දිනය 1999.09.24 දින.මඩකලපුව තානායම් කඳවුර.
එදා හරි අමුතු දවසක්. ඉර පෑව්වෙ බටහිරෙන්.ඉර බැස්සෙ ගිනිකොනෙන්. කලින් දවසෙ හඳපෑව්වෙ දකුනෙන්.බැස්සෙ නැගෙනහිරෙන්. උදේ ඉඳන්ම මහ මූසල පාටයි.
මං එදා නිවාඩු යන දවසක්.ඒ හිංදද දන්නෑ. මෙි වෙනකොට මගේ බැඳීම් නෑ කා එක්කවත්.
ඒ පුල්ම ජොලියෙන් ගතකරපු කාලයක්. ඒ දවස්වල අපි නිවාඩු එන්නෙ ඊට කලින් වෙිබර් ග්‍රවුන්ඩ් එකේ ෆැවිලියන් එක පිටි පස්සෙ පෝලින් කලාම.මෙතනට නිවාඩු යන්න එනව ත්‍රිවිධ හමුදාවෙන්ම. ඒ කියන්නෙ දවස් දෙකකට තුනකට සැරයක් තමා කොන්වොයි එක තියෙන්නෙ. ඒ කියන්නෙ ආරක්ෂිත වාහන රථපෙල. මෙිකට බස් තිහක්,හතලිහක්, ට්‍රක්,යුනිකෝන් හා සන්නාහ සන්නද්ධ රථ කිහිපයක්. ජීප් රථ,ඇම්බියුලන්ස් එකක්, ආදී මෙකි නොකී වාහන පේලියක්.සීයකට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්.
නිවාඩු යන්න පන්සීයක් හෝ ඊටත් අඩු වැඩි වශයෙන් ආසන්නව.
උදේ අටට මෙතැන නිවාඩු යන අපිව පෙළ ගස්සනව. ඒ කරල එක වාහනයකට දාන ප්‍රමාණයට (උපරිම දහයයි දොලහයි) ඒ ගොල්ලො නැගිය යුතු වාහනය නම් කරනව.ඒ කියන්නෙ ඔයා යුහ×××× අංක දරණයට ගොඩවෙන්න කියල වාහනේ අංක දෙනවා. මෙි දෙන අංකෙ තියෙන වාහනේට තමා අපිට ගොඩවෙන්න පුලුවන්. වෙන කිසිම වාහනයකට ගොඩ වෙන්න අවසරයක් නෑ.
උදේ අටෙි ඉදල සමහර විට දොලහ වෙනකං එක වෙනකං මෙි සිද්ධාන්තෙ කරනවා. කොන්වොයි භාර නිළධාරී විසින් ආරක්ෂක මුරයටත් වාහනවල රියැදුරන්ටත් උපදෙස් ලබා දෙනවා හදිසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන. මොකද අපේ රථපෙලට කොටි නිතරම ප්‍රහාර එල්ල කරනව. බිම්බෝම්බ,ක්ලේමෝ බෝම්බ හා සමහර විට ඉස්සරහින් වින්ඩ්ස් ක්‍රීන් එකත් බිඳගෙන වාහනේ ඇතුලට ඇවිත් පුපුරන්න අත්බෝම්බ ප්‍රහාර පවා එල්ල කරනව. මෙි වෙනකොටත් ඒවා කරල තිබුනා.
අපේ එකකයෙන් එක් වරක් කිරාන් සමූපකාරය අසලදී බිම්බෝම්බයක් හොයා ගත්තා කිලෝ අනූවක.ඒක අපේ සෙබලෙකුට නිරීක්ෂණය වෙලා හයියෙන් කෑ ගැහුවා බිම පෙරලීගෙන. (එයාගේ සහ අපේ ආරක්ෂාවට ගතයුතු ඉරියව්වක් ඒ)
*ලෑන්ඩ් මාාාඊඊඊඊඊණ්න්න්න.....
ඒක ඇහුනු අපි ආරක්ෂක පියවර අනුගමනය කරල ඒක නිශ්ක්‍රීය කරල එක කොටියෙක් මරාගත්තා..(ඒ කතාව පස්සෙ දවසක කියන්නං හොදේ.)
