Monday, May 4, 2020

කොන්දොස්තරගේ කන පැලිල්ල

මම මෙි වෙනකොට හිටියෙ වාලච්චෙිනෙ.
රනිල් මාමිගෙ සාම කාලෙ මෙි.
අපේ කඳවුරෙන් කරනව ඔිටමාවඩි මාර්ග බාධකයක්  කලපුවට මෙහා පැත්තෙ. මම එදා හිටියෙ මෙි ⁣රෝඩ් බ්ලොක් එකේ. මෙතනින් අපිට හොරෙන් යන්න බෑ කපුටෙක්ටවත්. අපිත් එක්ක පොලිසිය හිටිය රාජකාරි.අපි දෙගොල්ල දෙපැත්තෙ ඉඳන් තමා පරීක්ෂණ කටයුතු කරන්නෙ. ඒ කියන්නෙ මඩකලපුව ඉඳන් කොළඹ පැත්තට එන වාහන අපි චෙක් කරනව.කොළඹ පැත්තෙ ඉඳන් මඩකලපු පැත්තට යන එක පොලිසියෙන් කරනවා. ඒ වුනාට රෝඩ් බ්ලොක් එක එකම තැන.

එදා මං හිටියෙ පරීක්ෂක කණ්ඩායමෙි. ඒ කියන්නෙ වාහන හා මගීන් පරීක්ෂා කරන්න.
ස්ටොප් බෝඩ් එකේ හිටියෙ හරි අමුතු පොරක්. ඌ පුස් බයික් එකටත් බෝඩ් එක දානව. මහ අංග විකල ඩෑල් එකක්. මට මල පැනල හිටියෙ. මං ඌට කිව්වා..
*මචං. උඹ බුදුවෙන්ඩ ආසනං වාහන විතරක් නවත්තපං. ⁣මෙි කුඹුරට යන එකාවයි හරක් පට්ටියට කිරි ගේන්ඩ යන එකාවයි නවත්තන්ඩ එපා.උං නාවල්අඩිවලින් බලයි.

