Saturday, May 9, 2020

කුඹුරුමුල්ලෙ කැලෑ ඉස්කෝලෙ

මෙි වෙනකොට මං හිටියෙ කුඹුරුමුල්ල කඳවුරේ...
මෙි කඳවුරෙත් තියෙනව රෝඩ් බ්ලොක් එකක්. මෙතනින් හැරිල කල්කුඩාවලට යන්නත් පුලුවන්. ඒ නිසා තමා රෝඩ් බ්ලොක් එකක් දාල තිබුනෙ. ප්‍රධාන පාර කඳවුර ඇතුලෙන් යන්නෙ. ඉතින් දෙපැත්තෙන් එන වාහන මෙතන නවත්තල චෙක්කලාට පස්සෙ තමා යන්න පුලුවන්.
එදා උදේ දහයට විතර මං මෙින් බැරියර් එකේ සෙන්ට්‍රි. ඒ ඉද්දි මං දැක්කා ඈතින් ඒ කාලෙ අනුව බලද්දි අලුත් සුදු කාර් එකක් එනව. ඇවිත්ලත් නැවැත්තුව. කෙල්ලොම හතරක් බැස්ස. උං එන පාටක් නෑ චෙක් කරන්න. එතන ස්ටොප් බෝඩ් එකේ හිටපු සෙබලට හෙන කේස් එකක් දානව එතන. බාසාව ඉංගිරිසි. මටත් ඒ දවස්වල හොඳට කඩ්ඩ පුලුවන්. ඒත් චූටි අවුලකට තිබ්බෙ ලියන්න කියවන්න කතාකරන්න බැරි එක විතරයි . මෙි රෝඩ් බ්ලොක් එකේ ඉන්චාජ් හිටියෙ කෝපල් පෙරේරා කියල කෙනෙක්. අපිට වඩා ගොඩක් සීනියර් දැන උගත් වැදගත් පුද්ගලයෙක්.
දැං අර කෙල්ලො ටික සෙන්ට්‍රිට කේස් එක.ඌත් අතපය දික්කර කර මොන මොනව හරි කියෝනව. මෙික දිහා බලාගෙන හිටියා කෝපල් පෙරේරා. මං ටික ටික ඒ පැත්තට ඇදුනා සීන් එක මොකද්ද කියල බලන්න.
බලද්දි අරුං ඉංගිරි⁣සියෙන් කියනව එයාලා වන්දාරමුල්ල කැම්පස් එකේලු ඉන්නෙ.එහෙම කොහොමද අපේ  වාහන චෙක් කරන්නෙ කියල තමා ටෝක් කරල තියෙන්නෙ. මෙි අය දෙමලද සිංහලද කියන්නනං මං දන්නෑ.හැබැයි මට තේරිච්ච විදියට ඔික තමා සීන් එක. (මාත් රෙක්ක තමා ඉතින් ඒ කාලෙ)
මූ ආව වාහනේ අඩියක් ඉස්සරහට ගන්න එපා කියල.
කෝපල් පෙරේරට සීන් එක කිව්වා.
කෝපල් පෙරේරා එකියෙකුට කිව්ව වාහනේ ඉස්සරහට අරං එයා ඉන්න තැනින් නවත්තන්න කියල.
එතකොට මං ලඟ. ලඟ කිව්වට කියන කරන ඒව හොදට ඇහෙන තරමක ලග.මං වෙන ඩියුටියකනෙ ඉන්නෙ. මාත් මගේ කන් දෙක කටෙි තියාගෙන බලාගෙන ඉන්නව මොකින් මොකක් වෙයිද කියල.
කිව්වට විස්සාස කරන්න මගෙ ආදරණීය යාලුවනේ කෝපල් සිල්වා කඩ්ඩෙන් වැනුව වැනිල්ලක් මයෙ සන්තෝ කෙල්ලො ටිකට උතුර දකුන මාරු වෙන්න. විනාඩි විස්සක් විතර තනි පොලිෂ් කඩ්ඩෙන් වැනුවෙ. කෙල්ලොන්⁣ට කට උත්තර නැතිවුනා.ඇස්වල කදුලු පුරෝගත්තා. සිරාවටම හොඳේ. උං වැදල සමාව ගත්තෙ.මට නේද උන්ට වඩා ඇස් දෙකෙන් කදුලු වැටෙන්න වගේ සංතෝසෙට.
උස්සගත්තා ඇදන් හිටපු යුනිපෝං සර්ට් එකේ කොලර් එක.
