Tuesday, May 19, 2020

මහාචාර්ය දොන් ආරච්චි

කොරෝනා හෙවත් COVID - 19 වෛරසය මිනිසුන් සහිත ලෝකයට ව්‍යාප්තිය සිදුවූ ආකාරය පිළිබඳව මෙි වන විට  ලෝකයේ බොහෝ රටවල් වලින් විවිධ අදහස් හා මත ඉදිරිපත් වෙමින් තිබෙි. මෙි වෛරසය අද වන විට ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වීමත් එය අද පවතින තත්ත්වය අනුව  තම මධ්‍යම කාල අවධියෙහි අවසන් අධියරට අනුවර්ථනය වෙමින් ඇති අයුරු දක්නට ලැබෙි. ආරම්භය පැවතීම සහ විනාශය යනුවෙන් කාල පරාස තුනක් මෙි ලොව ඔිනෑම භෞතික හෝ භෞතික නොවන දෙයකට තිබිය හැක. මෙි වන විට පැවතීමෙි අවධියෙහිත් අවසන් අදියරට පය ඔසවමින් අවසාන කාලයට ලඟාවෙමින් පවතින මෙම වෛරසයේ බෝවීම පාලනය කිරීමට මෙි වන විට ලොව රටවල් කිහිපයක් සමත් වුවද යුරෝපීය රටවල් තුල තවමත් ඒ විෂයෙහි ලා අසමත්ව තිබෙි. මෙම වෛරසය මානව සංහතිය තුල ව්‍යාප්තවීම කෙරෙහි ඉදිරිපත් වූ කරුණු අනුව සළකා බැලීමෙිදී එය රෝගී වාහක සතෙකු මාර්ගයෙන් තවත් සතෙකුට හුවමාරු වී එය තවත් සත්තවයින් එකෙකු හෝ කීපදෙනෙකු මාර්ගයෙන්  මිනිසාට මාරුවීම පිළිබඳව කතිකාවතක් ගොඩනැගී ඇතත් ඒ සඳහා පිළිගත හැකි සාක්ෂිමත පදනම් වූ කරුණු ඉදිරිපත් නොවීම තුල වෙනම කාරණාවක් මෙි සඳහා මූලික වූයේද යන්න සොයා බැලිය යුතුය. එය සිදුකල යුත්තේ ලෝක දේශපාලනය විසින් නොව එම විෂයයෙහි ලා පරිනත විද්‍යාඥයින් විසින් වීමත් ඔවුන් සාක්ෂිමත පදනම් වූ පිලිගත හැකි විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කල විට එතැන් සිට දේශපාලන භූමිකාවක සහභාගිත්වයෙන් එම වසංගතය පාලනය කිරීම හෝ බිහිවීමට හේතු පාදක වූ මූලය විනාශ කර මෙලොවින් තුරන් කර දැමීම සඳහා කටයුතු කල යුතුවීම බොහෝ දෙනෙකුට අමතක වීමෙි තත්ත්වයක් උද්ගතවී ඇත.
තත්ත්වය මෙසේ තිබියදී ලෝක සිතියමෙහි ආසියානු මහද්වීපයේ පුංචි තිතත් මෙන් දිස්වෙන,එහෙත් මුළු ලෝකයමත් මෙි විශ්වයමත් පාලනය කිරීමට තරම් දැනුමෙන් බුද්ධියෙන් මුහුකුරා ගිය ශාක්‍ය වංශික පරපුරක් වෙසෙන පුංචි රටක් හා දූපතක් වූ ශ්‍රිලංකාවෙහිද  යථෝක්ත විෂයෙහි සමත් විද්‍යාඥයින් පිරිසක් මෙි වන විටත් පරීක්ෂණ රැසක් සිදුකරමින් සිටීම අපටද ආඩම්බරය ගෙන දෙන කරුණකි.
අවම පහසුකම් අවම තාක්ෂණය අවම පිරිස් බළය හා අවම ආර්ථිකයක් යටතේ ඔවුන් විසින් සිදුකරන මෙි ව්‍යායාමය නුදුරේදී සාකෂ්‍යසම්පන්නව විද්‍යාත්මකව ඉදිරිපත් කර ජයගත හොත් දියුණුයැයි කියාගන්නා රටවලට මුඛ වාඩමක් නොව සම්පූර්ණ මුව ආවරණයක්ම දමාගැනීමට තරම් ලජ්ජා සහගත කරුනක්ම වන්නේය. 