ඊට පස්සෙ වාහන විතරක් නවත්තන්න ගත්තා.
උදේ නවයට දහයට විතර තමා අපි කන්න යන්නෙ මාරුවෙන් මාරුවට.ඒකට යන්න ඔින පාලම් පොයින් එකට.ඒක මෙතන ඉදන් මීටර් හැත්තැපහක් සීයක් දුර තියෙන්නෙ.
අම්බානක බඩගිනි ටයිම් එකේ මං යන්න ලෑස්තිවුනා කන්න. ඒ ගමන්ම මඩකලපුව කොළඹ බස් එකක් බරාස් ගාල බ්‍රෙික් පාරක් ගහල නැවැත්තුව මෙතන. ඒක පිටිපස්සෙන් ආපු දූවිලි පාරට මුලු රෝඩ් බ්ලොක් එකම වැහිල ගියා. දැං කොහෙ කන්නද. මෙිකත් චෙක් කරලම කන්න යනව කියල හිතාගෙන ආයෙ නැවතුනා.
මට මළ පැන්න මූ ඇවිත් නවත්තපු නැවැත්තිල්ලට. අපි දූවිලි පිටින් කොහොමද ආයෙ වාහන වලට නගින්නෙ මළ පෙරේතයො වගෙ. හයියෙන් ඇතුලෙ සෙට් එක දාල. දෙදරනව වගෙ ඇතුල.
*තයව්සෙයිද අඩෛයාලඅට්ටෛයුඩ උංගල්ඩ සාමන් එඩුත්ත ඔරාල් ඔරාල් මුන්නකු වාංගෝ..මං මළ පැන්න සැරෙන්ම කිව්ව. ඒ කිව්වෙ කරුණාකරල අයිඩෙන්ටියයි අරගෙන එක එක්කෙනා එන්න කියල. අන්තිම හරියට ඇහුන්නෑ වගෙ.ආයෙ පාරක් හයියෙන් කිව්වා. ඒත් එක්කම මං පිටි පස්සෙන් හිටපු කොන්දොස්තරට කිව්ව සෙට් එක ඔිෆ් කරන්න කියල. ඌට ගානක් වත් නෑ.සෙට් එක අඩු කලේ නෑ. (බස් එක රාජා ට්‍රැවල්ස් අන්ඩ් ටුවර්ස්)
ආයෙ පාරක් කිව්වා සැරෙන් සෙට් එක අඩු කරපිය කියල.
මූ එක පාරටම කිව්වා ආරච්චිට
*ඒම කොහොමද සෙට් එක අඩුකරන්න කියන්නෙ.ඒක ආමිලට ඔින විදියට බෑ.අපිට ඔින විදියට තියෙන්ඩොන.මෙිව අපි සල්ලි දීල හයි කරල තියෙන්නෙ.ඔයා ඔයාගෙ වැඩෙි කරන්න කියල. කිව්වෙත් නිකන්ම නෙමෙ.හයියෙන් බස් එකටම ඇහෙන්න. මට මැරිච්චි මුත්තම්ම වැහුනා. ආත්තත් වැහුනා. මෙතෙක් හමුදාවෙ මැරුනු ඔක්කොම වැහුනා.(අපිට උපදෙස් දීල තිබුනෙ කිසිම කෙනෙකුට ගහන්න බනින්න යන්න එපා සාමෙ කැඩෙයි කියල) මම ඔික මොහොතකට අමතක කලා. හමුදාවෙන් අයින් වෙන්න තීරණය කලා.😁😁😁. මූ පදිරි උනේ හරි පොරකට.😁😁😁☺️☺️☺️
බැස්සා බස්එකේ පඩිපෙලේ උඩම පඩියට. කොන්දට කතා කලා ලඟට
මට තිබ්බ කේන්තියයි ඌ කිව්ව එකේ කේන්තියයි,බස් එක නවත්තපු විදිහට නැගපු කෙන්තියයි එකතු කලා දකුණු අතට. වැහිච්චි ඔක්කොගෙම ශක්තියත් දකුණු අතට එකතු කරල මගෙත් හයිය දාල එකයි කනට අතෑරියේ තට්ට්ට්ටාාාංංංං ගාල😏😏😏 අයියෝ..ආන්ඩවනේ ශාමී කියාගෙන ඩැයිවර් ලඟ තිබුනු අර වීදුරුව ගහල තියෙන කනුවෙත් වැදිල හිටගෙන හිටපු ගෑනු කෙනෙකුත් පෙරලගෙන  දෙරි ගහගෙන වැටුනා බස් එක මැද්දෙ.(යකඩ කන දවස් හොඳේ.අතකින් කෑවොත් ආයෙ ඔින්නෑ ඉතින්)
මං බැස්ස බස් එකෙන්. කෙලින්ම ගියා රෝඩ් බ්ලොක් ඔිසී ගාවට. කිව්ව ඇත්ත විස්තරේ.සර්ටත් මළ පැන්න.ඒත් සර්ට කරගන්න දෙයක් නෑ. ඔෆිසර් කෙනෙක්නෙ. නැත්තං අරූ යටකරපු තැන  අද වෙනකොට කිලෝ හත්තට සීයක් කැඩෙන කරත්ත කොලොම්බන් ගහකුත් වැවිල.
*උඹ රිදෙන්න ගැහුවද?
*😁😁😁😁😁😁 ☺️☺️☺️☺️ (සරුත් අහන දේවල්)
බස්එකේ මල ඇඬියාවයි එතන.අරූ අඬනව. බස් එකෙන් මිනිස්සු බැස්ස නෙමෙයි.බැස්සවුනා. ඩැයිවර් දොර ඇර ඇර ඉන්න පරක්කු නිසා ජනේලෙන්ද කොහෙද පැන්නෙ😁😁😁😁
දැං එක සන්තෑසියට අරූ කෑ ගහනව. රිපෝර්ට් කරනවලු. අරකලු මෙිකලු. මං සර්ට කිව්ව.
*සර් මං ආමි එකෙන් යන්න කැමතියි.මොකද කියන්නෙ??
*එපා.එපා.තමුසෙ යනව කන්න. කාල එනව ගිහින්.යනව ඉතින්. යනව අයිසෙ යනව.
මං ගියා කන්න.මොකුත්කරන්න බෑනෙ.එලෝනවනෙ😁😁
මං කාල එනකොටත් බස් එක එතන.
අපි යන්න දුන්නොත් එපැයැ මුං යන්න.ඊට පස්සෙ ආපු වාහනත් ගියා.බසුත් ගියා. මාත් සතපකට මායිං කලේ නෑ. බස්එක චෙක් කලේ නෑ. අනික් එන හැම එකම ගියා.
මුංගෙ කට අඩුවෙලා සමාව ගත්තට පස්සෙ හවස දෙකට විතර චෙක් කරල ඇරියා. ඇන්ජිම විතරයි ගැලෙව්වෙ නැත්තෙ හිතෝතුනි. අනික්ව ඔක්කොම ගලෝල චෙක්කලා.
මුං යන ගමන් ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනනහිර) රිපෝර්ට් කරල. සීසීඑම්පී රිපෝර්ට් කරන්න ගිහින් තියෙන්නෙ.ඒත් එතන රිසිප්ෂන් එකේ ආසේමු කමාන්ඩර්ගෙ නම්බරේ ගහල තිබිල තියෙනව බිත්තියෙ.(ඒක මාත් දැකල තියෙනව.😁) මුං සීසීඑම්පීත් රිපෝර්ට් කරල අර නම්බරේට SFHQ කමාන්ඩර්ටත් රිපෝර් කරල. සර් අපේ බ්‍රිගේඩ් කමාන්ඩර්ට කේස් එක කියල.බ්‍රිගේඩ් කමාන්ඩර් අපේ සීඔිට කියල. (බලන්න මගෙ ආදරණීය යාලුවනේ ඒක ගියපු සහ ආපු පිළිවෙලේ ලස්සන විතරක් නේද)
පහුවදා මින්නේරියෙන් කියල අණදෙන නිළධාරි තුමාට මාත් එක්ක ඇවිත් හම්බවෙන්න කියල.
(එවකට මෙිජර් ජනරාල් ප*******ය.)
අපේ ඔිසී මට කීව හවසම මූලස්ථානෙට යන්න කියල.
මං ගියා. සීඔි විස්තරේ ඇහුව.එක වචනයක් කිව්වෙ නෑ. හෙට උදේ හතට යන්න ලෑස්තිවෙන්න කිව්ව මින්නේරි..(ඉහල උසාවියට😁😁😁)
අපි ගියා. සර් හම්බුනා.දවල් එකොලහ වෙද්දි.මටනං බයක් හිතුනෙම නෑ. දඩුවමක් දෙනවනං ඔින දඩුවමක් විදින්න ලෑස්ති වෙලා හිටියෙ. අයි යකෝ ලැජ්ජ නැතුව ඔින තැනක කට ඇරල කියන්න පුලුවන් වරදක්නෙ මං කරල තිබ්බෙ.
සීඔි සර්ට විස්තරේ කිව්ව.
*ආ මෙයාද මිනිහ.?? මගේ පාදාන්තයේ සිට කේසාන්තය දක්වා තීක්ෂණ බැල්මක් බලල පොඩි හිනාවකුත් දැම්මා.
*මොකද වුනේ..??
මං අයන්නෙ ඉදල ගලපල සීන් එකම කිව්ව.
අන්තිමෙි සර් එකම එක දෙයයි කිව්වෙ. අපෙ සර්ට.
*ඔයාට මෙහෙම මිනිස්සුත්  ඉන්නව නේද??
ඒක හොදයි.එහෙම අයත් ඉන්නෝන.
සීඔිත් හිනාවුනා.

මට කිව්වා ආයෙ ඔහොම ගහන්න එපා.ගහන ක්‍රම තියෙනව.ඔයාගෙ සීඔි ඒව දන්නව හොඳට.දන්නැත්තං සර්ගෙන් අහගන්නවා. එහෙම කියල මිනිස්සුන්ට ගහන්න අයිතියක් නෑ තමුන්ට.පැහැදිලිද😁😁😁
(ගහපිය කියලමනෙ කිව්වෙ.ඒත් ආයෙ කවදාවත් ගහන්න වුනේ නෑ මට තියා කාටවත්)
*මෙයාට නිවාඩුවක් දීල යවන්න.කේස් එකක් ආවොත් බලාගමු...SFHQ COMD කිව්වා.
මාත් උපරිම සීරුවට ඇවිල්ලා ආඩම්බර් හුස්මක් අරං සර්ට සැලියුට් කලා. පෝලවුට් වෙලා..දවල්ටත් එහෙම්මම කාල අපි ආව.
එද්දි...සීඔි..
*ආරච්චි.තමුන් දන්නවනෙ සාමෙ ගැන.අපිට කාටවත් ගහන්න වෙඩිතියන්න අවසරයක් නෑ. පුද්ගලික විනය හදාගන්නවා.තරහ යනවනං එතනින් මගෑරල වෙන කාට හරි රාජකාරිය දෙනවා පැහැදිලිද??
*ඔව් සර්.
*තමුන් කම්පණි එකට ගිහින් මං කිව්ව කියල නිවාඩුවක් දාල යනව.සර් කිව්වනෙ යන්න කියල.(නිවාඩු යන්න කිව්ව එකට හේතුවක් තියෙනව හොඳේ)
* සර් මං නිවාඩු ගිහින් ඇවිත් සති දෙකක් විතර වෙන්නෙ සර්..
*ඉතින්.
*නිවාඩුනං අවශ්‍යත් නෑ ඉතින්..කෙලින්ම කිව්වා.
*තමුන්ගෙ කැමැත්තක්.
මං ආව හවසම කෑම්ප් එකට. නිවාඩු එපා කියලත් කිව්වා. මාව ඇතුලෙ තියාගත්තා.

මෙික ආරච්චිට වෙච්චි දෙයක් නෙමෙි.සමස්ථ හමුදාවටම.
එදා ඉදන් අර බස්එක අපේ එවුන් චෙක් කලා කිව්වෙ අන්තිමෙිටම.දහයට එන එක යවනව කිව්වෙ දොලහට එකට. අපේ උන්ගෙ පාඩුවෙි හෙමීට හෙමීට ඔක්කෝම චෙක් කරල පරක්කු කරවලාමලු යවන්නෙ.
දවස් හතරක් ගියාම ආයෙ මං රෝඩ් බ්ලොක්..ආව.
ටහුඩු. මෙන්න රාජා ට්‍රැවල්ස් ආව. උපරිම සීරුවෙන්. සෙට් එක ඔිෆ් කරල.හීමිට දුර කියා නවත්තල කොන්ද එනව..චෙක් කරන්න කියන්න.
මං සත පහකට ගනන් ගත්තෙ නෑ.ඊට ඉස්සරහින් නවත්තන හැම එකම චෙක්කරල වෙලාව තිබ්බොත් ඒක චෙක් කරනව.
පහුවදාත් බස් එක ආව. හැබැයි සෙනග නෑ.
*මෙි සර් තමා බොස්..බස් අයිති කාරයට මාව පෙන්නුව කොන්දොස්තර.
අයිති කාරය මගේ ලගට ආව.ඇවිත් සම්පර්ණ විස්තරේ ඇහුව. මං කිව්ව.
*ඔයාල සේවයට ගන්නකොට විනය තියෙන මිනිස්සු ගන්න ඔින.අපිත් ඉන්නෙ පාරෙමයි.ඔයාලත් ඉන්නෙ පාරෙමයි. මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඔින. ආරච්චි ලෙක්චර් එකක් දුන්නා.
*ඒක හරි සර්.මං අද ඉදන් මෙි මිනිස්සු දෙන්නම අයින් කරනව.ආයෙ කවදාවත් මෙහෙම දෙයක් නොවෙන්න වගබලාගන්නම්.ඒත් සර් මට කීයක් හරි එන්නෙ මෙි බස් එකෙන් විතරයි. මෙික පරක්කු කරන්න එපා සර්.. මෙහෙම පරක්කු වුනොත් සතියකට ටර්න් එකක්ම මිස් වෙනව. හාද සර්.

මිනිහ කිව්ව කතාව ඇත්ත.
මං හ්ම්..කිව්වා.
එදා ඉදන් ආයෙ කවදාවත් අරුං දෙන්න ඒ බස් එකේ ආවෙ නෑ. අයිතිකාරය නෙක්ටො ලීටර් එකහමාරේ බෝතල් පහයි,මාරි පෙට්ටි තුනයි බස්එාක් ඇතුලෙ තිබිල මිනිහම ගෙනත් ඇතුලෙ බංකුවක් උඩින් තියල ගියා. අපිටත් ආයෙ කවදාවත් පරක්කු කරවන්න උවමනා උනෙත් නෑ. එක කනේ පාරයි..පුද්ගලික විතරක් නම් මදෑ..සීටීබීත් හැදුනා😁😁😁😁..

හයියෝ කනේ පාරක් ගියපු දුරක්☺️☺️☺️☺️☺️

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.01

No comments:

Post a Comment