Monday, May 4, 2020

පොඩි ඉස්කෝලේ

෴පොඩි ඉස්කෝලේ෴
==================

ඉස්සර කුඩාවට පිහිටිය නගර             පොලේ
ලස්සන වටපිටාවකි ඇති නිලට              නිලේ
බිල්ඩිං පහයි ඉස්කෝලෙට, බොරලු      කැලේ
අප්පච්චියි මමයි එතැනයි අකුරු            කලේ

පස්වෙනි කැලෑසියෙ අංකුර                     දමාය
දිස්සෙන පතිපලෙන් ඇස් දෙක            තෙමාය
ගත්තේ වීරියක් ගුරුවරු                         තමාය
සයිමන් සීය අපෙ මුල් ගුරු                      තුමාය

රජයේ විභාගෙත් පතිපල දකින              කලේ
විදුහල් මෑනීගෙන් සතුටට කදුලු             සැලේ
අද ඒ සවොම තනතුරුවල ඉහල             තලේ
ඉඳුකිල වගෙයි ඉස්කෝලය බොරලු       කැලේ

පිටරට වල පවා නම රැන්ඳූව                  ලෙසට
උගතුන් පොකුරු ගනනින් බිහිවිය       ලොවට
යුග යුග ගෙවා අද වනතුරු, සහ            හෙටට
තවමත් වියත්තුන් මින් බිහිවෙති             රටට

සිංහල උළු වහල තාලෙට  හෙවිලි            කල
දැල් කොටු බැඳපු කෙටි බිත්තිය දිගැටි      හල
ලංකා සිතියමෙන් හැඩවුන පුවරු            පෙල
විස්තර කරයි ඉතිහාසය අකුරු                  තුල

ගරුවරු දහ අටයි සිසුනට දැනුම            ගෙනා
ඒ සැම දෙනාගෙනි කව්රුත් උගත             මනා
සමහරු වදෙන් බෙිරෙන්නට යනෙනු        විනා
අකමැති එවුන් මහ ලන්දට පුරුදු               උනා

පරපුරු කිහිපයක් මෙ ගමෙම ඉහල      පෙලේ
ලද අද්යාපනෙන් ඉහලම දජය                ලෙලේ
සමලෙස සැලකුවත් දැක්කම පපුව         පැලේ
⁣පොඩි ඉස්කෝලයයි තාමත් බොරලු       කැලේ

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.04

No comments:

Post a Comment