Monday, May 4, 2020

ස්ටෑන්ටූ පණිවිඩෙි යවපු හැටි

මෙි වෙනකොට මං හිටියෙ කිරාන්.දිනය කියනවනම් හරියටම 1997.04.20
මෙි කඳවුරේ තියෙනව පාලම් පොයින්ට් කියල එකක් .තාරාවිකුලම් පුඩිපංචිකල් ඉඳල ටවුමට එනවනම් මෙි පොයින්ට් එක හරහා තමා එන්න ඔින. මෙතන තියෙන්නෙ මඩකලපුව ඉදන් වාලච්චෙින  ඔිට්ට මාවඩි හරහා නැවත මුහුද දක්වා එන කලපුව .මෙිකඳවුරේ තිබුනා පුල්ලෙයාර් කෝවිලක් තෙලඹු ගහක් යට. මං හැමදාම ඔය කෝවිල ඉස්සරහට ගිහින් පුල්ලෙයාර් දෙවියන්ට සැලියුට් කරල එක දෙයක් කියනව. මෙි කාලෙ වෙනකොට අපි කිරාන් ඇවිද්දෙ බට්ටො පාත්ති උඩින්.ඒතරං බට්ටෝ. ජොනීායායි එපී 50යි. ඉතින් මං
* මගේ ආදරණිය පුල්ලේ.. අද මං පිකට් ඉන්නෙ..මාත් මගේ යාලුවන්ගෙත් දණිහෙන් පල්ලෙහා ආරස්සා කරල දෙන්න ඔින හොදද.නැහ්නං ඔයාට බතුත් බෑ හෝඳේ. මෙිපාර උත්සවෙි අපි කරනව එතකං අපිව බලාගන්න ඔින හරිය...

පිකට් පෝලිං වෙලා යනගමන්තමා ඔහොම කියන්නෙ.අපි කව්රු හරි ඉතින් හංදියෙන් හවසට එනකොට කුරුම්බ ගෙඩියක් තැබිලි ගෙඩියක් අරෙහෙ මෙහෙ ගෙනත් දෙනව..බොන්න කියල.

ඉතින් ඔහොම  එක දවසක් මං කඳවුරේ ඩියුටි හිටිය අතරතුරේ ඉන්න බෑ බඩගින්නක් ආව.කෑමත් පරක්කුයි.
මට මතක්කුනා ඊයෙ හවස කුරුම්බ ගෙඩි දෙකක් කෝවිලට පූජාකරපු එක.
ගියා කෝවිලට.සැලියුට් කරා..
*එස්කියුස්මී  පුල්ලෙ. මට අවංකවම බඩගිනියි. මං මෙි කුරුම්බා ගෙඩිය හුදෙක් ගන්නේ මගේ බඩගින්නට මිසක් පෙරේත කොමකට එහෙම නෙවෙයි.
බොන්නද??
ආයෙ සැලියුට් පාරක් ගහල ගත්තා කුරුම්බෙ.. ලඟම තියෙන බංකරේට ගිහින් හිල් කරගෙන බීල පලාගෙන ලොඳත් කෑව. අවුලක් වුනේ නෑ තාම..

ඉතින් ඔහොම ඉන්න අතරෙ (මෙි දවසෙ මං පිකට් හිටියෙ නෑ.) හවස රාත්‍රී මුර රාජකාරි වැටුනා. මං නයිටි හතරෙ. අපේ ප්ලැටූන් එකේ හිටිය කොල්ලො දෙන්නෙක්.හෙන ගොතයි.
එකෙක් සමරතුංග.අනික ජයලාල්. අපිත් උන් දෙන්නගෙන් වචනයක් ගන්න පට්ට කට්ටක් කන්නෙ.අකුරු පහක වචනයක් කියන්න විනාඩි පහක් ⁣නං ගොත ගහනව.
එදා හරි අදුරු දවසක්. 😁😁😁
අපේ කඳවුරේ 18:30-1900  අතර පැය බාගයක කාලයක් උපක්‍රමික සීරුව කරනව.
එහෙම කිව්වට දවසින් දවස වෙලාව වෙනස් වෙනව.මෙිකෙ අරමුණ අඳුරට දෑස හුරුකර ගැනීම.
එදා කොහොම හරි තිබුනෙ ඉහත කාලය තුල.
අපිටත් පොයින්ට් එකෙන් පොයින්ට් එකට පණිවිඩෙි ආව.
*මචං හයා මාර හත ඈ..
මාත් අල්ලපු පොයින්ටි එකට කිව්වා.ජයලාල් හිටියෙ.
හැම පොයින්ට් එකේම එක්කෙනයි කලාතුරකින් දෙන්නයි මෙි ටයිම් එකට පොයින්ට් එකේ ඉන්නෙ. ⁣අනිත් කට්ටිය පිකට් ගිහින් ආවම තමා එන්නෙ. අල්ලපු පොයින්ට් එකේ ජයලාල් ඉන්නෙ. මාත් පනිවිඩෙි යැව්ව හයියෙන්ම.
*ජ...ජ....ජ....ජ...ජ...ය්ය්ය්ය්....යා... හ.හ.හ
හ.හ.හ.හ.හ.හ.හහ යයි ත්ත්ත්ත්තිහ.හහහහහහහහහහහත ඈ..
කියල
*අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අන්න්න්න්නේ.නේ.නේ.නේ..උ.උ.උ.උ.උ..උ.උ.උ.උ.උ.උ ම්ම්ම්බහු&@%$පන්.. කියල පනිවිඩෙි ගත්තා කිව්වා.
මගෙ පොයින් එකට පනිවිඩෙි එනකොට හයයි තිස් පහට ඇති.එතනින් එහාට තමා මෙි දෙන්න ඉන්නෙ.දෙන්නම කුක්ල.කුක්ල දාන්නෙ කුස්සියෙ ගාවම තියෙන පොයින්ට් දෙකකට.එහාපැත්තෙ කුස්සිය.

මං අහගෙන ජයලාල් හයියෙන්ම  සමරතුංගට පනිවිඩෙි කියනව..
*ස්සස්සස්සස්සස්ස්සස්ස්සස්සස්..ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස.ස. මරේ..
හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හහ.හ.හ.හ.හ.හ
*ඔික කියපන් යකෝ හක් හක් ගගා ඉන්නැතුව.. ඒ මම මෙහා පොයින්ට් එකේ ඉඳන්..අවවාදයක්..
*ක.ක.ක.ක.ක.ක.කක.ක.ක.ට්ට ව්ව්ව්ව්ව්ව්ව්වාපන් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හුහුහුහු.%@$&@තෝ.. ඒ මට රිප්ලයි එක.😁😁😁
ආයෙ ජයලාල් මුල ඉඳන්...
*ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සසසසසසසසසසසමරේඒඒඒඒ....
හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හ.හහ.හ
*අතෑරපන් හු%@$$තෝ...ඔික..වෙලාව පහුාවයි😁😁😁😁ඒ මම..
*ත්ත්ත්ත්ත්ත්ත්ත්ත්ත්ත්තතොත් තොත් තොත් තොත්තොත්තොත්තොත්තොත්තොතොග්ග්ග්ගෙ..අආආආආආආආආුාප්පට හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හැ හැ%@&$*@&නෙන්ඩ
ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කකකකට්ට්ට ව්ව්ව්ව්ව්ව්ව්වාපන් හුහ්හුහ්හුහ්හුහ්හුහ්හුහ්හුහ්හුහ්හුහ්හුහ්..හු හු හු හ හු හු හු හු .හු&@&$තෝ..... ඒමට රිප්ලයි එක😁😁😁

*ජයලාලය ආයෙ අමුතුවෙන්ම සටන පටන් ගත්තා..
සස්සස්සස්සස්සස්ස්සස්සස්සස්සස්සස්සස්සස්ම්ම්මරේඒඒඒඒඒ...හහ්හහ්හහ්හහ්හහ්හහ්හහ්හහ්හහ්හහ්හහ්ය්ය්ය්යයි තිත්තිත්තිත් තිත්තිත්තිත්තිත්
*තිත් තිත් තියන්නැතුව කියාං යකෝ ටයිම් පහුවෙයි...😁😁😁😁
*මම්මම්මම්මම්මම්මම්මම්මම්මම් මම් උ උඋඋඋඋඋඋඋඋඋම්ඹට සැස්සැස්සැස්සැස්සැස්සැස්සැස්සැ්ස් සරයක් කික්කික්කික්කික්කික්කිව්වා ආආආආ....
කියන කොටම මං කිව්වා.
හරි හරිඋඹ මට සැරයක් කිව්වා..දැං පනිවිඩෙි යවපන්..මාත් හයියෙන්ම කිව්වා..
*තොතොතොත්තොත්තොත්තොත්තොත්ට්ට
⁣වෙව්වෙව්වෙව්වෙව්වෙව් වේඩි තිත්⁣තිත්තිත්

ඔය කියන්ඩ යන්නෙ මං කටවහං හිටියෙ නැත්තං වෙඩි තියනව කියල මගේ ආදරණීය යාලු⁣වනේ.ඉතින් මං කට වහගත්තා. වෙඩිත් කාහල්ලකො උදව් කරන්ඩ ගිහින්😁😁😁☺️☺️

ඒක හෙන ආතල් ටයිම් එකක්.
කොහොම හරි මූ මෙතන විනාඩි දහයක් පනිව්ඩෙි ගොත ගැහුව. ඊට වඩා ගොතය සම⁣රතුංග.එතන විනාඩි දහයයි
මං අහගෙන සමරෙත් පනිවිඩෙි යවන හැටි.
වෙලාව බලනකොට හතයි.තව පොයින්ට් පහක් ඉතුරුයි.පණිවිඩෙි යන්න.

පහුවදා උදේ කන්න ගියාම සමරෙට එහා පැත්තෙ පොයින්ට් එකේ බුවා සයිමන්..මං උගෙන් ඇහුවා පනිවිඩෙි ආවද මචං ඊයෙ ඉස්ටෑන්ටු ටයිම් එකේ..කියල.
ඌට මුකුත් කියාගන්න බැරිඋනා.. නාහෙන් බත් ඇට පැන්නා.😁😁😁😁😁

ඊට හරියටම මාස දෙකකට පස්සෙ සමරතුංගත් අවුරුද්දකට විතර පස්සෙ ජයලාලුත් ආයෙ කවදාවත් ගොත ගැහුවෙනෑ.😭😭😭😭😭

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.27

No comments:

Post a Comment