයිනෙ.හරි සීතයි. ඒ කලපුවෙ පැය තුනෙන් තුනට නේවි විසිට් එකක් යනව බෆලෝ අයිලන්ඩ් එකට. ඒ වෙනකොට බෆලෝ අයිලන්ඩ් එකේ නැවතිල හිටපු අපේ කට්ටිය ඇතුලට ඇවිත් හිටියෙ වැස්ස නිසා.
වෙලාව රෑ දහයට ඇති.මං ඔන් උනා විතරයි. පැයයි නිදාගන්න පුලුවන් වුනේ ඩියුටියට ඇහැරෙව්වා. මාත් නිදිමත කඩල ඇගමැලි කඩල පැය කාලක් විතර ගියාම සෙන්ට්‍රි ඉන්න පුල් සන්නද්ධ වෙලා ආව ඉස්සරහට. කෝප්‍රල් ජයසිංහ කියල කෙනෙක් තමා මුරපති හිටියෙ.
එයා මෙි කදවුරට ඇවිත් සතියක් නෑ.පලවෙනිම ඩියුටිය.
එයා දහයහමාරට විතර මට කතා කලා. ඔතන තියෙනව හෙන සයිස් අන්දර ගහක්. ඔික යට තමා ගොඩක් වෙලාවට පුටුවක් තියාගෙන ඉඳගන ඉන්නෙ මුරපති.

*කව්ද සෙන්ට්‍රි ඉන්නෙ.  මල්ලේ...
*ආ..කෝපල් තාම ප්‍රයිවට් ආරච්චි ඉන්නෙ.
*ඇයි තාම ප්‍රයිවට්..පටියක් හම්බුන්නැද්ද.
*මොන පටිද කෝපල් අපිට දෙන්නෙ. චිත්තර පටියක්වත් තමා ලැබුනොත් ඉතින්.
 අපි පැයක් විතර කතා කර කර හිටියා. එයා මට කිව්වා ගාඩ්රූම් එක ඇතුලෙ තියෙන  ස්ටූල් එකයි..ගාඩ් රිපෝර්ට් එකයි පයිල් එකයි ගෙනත් දෙන්න කියල. මාත් ඉතින් වෙපන් එක පැත්තකින් තියල ගිහින් ගෙනත් දුන්නා.
*මචං මෙි ලයිට් එක පොඩ්ඩක් දාහන්කො..
මෙි අන්දර ගහේ ලයිට් එකක් දාල තිබුනෙ.ඒක කවර් කරල තිබුනෙ කිරිපිටි කවරෙකින්.එලිය විහිදෙන්නැති වෙන්න.
*මාත් ඇතුලට ගිහින් ලයිට් එක දැම්මා.ඒත් එක්කම හූටරේ වදින්ඩ ගත්තා..එකපාරටම.
කෑවෝ කෑවෝ කෑවෝ ගාල.(ඒක ඉලෙක්ට්‍රික් හූටරයක්.එකපාර සුවිච් එක දාල ඔිෆ් කලත් විනාඩියක් දෙකක් යනකං වදිනව)
හූටරේ ගහන්නෙ කදවුරේ හදිසි අවස්ථාවකට.
ඒක දාපුවම මුලු කදවුරම ඇලට්. බ්‍රිගේඩ් කමාන්ඩරැත් බංකරේට බහිනව.
අම්මට සිරි..කියහල්ලකො..මුලු කඳවුරම ඇලට්..නිලධාරීන් පවා ඇලට් එකේ..බංකරවල. මුර පොයින්ට් එකක් නෑර අවදියෙන්.හදිසි ත්‍රස්ත ප්‍රහාරයක්..ඊලඟ විනාඩියෙදි.
කරුමෙ කියන්නෙ නේවි බෝට්ටුවකුත් කඩාගෙන එනව....
*ට්රීංං ට්ට්රීංංං ට්රීංංං ට්රීංංං