මෙතන හිටියා සීසීඑම්පී කෝප්‍රල් කෙනෙක් මගේම ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්.(පසු කාලෙක හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කලා එයා)
මම ගම්පහනෙ. ඔය කොන්වොයි එාකන් බස් දෙකක් එනවා කොළඹ දක්වා.කොළඹින් එහා දුර කට්ටිය විතරයි මෙිකට දාන්නෙ.ඉඩ තිබුනොත් අපිට යන්න පුලුවන් මඩකලපුවෙ ඉඳලම.නැතිනං වැලිකන්දෙන් තමයි නගින්න වෙන්නෙ.මෙි කොන්වොයි එක වැලිකන්දට ගිහින් එතනින් ආයෙ වාහන වලට මාරුකරල එතනින් දාන වාහනේක තමා අපි යන්න ඔින.වැලිකන්දට එනකං නිළඇඳුමෙන් තුවක්කු සහිතව තමා එන්න ඔින. අපි ඒවා වැලිකන්ද අතරමැදි කදවුරේ අපේ නියෝජිතයට භාරදීල එතැනින් තමා සිවිල් ඇඳුම් අදින්නෙ.ඔක්කොම ඉතින් අපේ ආරක්ෂාවට තමා.
දැන් මාත් නිවාඩු යන්න පෝලිම් වෙලා ඉන්නව.වව්නතිව් ඉදල බළසේනා මූලස්ථානයට ඇවිදින් යන පළවෙනි නිවාඩුව මගේ.
වැඩිය කාරුත් අදුරන්නෑ.අපේ යුනිට් එකේ අය විතරයි..අදුරන්නෙ. අපි ඉතින් කයියක් කාරිය ගහගෙන ඔහේ ඉන්නව පෝලිමෙි.
*සාසෙ ආරච්චි... යුහ 26**. කෝ ලිව් ස්ලිප් එක..
දුන්නා ලිව් ස්ලීප් එකත්.ඒක ඒ කට්ටිය තියාගන්නව.නැවත වැලිකන්දෙන් තමා ලැබෙන්නෙ.
ඔය ඉන්න අතරෙ ආව කෝප්‍රල් රුවන් කුමාර.
*අම්මට හුඩු මලයා.උඹ මෙහෙද ඉන්නෙ.
*ඔිඔි.. දැන් මෙහෙනෙ..ඒකනෙ මෙතන ඉන්නෙ..
*උඹ නිවාඩුද..
*ඔිඔි..ඒක නෙමෙි රුවන් අයියා..මාව දානවකො කොලඹ යන එකට
ලේසිනෙ.
*උඹ කෝකටද දැම්මෙ.
*26**.
*එහෙනං ඒකෙ පලයන්. ඉල්ලල නගින්න එපා කවදාවත්..ඉල්ලල යන්නත් එපා කවදාවත් මෙි හමුදාවෙ.
*ඒක හරි.ඒවුනාට ඉතින් එක දවසක් ගියාට කමහ්නෑනෙ හලෝ..
*වැඩිය කෑගහන්නෙපා.ගමෙි ගමෙි කියල බලන්නෑ උඹව දානව යුනිකෝන් එකකට..හිටගෙන යන්න හරී..මං කොළඹ යන්නෙ..උඹව වැලිකන්දෙන් ගන්නං.කීයට හරි උඹ එනකං ඉන්නං.වැලිකන්දෙං නැගහං..
පොරට කියල හරිගියේ නෑ. බස් එකට නගින්න.
*අනිකෙ කව්ද යන්නෙ.
*ධම්මිකය.ඉන්නෙ..බයවෙන්නෙපා.මං දැම්මත් ඌ දාන්නෑ. කියල නෝන්ඩියට හිනාවුනා.
(මෙි රුවන් කුමාර අයිය තමා මගේ කසාදෙටත් සාක්ෂිකරුවෙකුට අත්සන් කලේ.භාණ්ඩෙ උස්සගෙන ගියාම.) මෙයැයිගෙ කතාව ඇත්ත.මොකද මං පොරටත් කතා කලා ඒකෙ යන්න.මට සැරවුනත් එක්ක.
කොහොම හරි එයා කොළඹ යන ලිබර්ටියට(බස් එකට) රුවන් අයිය නැග්ගම පොරට තේරිල කට්ටිය වැඩිපුර ඉන්නව ඉන්නව වගෙ. කොළඹ ලිබර්ටියට මඩකලපුවෙන් දාන්නෙ දහයයි.
දහ අටක් ඉදල තියෙනව පොර නගිද්දි.(ඒ කියන්නෙ හොරෙන් නැගල කට්ටිය.)
පොර බැනල බැනල බස්සල ඔක්කොම. බස්සල වෙන වාහානේකට දැම්ම.මං දැන් බලාගෙන.
පොරට පොටක් පෑදුනානෙ..පොර ආව ඊලගට පිලිවෙලින් ඇවිත් මං ඉන්න බස් එකටත්. අම්මට සිරි අපේ එකෙත් වැඩී..
(සීසීඑම්පී අයගෙත් වගකීමක් මෙික හොඳේ.නමට හරි පොලිස්නෙ)
*බැහැපල්ල ඔක්කොම බස් එකෙන්(හෙන සැරයි මූ.ඉස්කෝලෙ යනකාලෙ මට ගහලත් තියෙනව.කට වැඩී කියල)
ඔක්කොමනෙ කිව්වෙ..මාත් බැස්සා. බලනකොට ඒකටත් හොරෙන් නැගල.(මෙික ඉතින් සාමාන්‍යයි.මොකද ලොරි වලයි යුනිකෝන් වලයි ගියාම හරි අමාරුයි.අඩිය අගලට තැලෙනව.ඒ හිංද බොහෝදුරට හොරෙන් නගිනව.)
*උඹල දෙන්න පලයන් අර යුනිකෝන් එකට..
ඔහොම ඔහොම දෙන්න දෙන්න යැව්ව.
මෙන්න යකෝ මූ..මටත් කියනව.
*ආරච්චි උඹයි අරුයි නැගහන් බෆල් එකට.(ඒකත් යුනිකෝන් රථයක් වගෙ.ඉඩ අඩුයි ටිකක්)
මට මල පැන්න.ඇයි යකෝ මාව බස් එකටම දාපු එකා..අරුං හොරෙන් නැග්ගට මං පලිද.
*කෝපල් මාව මෙි බස් එකටම තමා දැම්මෙ.
*කියන දේ අහල නැගපන්..හක්ක තලාගන් නැතුව.
ගමෙි උනත් වැඩක් නෑ..තව වචනයක් කිව්වනං කිව්ව වගේම අතාරිනව තමා හක්කට.මං පොර ගැන දන්න හිංද ශේප් එකේ ගිහින් නැග්ග..
නැත්තං හකුපාඩත් තලාගෙනම නිවාඩු පලයල්ලකො.
ඔහොම ඔහොම බස්වල හිටපු ඩෑල් ඔක්කොම පොර දැම්මා වාහන වලට. දුන්න නම් ලියන කොලේත් (මෙි කොලේ ඒ ඒ වාහනවල යන අය නම ලියන්න ඔින)
කොහෙදෝ මංද යන කෙල්ලො දෙන්නෙකුත් ඇවිත් ඔක්කොම ඉවරවීගෙන යනකොට නිවාඩු යන්න.අන්තිම බින්දුවෙ ආතල් තියනව වගෙ.
ඒ.දෙන්නවත් චෙක් කරල බස් එකකට නගින්න යනකොට..රුවන් අයියා..
*ආ...මෙහෙ එන්න දෙන්නම..නගින්න මෙි යුනිකෝන් එකට.
*කෝපල් අතනින්...
*නැගපිය මෙිකට.බැයිනං පලයව්..
අනේ අර අසරනීල දෙන්නත් මෙයාට බැන බැන නැග්ග යුනිකෝන් එකට.
දැන් කොන්වොයි කමාන්ඩර්ට රපෝර්තුව.
තුමණි, ආරක්ෂිත වාහන පෙලේ මා ඇතුලු සෙනීන් මෙච්චරක් ඔබ තුමාගේ නියෝග සදහා සූදානම්...තුමණි.
අවසන් අදියරය..නියෝග උපදෙස් දුන්නා..
සෙට් එකේ ඇහුව පාර ක්ලියර්ද කියල.
ඔව් කිව්වා.
මධ්‍යහ්න දොලහයි හතලියයි..මං කැසියෝ වර්ගයේ කලුපාට ඩිජිටල් ඔරලෝසුවෙි වෙලාව බැලුවා.
ඉතින් ඉදහල්ලකො මෙි ගිනි කාස්ටකේ තහඩු පවා රත්වෙච්දි බපල් එකේ පැද්දි පැද්දි තව පැය දෙකක්..
වැලි කන්දට යනකං අපේ මෙි වහාන පෙල එද්දි කිසිම සිවිල් මිනිසෙකුට පාරෙ ඉන්න බෑ.තහනම්. වාහන පුලුවන් තරම් පාරෙන් ඉවතට.. මොකද ආමට් කාර් එනකොට ඔිව තිබුනොත් කතා දෙකක් නෑ..කෙලින් කරගෙන යන්නෙ. චෙංකල්අඩි බැරියර් එක හැමදාම ආමට් කාර් වලින් සිත්තන්ඩි වලට යනකං කෙලින් කරගෙන අරන් යනව.😁😁😁..උං බැන බැන හදනව.ආයෙ අරං යනව..ඒ කාර් එක එලවන්නෙ කෝප්‍රල් කරුණා පාල කියල හාදයෙක්.අපි එයාට කියන්නෙ බැරියර් කරු කියල.ඒ තරං බැරියර් පෙන්නන්න බෑ.😁😁☺️☺️☺️.
ගමන ඇරඹුනා.. මඩකලපුව ටවුම මැද්දෙන් ස්ටෑන්ඩ් එක පාරෙන්...කලපුව අයිනෙන් ඌරනි සින්න ඌරනි. වාහනයක් බ්‍රෙක්ඩවුන්...ඒකෙ හිටපු අයත් බස් එකකට.
ඌරනිත් පහුකලා.
ඊලඟට පිල්ලෙයාර්අඩි..
පිල්ලෙයාර්අඩි පුල්ලෙයාර් කෝවිල පහුකරනකොටම... කන්වලට ඔරොත්තු නොදෙන තරමෙි පිපිරුම් හඬක්.
දිඩ්ඩ්ඩ්ඩීංංංංං....
අපිට දුම්වලාවක් විතරයි පෙනුනෙ..ඒ දුම කලුම කලු පාටයි.. වාහනයක් උඩයනව වගේ ගස් අස්සෙං දැක්කා..අපි පිටිපස්සෙං එනවා.ඒත් එක්කම අපි අාපු බපල් එකේ රියැදුරා එහෙං දැම්මා මෙහෙන් දැම්මා...වාහන වලට ඉස්සර කරල පිපිරුම් හඬ ආපු තැනට..
බෆල් එකේ බ්‍රවුනින් වර්ගයේ ඩබල් බැරල් මෙෂින් ගන්එකේ හිටපු බොම්බඩියර් ඒකනායක..
දර දර දර දර සද්දෙට විනාඩි පහක් විතර ඇල්ලුව වටෙිටම..අපි දැක්කා ගස් ඇඹරිලා යනව.මඩ පස් උඩ විසික්ක වෙනව. මගේ පපුවත් වැදුනා වාහනේ දාපු දැමිල්ලකට.
පපුවත් බදාගෙන ඉන්න අතරතුර
මාත් තව එකෙකුත් ගත්තා වෙපන් දෙකම අතට..මැගසින් එකෙන් බාගයක් ගහනකොට නවත්තන්න කිව්වා.
ඒත් එක්කම..ලඟ තිබුනු වාහන වල ආව ආරක්ෂක මුර සහ ආමට් කාර් එකක් ඇරෙන්න අපිව පිල්ලෙයාර්අඩි කෑම්ප් එකට දැම්මා.
යුහ 6***..මට මතක විදියට බස්එකේ අංකය..
සල් අඩියෙ එච්චර හිල් නෑ. සම්පූර්ණම බස් එක බ්ලාස්ට් වෙලා තිබුනා. රියැදුරා බස් එක එලෝන ඉරියව්වෙන්ම ඇන්ජිම උඩට වැටිල හිටිය.
