Monday, May 4, 2020

හේමන්තගෙ කල්කිරියාව

මෙි සීන් එකත් මාන්කේනි ඉන්නැද්දි වෙච්චි හරි අමුතු තාලේ  එකක්.
අපේ හිටිය හේමන්ත කියල හරි අමුතු ජාතියක ඩෑල්ලෙකක්.  අමුතු ජාතියක කිව්වට හරී මොංගල් එයා. අපි කියන දෙයක් අහන්නෙම නෑ. ඌට කාපිය කිව්වොත් කරන්නෙ ඇවිදින එක.නිදියපිය කිව්වොත් සිංදු කියනව. නැගිටපිය කිව්වොත් දුවනවා...හරී අමුතුයි කල්කිරියාව. මූ හමුදාවෙත් දැනගෙන හිටියෙ කෝප්‍රල් කියන රෑන්ක් එක විතරයි. එතනින් එහාට රෑන්ක් කෝටියක් තිබ්බත් ඌට අදාලත් නෑ. ආමි කමාන්ඩර් මූනට මූන හම්බෙයන්.."ගුඩ් මෝනිම් කෝපල්" තමා.
 මූ කලින් ඒ කණ්ඩායමෙි රාජකාරි කරල කරත්ත කාරයෙකුටත් ගුඩ් මෝනිම් කෝපල්  කියල ඌ මූට හිනාවෙලා  මූ උගේ හක්ක එජස් කරල ඌ සාජන්ට රිපෝට් කරල සාජන් මුගෙ හක්ක අතගාල ... හයියෝ මල ගිනිවිජ්ජුම්බරයයිලු එහෙ..
පස්සෙ ඒ කන්ඩායමෙි ඔීසී මූත් එක්ක බෑ කියල සීඕට කතා කරල මූලස්ථානෙට එවන්න. සීඔි කියල කාලයක් දෙන්න ඌ හැදෙයි කියල.
ඊට පස්සෙ ඔිසී කියල මූව බාරගත්තෙ නැත්තං ඔිසී පැනල යනව කියල😁😁😁
 මොනා කරන්නද හිතෝතුනි. සීඔිට මෙි ඩෑල් එක භාරගන්න වුනා.
පස්සෙ මූත් හරි සද්දාවෙන්  මුලස්තානෙට ඇවිත් අණසක පතුරන්න පටන් ගත්තා. මුගේ හැටි දන්න නිසා කව්රුත් මූත් එක්ක වැඩි කයියට යන්නෑ. ගහයි වෙඩි තියයි කියල නෙමෙි.මුගේ කල් කිරියාවට ප්‍රථිචාර දැක්කුවොත් මාසයක් යනකොට මූ මැරෙයි කියන බයට. ඒ වුනාට ආරචිචි කියන්නෙ මෙිව දෙස දෑස් පියන් වැහිල තිබුනත් කටින් හරි බලා ඉන්න බුවෙක්. මොකද ආරච්චිට  පදිරි වුන එකෙක් මෙතුවක් බෙිරිලා නෑ.

එදා මං නයිට් ගාඩ් හතරෙ. මූ තුනේ. කියන්නං විස්සාස කරන්න මගෙ මහත්තුරුනේ...මං එදා මහා පුදුම බයකින් වෙලිල තමා මුලු රෑම ගතකලේ. ඇයි යකෝ අරූ තුනේනෙ. බැරිවෙලාවක්වත් උගෙ පොයින්ට් එකෙන් කොටි ආවොත් එහෙම කොටි සෙන්ට්‍රි තියල මූ අපිට ගහන සයිස් එකක් එතන තියෙන්නෙ. හරි බයානකයි😁😁😁

මං රෑ වෙනකොට ඌ ලඟට ගිහින් කිව්වා.
*මල්ලි.. ඔයා දන්නවද මෙහෙ කොටි කියල හරී නපුරු මිනිස්සු ජාතියක් ඉන්නව.
*ඉන්නව තමා කෝපල්. මටත් ආරංචියි.
*ඉතින් ඒ මාමිල ආවොත් ඔයා වෙඩි තියනවද.
*නැතුව..
*හරී. ඔයා ඒ ගොල්ලන්ට වෙඩි තියෝනං ඔයාගෙ ෆයර් ආක් ⁣එක මට පෙන්නනවද හොඳ ලමය වගේ
මං මුගෙන් වෙඩි කෝනෙ අහපුවම පෙන්නුවෙ මගෙ ආදරණීය යාලුවනේ මගෙ බංකරෙයි වම් පැත්තෙ බංකරෙයි. මට හරීයට කේන්ති ආව. ඒත් ඉවසුව.
*බුදු හේමන්ත මල්ලියෙ..ඔයාගෙ පොයින්ට් එකට බැරිවෙලාවක්කත් කොටි මාමිල ආවොත් ඔයා මෙහෙම කරන්න.
ඉස්සෙල්ලම කොටි ආවෝ කියල හයියෙන් කෑ ගහන්න. වෙඩි තියන්න යන්න එපා.
ඔයා වෙඩිතියාගන්න.අපි ඉතුරුව බලාගන්නං ඈ..😁😁😁
 මං ආව එන්න. මොකද ආරච්චිට මල පැන්නොත් ඊට වඩා බයානකයි.ඇයි යකෝ මොන මලහෝන්තුවද්ද ඒ. (යාලුවනේ ඒ මෙයාගෙ ඩ්‍රිල් එකක් හොඳේ. පස්සෙ අපි කීපදෙනෙක  එයාගෙ මොංගල් ගතිය ඇරියා)
මාත් දැන් නැගිටල මුනත් හෝදගෙන  එහෙම  සෙන්ට්‍රි.වෙලාව පාන්දර එකයි.මං එක ඉඳන් තුන වෙනකම් සෙන්ට්‍රි.
ඔය අස්සෙ මගේ වම්පැත්තෙන් එකෙක් හයියෙන් කෑ ගහනව ඇහුන මට. මං කන් දීගෙන හිටියා.
*කල්බලාන් ලෙප් රයිටි ලෙප් රයිට්..
ආපසු හැරෙන්..ලෙප් රයිට්.හෑන්ස් අප්.හෑන්ස් ඩවුන් ආයෙත් කල්බලාන් ..ලේ රයිට් ලෙප් රයිට්...නව....තීන්..
ඔන්න ඔය වගේ සීන් ටිකක් තමා ඇහුනෙ.
ඊට විනාඩි පහකට විතර පස්සෙ දිහ් දිදිහ් දිහ් දිහ් ගගා කොන්ඩිත්තං ගහන සද්දෙකුත් ඇහුනා. මං හීන් සැරේ ඇදුනා ඒ පැත්තට. වැඩිය දුර යන්නත් බෑ මගේ පොයින්ට් එක අතෑරල.
ලා අඩ තරුඑලියෙ මං දැක්කා එකෙක් ෆෝවර්ඩ් රෝල් පාරක් එනව විසිට් පාත් එක දිගේ. හරියට ලංගමක් පස්සෙ ඩීඑස් කාරයෙක් පන්නනව වගේ වෙිගෙකින්. නවතින පාටක් ඇත්තෙම නෑ.ලඟටම එනකං ඉඳල මං ඇහුව..
*කෞදෞත්තො...
*කෝපල්.අනේ මං සාසෙ හේමන්ත..
😁😁😁😁මට හිනැස්සක් ගියා.
*කෞද මල්ලි උඹට මෙි විනාසෙ කලේ😁😁
*විසිට් එකේ ආපු කෝපල් කෝපල් කෙනෙක් කෝපල්.
*උඹට සුවර්ද කෝපල් කෝපල් කෙනෙක් කියලා.😁😁
ඒකට සද්දෙයක් නෑ.
මට කල්පනා වුනා බඩුම තමා එක්කො බුදියල.නැත්තං වෙන මොකක් හරි බුලක් ගහල. විනාඩි විස්සක් විතර යනකොට කෙනෙක් එනව ටෝච් එකකුත් වන වන. ඒ එන්නෙ විසිට් එක කියල මං දන්නව.මාත්
*හෝල්ට්.. ආපු කෙනා නැවතුනා.
*කව්ද..මංමයි..ඇහුවෙ
*මං කෝපල් කස්තුරි.
*ආ..ගුඩ් මෝනිං කෝපල්..එන්න එන්න.
මට තේරුනා කෝපල් කස්තුරිආරච්චි නම කියනකොට අරූට සබ්බුව දීල තියෙන හැටි.මෙි වෙනකොට හේමන්තයට අනිවා තුවාලයි.මොකද ආරච්චිට වඩා අමාරු කාරය කස්තුරිආරච්චි කියන්නෙ.පදිරිවුනොත් ජීවිත කාලෙම ඉවරයි.
*මොකෑ කෝපල් වුනේ..අර පොයින්ට් එකේ.
*බලහං බං. ඒ ප*@&$%යට පාර්ස්වර්ඩ් එක අමතක වෙලා ඌට ඒක මතක් වෙනකං මාව කල්බැලෙව්වනේ😁😁. මෙිකා හරියට සීබී ගත්ත වගේ..මගෙන්
මට නේද යාලුවනේ..කෙලත් ඉස්මොල්ලෙ ගියා සීන් එකට... අනික සීන්එකට කෝපල් කස්තුරි සෙට්වුනා කිව්වම ආතල් එක දෙගුන වුනා.එයාත් හරි චරිතයක්.
වෙලා තියෙන්නෙ හේමන්තයට පාස්වර්ඩ් එක අමතක වෙලා.(රෑට කෙනෙක් ලගට ගන්න කොට හෝල්ට් කරල පාස්වර්ඩ් එක කියල තමා ලගට ගන්නෙ. මූ හෝල්ට් කලා.ඒත් පාස්වර්ඩ් එක අමතක වෙලා.විසිටි එකේ ආපු කෝපල් කස්තුරි කල්බලවලා.ඒ සද්දෙ තමා මට ඇහිල තියෙන්නෙ. මූ වෙඩිවත් තියයි කියල බයට කෝපලුත් කියන කියන එක කරලා.)
 ලගට ආවට පස්සෙ අරෑට ඩබල් ටිබල් කරල මෙයා දීල.
මං හිනාවුනා කියල මටත් සද්දයක් දාල මෙයා ගමන කරගෙන ගියා.
මං ගියා හේමන්තයගෙ තත්තෙ බලන්න හිමීට.
*බුදු මල්ලියේ...ඒඒඒ
*කෝපල්ල්ල්ල්හ්හ්හ්
*මං ආරච්චි..මෙහෙ එන්නකො මයෙ දෙයියෝ ටිකක්..
මූත් ආව. මං ඇහුව සීන් එක. මොකද්ද බං උඹට උනේ..කියල.නොදන්න තාලෙන්.
*කෝපල් කෝපල් කස්තුරිආරච්චි පනිස්මන් දුන්නනෙ.
*ඇයි ඒ
*මට පාස්වර්ඩ් එක අමතක වුනානෙ..
*හරි.උඹට දැං පාර්ස්වර්ඩ් එක මතකද.
*දැං මතකයි.
*තුවාලද
*ඔව්වනං මොනාද අනේ කෝපල්.
*හරි දැංවත් ආයෙ පරිස්සමින් හිටහන් කියල මං ආව.

මුගේ කතාවෙන් මට තේරුනා මූ අමුතු තාලෙ බබෙක් කියල. මං පැයක්ම කල්පනා කලේ මූගෙ මෙි බබාව අරින්නෙ කෝමද කියල.
ඔතනින්  පටන් ගත්තු වැඩ කොටස දවස් කිහිපයක් තිබුනා. ආයෙ මූ මං එක්කම ⁣දිවා මුරයක් වැටුනා. මං මහා පුදුම විසාල බයකින් තමා මූත් එක්ක හිටියෙ. ඇයි යකෝ මූ කරන දේවල් වලට දඩුවම් රාජකාරි කරන්න වෙන්නෙ අපිටත් එක්කමනෙ.
එදා මං මූව මගේ උසාවියට කැඳවල හැමදේම කියල දුන්නා. පාස්වර්ඩ් එ⁣ක අල්ලෙ ලියෙව්වා.
උගේ අවියෙ සුදුපාට කඩදාසි පටියක් එල්ලෙව්වා.රෑට ලේසියෙන් හොයාගන්න ලේසි වෙන්න.
ඒ කරල මූට පලවෙනි මුරයත් දුන්නා කරපිය කියල.
එදා දොලහ දෙක මූ ඩියුටි. මං දහය දොලහ. මෑන්ට භාර දීල මං නිදාගත්තා. කියන්නං විස්සාස කරන්න මයේ ආදරණිය හිතෝතුනි..මට පැයයි ඇස් දෙක පියන්න පුලුවන් වුනේ...
විසිට් එකක් ඇවිත්
*කව්දහ්...
*මං සීඔි...
*සීඕ කිව්වට නම මොකද්ද..මූ ඇහුවෙ ඈ.
*අයිසෙ තමුසෙ කව්ද. (ඒ සීඕ..)
*මං සාසෙ හේමන්ත කෝපල්..
*මං කෝපල් නෙමෙි අයිසෙ..තමුසෙගෙ සීඔී..
*ගුඩ් මෝනිම් කෝපල්...😁😁😁.

    මට අඩ නින්දෙන් මේක ඇහිල ඇහැරුනා.දෙන්නගෙකතාව සවන් වැකුනා.    මං තදින් ඇස්දෙක පියාගෙන සතියක් රෝඩ් බ්ලොක් අදින විදිය සිහිකරා.. කෑල්ල නිවාඩු ගිහින් මොනා ගෙන⁣යිද?? මටත් නිවාඩු යන්න සල්ල අරන් එන්න කිව්වා අරං එයිද?? මෙිකිව වෙන එකෙක් උස්සයිවද්ද.වෙන එකෙකුටවත් ටෝක් වෙයිද..දවස් හතේම රා බානවද. ඔිව කල්පනා කර කර තමා තදින් ඇස් පියාගෙන හිටියෙ. බඩු බනිස්නෙ. සීඕ මූට පදිරි වෙච්චි සීන් එකක් දැන් තියෙන්නෙ.😁😁😁
අම්මට සිරි සීඕ එතනින් මෙහාට එක අඩියක් ආවෙ නෑ. එහෙම්මම හැරිල ගාර්ඩ් රෑම් එකට ගිහින්..විනාඩි දහයක් යද්දි ගාඩ් කමාන්ඩර් ආව.
*කව්ද සෙන්ට්‍රි..
*මං සාසෙ හේමන්ත ඉන්නෙ කෝපල්.
මං ඉඳගත්තා..දැං කෝමත් බඩුමනෙ.
*දැං කව්ද උඹෙි පොයින්ට් එකට විසිට් එක ආවෙ.
*සීඕ  කෙනෙක් කෝපල්.
හම්මට හුඩු කියාල්ලකො.ගාඩ් කමාන්ඩර් ලගට ඇවිත් මූට සට පට සටපට ගාල අතෑරියා කියාල්ලකො වෙිගෙන්ම.
*උඹ හෙට උදේ හයට ඇවිත් මාව හම්බෙයන්..හරිද ප&@%$යා..
*හා කෝපල්..
මං නැගිටල ඇහුව මොකද වුනේ කෝපල් කියල.
සීඔි ගාඩ් කමාන්ඩර්ට කියල නයිට් ගාඩ් එකේ අමුතු කෙනෙක් ඉන්නව.ගිහින් බලන්න කියල.

එදා උදේ හයේ ඉඳල මූ රෙජිමෙින්තු පොලිසිය භාරෙ දවස පුරා බර වැඩ.මාත් අපේ බැජියලත් මූව හදන්න පෙල ගැහුනා.
මාසයක් යද්දි හදලා හදලා ඒ වෙනකොට නාම යෝජනා ඉල්ලල තිබුනු ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවක් යැව්වා. සල්ලි නෑ කිව්වට පස්සෙ අපි රුපියල් පහලොස් දාහක් එකතු කරල දුන්නා. ඒ පාඨමාලාවෙ මූ දහතුන.
ඊට පස්සෙ ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාවක් යැව්වා. ඒකත් බී සාමාර්ථයක් සහිතව පාස්වෙලා තිබුනා.
කියන්නං අහන්න සහෝදරවරුණි... අද පොර සරඹ උපදේශකවරයෙක්..
මට ඉතින් මාර හැපි..කාගෙනුත් ගුටි කකා බැනුම් අහ අහ හිටපු පොරකට ජීවිතේ අරමුණක් දුන්නු එකට.

මං ඒකනෙ කලින්ම කිව්වෙ මූ අමුතු බබෙක් කියල...
නැත්තං ආරච්චිගෙ ට්‍රාන්සර් වාර්තාව මූ කඩන්ඩ හිටියෙ...😁😁😁😁

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.29

1 comment:

  1. සන්තෝසයි ... තව ටිකෙන් හුස්ම හිරවෙනවා අර සී ඕ ගේ කේස් එකට

    ReplyDelete