Monday, May 4, 2020

බූවැලිකඩ ඉන්ස්පෙක්ෂන් දුන්නු හැටි

මං මෙි වෙනකොට හිටියෙ පුදුකුඩිඉරුප්පු. නුවර බූවැලිකඩ අපේ ස්කූල් එකට ගියේ අපිට අනිවාර්ය තවත් පාඨමාලාවක් හදාරන්න. මෙිකටනං මං ගියේ බෑ බෑ කියල.ඒත් යන්නවුනා. ඉතිං මාත් පස්සෙ හිත හදාගෙන ඉතාම සද්දාවෙං බඩු මුට්ටු ටිකත් ඔක්කොම අකුලගෙන ගියා නුවර.

පාඨමාලාවත් පටං ගත්තා.ඒත් කිසිම කික් එකක් තිබුන්නෑ. මොකද කියනවනං ඒ කෝස් එකට ඇවිත් හිටිය ඩෑල් ටික අවුල්. සමහරු ජිල් බෝල හොදි වගේ. ලුනුවත් දැම්මට අහන්නෑ.
තව සමහරු සරුවත් වගේ.පෙනුම විතරයි මෙලෝ රහක් නෑ.
තවත් කොට්ටාශයක් හිටියා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ලොන්ත මොංගල් ඩෑල් ටිකක්. ආතල් එකක් ගන්න කිසිම සෙට්වෙන පාටක් නෑ..
මාත් ඉතින් ලාවුලු කාපු ඔටුව වගේ සතියක් විතර යනකං පාඨමාලාව ඔහේ ඇදගෙන   හිටියා..
මෙි කෝස් එකේ හිටියා හංකුචු කාරයෙක්..නම රුබෙිරු.
තව හිටියා සුපිරි පහේ කබ්බෙක් කබ්රාල් කියල. පොර අාමි එකට ඇවිත් තිබුනෙ
මං ඉපදිලා අවුරුදු දෙකකින්. ඒතරං පොර ඇබ්සන්.කබ්රාල් කිව්වම මගේ රෙජිමෙින්තුවෙ අය ඔන්න හිනාවෙයි.ඈ. අපිට වඩා ගොඩක් සීන්යර්.ඒ වුනාට මං තරම්වත් සර්විස් එකක් තිබුන්නෑ. මොකද ආමි එකේ හිටියට වැඩිය පොර ඉදල තියෙන්නෙ ගෙදර.ඒ කියන්නෙ ඇබ්සන්.
ඉතිං සතියක් දෙකක් යනකොට කෝස් එකත් අපිට ගානට දෙන්න පටන් අරගෙන තිබුනෙ.
අපිටත් ඉතින් කදු දුවල එහෙම හෙන මහන්සියිනෙ අප්පා.
එක දවසක් අපේ කෝස් එකට පනිෂ්මන්ට් දුන්නා.
ඒ එක්කම කිට් චෙින්ජ් එකක්.කිව්වට විස්සාස කරන්ඩ මයෙ අප්පලා..රෑ නමයෙ ඉදන් පාන්දර එකොලහ එකොලහ මාර වෙනකං.ටිකක් එහෙම නෙමෙි. බාගෙට මැරෙනකං. ඒක නිකන් මෙි මෙි අපේ විනයද මොකද්ද කේස් එකක් නෑ කියලලු..😁😁
අපේ කට්ටිය උපදේශක මහත්තුරුන්ට විශ් කරන්නෑ කියල එක හේතුවක්.ඔික දවස් ගානක් තිස්සෙ අපිට කිව්ව චෙක් වෙලා තියෙන්නෙ පරිස්සමින් හුස්ම ගනියවු කියල.අපිට නීතියකුත් දැම්මා ඉස්සරහට හම්බෙන්නෙ මොකාද අනිවාරයෙන්ම ඌටත් විෂ් කරන්න ඔින කියල.ඇයි විනයක් නෑ කියල.අපිත් ඉතින් ඉස්සරහට හම්බෙන හැම මනුස්සයටමයි කෙල්ලටයි කොල්ලටයි බල්ලටයි කුකුලටයි හරකටයි මීමටයි බූරුවටයි  හැම එකාටම විශ් කරනව.මටත් මෙික හෙන ආතල් එකක් වෙලා තිබ්බෙ ඉතින්.
"ගුඩ් මෝනිං හරකෝ"
"ගුඩ් මෝනින් පූසෝ"
"ගුඩ් මෝනිං කුකුලෝ"
"ගුඩ් මෝනිං චික්කෝ"
"ගුඩ් මෝනිම් බල්ලෝ"

ඛණ්ඩ භාර සැරයන් උඩහ ඉදල පල්ලෙහාට බහිනව.අපි පල්ලෙහා ඉඳල උඩහට යනව.
මං දැක්කා අපේ ආදරණීය වස්සා ලවක් දෙවක් නැතුව  පාර අයිනෙ තන බුදිනව.

පෙරඩ් එක මැද්දෙ හිටපු මං
"ගුඩ් මෝනිම් හරකෝ..." හයියෙන්ම කිව්වෙ ඉතින්.
..."ඒ ෂ්ෂ්ෂ්..ප්ලැටුන් සාජන් යකෝ" ඒ අපේ ඩීඑස්..
මොනාද මිත්‍රවර්නි ගියපු වචනයක් ආපහු ඇදල ගන්න පුලුවන්ද. මං දැක්කෙත් නෑ සාජන් එනව.
ඔික පීටී අයිලා චෙක් කරනව හෝඳේ.දඩුවමක් දුන්නම නැවත හරියට කරනවද කියල බලනවනෙ.
ඉතිං එදා උදේ අපි හයයි කාලට පීටී පෝලින් වෙන්න යනකොට පාරෙ බව්වෙක් ෂපාන් එකේ ඇලට් එකක් දාගෙන ඉන්නව..දිවත් බාගෙට එලියෙ දාගෙන.
ඌ හිටියෙත් අපි පෝලිං වෙන්න ඔින තැන. මුකුත් නෑ මයෙ දෙයියෝ ඒකාගෙ ගජමුතු දෙක තිබ්බා  වෙිලක් කන්න  පුලුවන් පවුලකටම. ඒ තරං සයිස්..😁😁😁 එකක් අල්ලෙං එකක් ඇති☺️☺️☺️☺️
මට ඉතිං බල්ලෙක් උනත් මොකෝ ආතල් දෙනවනං කියල හිතාගෙන හීං සැරේ කිට්ටු වෙලා ඇගිලි දෙක කැරම් ගහන විදියට හදල දුන්න වගේ උපරිමෙම්ම ඇදල ඇදල  අතෑරිය බෝල් ජොයින්ට් එකට.."ටිස්". ගාන්ඩ, බල්ලට නේද..වැදුන විතරයි "හිංක්" ගෑවුන.. ආයෙ...බලන්ඩෙපෑ මයෙ අප්පේ..අඩි හතරක් විතර උඩ ගිහින් බිම වැටිල එක තැන පිකප් කරේ..මොනවද ආයෙ මහා සද්දෙකින් විලාපෙකුත් එක්ක. ඒකා දුවන ගමනුත්  මං හයියෙන්ම කිව්වා "ගුඩ් මෝනින් බල්ලෝඔිඔි.."

මයෙ අප්පුච්චෝ.අම්බවහක් වුනේ කියහල්ලකො.. ඔික කියනවත් එක්ක පඩිපෙලෙන් මතුඋනා  කියහල්ලකෝ පීටීඅයි..නිකන් පීටීඅයි නෙමෙි චීප් පීටීඅයිම.
පොර හිතල තියෙන්නෙ මං ජඩ වැඩෙි කරලත් පොර දැකල නොදැක්ක වගේ බල්ලට විශ් කරා කියල.
"ගුඩ් මෝනිම් බල්ලෝ" කිව්වනේ.

ආයෙ කුරුමානමක් ගත්තම හතරවටෙි බල බල ඉන්නවද මිත්‍රෝර්නි...

