Sunday, May 10, 2020

කාවත්තමුනෛ කොටි ප්‍රහාරය

මෙි වෙනකොට මං හිටියෙ වාලච්චෙින කඳවුරේ. මෙි කඳවුර වටා තියෙනවනෙ පොයින්ට් පහක්. මං ඒක කලින් කතාවක කිව්වනේ. ඉතින් මෙික වෙන්නෙ 1999.04.12
 ඒ කියන්නෙ හරියටම සිංහල අලුත් අවුරුද්ද අනිද්දා.
මං මෙි වෙනකොට රාජකාරි කලේ කාවත්තමුනෛ පොයින්ට් එකේ. ඒක මුස්ලිම් ගමක් වගේම මායිම් ගම්මානයක්. අපේ පෙල අනදෙන්නා හිටියෙ කෝප්‍රල් සමන්කුමාර. දෙවන පෙල අනදෙන්නා හිටියෙ ලා/කෝප්‍රල් චමිල් රෝහන.( මල්ටි පර්පස් මැෂින් ගන් එක)
මගෙ බැජිය සමරනායක  (ලයිට් මැෂින් ගන් එක.(මෙතනට දාන සෙක්ෂන් එකට මැෂින් ගන් දෙකක් දානව) ඇතුලු අපි නව දෙනෙක් මෙතන පැය හැත්තෑ දෙකක් රාජකාරි කරනව. දවල්ට පොයින්ට් දෙකක් විදියටත් රෑට රැකසිට පහරදීමෙි තනි පෙළක් වශයෙනුත් කටයුතු කරනවා. අපි මෙතන රාජකාරියට ආවෙ පෙරේදා උදේ හතට.
මෙි පොයින්ට් එකෙන් අපි තුන් දෙනෙක් යනව නිරීක්ෂණ මුරයක් එතන ඉඳල මීටර් දෙසීයක පමණ දුරක්. එතන තියෙනව තඩි සයිස් සියඹලා ගහක්. ඔය ගහේ මැස්සක් එහෙම ගහල තියෙන්නෙ මුදුනෙම දෙබලක් අල්ලලා. සෙන්ට්‍රි ඉන්න ඔින ඔය ගහේ ගහපු මැස්සෙ. සියඹලාවට එහා පැත්තෙන් මීටර් විස්සක් තිහක් පමණ පළල කලපු තීරුවක්.ඒක හරියට ඇලක් වගේ. එතන ඉඳන් කිලෝ මීටර් ගානක් ඔිපන් එක.ගහට පිටිපස්සෙන් මුස්ලිම් ගම්මානය. ගහට නැගල වටපිට බලපුවම හතර වටෙිම තනිකර කොලම කොල පාටට දිලිසෙනව.ඒකටම තැනින් තැන අඩි විස්ස තිහ උස තල් ගස් මහ පුදුම ලස්සනක් පරිසරයට එකතු කරනවා. හවස තුන හතර වෙනකොට ලාවට තැඹිලි පාටට දම්පාටට හැරෙන්න පටන් ගන්න අහසත් මෙි කුඹුරු යායත් එක්ක තියෙන තල් ගස් අස්සෙන් පේන කොට මාරම ලස්සනයි. ඊටත් වඩා ලස්සන හවස පහමාර විතර වෙනකොට කම්මලේ කෝවෙ ගිනියම් වෙන යකඩයක පාටින් පටන් අරන් කෙමෙන් ලේ ගින්දර පාටට හැරෙන ඉර මෙි තල්ගස්වල අතු අතරින් පෙනෙද්දි දකිද්දි හිතෙන දේවල් වචන වලට පෙරලන්නම බෑ. ඒතරම් අලංකාරයි. ලස්සනයි. සොල්දාදුවෙක් ඇරෙන්න මෙි වගෙ දර්ශන කලාතුරකින් තමා අපේ සිංහල මනුස්සයෙකුට දකින්න ලැබෙන්නෙ. ඒත් මෙික සෙබලා දකින විදියට මෙි පරිසරයේ ලස්සනත් එක්ක තවත් හැඟීමක් හිතට එනව. ඒක කොච්චර ලස්සන පරිසරයක් දර්ශණයක් උනත් ඊට යටින් මෙි භූමියේ වෙස්වලාගත්තු හැංගිච්ච මරණයේ අඳුරු සෙවනැළි කොහෙන් කොයි මොහොතේ මතුවෙයිද කියල කාටද කියන්න පුලුවන්. ඒ හැඟීම් එක්කත් මෙි පරිසරය රසවිඳින්න පුලුවන් සෙබලෙකුට විතරමයි.
 කලපුවට එහා පැත්තෙන් ආයෙ තීරුවක් පන්ගස් තියෙන්නෙ. එතනින් ඉදන් කිලෝමීටර් දෙකක් විතර කුඹුරු යාය.එතනින් එහාට කැලේ සහ තල්මංඩි. තොප්පිගල එහෙම හරි ලස්සනට පේනව.ආයෙ  මුලු පලාතම ඔය ගහට පේනවා. හෙන සයිස් පතරංග සියඹලාව ඒක. මම සෙන්ට්‍රි ඉන්නකොට හරි ආසාවෙන් ගහට නැගල ඉන්නෙ මගේ ලොඳපැනපු කේපීඊ පුංචි රේ⁣ඩියෝ එකත් අහගෙන.
මමත් ලාකෝ චමිල් රෝහනත් ජයරත්නත් ඊයෙ ඔතන ඩියුටි හිටියෙ. මෙතන දවල්ට ඔිෆ් එකක් එහෙම අරං හීනියට හාංසියක් කාරිය දාන්න පුලුවන්. සනීපෙට නින්ද යනව. තොප්පිගල කැලේ පැත්තෙන් පිරිසිදු ඔක්සිජනුත් වෙල්යායෙ නැවුම් මඩගඳත් එකතු කරගෙන ගලාගෙන එන හුලං පාරට කලපුවෙන් ලවන මිශ්‍ර ජලවාස්පත් කලවම් වුනාම අමුතුම මිහිරි සුවදක් දැනෙන්නෙ. ඒ සුවදත් විදගෙනම තමා බිම එලාගත්තු ග්‍රවුන්ඩ් ෂීට් එකට වැටෙන්නෙ.සෙබලු නිදා ගන්නෑනෙ. රෙස්ට් කරනව විතරනෙ. අපිත් ඉතින් හතරගාතෙ දාල කට දෙපැත්තෙන් විටමින් පාර ගලනකං සැපට පැය දෙකක් තුනක් විතර රෙස්ට් කරනව. රෑට ඇහැරිල ඉන්නත් එපායැ.

ඔය සියඹලාව කිට්ටුවට සිවිල් මිනිස්සුන්ට එන්න බෑ. තහනම්. ඒ නිසා ඉතින් අවුලකුත් නෑ.

⁣අපේ පොයින්ට් එකට කෑම ලොරියෙ ගෙනත් දෙනව. සියඹලාවෙ ඉන්න අයට පොයින්ට් එකේ කව්රු හරි කෙනෙක් කෑම තේ ගෙනත් දෙනව.
 ⁣තේ එහෙමත් පොයින්ට් එකේ හදල අපිට ගෙනත් දෙන්නෙ.  ඒකට වතුර ගන්නෙ පොයින්ට් එකට මීටර් පනහක් පමන දුරකින් තියෙන තහඩු වලින් වටකරපු ලිඳෙන්.ඒක අපි විතරයි පාවිච්චි කරන්නෙ. මූන හෝදන්නෙත් නාන්නෙත් ඔිකෙන්. එතන ඉඳන් මීටර විස්සක් පමණ දුරකින් දිග කපරාරු නොකරපු ගඩොලින් බැඳපු වයසක පොරක්ගෙ කටේ තියෙන දතක් වාගෙ අතින් තට්ටුවක් දැම්මත් හෙල්ලෙන තාප්පයක්. පොයින්ට් එක තියෙන්නෙත් ඔිපන් එකක.⁣එහෙමත් නැත්තං විවෘත භූමියක.

 අපි රෑට ස්ථානගත වෙන තැන අනුව තමා රෑ රෙස්ට් කරනවද නැද්ද කියල තීරණය වෙන්නෙ. ඒකට හේතුව මෙතන ඉඳල ගුවන් සැතපුම් දෙකක් දෙකහමාරක් විතර දුරින් එල්ටීටීඊ කඳවුරක් තියෙනව. ඒ නිසා මෙතන ඩෙින්ජර් ටිකක්.

ඉතින් අපි ඊයෙ ඔතන ඩියුටි ඉදල පට්ට රෙස්ට් පාරක් එහෙම දැම්මා. මෙි වෙනකොට කෝප්‍රල් සමන් කුමාරත් ලා/කෝ චමිල් රෝහනත් නිවාඩු යන්න හිටියෙ. හෙට උදේ කඳවුරට ගිය ගමන් මෙි දෙන්නයි ජයරත්නයි නිවාඩු යනව. පෙරේදා එද්දි නිවාඩු දාල ඇවිත් තිබුනෙ. දැං බලයි අප්‍රෙල් දහතුනම නිවාඩු යන්න ඔිනද කියල.ඒක මෙහෙමයි ඉතින්. අපිට ඔින ඔින වෙලාවල් වලට ඉතින් එහෙම බෑනෙ. නිවාඩු ගියපු අය ආවම ඒ ආව අය වෙනුවට තමා ඉන්න අයට නිවාඩු දෙන්නෙ.

 ඔය එදාට කලින් දවසෙ රෑත් අපි ඇම්බුෂ් එක(රැක සිට පහර දීමෙි කණ්ඩය) ගිහින් උදේ හතට විතර ආව. අපිට එදා ඉන්න තිබුනෙ මුස්ලිම් ගමෙි. ස්ථාන දෙකක. අපි නවදෙනා දෙකට කැඩිල දෙපොලෙ හිටියෙ. 
අපිට ඉන්න තිබුනෙ පොඩි කඩමංඩියක. ලයිට් එහෙමත් තියෙනව. අවුලකුත් නෑ. අපිට තිබුනෙ ඊට ටිකක් එහාපැත්තෙන් තිබුන ඉස්සො කොටුවලට යන එන අය ගැන නිරීක්ෂණය කරන්න. අපිත් අවධානෙන් යන එන අය දිහා එයාලට හොරෙන් බලාගෙන හිටියා. සමහර දවස්වලට වාලච්චෙින පැත්තෙන් එන කොටි තොප්පිගල පැත්තට ක්‍රොස් කරන්නෙ මෙි පාරෙන් සහ කෝප්‍රල් සමන් කුමාර ඉන්න තැන පාරෙන්. රෑට බඩු ආවනං ඉතින් අඹසරණයි උන්දැලට.
ඒත් කාගෙ වාසනාවටද මංදා බඩු ආවෙ නෑ. රෑ බල්ලොත් බිරුව. ඒ නිසා අපි දෙන්න දෙන්න තමා සෙන්ට්‍රි හිටියෙ. කියන්ඩ බෑනෙ. ඔිනම සොල්දාදුවෙකුට ඉවක් තියෙනව. ඒක සත්තු කෑ ගහන විදිය හැසිරෙන විදිය සහ භූමියේ වෙනස්කම් වලිනුත් තේරෙනව. එදා රෑ බල්ලො බිරුවම ඉතින් ලොකු සැකයක්.
ඒත් එදා රෑ  දෙයියනේ කියල කිසි කරදරයක් උනේ නෑ. උදේ පහට අපි කලින් කතාකරගත්තු තැන ටීම් දෙකම එකතුවුනා. උදේ පහට මුස්ලිම් හැම මනුස්සයම නැගිටල නාල එහෙම අල්ලා හුවක්බර් කියන්න පල්ලි යන්න ලෑස්ති වෙනව. අපි අදුරන මිනිස්සුත් මෙි ගමෙි ඉන්නව. ඒ මිනිස්සුත් රෑට බය නැතුව නිදාගත්තෙ අපි නිසා. මොකද ඊට  කාලෙකට කලින් කොටි ඇවිත් මෙි ගමට අමර සැපක් දීල තිබුනා. එදා ඉදන් මේ ගමටත් එක්ක තමා මෙි පොයින්ට් එකත් කරන්නෙ.
අපිත් උදේ එකතුවෙලා කතා බහ කර කර හිමින් සැරේ පොයින්ට් එක පැත්තට තියෙන ගමෙි සීමාවට ආව. ඊලඟට තියෙන්නෙ ඒරියා එක ක්ලියර් කරගන්න. ඒකට එලිවෙනකං ඉන්න ඔින. අපි හයයි තිහට විතර තමා පටන් ගන්නෙ. මොකද ඒ වෙලාවට තමා අපේ කඳවුරේ රයිඩර් ටීම් එකයි ආර්මඩ් කාර් ටිකයි ස්ටෑන්ඩ් බයි වෙන්නෙ. අපි ඒරියා එක ක්ලියර් කරන්න යන්නෙ පැය භාගයක් විනාඩි හතලිස් පහක් විතර. ඒත් අරයල පැයක් අපි නවදෙනා වෙනුවෙන් ස්ටෑන්ඩ් බයි ඉන්නව. (ඒව සැලසුම් අනුව වෙන්නෙ)
කෝපල් සමන් කුමාරගෙ උපදෙස් පිට අපි හරස් පෙලක් ගහල ක්ලියර් කරා. ගම්මානෙ කෙලවරේම සමරනායකත් (LMG)තව කෙනෙකුත් හදිසියක් වුනොත් කඩාගෙන බිඳගෙන එන්න නතර කරල  ඒත් පරිස්සමින් අපි ක්ලියර් කරගෙන ආව. (එයාල පොයින්ට් එකට එන්නෙ අපි ක්ලියර් කරල ඉවරවුනාම) කියන්න බෑනෙ. රෑ බල්ලොත් බිරුව නිසා අපි ගොඩක් පරිස්සමින් තමා ආවෙ. කිසිම අවුලක් වුනේ නෑ. අපිත් ඉතින් අවුලක් නැති නිසා රිලැක්ස් වෙලා තේ දාන්න ලෑස්තිවුනා. කට්ටියම ඉන්න ඉන්න තැන්වලින් පොයින්ට් එක පැත්තට එන්න ආවත් පොයින්ට් එක ඉස්සරට ටිකක් දුරින් තියෙන තේ කඩෙිට අංගම්මනයි එදිරිසිංහයි ගියා තේ බොද්දි කන්න මොනවා හරි ගේන්න.
  අපි රෑට යද්දි පොයින්ට් එක අස්කරල ඉතිරි වතුර පවා හලල ඉදලෙන් හොදට පිලිවෙලකට අපේ බූ⁣ට් පාරවල් මැකෙන්න අතු ගාල එහෙම තමා යන්නෙ. මොකද රෑට කව්රුහරි පොයින් එකට ඇතුලු වුනොත් උන්ගෙ අඩි පාරවල් පේන්න.
මාත් ජයසිංහත් සමරනායකත් කලගෙඩියත් අරන් දත් බුරුසුවත් කටෙි ගහගෙන සන්නද්ධ ඇදුමෙන්ම ගියා මූනත් හෝදගෙන වතුරත් අරගෙන එන්න.(අපි වැසිකිලියට ගියත් සන්නද්ධව තමා යන්නෙ) 
*ඉක්මන්ට වරෙල්ල ඈ. කෝප්‍රල් සමනුයි ලාකෝ චමිලුයි පොයින්ට් එකට ඇතුලුවෙන දොරටුව ගාව තිබ්බ තල්කොටෙි උඩින් වාඩිවෙන ගමන් කිව්වා.
අපිත් හා කියල ගියා. එයයි ලාකෝ චමිලුයි බැජියල. එක කෝස් එකේ. එක ප්ලැටූන් එකේ.
අපිත් ගිහින් වතුර එකයි අදින්න පුලුවන් වුනේ. එක පාරටම අපිට වෙන්නෙ මොකද්ද කියල හිතාගන්නවත් කාලයක් ඉතුරු නොකර කොටි රෑනක් පොයින් එකට කඩා පනින ගමන් එක සීරුවට විශ්මිත ප්‍රහාරයක් එල්ලකරන්න පටන්  ගත්තා. එක දිගටම ෆයර් එක.හිතාගන්නවත් බැරි විදියට. පොයින්ට් එකට මෙහා කලපුව  පැත්තෙන් එලියට පැනපු ටීම් එකක් අපි තුන්දෙනාටත් එක පොකුරට  වෙඩි තියාගෙන දුවගෙන එන්න හැදුවත් අපිත් එක පාරටම වෙඩිතියන්න පටන් ගත්තු නිසා උන්ගෙ  ඒ ගමන වැළකුනා.  අපි හිටපු තැනට වෙඩි වදින්නෑ ලිංගැට්ටට අපි කවර්වෙලා හිටියෙ.. අපි තුන්දෙනා ඉන්නෙ ඔිපන් එකේ. අපිත් ක්ෂණිකව ක්‍රියාත්ම වෙලා ලිඳ ආවරණයට අරං පස්සට පැන්නා. ඒ පැන්නෙ තාප්පෙට කවර් වෙන්න වෙඩිත් තියන ගමන්ම.  සහතිකයි මං පියවි ඇහින් දැක්කා සෙබලෙකුට වෙඩි වදිනව. ඒ වැදුනෙ එල්එම්ජී එකේ හිටපු සමරෙට. ඒ වුනාට බඩු වැඩ. ඌත් අපි එක්කම කොර ගගහ පස්සට පැන්නා.
සෙබලෙකුගෙ චිත්ත ධෛර්ය්‍ය.....😭😭😭.
ඒ පනින්දිත් මායි ජයසිංහයි වෙඩි තියාගෙනම තමා පැන්නෙ. අරුනුත් අපි දිහාට එන්න වලිකනව. අපි තුන්දෙනාම තාප්පෙට කවර්වුනත් සමරෙ තාප්පෙ ඔන්න මෙන්න කියල තියෙද්දි වැටුනා.මං ඉස්සෙල්ල තාප්පෙට කවර් වෙලා එක දිගටම වෙඩි තියන්න ගත්තා.ජයසිංහ අර වෙඩිවරුසාව මැද්දෙ සමරෙව ඇද්දා තාප්පෙ අස්සට.මං ඒක කරගන්නකං කවරින් ෆයර් එකක් දුන්නා.
කියන්නං විස්වාස කරන්න. මගෙ ජීවිතේ පළවෙනි වතාවට කොටි ආරූල් වෙඩි තියපු පලවෙනි සහ දැකපු අවසාන අවස්ථාව. අපි තාප්පෙට කවර්වුනාම ආවා ආරූල් පාරක් තනි ගඩෙිලින් හදල තිබුනු තාප්පෙ බිමටම සමතලා වෙන්න. ඒත් අපි ගේම අතෑරියෙ නෑ.
සමරෙට  වෙඩි වැදිලත් ඌ තාප්පෙ කොනේම ඉදන් එක දිගටම වෙඩි තියනව අමුතිත්ත කුණුහරප කෑ ගහ ගහ. අපේ පොයින්ට් එකෙන් කඩෙිට ගිය දෙන්න ඒ පැත්තෙ ඉඳන් අපිට එකතු වෙන්න ආව වෙඩි තිය තිය. උන් දෙන්නත් ඉදන් එක සීරුවට ෆයර් කරනව. කලපුව පැත්තෙන් මතුවුන  කොටි අපි ගාවට එන්න කොච්චර උත්සාහ කලත් අපිට උන්ව උන්ගෙම තැන තාවකාලිකව නතරකර ගන්න   පුලුවන් උනා. වෙඩි වැදිල හිටියත් සමරෙගෙ ගන් එක අපිට පට්ටම හයියක් දුන්නා .මායි ජයසිංහයි කඩාවැටුන  තාප්පෙ කොන් කෑල්ලකට  කවර් වෙලා හිටියෙ. එක දිගටම ලින්ක්ස් එකක් වෙඩි තිබ්බ සමරෙ ආයෙ ලින්ක්ස් එකක් ගන් එකට දානව දැක්ක.ඒකෙනුත් බාගයක් වෙඩි තියන කොට "චිග්-චිග්" ගාල සද්ද දෙකක් ආව. ඒත් එල්එම්ජිය වැඩ. මගෙ රත්තරං බැජියා..මගෙත් මෙි වෙනකොට මැගසින් අටෙන් පහක් විතර ගහල තිබුනෙ.ඒ වැඩිපුර පොකුරු උන්ඩ ගිය නිසයි එලියෙ හිටපු දෙන්න අපි කිට්ටුවට ගෙන්න ගන්නයි ඔින නිසා වැඩිපුර වෙඩි තියන්න වුනා.. මොන මගුල කරන්නත් කිලෝමීටර් තුනක් දුරින් සහයට බැකප් එක එනකං ෆයර් එක අල්ලං ඉන්න ඔින. අපි පැත්තදාල ඉන්න තැන ලඟම උන්ඩ පතිත වෙද්දිත් කන ගාවින් සිං සිං ගාල වෙඩි උන්ඩ යද්දිත් අපිට ඒව ගානක් උනේම නෑ. අපිට උවමනා වුනේ සපෝර්ට් එක එනකං මෙික අල්ලං ඉන්න. ඒත් අපිට පොයින්ට් එකෙන් වෙඩි තියන සද්දයක් ඇහුනෙම නෑ. මෙි වෙනකොට ඇස් දෙකේ කදුලු පිරෙන්න ඔන්න මෙන්න. ඒත් ගේම අතෑරියෙ නෑ. දෙවෙනි ලින්ක්ස් එකෙනුත් බාගයක් විතර වෙඩි තියල එකපාරටම එල්එම්ජිය නිහඩ උනා. ඒක ලගම හිටියෙ ජයසිංහ.ඌ සමරෙගෙන් එල්එම්ජිය ඇදල ගත්තා.බඩගාල ගිහින්. මං ජයසිංහගෙ මැගසින් ටික අරගත්තා.
ජයසිංහය වෙව්ලනව.තරහට.මාත් වෙව්ලනව. එකම හයිය අනික් පැත්තෙ හිටපු දෙන්නා. උනුත් ගහනව(උන් දෙන්නට අපි ගාවට එන්න අවස්ථාවක් වුනේම නෑ). ආරූල් වලින් අපිට කිසි හානියක් නූනත් තා⁣ප්පෙ කඩාවැටුන. ඒත් අපිට බිම දිගාවෙලා කවර් වෙන්න තරම් පොඩ්ඩක් තැන් තැන්වල ඉතුරුවෙලා තිබුනා.අපි එක සීරුවට මරා ගද්දි පිටිපස්සෙන් අපේ රයිඩර් ටීම් එකේ 3ශ්‍රීලංජාආබමු ලාකෝ රණසිංහයි බඩියයි(දැන් මට මතක නම ඒ. බළල් ඇස් තියෙන්නෙ. සුදුයි).තව බයික් එකකුයි කඩාගෙන මතුවුනා. උන් ටිකත් අර ෆයර් එක අස්සෙ ඒ මැද්දටම පැනල එක දිගටම වෙඩි තියන ගමන් අපිට එකතු උනා. තව විනාඩි පහක් උනුත් පරක්කු උනානං සමහර විට මෙි කතාව අද ඔයාලට කියවන්න වෙන්නෑ.ඒත් එක්කම රයිඩර් ටීම් එකේ අනික් අයත් ආව.අපි දෙගොල්ල එකතුවෙලා  නැගිටල දුවමින් ආයෙ ඩවුන් යමින් වෙඩි තියාගෙන තියාගෙන පොයින්ට් එක පැත්තට ගියා. එ් වෙනකොට පොයින්ට් එකට ඇතුල් වෙච්චි කොටි පොයින්ට් එකේ පස් කන්ද උඩින් එලියට පනින්න ඒක උඩට නගිනව දැක්ක  කෝපල් රණසිංහත් එක්ක ආපු බඩිය එතනට උගේ එල්එම්ජිය මිරිකගෙන හිටිය.ඇස් පනාපිට දෙන්නෙක් හැඳිගෑ⁣විල වැටුනා. පස්සෙ උන්ගෙ එලියෙ හිටපු එවුන් සීසීකඩ පැන්න. අපිත් ඇරියෙනෑ. ඉන්න තැන් වලින්  නැගිට්ට අපි ආායත්  පන්නගෙන ගියා.පන්න පන්න වෙඩි තිබ්බා.ඉස්සර ගස්පනින සෙල්ලම කරනකොට පන්නගෙන ගිහින් අනිකගෙ පිටට ගහනව වගෙ ලඟ ලඟ පන්න පන්න වෙඩි තිබ්බා. කොට කලිසං ඇදල කලු ටීෂර්ට් දාල ගෝනි තොප්පි දාල ඒවගෙ කොල අතු කෑලි ගහගෙන බඩු හිටියෙ. පොයින්ට් එක හරහා ඉස්සරහට දුවපු මම අපේ පොයින්ට් එකේ හිටපු එ⁣ක්කෙනෙක්ගෙ මැගසිනුත් අරන් තමා ආයෙ පැනල පන්නගෙන ගියෙ. පස්සෙ අපි උන් පස්සෙ පන්නගෙන ගියා  කිලෝමීටරයක් විතර යනකං. බෙිරිල යන්න පුලුවන් වුනෙ දුරින් ඉදල දුවපු එවුන්ට විතරයි.
පස්සෙ ආර්මඩ් කාරුත් ආව.රයිඩර්ස්ලත් එක්කම යුනිකෝන් එක පාර අයිනෙ තිබ්බ වෙනත් තාප්පෙකුත් කෙලින් කරගෙනම ඇවිත් තිබුනෙ. ඒකෙ ආපු අය පොල්වත්ත හරහා කලපුව පැත්තට දුවනව දැක්කා. පැයකට විතර පස්සෙ අපි පස්සට ආව. ඒ එනකොට පස්සෙ ආපු අපේ කට්ටිය පොයින්ට් එක ක්ලියර් කරල. ජයරත්න බංකරේ ඇතුලෙම උන්ඩි වෙලා හිටියා. ලොකුහෙට්ටි බංකරේන් එලියෙ බිම වැටී හිටියා. කෝපල් සමන් කුමාර ලා/කෝ චමිල් කුමාර තල්කොටෙි උඩ ඉඳගෙන හිටපු ඉරියව්වෙන්ම බංකරේ කොටෙිකට හේත්තු වෙලා දුර ගමනක් ගිහින් හිටියා.
සමරතුංගට උන්ඩ හයක් වැදිල ඒයාත් අපිව අතෑරල දුරගමනක් ගිහින් හිටියා. කඩෙිට ගිහින් ආපු දෙන්නගෙන් අංගම්මනගෙ (කෝපල් සමන්⁣ලගෙ බැජියෙක්) වම් කකුලට උණ්ඩ දෙකක් වැදිල තිබුන කියල දැකපු කෙනෙක් කිව්වා.අපි එද්දි එයාව අපේ කට්ටියක් අරං ගිහින්. ඔක්කොම පස්දෙනෙක් අපිව අතෑරල තිබුන. එක්කෙනක් තුවාල වෙලා.මායි ජයසිංහයි එදිරිසිංහයි  බෙිරුනත් එදා මැරුනනං හොදයි කියල හිත හිත උන්නා.
අපි පෙනේර වෙච්චි එල්ටීටීඊ දා හතර දෙනෙක් ගෙ ඩෙත් බොඩි හොයාගත්තා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.10

4 comments:

  1. ඔබලා කල කැපවීම අපේ මිනිස්සුන්ට ඉක්මනින් ම අමතක වීම තමා දුක....ඔබ ලියන විදිය නම් පoකාදුයි.....සීන් එක මමත් ඇස් දෙකෙන් දැක්කා වගේ කියවගෙන යනකොට දැනෙන්නේ .....දිගටම ලියන්න...අපි බලන් ඉන්නවා...

    ReplyDelete
  2. මම එකපෙලට ඔබේ ලිපි පෙල කියවලා ඉවර කරනවා ...ඔබගේ ලිවීමේ හැකියාව අති විශිෂ්ඨයි ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හරිම සතුටක් දැනෙනවා සටන් බිමේ සැබෑ විරුවන්ගෙ දස්කම් කියවද්දි...... 3000 .....4000 එක රැයට මැරුව කියපු ද්‍රෝහීන් වීරයො කරගෙන සැබෑ විරුවන්ගෙ නාමය අලවි කරණයේ යෙදුන පුස්සන්ට මිස මේ ලක් දෙරණ රැක ගත් සැබෑ විරුවන් වන ඹබට සැබෑ දේශප්‍රේමී කිසිවෙක් කිසිදා ගරහනු නොවනු ඇත. ඹබ සදා වන්දණීයයි
    .......

    ReplyDelete