මං වැඩිකල් නෑ මෙි කදවුරට ඇවිත්.ඒ නිසා කෝපල් පෙරේරා ගැන වැඩිය දන්නැ.නමුත් මං පස්සෙ හොයල බලනකොට සුපිරි බුලට් එකක්නෙ කෝපල් පෙරේරා. හමුදාවෙ තියෙනව චර්යා නියෝගයක් සෙසුනිළයෙකුට නිළධාරියෙක් සමග ඉංගිරිස් කතා කරන්න බෑ කියල. ඒත් හැමදාම ඔිසී යි කෝපල් පෙරේරයි ඉංගිරිසියෙන්මයි කතාව. අපිට බයිනවද ඩිපෙන්ස් එකට දාල  වෙඩිතිනව කියනවද දන්නැ දෙන්නම ඉංගිරිසිම තමා කියවන්නෙ. මං හීංසැරේ ඒ කෝපල්ව යාලුකරගෙන සිගරට් පෙට්ටි ගනන් දීල (ඉස්සර අපිට නොමිලේ සිගරට් බංඩලයක් හම්බවෙනව.) මාත් ඉංගිරිසි අල්ල ගත්තා.හවසක් ඔිෆ් උනානං සිආර් පොත් දෙකයි පැනයි පැන්සලයි අඩිකෝදු බාගෙයි අරං කෝපල්ව හොයාගෙන ඉන්න තැනකට ටියුෂන් යනව. ඔිකට සීනියර් කට්ටිය නම දාල තිබුනෙ කැලෑ ඉස්කෝලෙ යනව කියල. කැලේ උනත් ඉගෙන ගන්න එකාට ඒක ඉස්කෝලයක් නං භක්තියෙන් ඉගෙන ගන්නවනං තැන අදාල නෑනෙ.. ඔික කොහොමහරි අපේ ඔිසී දැනගෙන මාව රේඩියෝ රූම් එකට දාල හැමදාම හවස ඔිෆ් වෙන්න අවස්ථාවක් හදල දුන්නා. මාත් ඉතින් රෙක්කුට් සෝටයි කම්බෑට් ටීසර්ට් එකයි කන්නාඩිය වෙන්න පොලිස් කරපු කැන්නස් දෙකයි මාසෙකින් හෝදපු නැති සොක්ස් දෙකයි දාගෙන කෝපල් පෙරේරා ඉන්න තැනක් හොයාගෙන ටියුෂන් යනව. එහෙම ටික දවසක ගියාම මට කිසිම වෙලාවක කෝපල් පෙරේරා දුරක පේන්න හිටියත් සිංහලෙන් කතාකරන්න තහනම්. බැරිවෙලාවක්වත් එයා එක්ක කතාකරද්දි සිංහල වචනයක් කියවුනොත් ඩිප්ස් විස්සයි.දහයයි,පහලොවයි. කියන්න සංතෝසයි මාස හයක් යද්දි ඩිප්ලෝමාවක් කලා වගෙම අල්ලගත්තා. කොහොමත් ඉස්සර මිනිස්සු අටපාස් ආමි ගත්තෙ නෑනෙ.'93 න් පස්සෙ වගේ තමා මට මතක හැටියට යුද්දේ අවශ්‍යතාවයට අට පාස් ගත්තෙ.අටපාස් කියන්නෙ නව වසර සමත් එකට. ඒ කියන්නෙත් ඒ දවස්වල තිබ්බ නිර්දේශවල හැටියට හොඳ දැනුමක්.තාක්ෂණික විභාගය පාස්නං ඒකත් හොඳ දැනුමක්.
 ඒත් අපේ රෙජිමෙින්තුවට අට පාස් එන්න අදටත් බෑ.මාත් හතයි දෙකකින් තමා මගෙ රෙජිමෙින්තුවට ආවෙ. අනික් ඒව හෑල්ලු කරනව නෙවෙයි.. අපේ රෙජිමෙින්තුවෙ සෑම දෙයක්ම කරන්න තියෙන්නෙ ඉංගිරිසියෙන්.ඒකයි එහෙම වෙන්න හේතුව.අදටත් යුධ හමුදාවෙ Electronic Warfare , පරිඝණක සම්බන්ධ සෑම දේම,සයිබරය පිලිබඳව සහ මෘදුකාංග සැකසීම  ආදීත් ටෙලි කොමියුනිකේෂනස් ආදී සෑම දෙයක්මත් මෙි රෙජි මෙින්තුවෙන් තමා කෙරෙන්නෙ. ඉතින් මෙි මතකයත් මගේ මිහිරි මතකයක් උනත් ඒ කඳවුරෙන් කෝප්‍රල් පෙරේරා ට්‍රාන්ස්ෆර් වෙලා යද්දි වැඩියෙන්ම දුක්වුනේනං මම විතරයි.ඔිකෙන් මං හමුදාව ගැන ගොඩක් ආඩම්බරෙන් ඉද්දි ඔය කිට්ටුවම වගේ තව සීන් එකක් උනා.අදටත් මං දන්න ඉංගිරිසියක් ඇත්නම් ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඔින කෝපල් පෙරේරා..😁😁😁 අන්න එහෙමයි අදටත් හමුදාවෙ. ඉගෙන ගන්න එකාට බොක්කෙන්ම උදව් කරනව නං මං කෙලින්ම ඇගිල්ල දික්කරන්නෙ යුධ හමුදාවට(අනික් දෙක ගැන දන්නෑ.)ක්‍රිඩාවකින් හරි ඉස්සරහට යන්න ආසාවෙන් එකෙක් ඉන්නවනං ඌට ජාත්‍යන්තර මට්ටමෙි තැනකට එන්න ඔිනනං ඒ කරන්න පුලුවන් එකම තැන කියල මං ඇගිල්ල දික්කර⁣න්නෙ යුධ හමුදාවට. මං අත්දැකපුම දේවල්නෙ.