*බී ගාඩ්රූම් සර්.. කෝප්‍රල් ජයසිංහ පෝන්එක ඉස්සුව..
*මොකද කෝප්‍රල් ස්ටෑන්ටූ කලේ. (බීඑම් සර්ලු)
*මෙි පැත්තෙ අවුලක් නෑ..සර්..
*කොහෙවත් අවුලක් නැත්තං මොකද අයිසෙ හූටරේ ගැහුවෙ.දැම්මම ඇවිත් හම්බෙනව...මාව
හම්මෝ දැං මහරෑ පලයල්ලකො උත්තර බඳින්ඩ.
මම ලයිට් එකේ සුවිච් එක කියල දාලතියෙන්නෙ හූටරේ සුවිච් එකනෙ.
දැං අපි දෙන්නම යනව.යනකම්ම මට බනිනව කෝපල් ජයසිංහ.
අපි ගිහින් හම්බුනා.
හම්බෙලා ඇත්ත විස්තරේ කිව්වා.
*මොනවද අයිසෙ බලනවකො..බ්‍රිගේඩ් කමාන්ඩත් ඇහුව හදිස්සිය .මොකද්ද කියල.
තමුසෙල ඩියුටි බාරගන්න කොට අහල බලන්නැද්ද ඔිව. බැන්නෙ නෑ.නෝක්කාඩු විතරයි.අත්වැරදීම් වෙනවනෙ😁😁☺️☺️..කාටත්.
දැං පොයින්ට් එකට ඇවිත් කෝපල් ජයසිංහ මට කිව්වා අත දිග හරියකට එන්න එපා.දුරිං හිටහං තෝ සුවර්නෑ..කියල.
අන්තිමෙිදි එයාට හූටර් ජයා කියල නමකුත් හැදුන කියමුකො. ඒක හරි සෝක් ලස්සන නමක්.
පහුවදා ඉරිදා . ඔෆීස් නිවාඩු.
දන්නවනෙ ඉතින් ඉරිද කියන්නෙ පන් දවස කියල..
මට එදා උදේ අදහසක් ආව.අද යන්න ඔින ටවුන් කියල. ටවුන් එකට යනවනං වෙපන් අරං දෙන්නෙක් තමා යන්ඩ කියල තියෙන්නෙ.මොකද ටවුන් එකේ පිස්ටෝල බුවාල ඉන්න නිසා.ඒකටක් ඉහලින් අනුමැතිය ගන්නෝන. මං උදේ නමයට නවය හමාරට විතර ශෝටක් දාල සරමත් පත්තර කොලේක හොදට ඔතල සිරි සිරි මල්ලක දාගෙන සිවිල් ටීෂර්ට් එකකුත් දාගෙන මොන අනුමැතියක්වත් නැතුව පුස් බයිකලෙත් පැදගෙන  ගියා කාලගුනේ පොයින්ට් එකට.කෑම්ප් එකෙන් හොරෙන් පනින්න පුලුවන් මෙතනින් විතරයි.අපි අරක්කු ගේන්න යන්නෙත් මෙතනින්. ඒක සීරුවට වටපිට බලල කරන්න ඔින වැඩක්. 😁😁😁
පටස් ගාල ශෝට උඩින් සරම දාගත්තා..පැදපං මයෙ අම්මා බ්‍රෙක් නැති බල්ලො අල්ලන්නැති  බයිසි කලේ. ටවුමට ගිහින් ඉස්සෙල්ලම කොන්ඩෙ කපා ගත්තා. බයිසිකලේ පැච් එක දාන්න විනකලේකට දීලා.. දහයයි වෙලාව. එහෙම්මම පැද්ද පිචර් හෝල් එකට. ඒකතමා අදහස. එදා තිබුනෙ මුහවරි කියල පිලුම් එකක්. පෝලිමෙි ඉදල ඔිඩීසී ටිකට් එක්කුත් අරං ඇතුලට ගිහින් බැලුව පිල්ම් එක.තු:ක් නෙදකින්.මෙලෝ රහක් නෑ.ගහගන්න පයිට් ඇත්තෙම නෑ. ඒත් සල්ලි දීල බලන හිංද ඔක්කොම බැලුව. එකහමාර වෙනකොට ඉවරයි. ආව එලියට. ගියා සයිවර් කඩෙිකට.කෑව බඩ පැලෙනකං. පරාටා හයයි..බිත්තර රොටී තුනයි.බඩට තට්ටුවක් දාල බැලුවා..තව චූට්ටක් ඉඩ තියෙනව තියෙනව වගේ..ගෙන්න ගත්තා ඒකෙ ඉඩ පුරවන්න .උලුදු වඩෙි දෙකක්.
*එන්න කුඩික්කිර තම්බි..?? වෙිටර් කාරය..
*කෝක් බඩී ඉරුක්කා??
*ආමාම්
*එඩුත්ත  වාංගෝ...
 බිව්ව කෝක් එකත්.ආයෙ තට්ටුවක් දාල බැලුව.තව චූට්ටිත්තක් ඉඩ තියෙනව..
*අන්නේ..එන්ද බිල්
බිලත් ගෙනත් දුන්නා..
*ඉරුනූත්ති අයිම්බත්තංජි තම්බී..
දෙසිය පනස්පහයිලු😁😁😁

ආපෝ මෙි කාලද කියලත් හිතුනා නේ??? පිස්සුද .ඒ දවස් වල ඔික  හොඳගානක් හොඳේ..තුන්දෙනෙක් කන සල්ලි...ඒ.
ඊලඟට පොරටත් රුපියල් පහක් දීල කඩෙන් දොට්ට බහින්න හදනකොට වෙිටරය මං දිහා නෝන්ඩ් විදියට බලල කියනව..
*මං බයේ උන්නෙ මල්ලි මාවත් කයි කියල.
මාත් නෝන්ඩි නොවෙන්න හිනැස්සක් දාල එන්න ආව.