ඊට පිටුපසින් ගියේ මට නගින්න කිව්ව යුහ 26*** බස්එක... වාහන අතර දුර තියාගෙන ආව නිසා හොඳට ගිහින්.මිලි තත්පර ගානක් එහා මෙහො උනානං ඒ බස් එකත් ඉවරයි. ඒකටත් කෑලි තුන හතරක් වැදිල තිබුනට ජීවිත හානියක් නෑ.
එදින රාත්‍රී පුවත්.
අද දින දහවල් මඩකලපුව පිල්ලෙයාර් අඩි ප්‍රදේශයේදි යුධහමුදා බස්රථයක් ඉලක්ක කරගනිමින් එල්ලකල එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් නිවාඩු ලබා යන සෙබළුන් විසිහතර දෙනෙක් මරුට..
(කිසිවෙක් තුවාලවෙලා ඉතුරු නෑ.ඔක්කොම ඩෙත්)
ඒ විසි හතර දෙනා අතරට සීසීඑම්පී කෝප්‍රල් ධම්මිකද ආරක්ෂක මුරය ද මගේ බැජ් එකේම එකම ආධුනික පාඨමාලාවෙි භාතිය ප්ලැටූන් එකේම හිටපු දෙදෙනෙකුද ඇතුලත් වුනා. (රුවන් තුශාර ( 4SLSR)සහ ධර්මසේන 3SLLI)
මං කියනදේ අහලා රුවන් අයියා මාව ඒ බස්එකටම දැම්මනං ගමෙි කොල්ලනේ කියල එහෙනං අද මෙි නමින් මුහුනු පොතේ එකවුන්ට් එකකුත් නෑ. එහෙනං අර විසි හතර දෙනාට කාන්තා සෙබළියන් දෙදෙනෙකුත් එකතු වෙනවා. විසිහතරදෙනා තිස්පහක් හතලිහක් වෙනවා..
අර වාහනේ බ්‍රෙික් ඩවුන් වෙච්චි කිට්ටුවක රුවන් අයියා හිටියනං ඒ විසිහතර එක්කො දහයයි.නැත්තං දොලහයි. මට සියේට සීයක් විශ්වාසයි...එහෙනං ඒ වාහනේ හිටපු ඔක්කොම එකාගානෙ පස්සෙන් එන වාහනවලට පොර දාන්නෙ.
ඒක කාගෙ වෙලාවක්ද දන්නෑ.නමුත් මට මැරෙන්න තිබුනු අවස්ථාවක් නෙමෙි කියලනං හොදට දැනගත්තා.(කොන්වොයි ඔිසී එදා දෙවන වාහනේ ගියෙ)
*රුවන් අයියෙ..(අපි නිවාඩු ගියෙනෑ.ආපහු කදවුරට ආව)
*මොකෝ...??..
*මං ආයෙ ඔලුව පනතියෙනකං හමුදාවෙ කිසිම තැනක ඉල්ලල යන්නෑ බං.
*හොඳ කොල්ලා.. ඉගෙන ගනිං මෙිවගෙන් පාඩම්..
ඒ වගේම මං අවස්ථා කිහිපයකදීම මෙි වගේ බෙිරුනු තැන් තියෙනව. මිහිරි අමිහිරි මතකයන් මෙිවා...මං එදා ඉදන් පැන්ෂන් එන්න අවුරුදු දහඅටක් හිටියා හමුදාවෙ.ඒ කිසිම දාක කිසිම අවස්ථාවක මං අහවල් තැනට යන්න ඔින කියල ඉල්ලල ගියේ නෑ.පැන්ෂන් එන්න පයිල් හදන්න ලියකියවිලි ගේන්නත් මට පළාලි වලින් බලෙන් එව්වෙ.එහෙම හරි එව්වෙ නැත්තං පැන්ෂන් එන්නෙත් නෑ..😁😁😁😂😂😂(බලෙන් යවන කොට සතුටින් ගියා මිසක්😁😁😁☺️☺️☺️.)
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.23
.
No comments:
Post a Comment