ඉදින් අද දින ටීවීඑස් එසේත් නැතිනම් ටෙලිවිෂන්  සයන්ස් හි  විදුනැණ පරීක්ෂා වැඩසටහනට අපි කැඳවූයේ එසේ අපව රටක් විදිහට ඔසවා තබන්න දිවා රැය නොබලා අනුපමෙිය කැපකිරීමක් සිදුකරණ රෝයල් පැන්තරා විශ්ව විද්‍යාලයේ කිරීට පර්යේෂණායතනයෙහි විද්‍යාඥවරයෙකු වශයෙන් කටයුතු කරන මෙි දිනවල කොවිඩ් දහනවයේ  පරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණ සිටින කිරීට විද්‍යාඥ දොන් ආරච්චි මහතා.
නි: අපි ඔබව ආයුබෝවන් කියා සාදරයෙන් මෙි වැඩ සටහන සඳහා පිළිගන්නවා.
*ආයුබෝවන් දීපක්.
*අපි ඔබතුමාට අමතන්නම් ඔබ තුමාගෙ මුල් නමින්ම. ගොඩක් අය ඒකට කැමතිනේ.
*ඒක බෝම හොඳයි.මොකද අවුරුද විස්සකින් තිහකින් විතර කව්රුත් මට මුල් නමින් අමතලා නෑ.
*ඉතින් රුවින් සර්. කියන්නකෝ අප් ප්‍රේක්ෂක ජනතාවටත් එක්ක දැනගන්න  ඔබ තුමාගේ ගම්පලාත එහෙම කොහෙද කියල.
*මගේ උපන් ගම ඉතාම දියුණු පලාතක්.  ගොඩක් සංවර්ධිත කොටසක තමා මං මෙලොව එලිය දකින්නෙ. මං ඉපදෙන කොටත් මට මතකයි සුදුපාට සිවිලිමෙි ලොකු පෙති තියෙන ෆෑන් පවා කැරකුනා. මට ඒ වෙලාවෙ ගොඩක් සීතලත් දැනුනා. ඒක වෙව්ලන මට්ටමෙි සීතලක්.
*ඒ කියන්නෙ ඔබ තුමා නුවරඑළිය වගේ පළාතක?? ඔබ හොඳ යමක් කමක් තිබුනු තැනක කෙනෙක් ඒ කියන්නෙ? සීලින් ෆෑන් ඒ දවස්වල ලක්සෙට කොඩි දාපු තැන්වල තමා බොහෝ දුරට කැරකුනේ.එහෙම නේද??
*නෑ නෑ. මං ඒකෙන් කියන්න අදහස් කලේ මං පොඩ්ඩක් ඒ වෙලාවෙ වටපිට බලනකොට සුදු ගවුම් ඇඳගත්තු බවලත් උදවිය කට්ටියක් මගෙ වටෙි හිටියා. බෝතල් කුප්පි දෙක තුනකුයි සිරින්ජරුයි උලුක් කරගෙන. පස්සෙ මට සීතලේ බැරිම තැන ඒ කෙනෙකුට කතා කරල කිව්වෙ නර්ස් ඒසී එක පොඩ්ඩක් ඔිෆ් කරනවද කියල.
*ආ.හරි හරි මට තේරුනා ඔබ තුමා ගෙදර තමා ඉපදෙන්නෙ.
*නෑ..දීපක් මට මතක විදියට ඒක ඉස්පිරිතාලෙ වෙන්නෝන.
*ඊට පස්සෙ.ඔබතුමා ගෙදර ආව.
අද ඔබ තුමා ඉන්න තත්වෙට එන්න ඔබතුමාට ප්‍රාථමික අධ්‍යාපනය එහෙම වැදගත් වෙන්න ඇති. කොහොටද ඉස්කෝලෙ එහෙම ගියෙ.
*මං ඉස්කෝලෙ ප්‍රාථමික අංශයෙන්ම කැලේ පැන්න එක තමා කලේ. ඉගෙන ගන්න එක මට මහ වදයක් කියල හිතිල තිබුනෙ ඒ දවස්වල.ඒ වුනත් ඊට පස්සෙ අපි අම්මට වැඳල ඉස්කෝලෙ යනව වෙනුවට අම්ම මට වැඳල ඉස්කෝලෙ යැව්ව. එහෙමයි මගේ මුල් අධ්‍යාපනය සපුරගත්තෙ
*ඊට පස්සෙ
*ඊට පස්සෙ දීපක්... මං ශිෂ්‍යත්ව විභාගෙ ලීවා. ඒකෙන් ලකුණු හැටක් අරං තිබුනා.ඒක ඒ දවස්වල හොඳ ප්‍රවනතාවයක්.
*බොහොම හොඳයි. ඉතුරුව ගැන අහන්න දෙයක් නෑනෙ.ඉතින් ඔබ තුමා කොහොමහරි අද විද්‍යාඥයෙක්.
අපි අද තියෙන තත්වය දකිමුකෝ.
ඇත්තටම ඔබ තුමා කෝමද  මෙි කොවිඩ් දහ නවය වෛරසය දකින්නෙ.
ඒ වෛරසය කොහොමද.
*මෙහෙමනෙ දීපක්... මාත් මෙච්චර දුරට ඉගෙන ගත්තත් මාත් ඔය වෛරස් එක දකින්නෙ ඉලෙක්ටෝන අන්වීක්ෂයකින්. ⁣ඒ වෛරසය කොහොමද කීවොත් ගෝලා කාරයි.වටෙි කෙඳි කෙඳි තියෙනව
උදාහරණයක් විදියට ගන්නකො බෝල රඹුටන් ගෙඩියක්. ඒ වගේමයි මෙිකත්. වෙනස කියන්නෙ රඹුටනේ පියවි ඇහැට පේනව. වෛරසය පේන්නෑ.සරලයි.
*⁣සර් දැන් මෙහෙමයි. මං අදහස් කලේ මෙි වෛරසය බිහිවීම පිළිබඳව. අපිට දැනගන්න කියන්න පුලුවන්ද දැනට සිදුවී ඇති ඔබතුමාගේ පරීක්ෂණ කටයුතු අනුව මෙි වෛරසය කොහොමද ඇතිවුනේ කියන එක.
*ඒක මෙහෙමයි දීපක්. මෙි වෛරස් එක පළමුවෙන්ම චීනයෙන්නෙ හොයාගත්තෙ. ඒකට සුදුසු ගෞරවයක් වෙයිනං ඒක චීනෙට ලැබෙන්න ඔින.ඒකයි මගේ මතය. ඒක පලමුවෙන්ම කියන්න ඔින. ඒත් මෙි වෛරසය මිනිසාට සංප්‍රේෂණය වූ ආකාරය කියනවනං ඒ වෛරස් එක මහ පොලවට එන දවසෙ චීන ජනතාවට වව්ල් මස් නොකා ඉන්න තිබුනා. ඒක තමා මෙි වෛරස් එකෙන් බෙිරෙන්න තිබුනු එකම උපාය.නමුත් ඒක වුනේ නෑනෙ. දැං ඉතින් ලෝකෙම වව්ල් මස් කෑව වගේ තමා. කොටින්ම අපිත්.
*ආ හරි හරි. ඔබ තුමා හිතනවද මෙික වව්ලෙක්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වුනා කියල.
*නෑ. දීපක්. මෙික සතෙක්ගෙන් මිනිසාට එන්න බෑ. හේතුව සත්ව මස් අඩුම සෙල්ශියස් අංශක තිහට වඩා රත්කරනවමනෙ පිසින්න. ඒ උශ්ණත්වය තුලින් මෙික ඒදා තිබුණු තත්වය අනුව විනාශ වෙනව. සත්ව මස් අමුවෙන් ආහාරයට ගන්න අමාරුයි. එහෙම ඉන්නවනං ඒ අමුතු මිනිස්සු. ඒ අය මැරෙන එකමයි හොඳ මගේ අදහසනං. අනික දැන් අපි කරන පර්යේෂන අනුව මෙික දැඩි සීතලක තියෙන්නත් බෑ. විනාශ වෙනව.
*සමා වෙන්න.. එතකොට ඔබතුමා කියන්නෙ මෙික සතෙක්ගෙන් ආවෙ නෑ කියල.
*පැහැදිලිවම ඔව්. මං දැක්ක සමහර විද්‍යාඥයින් කියල තියෙනව මෙික අභ්‍යවකාශ ග්‍රාහකයකින් නිකුත් කොටසක් පෘථිවියට වැටීමෙන් ව්‍යාප්තවුනා කියල. එහෙම හිතන්නත් බෑ. මොකද අපේ වායුගෝලයට යමක් ඇතුලු වීමෙිද් ඒ දෙක අතර ඇතිවන ඝට්ඨනය හේතුවෙන් ගිනි ගන්නව. ගුරුත්වාකර්ෂණ නියාමයන්ට අනුවත් ඒක ඇත්තක්. ඉතින් සෙල්ශියස් අංශක 30 උපරිමයෙන් විනාශවෙන වෛරසයක් ගින්නකින් විනාශනොවී තියේද.
*එතකොට ඔබ තුමා කියන්නෙ මෙික කොහොම වියාප්ත වෙන්න ඇද්ද.මෙය මිනිසෙකුගේ නිර්මාණයක්ද.
*එහෙම ඇඟිල්ල දික්කරන්නත් බෑ.ඒවට හේතුපාදක වෙච්චි කරුනු තියෙන්න එපායැ. හැබැයි මෙිකට අපේ බුදු දහමෙ උත්තර තියෙනව.
*මං අද ඇහුවමයි. ඇයි බුදුන් වහන්සේ මෙි ගැන දේශණා කරල තියෙනවද?
*අනිවාර්යයෙන්ම. වෛරස් එක ගැන නැතත් ඒ හා සමාන කරුනු ගැන දේශණා කරල තියෙනව.
*ඒ කොහොමද.
*දැං මෙහෙමනෙ දීපක්. මෙි ලෝකෙට යම් දෙයක් ඇතිවීම සහ නැතිවීමත් ඇතිවීම නැතිවීම අතර කාලය පැවතීමත් කියල එකක් තියෙනවනෙ. ඉස්සර පෘථිවියේ ඩයිනසෝර්ල හිටිය.අද ඉන්නවද?
*නෑ.
* ඉස්සර එක එක සත්ව කොට්ඨාශ හිටිය.ඒ අය අද මිහිපිට නෑ. නමුත් ඒ ජානවලින් එන සත්තු ඉන්නවද නැද්ද.
*ඉන්නව
*අන්නහරි.ඉන්නව. සමහරු ඇතිවුනා පැවතුනා නැතිවුනා.නමුත් ඒ කෙඳිමුල් වලින් ඇතිවුන අය තව ඉන්නව.
*ඔව්.
*මෙිකත් කලින් ඇතිවුන වෛරසයක සංවර්ධිත අවස්ථාවක් විතරයි.
*ඒ කියන්නෙ. තව ටිකක් පැහැදිලි කලොත් එහෙම වටිනව කියල හිතෙනව.
*දැං මෙහෙමනෙ. සාර්ස් මාර්ස් ගගා එක එක වෛරස් තිබුනනෙ.තාමත් තියෙනවනෙ. ඒ කාලෙ තාක්ෂණය දැනුම බුද්ධිය අනුව මෙි ලෙඩ වලට ගොදුරුවුන අය මිහිදන් කල එකනෙ කලේ මිය ගියාට පස්සෙ.
ඒ වෛරස් කාලයක් පොලව යට තිබිලා ජල මූලාශ්‍ර මගින් හෝ සත්වයින් මගින් හෝ වෙනයම් මාර්ගයකින් මෙිවා උඩට එන්න පුලුවන්.ඒ ආවම ඒවා අද කාලයේ තියෙන පරිසරයේ පැවතීමට උපක්‍රමයක් වශයෙන් පවතින පරිසරයට අනුව අනුගත වෙන්න තමා විසින් තමා සංවර්ධනය කරගන්න පුලුවන්. ඒකට අපි කියනව වර්ධනය වෙනව කියල. ඇතිවුනා. දැං පවතින කාලෙ. මිනිසා උනත් අද තියෙන තත්වයට නෙමෙිනෙ මුලින්ම ආවෙ. නමුත් අද වෙනකොට මිනිසා කොහොමද ඉන්නෙ. ඒ වගේ තමා මෙිකත්.
*ඒ කියන්නෙ වෙන එකක් සතෙක් විදියට ඉපදිලා පරිනාමය වෙලා අද කොරෝනා තත්වයට පත්වෙලා.??
*පැහැදිලිවම. පැහැදිලිවම කියනවනං ඔව්.
*එතකොට මෙිකෙ විනාශය කොහොමද කරන්න පුලුවන්.
*අනාගතේ දවසක මෙි කොරෝනාව ආයෙත් සංවර්ධනය වෙලා පරිනාමයට ලක්වෙලා වෙනත් නමකින් ආයෙ එන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ මෙි වෛරසයට පහර දෙන්න පුලුවන් ප්‍රහාරකයෙක් නිර්මානය කිරීම.අපි දන්න කරුනක් තමා අවුරුදු සීයෙන් සීයට මෙි වගේ වසංගත ආව කියන එක.නමුත් ඒ එදා ඉඳන් අද තියෙන තත්වයට එන්න අවුරුදු සීයක් ගියත් අදින් බිහිවෙන අනාගතයට ආයෙ මෙි වගේ එකක් එන්න අවුරුදු සීයක් යන්නැ.අවුරුදු විස්සක් පනහක් වෙන්න පුලුවන්. අප කල යුත්තේ මුලින් ඇතිවුන වෛරස් වලටත් ප්‍රථිකර්ම සෙවීමයි. මගේ මතය අනුව. මෙික ඇතිවුනා.දැං පවතින කාලෙ.තව ටික කාලෙකින් මෙිකත් නැතිවෙනව. නමුත් සුදුසු වැඩපිලිවෙලකින් නැති කරනවා වෙනුවට යටපත් කලොත් මෙිකෙන් ගැලවිල්ලක් අපට නෑ. මෙික මිහිතලයෙන්ම අතුගා දැමිමයි කලයුත්තෙ.ඒකට තමා අද මං උනත් මෙි වෙහෙසෙන්නෙ.
*ඔබතුමා හිතන විදියට මෙික නැතිකරන්නම පුලුවන් බෙහෙතක් මිහිපිට තියෙනවද.
*අනිවාරයෙන්ම තියෙනව. තුවක්කු හැදුවම වෙඩි තියන්න පතුරං හදනව. ඒ වෙඩි වදින එකෙන් බෙිරෙන්න බංකර් හදනවා.ආමර්ඩ් ප්ලේට් එදනවා.තව එක එක ආවරණ හදනවා. හිසේ ඇම්මට පෙනඩෝල් හදනව. වකුගඩුවට වකුගඩුවක් හදවතට හදවතක් අක්මාවට අක්මාවක් බද්ද කරනවා.අවුවට වැස්සට හෙවන හදනව. ඉපදුනොත් මැරෙනව. ශබ්දයක් ඇතිකලොත් ඇහෙනව.විස විසකින් විස නසනව.  ඒ වගේම තමා මෙිකටත් බෙිතක් තියෙනව.
*ඉතින් ඇයි මෙික ඔබතුමන්ල නිශ්පාදනය කරන්නැත්තෙ.
*ඒක ආවට ගියාට බෑ. මට කියන්න තියෙන්නෙ තාම මා ඇතුලු මෙි පිලිබදව පරීක්ෂණ කරන අය තාම නිවැරදි මාවතට ඇවිත් නෑ. නිවැරදි මාවතට ආව දවසට ඒකත් ආරම්භ වෙනව.
*හොඳයි අපි මෙහෙම අහමුකො. ඇයි තාම මෙි නිවැරදි මාවතට ආවෙ නැත්තෙ.
*පැහැදිලිවම ලෝක දේශපාලනය නිසා.
මෙිකට තනියෙන් සටන් කරන්න බෑ දීපක්. බුදුන් වහන්සේ අනන්ත කාලයක් ගුණධර්ම දියුනු කරලා බුදුබවට පත්වුනා. උන් වහන්සේගෙන් බන අහල කෝට් ප්‍රකෝටි ගණන් නිවන් අවබෝධ කලා. ඒ ධර්මයම අද තියෙනවනං ඇයි අදත් නිවන් දකින්න බැයිද.පුලුවන්.උවමනාවක් නෑ.හේතුව සැපට ඇලිලා. සැප විදින්න ප්‍රධාන අවිය මුදල්.මුදල් පස්සෙ හැම රටක්ම යනව මිසක් කාටවත් උවමනාවක් නෑ යටත් වැසියන්ගෙ ගුණ ධර්මය දියුණු කරවලා නිවන් මාවතට දක්කන්න. නැත්තං නියමිත මාර්ගයට එන්න. ලෝකයේ විසිරිලා තියෙන දැනුම අත්දැකීම් පර්යේෂන ප්‍රථිපල මෙිව එක තැනකට එන්නෝන.ඒකට සම්මුති පිහිටුවන්න ඔින.කට්ටිය වැඩිකරන්න ඔින. ඒකට බුදු හාමුදුරුවො වගේ එක්කෙනක් මූලික වෙන්න ඔින. වාසිවලින් තොර වෙන්න ඔින. අන්න එදාට මෙි වෛරස් එකට විතරක් නෙමෙි මෙි ලෝකෙ තියෙන මෙතෙක් නොවිසඳුනු දේවලට පවා විසඳුමක් ලැබෙයි.
*ඉතින් මෙිකට මුල්පියවර ඔබ තුමාලටම තියන්න පුලුවන්නේ. ඇයි තාමත් බලා ඉන්නෙ.
*මෙිකනෙ දීපක්. මං කලින් කිව්ව වගේ මෙිකට මම හපනා කියන්න උත්සාහ කරන ලෝකෙට අභියෝග කරන්න අපි පුංචි වැඩී. මෙිකට අත පොවන්න ඔින දේශපාලනය. දේශපාලනයෙන් වට පිටාව හදල දුන්නම එයාල එතනින් ඉවත් වෙන්න ඔින. ඊට පස්සෙ ඉන්න අය කරගෙන යන්න ඔින. අපි ආවර්තිතා වගුවෙ තියෙන දේවලින් ප්‍රථිකර්ම හෙව්වත් මෙිකට ප්‍රථිකර්මය පුංචි ගහක කොලේක ගෙඩියක මලක මුලක තියෙන්න පුලුවන්.නැතිනං තවත් චූටි වෛරසයක බැක්ටීරියාවක තියෙන්න පුලුවන්. හොයන්න ඔින.හොයන්නැතුව හම්බ වෙන්නෙ නෑනෙ..නේද.
*ඇත්තෙන්ම ඔව්.ඔබ තුමාගේ විශ්වාසය අනුව මෙිකට අපි වගේ අයට කරන්න පුලුවන් මොකද්ද.
*ඒක වැදගත් ප්‍රශ්ණයක්. ආයෙත් මගෙන් මෙි ගැන ප්‍රශ්ණ නාහා ඉන්න එක කරන්න පුලුවන්.සරළවම කිව්වොත් ඒකට අපි කියනව කටයි අරකයි වහගෙන ඉන්නව කියල. එහෙම හිටියනං දැනට හොඳටම ඇති.
*හොඳයි.බොහොමත්ම ස්තුතියි ඔබතුමා අපේ ආරාධනය පිලිගෙන අපේ විදුනැණ පරික්ෂා වැඩසටහනට සහභාගිවීම පිළිබඳව.දහසකුත් වැඩ අතරින් පැය කාලක කාලයක් වෙන්කර දීම පිළිබඳව. එහෙනම් අදට අපි සමුගන්නවා මෙි වැඩසටහන තුලින් ඔබටත් අපිටත් හැපි කොරොන්ටයින් වෙිවා..ස්තුතියි.
තිරයෙන් පිටුපස
==============
😯😯😯😯😯😯😜😜😜🤔🤔😐😐🙄🙄🙂🙂🙂😁😁😁

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.19

1 comment:

  1. මහාචාර්ය තුමෝ.....ඔබ තුමාව සම්බන්ද කර ගත හැකි දුරකතන අන්කයක් ලබා දෙනවද....

    ReplyDelete