කිසි අවුලක් උන්නෑ..ලගට ආපු ගමන් කිව්වෙ දහයෙ තේ එකට කියන්නං වෙන්නෙ මොකද්ද කියල විතරයි.
අනිවාරෙං ඉතින් බිලට් ඉන්ස්පෙක්ෂන් තමා.. ඔය වචනෙට කෝස් මාර බයයි. ඔය වචනෙ කියනවයිං බෙිරෙන්න  දේපල උනත් ලියල දෙයි.(සමහරු ඈ.අපිටනං කෝකත් ඔට්ටුයි)
බිලට් ඉන්ස්පෙක්ෂන් කියන්නෙ භඨ නිවාසෙ හැම දෙයක්ම ලයින් අප් එකට හදල මකුලු දැල් කඩල පිරිසිදු කරන්න ඔින. එක දූවිලි ඩිංගක් තියෙන්න බෑ.පරී්ක්ෂා කරන්න අරන් එන්නෙත් සුදු ලේන්සුවක්. අතුල්ලල අතුල්ලල බලන්නෙත් සුද්ද කරන්නම අමාරු තැන්.ඒක හරිම අමාරු කර්තෘව්‍යක් කියල විතරක් මතක කියාගන්නකො.ඒ ඇති.
මෙිකෙ පරමාර්ථය තමා..උපරිම අපිවත් භඨ නිවාසයත් චෙක් කිරීම.එහෙම කරල පනිෂ්මන්ට් දීම.(දර්ශණය වෙන එකක්)
අපිත් ඉතින් කං කඩා වැටිල හක්කෙං සෙම බෙිරෙනව.ඇයි දන්නවනෙ රෑට බඩු හම්බවෙනව කියන්න.

උදේ ග්‍රවුන්එකේ අපි සරඹ කල් බල බල ඉදල තේ බොද්දි  ඩීඅයි....අපි දැක්කා චීප් පීටීඅයි ස්ටාෆ් සාජන්ට් සුසන්ත ඩීඅයි එක්ක මොනාදෝ හුටුහුටු
ගානව. අපි ඩයිනමෝ සියල්ලම ඒ දෙසට එල්ල කරල තිබුනෙ. ඇයි දහයට කියන්නං කිව්වනෙ.
ඩීඅයි කාටදෝ ඇමතුමක් ගත්තා..
ඊට පස්සෙ..
* කෝ අහවල් පාතමාලාවෙ ඩීඑස් ??
*සේර්....   ඒ ඩීඑස්
*තේ බිව්ව නොබිව්ව පෝලිං කරපිය ඔක්කොම..
අපි පෝලිං උනා.
දේශණයකින් අනතුරුව.
*තමුන්ලගෙ විනය නිල් අයිසෙ..හැම තැනින්ම කම්ප්ලේන් එනව.තමුසෙල කවදාවත් හැදෙන බහිරවයො නෙමෙි. එහෙම හැදෙන්න බැයිනං අපි පුලුවන් හදන්න. තේරුනාද. (මගෙ අම්මොහ් ගුඩුමෝනිං බල්ලෙක් ගියපු දුරක්)
කෝස එකෙන් තුන්කාලක් සලිත වෙලා කං කඩා වැටෙද්දි අපි පිට් පොරවල් ටික නිකට උස්සා පපුව ඉදිරියට දමා කෙලින් බලාගෙන  කෙලින් කරාගන හිටියා.☺️☺
*අද රෑනවයට ඉන්පැක්සන් තමුන්ලගෙ පාඨමාලාවට..පැහැදිලිද...ලඟ නැමිලි දිග අැරිලි නයි අැරිලි හුකා බුකා මුකුහ් බෑ. මමයි එන්නෙ..මටත් පොලව යට අඩි තුනක් පේනවා හරිය....

එහෙම හොඳයිනං කමන්නෑ සර් පොලවෙ අඩි තුනක් නෙමෙි රියන් හතරක්ම පෙන්නන්නං කියල කියන්න හදලත් කන්න වුනොත් කියල
*පැහැදිලියි සර්.කියල කට්ටියම හයියෙන් කෑ ගහද්දි මං ඊට ඩෙසිබල් දෙකක් විතර අඩුකරල
*ටැංකියු සේර්ර්... කිව්වත් ඒක අැහිලද මංදා...කියලත් හිතුනා..

*මොන හු&@%$@ පුතාද යකෝ ටැංකියු කියපු පරයා....මෙහෙ වරෙව් ප%@$&ල සේරම..ඉස්සරහට...
ඩවුන් ඩවුන්....
හිටහල්ලකො නම්බ සික්ස් එකෙන් ඊසි පොසිෂන්. කික් එකනෙ මදි කිව්වෙ..

එතැනින්ම අපට බඩු බනිස් හම්බවිය. අන්තිමටම තිබ්බේ එල්එම්ජී පොයිෂන්ය.
එල්එම්ජී පොසිෂන් කියන්නේ මුනින් අතට බිම දිගාවෙලා අත්දෙක වැමිටෙන් නමා කම්මුල් දෙකේ තියාගෙන කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකත්  වැලමිටි දෙකත් පමනක් පොලවෙි තියල වෙන කිසිම තැනක් බිම ගෑවෙන්නෙ නැතිවෙන්න..ඉන්න ඔින අර සර්ට ඇති කියල හිතෙනකං.(මයෙ අප්පල මං කියනවට ගෙදරට හොරෙන් එක විනාඩියක් ඉදල බලන්නකො ඒකෙ තියෙන ආතල් එක..අපිනං ඔික ඉන්නෙ බොරලුගොඩෙි..☺️☺️☺️

රෑ නවයත් උනා. නම් ලකුණු කරන්න ආවෙත් ඛණ්ඩ භාර සැරයන් පීටීඅයිල දෙන්න සහ සෙක්ෂන් කමාන්ඩර්.
පීටීඅයි ආව චෙක් කලා. ම්හු. නෝ සැටිස්.

*මං තව විනාඩි දහයකින් එනවා පුලුවන්ද අඩු පාඩු හදල ඉන්පෙක්ෂන් එකක් විදියටවත්  විදියට බිලට් එක හදන්ඩ" පීටීඅයි කෝප්‍රල් ඒ.
*පුලුවන් කේපල්..කියල අපි ආයෙ වහලෙ උඩ යන සයිස් එකෙන් කෑ ගහල කිව්වා.
*හරි ඒනං බලමු.. කිව්ව ගියා.ආයෙ ආව විනාඩි පහලවකින්.
ඒ පාරත් චෙක්.
*මෙිම බෑ..තමුන්ල හරියට බබාල වගේ..මෙිමද යකෝ ඉන්ස්පෙක්ෂන් එකක් දෙන්නෙ.බිලට් හදන්නෙ මෙිමද .රායිට් තව විනාඩි දහයක් දෙනවා..අන්තිම අවස්ථාව..හරි බලමු.පෝලාවුට්..
කට්ටිය ඉතින් දුං දාගෙන වැඩ.මායි රිබෙිරයි කබ්රාලුයි ඔහේ ඉන්නව.මොකද කොහොම හැදුවත් කන්න වෙන එකමනෙ.අපි තුන් දෙනා කතාවුනා මහන්සිවෙලත් ගුටි කනවට වඩා හොදයිනෙ මහන්සි නොවී ගුටි කන එක කියල පැත්තකට වෙලා උන්නා.අනික් වුන් හෙන ගැම්මට වැඩ.අපිටත් බනිනව.අපි ගනං ගන්නවද අනේ ඔිව.
ආවා පීටිඅයි චීප් පීටිඅයි ඛණ්ඩ භාර සැරයන් ඇතුලු එකී මෙකී නොකී ඩෑල්ටික ඔක්කොම.
තමුන්ලට බෑ..තමුන්ලට බෑ හරියට ඉන්පෙක්ෂන් එකක්වත් දෙන්න. කියල පටන් අරන් අපි කරපු වැරදි ඔක්කෝම කියල කියල කියල
*තමුන්ලට ඒකනෙ බැරි.තව තියෙනව හසන්න ක්‍රම..රායිට් මං විනාඩි දෙකක් දෙන්නං නම්බර් සික්ස් යුනිෆෝම්එක ඇදල එලියෙන් පෝලිම් වෙනව.රායිට් ගෝ..
විනාඩි දෙක ඉවරයි..කට්ටිය බෙල්ට් ටිකත් අරං පැන්න අපිට ඩබල්ලෙකක් දෙන්ඩ.මං කමිසෙ ඇදල බොත්තං උඩිං පල්ලෙං දාල පෝලිං උනා..කලිසම නෑ.එකබූට් එකක් අතේ.අනික කකුලෙ..කකුලෙ බූට් එකේ ලේස් එක අනික් අතිං අල්ලගෙන.නැත්තං පැටලෙනවනෙ අප්ප.
මං විතරක් නෙමෙි..මිත්‍රවරුණි.අනික්වුනුත් ඒමම තමා.
එතන බෙල්ට් පාරවල් දෙකයි.
ආයෙ දුන්න පීටී කිට්එක.
ඒකෙ වෙස්ට් එකවත් මාරු කරගන්ඩ  වුන්නෑ කියහල්ලකෝ.
බෙල්ට් පාරවල් දෙකයි..එකක් බාගෙට වැදුනෙ. පාරවල් එකහමාරයි☺️☺️
ආයෙ අංක හතර නිළ ඇදුම..
ඒකට විනාඩි පහක් දුන්නා.ඒක හරි අමාරුයි අදින්ඩ. එකනං බෝම අමාරුවෙන් කලිසමයි සර්ට් එකයි දෙකම ඇන්දා බැජ් ගහල නෑ.බූට් දෙක අතේ..
බෙල්ට් පාරවල් දෙකයි.
ආයෙ පීටී ⁣කිට් එක.
ඒකනං මං හරියටම ඇන්ද.මොකද මං අංක හතර අදින කොට පීටී කිට් එක ගැලෙව්වෙ නෑ.ලඟනමන්න පුලුවන් කියල හිතාගෙන.ඒකට උඩින් තමා යුනිපෝම් එක ඇන්දෙ.
කැන්වර්ස් දෙක විතරනෙ දාගන්න තිබුනෙ.
අවුලක් නෑ.
දැං යනව අඩුපාඩු බල බල අපේ..
බෙල්ට් පාරවල් දෙන්න..
ආ ආරච්චි.. මෙි පාර හරියට ඇදලනෙ..
මාත් ආඩම්බරෙන් අනික් ඔක්කෝටම ඇහෙන්ඩ ඔව් සාජන්..කියල කෑ ගැහුවා.
මෙි වෙලාවට හිමිං කතා බෑ හිතෝතුනි හොඳේ.දෙවනත් වෙන්න කෑ ගහන්න ඔින.
ආ උඹ හරියට ඇඳල නෙහ්..
බලපිය හු&@%#ත කැන්නස් දෙක දිහා.
තෝ කෝප්‍රල් කෙනෙක් නේද??
ගලෝපිය බලන්න ශෝට.
මගේ ආදරණීය යාලුවනේ ජොකාත් දාල නෑ.හදිසසියට ගලෝල.
හද්දෙයියනේ එහෙං කැන්නස් දෙක මාරුකරගෙනනෙ.අපොයි..
බෙල්ට් පාරවල් ⁣තුනයි.බොරුවට කෑගැහුවටත් එක්ක

අපිත් ඉතින් ඔහොම පටන්ගෙන පැයක් තිස්සේ යුනිපෝම් මාරු කරනව කරනව කියන කියන විදියට ඒත් එයාලට සැටිස් නැහ්ලු ඔිං ඈ.
ඊට පස්සෙ අපිට එ්කත් වෙලාවට බෑ කියල දැං බිලට් එක ඇතුලෙ එහෙට බඩගානව..මෙහෙට බඩගානව..එක එක පොසිෂන් තියනව..එකම මලකෙලියයි. හරියට සදුදට මැනිං මාකට් එක වගේ දැං බිලට් එක.
දැං මං බඩ ගාන අස්සෙ බැලුව කව්ද යකෝ ආරච්චිට කලින් එක වෙන්න හදන්නෙ කියල.බැලින්නං රුබෙිරු.
මං හීංසැරේ කිට්ටු කරල ඉඟටියට එකක් ඇන්න.මෙන්න යකෝ මෙි යකා හයියෙන්ම
" හු&%#$නවනෙ" කියල කෑගහගෙන එක පාරටම ඔලුව ඉස්සුව..ඩෝං ගාල උගෙ ඔලුවත් වැදුන ඇදේ.
කව්ද යකෝ කුණු හරප කියන්නෙ?😁☺️☺️☺️😁 එයාට කිචි කියල මෙයාලත් දන්නව හොදේ.
එතන ගිනිව්ජ්ජුම්බර දෙකයි.බෙල්ට් පාරවල් තුනයි.☺️☺️😁😁
ඔහොම ඔහොම දැං බඩගාල පොසිෂන් ඉදල අපි හෙම්බත් වෙලා.
ආයෙ පටං ගත්ත
*"දැංවත් බලමුකො හරියට වැඩක් කරන්ඩ පුලුවන්ද කියල"
 ආයෙ කිට් චෙින්ජ්
බෙල්ට් පාරවල් දෙකයි.
බෙල්ට් පාරවල් දෙකයි.
හතරයි
තුනයි ඇඳගන්නම බැරිඋනා☺️☺️☺️ මිත්‍රවර්ණි.
 දැං පැය එක හමාරක් ගතවෙලා.
රායිට් විනාඩි දෙකක් දෙන්නං සරම ඇදල පෝලිං වෙයාව්....
සරම අදින දෙන්නෙ අවසානෙට.එතකොට පනිස්මන්ට් ඉවරයි.
අපිටත් මාරම හැපි. ඒකට කවදාවත් නොතිබුනු උනන්දුවක් දක්වල ඇදගෙන ඔක්කොම පෝලිං උනා.
රායිට් බලන්ඩ උස්සපියව්.සරං...
මල කෙලියයි ජොකා දාල නෑ කියහංකො.
දැං අපි ඉන්නව සරං උස්සගෙන පද්ද පද්ද..
සමහරුනං  ඇදගෙන හිටිය.
*පාත දාපියව්.. බෝංචි කොටුවකට ගියා වගෙ එල්ලගෙන ඉන්නව මෙතන.
අපිත් පාත දැම්ම.ජොකා දාපු එවුන්ට ආයෙ විනාඩි පහක් පනිස්මන්ට්. ජොක්කු නොදාපු අපිට නෑ.(ඒ සරම දාන්න කියන්නෙ නිදාගන්න.නිදාගන්නනං පනිස්මන්ට් ඉවර කරන්නෙපා.අනික.සරම උස්සන්න කියන එකේ විද්‍යාත්මක පැත්ත තමා එතෙක් අපි විදපු දඩුවම් වලින් කාටහරි තුවාල වෙලා තියෙනවද කියල බලන එක.තුනටියෙන් උඩනං පේනවනෙ.සරම් උස්සපුවමනෙ අනික්ව පේන්නෙ)
දැං ඊලඟට ඇටබහින ලෙක්චර් එක. එතන උපදේස අනුසාසනා කෝටියයි.
බැනල බැනල උදේ මගෙ සීන් එකත් කියල
ආයෙ එහෙම කරන්න එපා කියල..විනය හොදට පවත්ත ගන්න කියල උපදෙස් දීලා
එතුමන්ලා ගියා.
අපි කොදු බඩ කකුල් ඔලු අතගගා බුදිය ගත්ත.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.19

2 comments:

  1. එක්කෝ නිදාගන්න නිදිපෙති බොන්න ඕන.නැත්නම් deta ඉවර වෙන්න ඕන. ඒ තරම් රහට දුකට මේ කතා ගලනවා

    ReplyDelete
  2. ඉතිං ඔයාට කණ්ඩායෙම් උන් ඉන්ඩ දුන්නද, මොකද ඔයාගෙ මරි වැඩේ නිසානෙ ඔක්කොටම පනිෂ්මන්ට්...

    ReplyDelete