දැං ආයෙ සයිකලේ..පදිනව.එකපාරට යන්න හිතෙන්නෙම නෑ කෑම්ප් එකට.තව රවුමක් යන්නමයි හිත. කඩෙිකට ගිහින් ගත්ත රට ඉඳි කිලෝ එකකුත්. කෑම්ප් එකට ගෙනියන්න.ඒත් ඇතුලට යන්න හිතක් ඇත්තෙම නෑ.

කිව්වට විස්වාස කරන්ඩ මගේ ආදරණීය මිත්‍රොර්ණි ඔය රට ඉඳි කිලෝ එකත් කකා හවස පහ වෙනකං මුලු මඩකලපුව ටවුන් එකේම ඇවිද්දා.
පස්සෙ රෙදි කඩෙිකට ගිහින් ටීෂර්ට් එකක් ගත්තා.. බැලුම් පොකට් දිගකලිසමක් ගත්තා..තව රට ඉඳි කිලෝ එකක් ගත්තා.  හොඳ ඩුබායි සෙන්ට් එකක් ගත්තා.. ගල් බෝතලේකුත් ගත්තා..ලස්සන සල්වාර්ද මොකද්ද එකක් තිබුනා..ඔිකත් ගත්තා.අර කලිසමයි දිග ගවුම වගේ එකයි ඇදල කරවටෙි පටියක් දාන්නෙ ආං ඒකක්.ඒ දවස්වල හෙන පේමස් ඇදුමක් ඒක. නිල් පාටයි.රත්තරං පාටයි.මාර ගති. ඒ හිංදම ගත්තා.කාටද කියන්න ඔිනද.
නෑනෙ නෑනෙ ඉතිං😁😁😁😍
දැං ඔක්කොම මලුවල දාගෙන ආව ඇතුලට එන්න.ආයෙ කාලගුනෙන් සරම ගලෝල මල්ලෙ දාගෙන ශෝට පිටින් බිලට් එකට  ආව.
ඇතුලෙ මාව හැමතැනම හොයල. මුලු කඳවුරේම.
කොහෙ හරි අරුන්දැත් එක්ක ගුබ්බෑයම රිංගන්ඩ ඇති කියල උං හිත හදාගත්තලු.
මොකද මං හිටපු ගමන් ආග්ය අතක් නැතිවෙලා මතුවෙන්නෙ කොහෙ හරි මුල්ලකින්.නැත්තං කලපුවෙන්.

ඒ වුනාට අපේ වුන්ට පැයක් දෙකක් ඉන්න බෑ මං නැතුව.පික්සුනෙ අප්පා.මාව ඇස්දෙකේ හැපුන්නැත්තං මොහොතක් උන්ට උන වගේ.සෙද්ද😁😁☺️. ඇයි ඉතින් හිටියනං පිස්සු කෙල කෙල හිනාවෙවී ඉන්නවනෙ.
මං දැක්ක විතරයි කට්ටිය.
*කොහෑ හු%@$&තො ගියේ උදේ ඉඳන්.
*කොහෙවත් නෑ.කෝපල් ..කොහෙ යන්නද මෙි හදගත්තු පැල දාල.
*මොනාද මලුවල.
මං එකින් එක අරං මෙිසෙ උඩින් තිබ්බා. මිල ගණන් කිය කිය.
*තොට උදේ ඉදන් ඔය ටික කරන්න මෙච්චර වෙලාවක් ගියාද??
*නෑ.
*එහෙනං..
*ෆිලුම් එකක් බැලුව.
*යකෝ මූ තියන්ඩ වටින්නෑනෙ කරල තියෙන වැඩෙිට. ඔහොමමද ගියෙ.
*නෑ. සරම දාං ගියෙ.
*අර හොදන්නෙත් නැති හඩ්ඩ.???
*ඔිඔිඔි
අම්මප මූව මරන්ඩ ඔින තව එකෙක් කිව්වා.නිකන් නෙමෙි ඔලුවෙ අතත් ගහගත්තු ගමන් කිව්වෙ.

මොන කොටිද මහත්තයෝ...ඔිව මනස්ගාත.හිටියනං හම්බෙන්ඩෙපෑ.

හැබැයි පිංවතුනි මං ගහපු මෙි රවුම ඉහල පුටුවකට  ගිහිං මාට්ටු උනානං ..එහෙම
කෝස දෙකට ගහනව වට දෙකතුනකුත් කැරකිලා සමනල් ගැටෙිකුත්  වැටෙන්ඩ  😁😁😁😁

හැබැයි ඔය ආතල් එක කීප පාරක්ම ගත්තෙ මං විතරයි....

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.22

No comments:

Post a Comment