ඉතින් ඒකාලෙ  ඒ ගැන හමුදාව ගැන හදපිරි මෙව්ව එකකින් ඉද්දි ආයෙත් මාසෙකින් විතර සිදුවීමක් උනා.
මෙි දවස්වල විශේෂ බළකායෙ එයිට් මෑන් ටීම් එකක් හැම කඳවුරකටම යනව සතියකට රාජකාරි කරන්න. එයාල  ඉන්නෙ වාලච්චෙින බ්‍රිගේඩ් එකේ. ටීම් තුනක් හරි හතරක් හරි ඉන්නෙ.ඒත් මාරුවෙන් මාරුවට හැම කඳවුරක⁣ටම එනව සතියක් නවතින්න. ඒ ගොල්ලො ඇම්බුෂ් එකකට ගියාම එන්නෙ පැය හැත්තැ දෙකකින්. කොහෙ යනවද මොනා කරනවද කියල ඒ දවස්වල මං දන්නෑ. මං දවසක් ඇහුවම කිව්වෙ නොවිසදෙන ගැටලු විසදන්න එනව කියල. පස්සෙ තමා දැනගත්තෙ ඒ කිව්වෙ මොකද්ද කියල.(ඒව අපි විතරක් දැනගත්තම ඇති හොඳේ😁😁😁)
ඉතින් එයාල ආපු ම දවසෙ දවල් දෙකට විතර ඇති.(මං ඒ වෙද්දි එස්එෆ්ල කියන්නෙ ආමි මාමිල කියල දැනං උන්නට,එස්එෆ්ල දැකල තිබුනෙ පිංතූර වලින් විතරයි.අනික්ව අහන්න දෙයක් නෑනෙ.😁😁😁)
 මං එකට රෙඩියෝ රූම් එකෙන් ඔිෆ් වෙලා කාල එහෙම දෙකට විතර කැලේ ඉස්කෝලෙ යනව පොත් ටිකත් කිහිලි ගන්නගෙන. මෙි කට්ටයම පොල් ගස්මන්ඩියක වටෙිට නිදාගෙන හිටියෙ. නිදාගෙන කිව්වට දිගැරිල.නිදි නෑ.එයාල කතාකර කර විහිලු කර කර හිනා වෙවි තමා හිටියෙ. මං යද්දි එක්කෙනක් මට කතා කරා. මාත් ලඟට ගිහින් සීරුවෙන් හිටගත්තා
*ඒ මල්ලි මෙහෙ වරේං..
*කෝපල්
*කොහෙද ගෙවල්??
*ගම්පහ කෝපල්
*ගම්පහ කොහෙද?
*නිට්ටඹුවෙ කෝපල්
*නිට්ටඹුවෙ කොාහද?
*අත්තනගල්ලෙ කෝපල්.
*යකෝ ගම්පහ කොහෙද තියෙන්නෙ අත්තනගල්ල කොහෙද ත්යෙන්නෙ. ආයෙ අත්තනගල්ලෙ කොහෙද😁😁
*උෟරපොල කෝපල්
*බලපං උඹ කෙලින්ම ඌරපොල කිව්වනං ඉවරනෙ.ආාය කොහෙද??
*ටවුන් එාක්මයි කෝපල්
*ටවුන් එකේම කිව්වෙ බස් හෝල්ට් එකේද??
මට හිනැස්සකුත් ගියා.
*නෑ.කෝපල් අහවල් තැන.අහවල් එක ලඟ.
*කොාහාද ඉස්කෝලෙ ගියෙ.
*ගම්පහ බංඩාරනායකෙයි ඌරාපල සෙන්ට්‍රල් එකටයි කෝපල්.
*උඹ මාව අදුරනවද?
මං හොදට බැලුව.මූනට මූන නාහෙ වදින ගානට ලං කරල බැලුව.ඔලුව වමටයි දකුනටයි පාත් කරල බැලුව.ආයෙ ටිකක් පස්සට ගිහින් දුරතියල බැලුව. ඒත් අදුර ගන්නම බෑ.
මං කිව්ව බෑ කෝපල් කියල. ඊට පස්සෙ පොර කියාපි
*වෙන්න පුලුවන්..මං අම්පාරෙනෙ.
මට යකා නැග්ගා.උං ඔක්කොම හිනාවුනා.බලනකොට මාව බයිට් කරල.
*දැං කොහෙද යන්නෙ පොතුත් කිහිලි ගන්නගෙන.
*පංති යනව කෝපල්.
*මොකහ්?? පංති??
*ඉංගිරිසි පංති කෝපල්..
*කව්ද උගන්නන්නෙ. මං විස්තරේ කිව්වා.
එතන හිටිපු කෙනෙක් කිව්ව යකෝ දන්නවනං මාත් සිග්නල් එනවනෙ කියල. ඊට පස්සෙ මට යන්න කිව්වා.මාත් දැං යන්න ඔින නිළධාරි නිවස්නය ලඟින්. ඒ යද්දි එතනිනුත් අපේ එක්කෙනෙක් කතාකරල කිව්වා අර පොල් මංඩියෙ ඉන්න එස්එෆ් ඔෆිසර්ට කෑමට ඔිසී කතාකරනව කියල එන්න කියන්න කියල. මට එපා උනා. කෑම්ප් එකෙන් පැනල යන්න හිතුනා.බෑ කියන්න බැරි උනා.
ආපහු පලයල්ලකො බයිට් වෙන්න.😁😁
මං ඉතින් මාව හමුදාවට ගන්න ඉන්ටවු කරපු එවුන්ටත් එක්ක හිතින් බැන බැන ආයෙ ගියා අතනට.
*එස්කියුස් මී කෝපල්.
*කියපම් මල්ලි
*කෝපල් මෙතන ඉන්න සර්ට කෑමට එන්න කියන්න කිව්වා  ඔිසී කිව්ව කියල.
ඒක කිව්වම තවත් කොල්ලෙක්ට හේත්තුවක් දාගෙන පත්තර කෑල්ලක් කියව කියව හිටපු කෙනෙක් නැගිට්ටා. රැවුල වවල හිටියට හෙන ලස්සන කොල්ලෙක් හොඳේ. මාව බයිට් කරද්දි හිනාවෙවී බල බල හිටපු කෙනෙක්.
යකෝ මටත් පුදුම හිතුන නිළධාරියෙක් මෙහෙම ඉන්නව කියල දැක්කම.මොකද මං ඉගෙන ගෙන තිබුනෙ නිළධාරින් එහෙම නෑ කියලනෙ.කොාහාමත් අත්දැකීමුත් ඒ වෙද්දි නෑනෙ. මෙයාල රෑන්ක් ඇදල හිටියෙත් නෑ.ඊට පස්සෙ අට දෙනාම නැගිට්ටා කෑමට යන්න.
මට බය හිතුනා..මට කිව්වෙ නිළධාරිට එන්න කියල විතරනෙ. මෙි අටදෙනාම එතනට ගියොත් මං පනිවිඩෙි වැරදියට කිව්ව කියල අතනිනුත් කන්න වෙනවනෙ.
මං ආයෙ කිව්ව "සර්ට විතරයි එන්න කිව්වෙ" කියල.
ඊට පස්සෙ අර මං එක්ක කතාකරපු කෝපල් කිව්වා.
*සර් තමා එතනට යන්නෙ.අපි යන්නෙ ඔයාලගෙ මෙස් එකට කියල.
මට ඒක පුදුම හිතුනා. එයාල යනකොටත් මං බලාගෙන හිටියෙ තමන්ගෙ සීනියර් එහෙමත් නැත්තං ඔිසී තවත් විදියකින් කියනවනං පෙළ අනදෙන්නාට කෑම හරියනකං තව හත්දෙනෙක් බඩගින්නෙ හිටපු හැටි. හමුදාවෙ කතා නොකර අිදර්ශයෙන් පාඩම් උගන්නන හැටි.. මං ආයෙත් ටීසර්ට් එකේ කොලර් එක උස්ස ගත්තා.

රුවින් පමුද්ත යද්දෙහිආරච්චි
2020.05.09

2 comments: