Tuesday, May 12, 2020
මගේ නම ටිපෙක්ස්
මෙික සිද්දවුනේ 2007 අවුරුද්දෙ.
අපි මාවිල් ආරු ක්‍රියාන්විතය අවසන්කරල නැගෙනහිර මුදාගැනීමෙි මානුෂීය මෙහෙයුමෙන් භාගයක් ඉවර කරල නොවැලැක්විය හේතුවක් මත අපේ ඒකකයට මග ස්ථානගත වෙන්න සිද්ධවුනා. අපි එකතැනක ස්ථානගත වෙලා මාසයක් දෙකක් ඉන්නකොට නැවත අපිට කල්ලාර් සෝමපුර එල්ටීටීඊ එක නැගෙනහිරෙන් උතුරට පළායන ත්‍රස්ථවාදීන් දෙවියන් ලඟට හරවා යැවීමෙි රාජකාරි සඳහා නැවත කල්ලාර් සෝමපුර බලප්‍රදේශයේ ස්ථානගත වෙන්න සිදුවුනා.එයට හේතුව වුනේ මුතූර් පහල තෝපූර් අලිඔලුව නීලාවල දෙහිඅත්ත ගමිවල වගේම සෝමාවතිය පුද භූමියත් එහෙ වෙසෙන සිංහල සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමත් සහ භූමිය අපේ පාලනය යටතේ පවත්වා ගැනීමත් උනා.
එතකොට මං හිටියෙ කල්ලාර් කඳවුරේ. ඒ කාලය ටිකක් විවෙික ගන්න පුලුවන් වුන කාලයක්. රාජකාරි වලින්නම් කිසි අඩුවක් තිබුන්නෑ.මොකද ඒ වෙනකොට එල්ටීටීඊ එකෙන් එවපු කොටි පසුපස ප්‍රදේශ ජෑම් කර අපේ ක්‍රියාන්විතය නැවැත්වීමෙි කොටි අරමුනක් තිබුන නිසා. නමුත් මානසික සුවය යම්තාක් දුරකට තිබුනා. මං මෙි වෙනකොට පාලන කණ්ඩායමෙි ප්‍රධාන ලිපිකරු විදියට කටයුතු කලේ. අපේ පාලන කණ්ඩායමෙි හිටපු ලිපිකරුවන් දෙදෙනෙකු ඒ වෙනකොට අපිව සදහටම අතෑරල ගොස් තිබුනා.ඒ නිසා මට ඒ හිඩැස පිරවීමට සිදුවුනා.අකමැත්තෙන් වුවත් මං ඒ වගකීම භාරගත්තා.
මෙි සිදුවීම වෙන්න කලින් දවසෙ කාර්‍ය භාර කෝප්‍රල් හිටියෙ. එයාගෙ රාජකාරියක් තියෙනව හරියටම හවස හයට කොඩ්ය බාන්නත් පහුවදා උදේ හයට ඒකක ධජය නැවත දාන්නත්
. ඒ කොඩිය දාද්දි යි බාද්දියි විසිල් එක ගහන්න ඔින..ඒ වැඩෙි කරල අවසානෙටත් විසිල් එක ගහන්න ඔින.එතකොට මුලු කදවුරම සීරුවෙන් ඉරියව්වට එනව. අවසානෙට විසිල් එක ගහපුවම තමා කට්ටිය තමන්ගෙ වැඩ කරගෙනයන්නෙ.මොකද හමුදාවෙ ධජයක් දානකොට කව්රුත් ඉදගෙනවත් ඉන්නෑ.වහලක් යට නෙමෙිනං අනිවාරයෙන්ම නැගිටල සීරුවෙන් ඉදල ඒකට ගෞරවය දක්වන්න ඔින. මං ගියා කලින් දවසෙ හවස හයට කොඩිය බාන්න.නලාව තියෙන්නෙ ලෙන්යාර්ඩ් එකට අමුනලනෙ. මාත් ඉතින් මාර්ච් කරල ගිහින් නැවතිල නලාව ගන්න හදනකොට නලාව නෑ. කෙලිනවනෙ තාප්පෙට.ආයෙ හැරිල නලාව අරං යන්න එන්න කියලද.දැං කට උත්තරත් නෑ.දැං හීං දාඩියත් දැම්මා. මටත් කරුමෙ කියන්නෙ එක පාරටම හී ගඩු පිපිල කනේ මයිල් ඉස්මයිල් වෙලා ඇගේ මවිල් කෙලින් වෙන ගන දෙවි නුවණක් පහල වුනා.හිත හිත ඉන්න වෙලාවකුත් නෑ. මගෛ් පෑන තිබ්බා කලිසමෙි සාක්කුවෙ ගහගෙන. හීන්සැරේ ලෙන්යාර්ඩ් එක අදින ගමන් අත පල්ලෙහාට යවල පෑනෙ කොපුව ගලෝ ගත්තා.ලෙන්යාර්ඩ් එක අතින් අල්ලගෙන විසිල් එක ගහන ඉරියව්වෙන් පෑන් කොපුවෙ පිහිටෙන් වැඩෙි කරගත්තා. ඒත් මගෙ ආදරණීය යාලුවනේ මගෙ හොඳ වෙලාවට මෙික දැක්කෙ හවස පීටී දුවල දුවල එන අපේ විධායක අධිකාරි තුමා විතරයි.ඒ චෙක් වෙන එකත් නියම තැනටම වෙලා.මගෙ වෙලාව ඒ තරං හොදයි. මං වැඩෙි කරල මාර්ච් එකේම ප්ලෑග් එකත් අතේ තියාගෙන එනව.ඉස්සරහට හම්බුනා විඅ තුමා.
එතුමා "'න්න්නවතීඊඊඊන්න්න්""... කිව්ව එක පාරටම.
මාත් උම්බලකඩ කෑල්ල අරං යද්දි පූසව අල්ල ගත්තම අයිතිකාරයට පූස දාන අහිංසක අසරණ බැල්ම දාල සර් දිහා බැලුව.අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්.
*ඒක මාරයි නෙහ් කෝපල්??දැං තමුන් හිතුවෙ අපි බබ්බු කියලද.?
*සර්..
*සර් තමා කතාකරන්නෙ.තමුසෙ ඔය ගහපු විසිල් එකත් එක්ක හෙට උදේ දහයට ඇවිත් මාව හම්බවෙනවා හරිද..හ්ම් දැන් යනව... කිව්ව එක පාරටම.
බුදු කිරි අපුච්චියේ මෙතුම කොහොමද ඔය ඩිංගට පෑන් කොප්ප දැක්කෙ"??
මාත් දැන් කල්පනා කර කර යන්නෙ කව්ද යකෝ මගේ විසිල් එක උස්සපු හීනෝන්මාදකාරය.. අබ්බ ගොබ්බය..පාහරයා.අනික ආරච්චියගෙ..
මොකාද යකෝ බය නැතිව ඔිකකරපු කල්ලතොනියා..හැබෑවටම ඈ..
.ඔිකව අහු උනොත් අම්මප මාවිල් ආරු බැම්මෙ තියල මං ඔිකගෙ ගජමුතු දෙක තලන්නෙ...මැද්දෙ දිග එක හදනව ලුනුමිරිස්...ඔිකව අහුවුනොත්..අම්මප ඔිව්. වෙන්න ඔින මහ කෙලියමත් කෙලවුනානෙ.දැං හරිනෙ කිය කිය.
මං ඉතින් ගියා පහුවදා උදේ දහය වෙද්දි එතුම හම්බවෙන්න. ඒ යද්දි එතනත් මාර කාලගෝටිටියක්.
මගේ කාර්යාලය තිබුන තැනටම එහා පැත්තෙන් තමා අපේ මූලස්ථාන කාර්යාලය තිබුනෙ. ඒකෙ ටිකක් හයියෙන් කතාකලොත් අපිට ඇහෙනව. හරියටම දිනය කිව්වොත් ඔයාලාට මතක ඇති මිහින්තලේ පොලිසියෙන් වෙඩි තියල අපේ චොපර් එකක් කඩා වැටුනා.අන්න එදාට පහුවදා උදේ.චොපර් එක වැටුනෙ රෑ.
මං ඉතින් ඉහල ඔිඩර්ස් එකට අනුව මූලස්ථාන කාර්යාලයේ ඉන්න විධායක අධිකාරි තුමා හම්බෙන්න ආවෙ.ඇයි ඊයෙ කිව්වනෙ ගහපු විසිල් එකත් එක්ක වර කියල.
මෙතනකාල ගෝට්ටිය චොපර් එක කඩාවැටීම ගැන. මෙයාලට ප්‍රශ්ණය වෙලා තිබුනෙ චොපර් එකට කව්ද වෙඩි තිබ්බෙ කියන එක.අපේ විධායක අධිකාරි තුමත් ඔතන හිටිය.කතාවට සම්බන්ධවෙලා.
තව හිටියා අපේ ක්ලාක් කෙනෙක්. එයා ගගනගාමියෙක්. දුම්වලින් ඉහල අභ්‍යවකාශයේ සැරිසැරීමට තමා ඔිකා වැඩිපුරම කැමත්තක් දැක්කුවෙ.දැං මාත් අහගෙන ඉන්නව.
සීසී කියනව..
*නෑ සර් මං නං කියන්නෙ ඔිකට කොට් වෙඩි තිබ්බෙ.පොලිසියෙන් නෙමෙි.මොකද පොලිසියෙ අය දන්නවනෙ චොපර් එකේ සද්දෙ.
*එහෙම වෙන්න බෑ ස්ටාෆ්. මොකද කුරුම්බැට්ටියක් කියල හිතලතමා පොලිසියෙන් වෙඩි තියල තියන්න ඇත්තෙ.අනික රෑ පුලුවන්ද ඔිව හොය හොය ඉන්න..(කුරුම්බැට්ටි කියන්නෙ එල්ටීටීඊ ගුවන්යානයට)
දැන් දැන් නා නා තර්ක විතර්ක අදහස් උදහස් යනව.
තව එකෙක් කියනව කව්රු වැට්ටුවත් ඔිකුන්ට හොදක්නම් සිද්ද වෙන්න එපා කියල.
ඔය අස්සෙ තමන්ගෙ මෙිසේ වැඩක් කර කර හිටපු ගෝමස් ඔතනට ආව.එක පාරටම කිව්ව..
*නෑ සර්..ඔිකට වෙඩිතිබ්බෙ පොලිසියෙන්මයි.
*උඹ කෝමද ඒම කියන්නෙ??
*ඊට මීටර් තුන්සීයක් විතර උඩින්නෙ සර් මම හිටියෙ.මං දැක්ක පොලිසියෙන් වෙඩි තියනව....කිව්ව ඇඟට පතට නොදැනී. මෙික තේරුනු මටත් කාර්යාලයේ හිටපු කීප දෙනෙකුටත් බකාස් ගාල හිනා ගියා. මොකද ඌ කිව්ව ඒ කතාවෙ තේරුම දන්නෙ අපි ටික විතරයි. ඒක නොතේරුනු සීසීයි ඇජුටනුයි කට වහගත්තා.
සීසී.
*මොකද උඹල හිනා වෙන්නෙ.
*නෑ සර් ගෝමා කිව්වනං ඒක තමා හරි.ආයෙ ඒ ගැන හොයන්ඩෙපා..කියල මං කිව්වා.
(මොකද ඌ ගගන ගාමියෙක්නෙ☺️☺️😁😁😁)
ඔිකත් නොතේරුනු සී සී ඔය අස්සෙ මෙිසෙ උඩ තිබ්බ ටිපෙක්ස් එක හොයනව.
*කව්ද යකෝව්ව් සීසීගෙත් ටිපෙක්ස් එකට ඇරිය එකා.
මීක් සද්ද නෑ.දැං ලාච්චුව අදිනව මෙිසෙ අස්කරනව.. ටිපෙක්ස් එක හොයනව. ආයෙ ඉන්න අපි ඔක්කෝටම බනිනව. ඒත් ටිපෙක්ස් එක හම්බෙලාම නෑ.ඒ කියන්නෙ සීසීට ටිපෙක්ස් එකක් තිබිලම නෑ.
මාත් ගිහින් විඅ තුමාව හමුවුනා. දැං මට බැනල බැනල තරයේ අවවාද කරල චූටිම චූටිම චූටි දඩුවමක් දුන්නා.
*හ්ම්... තමුන්ල කෝපල්ලනෙ අයිසෙ.මෙිව තමුන්ල තේරුං ගන්න ඔින.
*ඔව් සර්..
*හැව් සෑර් නෙවෙි.. දවස් හතක් යනකං තමුසෙ
ඔීර්ඩ්ලි කෝපල් 😒😒😥😥😪😪😪😪..හ්ම් දැං යනව. තමුසෙම තමුසෙගෙ නම ගහගන්නව ඩියුටි ඔිඩර්ස් එකේ..හරි.
මාත් ඉතා දුකසේ එතනින් එන්න ආව.
දැං ඇදපංකො පැය විසිහතරෙ හතක්. මෙි රාජකාර්ය හරි අමාරු එකක් හිතෝතුනි. කව්රුත් කැමති නෑ.මෙි රාජකාර්ය කරන්න.ඒ තරං අමාරුයි කියල විතරක් මතක තියාගන්නකො.මංමයි ඩියුටි හදන්නෙ.ටයිප් කරන්නෙ.අත්සනට දාල නෝටිස් බෝඩ් එාක් දාන්නෙ.දැං මංම මගෙ නම ගහගෙන දවස් හතක් අදිනව.
මං ආපහු එද්දිත් ටිපෙක්ස් කේස් එක යනව නැගල. මට ඒ වෙලාවෙ එකපාරටම අදහසක් ආව ටිපෙක්ස් එක ගැන මොනව හරි එකක් ලියන්න ඔින කියල. බලන්නකො ඔවාලත් ඒක හොදද කියල හාද..මං ඒක කොලේක කුරුටු ගාල රයිටරයෙන්ම ගහල මගෙ කාර්යාලයෙ මෙිසෙ වීදුරුව යටිනුත් දා ගත්තා.මෙින් ඔෆීස් එකටත් කොපි තුනක් යැව්ව.ඒ කොපියක් සීසීගෙ මෙිසෙ වීදුරුව යටින් දාල තිබ්බ ඔහු ස්ථාන මාරුවෙලා යනකම්.ඒක එතුමා යද්දි අරගෙන ගිහින්.සෑහෙන්න වර්ණනා කරා කට්ටියම ඉතින් ඒ නිර්මානය ගැණ.
෴මගේ නම ටිපෙක්ස්෴
=====================
අම්මෝ ඉස්සර කාලෙ මට හමුදාවෙන් සැලකුවෙ වෛරක්කාරයෙකුට වගේ. බලන්නකො දැං ඒකටත් එක්ක මගේ සේවය අගය කරන මහත්තුරු මම වෙනුවෙන් ඒකක අරමුදලින් ප්‍රථිපාදනත් වෙන්කරලා. මදිනම් අමතර ප්‍රථිපාදන වෙන් කරලා තොග වශයෙන් අරගෙන තමා ගබඩා කර ගන්නේ. ඒ විතරක්යැ ක්ලාක් මහත්තුරුන්ගේ පුද්ගලික වියදමෙන් මාව මිලදී ගෙන දැඩි ආරක්ෂාව හා රැකවරණ මැදතියාගෙන. දැන් ඉන්න හමුදාවෙ මහත්තුරුන්ට පින් සිද්ධවෙන්න මම නැති තැනක් නම් හොයා ගන්න ලැබෙන් නැහැ. හමුදාවෙ ඉහලම තැන් වලත් සමහර විට වැජඹෙන්න තරම් වාසනාවක් අත්වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ.මගේ සේවය නිළ බේදයක් නැතුව ලියුමෙන් ලියුමට,ඡේදයෙන් ඡේදයට...කාටද නම්බුව.ඉස්සර කාලෙ හමුදාවට සේවය කරන්න ආ දවසක "හමුදාව කන්න ආ යකෙක්" කියල මාව එලව ගත්තු විදිය මතක් වෙනකොට ඇතිවන වෙිදනාව...ඒ විතරක් නෙවෙයි එදා හමුදාවෙ ඔපීස්වල මම ආශ්‍රය කරන අයටනම් අම්බ වහක්..ලියුමත් පොඩි කරල වෙිගයෙන් ජනේලයෙන්ම එළියට. මට ඔෆීස් එක පැත්ත පලාතෙවත් ඉන්න දෙන්නැහැ. ඒවායේ ඇරියස් එකත් එක්කම දැන්.සෑම මහත්තයෙක්ම විනාඩියෙන් විනාඩියට මගෙ නම මතක් කරනව. ඒ මදිවට ආදර නමකුත් "හිතවතා" ..සමහර මහත්තුරු මාව නොපෙනෙන්න සාක්කුවෙ දාගෙන ඉන්නකොට මටම හිනා. මට මෙි තරම් ආරයක්..කරුණාවක් ලැබෙයි කියල හිතන්නවත් පුලුවන්ද?.හැබැයි සමහර අවස්ථාවල මම හිටි හැටියෙ අතුරුදහන් වෙන අවස්ථාත් තියෙනව.අල්ලපු ඔෆීස් එකට මාව උස්සන් යනව. එවෙලෙ ඉදල ඔෆීස් එකේ මාර කාලගෝට්ටිය. "කව්ද යකෝ ටිපෙක්ස් එක ඉස්සුවෙ"?... "දැන් මෙතන තිබුනා" .ඔය වෙලාවට සීසී මහත්තයත් හිමින්සැරේ ලාච්චුව ඇරල බලනව මම සනීපෙන් ඉන්නවද කියල..ඉතින් මම නැතුව අයිතිකාරය කම්පාවෙන්.හැබැයි මළ පැනල.වාග් ප්‍රහාරගැන කියල වැඩක් නැහැ.ඒ මදිවට තිත්ත.......... අයියෝ..මටම ලැජ්ජයි.මෙහෙමත් සන්ඩු සරුවල් කරගන්නවානෙ මම නිසා.ඔය වෙලාවට මට හිතෙනව අස්වීම මිලදී ගන්නත් තරම් කේන්තියක්.ඒත් ඉතින් මගේ සේවය අත්‍යවශ්‍ය සේවයක් බවටහමුදාවෙ පත්වෙලා ඉවරයි. ඒ නිසා වසර විසි දෙකෙන්වත් මට යන්න අනුමැතියක් ලැබෙයි කියල හිතන එකත්හීනයක් වගෙයි.
මීට ටිපෙක්ස්..
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.17
Labels:
මගේ කතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment