Monday, May 4, 2020

යුධ අත්දැකීමක්

මට ගොඩක් දෙනෙක් කියනව ඉදල හිටල හරි යුධ අත්දැකීමක් දාන්න කියල.ඉතින් ඒ ගොල්ලන්ගෙ ඉල්ලීමත් අහක දාන්නත් බැරි හිංද ඒකටත් එක්ක මං ජීවිතේ මුහුන දුන්  විශේෂ අත් දැකීමක්  ඔයාලා ඔක්කොටම ඇහෙන්න කිව්වනං හොදයි කියල තීරණය කලා.... අහගන්නකො එහෙනං.☺️☺️☺️ ලංකාවෙ සෙබළුන්ගෙ වික්‍රමාන්විතය කොහොමද කියල.මෙික කවරදාකවත්..... මගේ ජීවිතේ  තියෙනතාක් අමතක වෙන එකක් නෑ. මං කතාව දිග්ගැස්සෙන හිංදා ශෝට් ඇන් ඩ් ස්වීට් කරන්නෙ  හිතෝතුනි.

අපි හවස හතරෙ විතර ඉදල කැරම් ගහන්න සෙට්වෙලා හිටියෙ. අපි කැරම් ගැහුවා. අම්මෝ එතන සාජන් විජේසූරිය එක්ක හැරෙන්නවත් බෑ. සටස් පටස් ගාල වට තුනෙන් හතරෙන් ගේම ඉවරයි. මාත් මෙි වෙනකොට සිගරට් හයක් පරාද වෙලා හිටියේ. පහෙන් තුන තමා තරගය. මායි සාජන් ධර්මසේනයි ඉදගෙන හිටියෙ.සාජන් ධර්මසේන අපේ ගෙවල් ලගමයි. ඒ නිසා අපි දෙන්න තමා ඉදගත්තෙ.  ධර්මෙයා හරි හොරා . ඉත්තො මෙි ඉන්නව ...මෙි නෑ..මෙි ඉන්නව මෙි නෑ. පොරගෙ වාරයට ගහන්න ඩිස් එක ගන්නකොටත් ඉත්තොවලට වැටෙනව😁😁😁.  උනුසුම් තරගයක්. මෙික අපි කොහොම හරි දිනන්න ඔින. ඒම් එක ඇගිල්ල තියන තැන හරියට බලල ගහන්න ඔිනෙ. අපි දෙන්නට ඔින උනේ කොහෙම හරිදිනන්න.. අන්තිම ඉත්තා. ධර්මෙි හිස පාත් කරලා නුහුරු ඇහ වහල හුරු ඇහෙන්...ඒකත් බාගෙට පියවා....වලත් ඉත්තත් ඩිස් එකත් ලම්බාකාරව නියමිත කුරුමානමට රදවා මාන අල්ලා....මූ ගහන පාටක් පේන්නම නෑ...කුරු මානම විතරයි...
*අතෑරපන් හු&@%$#@තො...මං කිව්වා
සිස්...සටස්...ටොක් ටොක් ටොක් ක්ලිප්ස්..
හුරේ .... අපි දිනුවා... අම්මෝ පරාද වෙන්න නම් බෑ... ඒක අපි දිනුවා.. පරාද වුනානං අපි සිගරටි  එකකුත් පරාද වෙනවා. අම්මෝ ඇති ඔයින් ගියා.

අපි මොහොතකට කැරම් ගැසීම නවත්තල හිනාවෙවී කතා බහ කර කර හිටියා.

 ඒත් එක්කම එක පාරටම...මට ඇමතුමක් ආවා.මං ආන්සර් කලා.
ඒක හදිසි ටාගට් එකක්. ගේමට යන්න අවසරය තිබුනෙ හතර දෙනාටයි.අද කෝම හරි මෙි ටාගට් එක ගන්න ඔිනමයි කියල අණදෙන නිළධාරිතුමත් කිව්වා.ඒකට අවශ්‍ය උපදෙස් නියෝග ඔක්කොම ලැබුනා.කරන විදිය කෙරෙන විදිය ආදිය. අපිත් දඩ බිඩියෙ ලෑස්තිවෙලා ගේමට බැස්සා.

ඒක මහ අවධානම්  යුධ සිහිවටනයක්. වෙිලාව රාත්‍රි අටට විතර ඇති.
එදා ට ගන්න වුනෙ එම් 16 වර්ගයේ ඇමරිකාවෙි නිශ්පාදිත ගිනි අවියක්. මගේ ප්‍රියතම අවි සුළුතරයෙන් එකක්..මං මෙි අවියට වැඩිපුරම ආස කලේ  වෙඩි තියන කොට එයින් නිකුත් වෙන සද්දෙට. මං ඔය අවියට කියන නම කිචි කිචිය.
මෙි ටාගට් එක ගන්න යන්න අනුමැතිය ලැබුනෙ හතර දෙනෙකුට විතරයි. ඉතින් මම තව සුපිරි බුලට් තුනක් තෝරගත්තා.එකෙක් තරිදු. අනිකා විජේසිංහ. අනිකා සචිත්.
අපි හතර දෙනා මෙි ටාගට් එක කොහොම හරි ගමු කියල බර විදියට කතාවුනා.

පතුරම් තිහ ගානෙ පුරවපු මැගසින් දහයක් අවියෙ එකයි එකොලහක්. අත්බෝම්බ හතරක් 9MM පිස්තෝලයක් සහ බෙනටි එකක්(කමාන්ඩෝ පිහියක්)  මං තමා පෙළ අන දෙන්නා.  පැවරිලා තිබුන රාජකාරිය තමා  සතුරාගේ ලයින් එකට රිංගලා ඇතුල ජෑම් කරල පුලුවන් තරම් සතුරො බාවන එක. ඒකෙ හිටියා උංගෙ නායකයෙක්. ඌව පන පිටින් අරං ඒම නැත්තං  මරල හරි දැමීම තමා අරමුණ. දීපු උපදෙස් හා නියෝග ගැන කල්පනා කරල බලපුවම මෙික කට්ටියක් එක්ක උන්ගෙ කෑම්ප් එකේ ඇතුලට රිංගල කරනවට වඩා ලේසියි ඇතුලට තනියම ගිහින් ගේම ගහන එක.මොකද ලොක්කව පන පිටින් අරන් එනවට වඩා ලේසියි මරලම එන එක.
ජීවිතෙත් එක්ක තවත් අවදානමක් ගන්න බැරි නිසා අපි ඒ විදියට කතාවුනා. එක්කෙනෙක් විතරක් ඇතුලට යමු කියලත් කතාවෙලා අපි තීරණයක් ගත්තෙ.

මං මෙික හොඳට තේරුම් අරන් තිබුනෙ. මොකද එකක් රෑ. අනික ශබ්දයක් උනත් දුරට ඇසීයාමෙි ප්‍රවනතාවයකුත් තියෙනව.ඉදිරිභූමිය ඇස්වලින් නිරීක්ෂණය කිරීමට Single Eye Night Vision එක තිබුනත් මං ඔය උපකරණ ගැනම විශ්වාසය තියපු එකෙක් නෙමෙයි.පියවි ඇස් දෙක විතරයි මං කවදත් විශ්වාස කලේ. අපි රෑට ඇස්වලට වඩා කං දෙක  පාවිච්චි කරන්නෙ ඒකයි.. ඒ නිසා මංම තීරණය කලා තනියම ගේමට බහින්න.ඒකට අනුමැතියත් ලැබුනා. මගේ ලඟ හිටපු එවුනුත් මාව දිරිමත් කලේ උඹට ඔික කරන්න පුලුවන් මචං.උඹ තනියම ඇතුලට පලයන්.අපි එලියෙ ඉන්නං.මොනා හරි අවුලක් වුනොත් අපි කඩාගෙන එනව ඇතුලට. කිසි දේකට බය වෙන්න එපා.අපි ඔහොම ගේම්ද බං ගහල තියෙන්නෙ කියල.මාත් මෝඩය වගේ හිටියට මෙි වගේ දේවල් වලට පන ඇරලයි කැපවීම.

ඉතිං අපි මැප් එකත් රීඩ් කරල යන්න පුලුවන් ලේසි සහ අපිට වාසිදායක බාධක අඩු පාරක් හොයාගත්තා.. මට මතක විදියට දුර කිලෝමීටර්  පහලොවක් විස්සක් විතර තිබුනා ගමනට. මෙි පලාත අපේ පාලනයක නෙමෙි තිබුනෙ.සතුරාගෙ බලප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම.

අපි තීරණය කලා රෑ නවයට  ගේ්ම ආරම්භ කරන්න.

අපිව මගට යනකං කැබ් එකක ගිහිං දැම්මා. එතන අපෙ පොයින්ට් එකක් තිබුනා. බොරු කියන්න ඔිනත් නෑනෙ.වීරයො වගෙ ආවට මොකෝ උගුරත් රිදෙනව රිදෙනව වගෙ දැං නං.

අපි එතන කතා බහ කලේ නෑ. එතන හිටපු එකෙක් මොකද්ද මංද කිව්ව.ඒකවත් හරියට ඇහුන්නෑ හිතේ තිබ්බ කලබලෙත් එක්ක.
 ඉතින් අපි හතරදෙනා මෙතනින් කැලේට පැන්නා. අරුන්ට කියල ආවෙ අපි ආවත් එන්නෙ මෙතනින්.ඒ නිසා අනික් සෙන්ට්‍රිලටත් කියල තියපං. පාස් වර්ඩ් එක රෙඩ් ලයන්. පාස් වර්ඩ් එක ඉස්සෙල්ලම එන දෙන්න තුන්දෙනාගෙන්ම චෙක් කරපන් කියල.

මං ලගින්ම හිටියෙ තරිදු කියල එකෙක්. උගෙ ගම ඇඹිලි පිටියෙ.මගෙ හොද යාලුවෙක්. සුපිරි වැඩ්ඩෙක්.

අපි කිසිම සද්දයක් නැතුව දිගටම යනව.තණකොල පෑගෙන සද්දෙ ඇරෙන්න වෙනත් කිසිම සද්දයක් පිට නොවෙන්න අපි ඔක්කොම වග බලාගත්තා.. අඩු ගානෙ ගහක කොලයක් වත් හෙල වෙන්න දෙන්නැතිව හුස්මත් පාලනය කරගෙන දැන් යන්නෙ.

කොච්චර බඩ පිරෙන්න කාල හිටියත් බයටද මන්දා බඩගින්නකුත් ආවා. කියන්න බෑනේ මොකකින් මොකක් වෙිද කියල. හදිසියෙ මැරිල බඩ කපල මරණ පරීක්ෂනේ කලොත් ඩොකත් කියයි මුගේ බඩවැලේ කීං කැකරයක්වත් නෑනෙ යකෝ කියල.

අපි බොහොම පරිස්සමින් කතාවෙච්චි  පොයින්ට් එකට ආව. ඒ එද්දි සමහර තැන්වල ඇවිදන් වගේම බඩගාන්නත් අපිට සිද්ද වුනා.
😪😪😪😪.

අපි නැවත මුලු ප්ලෑන් එකම රහසින් කතාකරල ආයෙත් මතක් කරගත්තා.හිමින් සැරේ වෙපන් එකේ මැගසින් එකත් හරෝල  බැලුව තිහම තියෙන එකක්ද ගහල තියෙන්නෙත්  කියල වැඩි විස්වාසෙට. හදිසියේම ප්‍රහාරයක් එල්ලවුනොත් සිදුවෙන හානිය අවම කරගන්න අරමුණෙන් අපි තැන් තැන් වලට විසිරිලා හොඳට අවට නිරීක්ෂණය කලා. සෙන්ට්‍රිලා හයියෙන් හයියෙන්  කතාකරනවත් ඇහුනා.උං ටෝච් හිටං ගහනව. දන්නවනෙ ඉතින් හමුදාවෙ පොරවල් සත පහකට විස්වාස කරන්න බෑනෙ.කොහෙන් කොහොම මතුවෙයිද කියල උන්ටත් බයක් කියල එකක් තියෙන්න ඇතිනෙ. ⁣ඒත් එක්කම උන්ගෙ එකෙක් හතර වටෙි ටෝච් ගගහ ලයින් එක දිගේ එනව.

මොනාද හිතෝතුනි අපි පොලවෙ ඔලුව ඔබාගෙන පස් කාගෙන හිටියෙ. මොකද අපි කොච්චර කැම ෆ්ලාජ් වෙලා හිටියත් උන්ට සැක හිතුනොත් වෙඩි තියන්න පුලුවන්.එහෙම උනොත් බොහොම අමාරුවෙන් කර ගහපු මිෂන් එක සම්පූර්ණයෙන්ම අවුල් යන්න පුලුවන්. අපිට ජීවිත වලින් පවා වන්දි ගෙවන්න සිදුවෙනව. ඒ නිසා ෆුල්ම ඇලට් එකේ හිටිය හුස්ම ගන්න එකත් මොහාතකට නවත්තල. කරුමෙ කියන්නෙ මා මිත්‍රවරුණි මං විස්වාස කරන දෙයක්. අපි බුද්දාගං කාරයොනෙ. කිව්වට විස්වාස කරන්න මට ඒ වෙලාවෙම කැස්සක් යන්න ආව. පුදුම අමාරුවකින් කෙල ටොන් එකක් විතර බීල බීල තමා උගුරෙ කිචිය චුට්ටක් හරි අඩු කර ගත්තෙ.

ඌත් ගියා. හොඳට වට පිට බලල අඬුව අරන් සද්දෙ පිට නොවෙන්න කම්බි දැල කැපුව.. එකෙකුට රිංගන්න පුලුවන් වෙන විදියට. අනික් වුනුත් ඉන්න ඉන්න තැන් වලින් කම්බි දැල කපා ගත්තා. මොකද මං විතරයිනෙ ඇතුලට යන්නෙ. මට අමාරුවක් වුනොත් උන්ට ඉක්මනින්ම ඇතුලට කඩා වදින්න බෑනෙ නැත්තං..මොකද ඒ වෙලාවට කම්බි දැල් කප කප ඉන්නද.

මාත් වැඩ්ඩ වගේ තනියෙන් යන්නං කිව්වට හිතේ චකිතයක් නොතිබුනාම නෙවෙයි.ඒක උපරිමෙිටම ලං වෙලා තිබුනෙ.😪😪

මං ඒත් උන්ට ආපහු කිව්ව
*මචං මගෙ මෙි මිෂන් එක අවුල් ගිහින් මැරුනට කමක් නෑ.උඹල බෙිරිල පැන ගනිල්ලා. හැබැයි රත්තරංලා මං තුවාල වුනොත් අනිවාරයෙන්ම මට එකක් තියාපං ඔලුවටම හොයාගෙන හරි ඇවිත් කියල. මොකද උන්ට අහුවෙනවට වඩා හොදයි මැරෙන එක. . මොකද පන පිටින් අල්ලගත්තොත් ඒ මිනිස්සුත් දුක් විදිනවනෙ.

ටයිම් හරි.මං රිංගුව.ඉස්සරහ පොඩි කැලෑ කුට්ටියක් වගේ තියෙනව දැක්කා.හොදට බැලුව උන් ඉන්නවද කියල..
එකෙක්වත් නෑම කියල තීරණය කරගෙන අනික් තුන්දෙනත් ගත්තා ඇතුලට. අරං දැම්ම කැලේ කුට්ටි කෑල්ලට.

අම්මට සිරි උං අපිට වඩා මොල කාරයො අප්පා. අපි එලියෙ ඉදන් බැලුවට හරියට ඇතුල පෙනුනෙ නෑ.ඇතුලට ආවමයි දැක්කෙ ටැරට් එක්කුත් තියෙනව. ඒක යට බැරල් වගයක් පෙට්ටි වගයක් පිලිවෙලට ගොඩ ගහල තිබුනෙ. හැබැයි මං යන තැන උන්ට පේනව අඩුයි.ආලෝකය මගේ වාසියටයි විහිදිල තිබුනෙ. මං තව මීටර් පනහක් විතර වමට බඩ ගාල ටැක්ටරයක් තිබුනු තැනකට ඇවිත් ආවරණයක් ගත්තා. ආයෙ ඉස්සරහ හොදට නිරීක්ෂණය කලා. ම්හු... මොකෙක්වත් පේන්න නෑ. පපුව ගැහෙනව. මොකද කව්රු හරිහිටියනං හිත හදාගන්න පුලුවන් අපි ආව කියලවත් චෙක් වෙලා නෑ කියල.මෙහෙම උනාම කාටත් ඒ හැඟිම එනව...
මටත් හිතුනා ලගටම අරන් දෙන්නකෑමක්වත් සෙට් කරලද දන්නෑ.. කියල.

ඔය අස්සෙ දෙන්නෙක් යනව පාර දිගේ..අම්මෝ හිතෝතුනි දැං තමා ඩිංගක් ඇඟට ලේ ඉනුවෙ. උන් දෙන්නහයියෙන් හයියෙන් මොනාද මන්ද කතා කර කර යන්නෙ. ඒකෙන් කිය වෙන්නෙ උන් මෙි වගෙ ප්‍රහාරයකට සූදානම් නෑ කියන එක.

මං උං දෙන්නගෙ සද්දය මගෙ වාසියට හරෝගෙන බඩ ගෑව තවත් ටිකක් වමටම. බඩගාල නැවතුනා.

උං දෙන්න ගියා. මං දැක්කා ඉස්සරහින් ට්‍රෙන්චස් එකක්. මං හීන් සැරේ එතනට බඩ ගාල බැස්ස කානුවට. දැං පට පට ගාල එහා පැත්තට පැනල පොඩි ගේ කෑල්ලකට මුවාවුනා. ඒකෙ වහලෙතිබ්බෙ නෑ. බිත්තිත් කැඩිල සමහර ඒව. ජනෙල් කැඩිල..වෙඩි පාරවල් වගේකුත් වැද්චිච් ලකුනු තිබුන බිත්ති වල. ආවරණයකට හොදයි.ආයෙ හොදට බැලුව වටපිට.. ප්‍රහාරය කොතනින් ආරම්භ කරන්නද කියලයි ඒ බැලුවෙ.ඒත් එක්කම මට ඇහෙනව සෙට් එකකින් කතා කරන සද්දයක්.හොදට බැලුව. මට මීටර් තිහක් විතර දුරකින් අන්ඩර් ග්‍රවුන්ඩ් බංකරයක්. උඩට තඩි කොන්ක්‍රීට් එකක් දාල තිබුනෙ.මෙිකට ආටි ගැහුවත් කඩාගෙන නොබහින විදියට තමා හදල තිබුනෙ. ලයිට් එලියත් යන්තමට පේනව. මෙි ටයිම් එකට මුන්ගෙ ලොක්කත් ඔිකෙ ඉන්න පුලුවන්.නැති වෙන්නත් පුලුවන්. කෝකටත් කියල මං ලයිට් එලිය වැටෙන කව්ලුව ගාවට කිට්ටු කරල හොදට බැලුව.ඇතුලෙ දෙන්නයි හිටියෙ.මං බැලුවෙ මුං දෙන්නගෙන් එකෙක්වත්ද ලීඩර් කියල. මොකද අපි එන්න කලින් ලීඩර්ගෙ  මූන තියෙන පොටෝ එකක් බලනව තහවුරු කරගන්න. ලොක්ක හිටියෙ නෑ. ඊට එහායින් පොඩි හට් එකක් තිබුනා. දැං උන්ගෙ රේඩියෝ රූම් එකට අනිවාරයෙන්ම ගහන්න ඔින. ඔික තිබ්බොත් මුං අනික් කෑම්ප්වලටත් කියන්න පුලුවන්.මුංගෙ එලියෙ ටීම් ඉන්නවනං ඇතුලට ගෙන්න ගන්නත් පුලුවන් සෙට් වලින් කියල. ඒනිසා. මං හොදට කල්පනාවෙන් අර හට් එක ගාවට කිට්ටුවුනා.
ඒකෙ බල්බ් එකක් පත්තු කරල  එලිය විහිදෙන්නැතිවෙන්න කාඩ්බෝඩ් කැල්ලකින් කවර් කරල තිබුනෙ. මං ලගටම කිට්ටුකරල හොදට බැලුව ඇතුලෙ. ඔය ඉන්නෙ බඩු දිලිසි දිලිසි.. ටීවී බල බල.
පට්ට ගටක් ආවෙ හිතෝතුනි ඒ වෙලාවෙ.ඒ හැඟීමෙ ප්‍රීතිය එන්නනං සෙබලෙක් වෙලා තියෙන්නම ඔින.
මං හීන් සැරේ වෙපන් එක ගත්තා.. සේෆ්ටි ලොකින් ලිවර් එක දැම්ම පහලට. හිමින් සීරුවෙ අනික් අතට ගත්තා හෑන් ග්‍රෙනේඩ් එකක්. ගැලෙව්ව පින් එක. ඉශ්ඨ දේවතාව අදහගෙනම ග්‍රෙනේඩ් එක දැම්ම දොරෙන්ම රේඩියෝ රෑම් එක ඇතුලට.ඒක පුපුරන්නත් කලින්ම තිබ්බ දහයක් විතරම අරූගෙ මුලු ශරීරයම හිල් වෙලා යන්න.ඌ "අග් අග්" ගෑව..බඩු බනිස්..ඒත් එක්කම ඩීං ගෑව..ග්‍රෙනේඩ් එකත්.

හැම ලීඩර් කෙනෙක්ම අනිවාරයෙන් රේඩියෝ රූම් එක ලඟතමා පදිංචි වෙන්නෙ.අපෙත් එහෙමයි.මොකද ඔිනම සිදුවීමකදි අඩුම වෙලාවකින් සන්නිවෙිදනය කරන්න ලඟා වෙන්න පුලුවන් නිසා.
අමිමට සිරා කිහාල්ලකො..හරක්ට පැට්ටෝල් ගැහුව වගෙ හතර අතින් දුවගෙන එන සද්දෙ ඇහෙනව කෑ ගහගෙන මං ඉන්න පැත්තට.මාත් සෙනිකව මිලි තත්පර ගානෙන් රේඩියෝ රූම් එකේ සෙට් වලට තිබ්බ ඒ මැගසින් එකේ ඉතුරුව ඔක්කෝම. තියල අලුත් මැගසින් එක්කුත් ගහගෙන මං ආව පාර ගිය පාර දිගේම දුවගෙන .
දැං මං අරුං නවත්තල ආපු තැන ඉදන් මීටර් සීයක් විතර දුර ඉන්නෙ. මං ඉස්සරහටම දෙන්නෙක් ආව.. බැස්සුව දහයක් විතර.මොකද පතුරං ඉතුරු කරගන්නත් එපෑ.මැගසින්මාරු කර කර ඉන්නද ඔය අහු අස්සෙ. පැන්න බිත්තිය ගාවට.අම්මට සිරි විස්සක් විතර පාර දෙපැත්තෙන්ම.
ඉස්සෙල්ලම දකුනෙන් ආපු ටිකට තිබ්බ.එතකොට අරුං දැන ගත්තා මං තැනට ඇවිත් ඉන්නෙ කියල.උං තියන්න ගත්තා මගේ වම් පැත්තෙ සෙට් එකට. හම්මට සිරිකියන්නෙ මාර යුද්දෙ ඒක..මරාගන්නව ඇතුලෙ. ඉවරයක්ම නෑ.මෙි වෙන කොට මගෙ මැගසින් හතරවෙනි එකත් ගහල තියෙන්නෙ අවියට. දැං පාර පැනගන්න බැරුව ඉන්නෙ අරුංට එකතු වෙන්න.මං හයියෙන් කෑගැහුව "කවරින් ෆයර්" කියල.මොනාද හිතෝතුනි අරුං තුන් දෙනාට ඒක ඇහුන විතරයි දෙන්න තියාගත්තා පැල්බැදගෙන දෙපැත්තටම සල සල සල ගාල.
මාත් ඒ ෆයර් එක අස්සෙ පැන ගත්තා පාර.. අන්තිමට ගහපු මැගසින් එකත් දකුනෙන් දුවගෙන ආපු රොත්තකටම තියාගෙන

මං ආරක්ෂිතයි මගෙ ආදරණීය යාලුවනේ.ටාගට් එකත් සම්පූර්ණයි.ඊ ලඟට පසු බැසීම.අමාරුම එක.😁😁😁

අපි නොනවත්වාම වෙඩි තියාගෙන ටික ටික පස්සට ආව.වැට අයිනටම. කොහෙන්දෝ මංද ආව ගෙුනේඩ් එකක් දිඩීරියාාං ගාල පුපුරල ගියා ඉස්සරහම.කටෙි හිටං වැලි.

අපි ඉස්සරහ තිබ්බ කැලේ කවර්කරගෙන රිංගුව එලියට. අම්මට සිරි තරිඳුවට එකක් වැදුනා. ඌ වැටුනා. අපි ආයෙ ආපහු හැරිල ආව උගෙ ලඟට.දැං එන එන එකාට වෙඩි තියනව.අපිටත් ඔලුව උස්සන්නම දෙන්නෑ.

කොහොම හරි අපිට තරිදුවව ගේන්නත් ඔිනෙ.අපි බෙිරෙන්නත් ඔින. අපි තුන්දෙනා කතාවුනා මැරුනත් එකට මැරෙමු මුං එන තරමක් මරාගෙන කියල.තරිදුව මුනිං අත වැටිල. සද්දයක්වත් නෑ.😪😪😪😥😥😥

හරි එහෙනං ඔිකේ කිව්ව.අපි තුන් දෙනා ආයෙ ආපහු හැරුනා.කරන්න දෙයක් නෑ.උං ඉල්ලං කන්නනෙ හදන්නෙ.අපිත් ඉස්සරහට ගියා.කම්බි වැටත් පැන්න. ආයෙ ඇතුලෙ. දැං එකසීරුවට මරා ගන්නව.පුදුම හිසරදයක්වුනේ එක තැනයි.එතැන උන්ගෙ මැෂින්   ගන් එකක් දාල තිබුනෙ. එතනින් නොනවත්තාම ගහනව..
මං ගත්තා තව ග්‍රෙනේඩ් එකක්...ඇද්ද පින් එක..පුලුවන් හයිය හිතට අරං එකපාරටම නැගිටල විසිකලා මැශින් ගන් එක තියෙන තැනට . මයෙ අප්පේ හිස් අහසට දූලිවලාවක් එකතු කරමින් මහා හඩක් නගමින් ගිඩීරියාාාංං ගාල ඒක පුපුරල ගියා.ඒත් එක්කම මැශින්ගන් එක නිහඬ වුනා.
ලග හිටපු එකා හයියෙන් මගේ පිටට එකක් ගහල "ටාගට්  මචාං කිව්වා" ඔහොම විනාඩි දහයක් විතර යනකොට ෆයර් එක අඩුවුනා.

අපි තවත් තත්පර තිහක් විතර බැලුව.ආයෙ එයිවත්ද කොහෙන් හරි කියල. නෑ. ෂංදෝශයි බොක්කෙන්ම.

අපි තරිදුවත් අරගෙන පුලුවන් උපරිම වෙිගෙන් දුවගෙන ආව ආපහු.කැලේට පැන්න පොයින්ට් එක ගාවටම ඇවිත් තමා ආයෙ පස්⁣ස බැලුවෙ. තුවාලවුනු සෙබලෙක්ගෙ ජීවිතේ බෙිර ගැනීම කියන්නෙ හරි භාරදූර කර්තෘව්‍යක්. ඒත් අපි ඒක උපරිමයෙන් කලා.අපි තුන් දෙනාටම පට්ට හැපි.මිෂන් එක සක්සස් උනාට.ඒත් එක්කම තරිදුවව මතක් වෙද්දි තාමත් පපුව දාල යනව.
පස්සෙ අපි කඳවුරට ගියා..අපිව සෑහෙන්න වර්ණනා කලා. නමුත් තියෙන එකම සතුට අපිට පැවරුනු වගකීම සහ රාජකාරිය හැකි උපරිමයෙන් කර සාර්තක කරගැනීම. ඒක හරි අපූරු අත්දැකීමක් තමා.

ඒත් එක්කම ඊලඟ මිෂන් එකට යන්න කැමතිද කියල අහල  තිරේ වැටුනා. මාත්හරි සංතෝශෙන් එතන මවුස් එකෙන් ක්ලික් කරල ඔිකේ කලා.පාට පාට අකුරු ගොඩාක් පේලියට පේලියට උඩට ගියා.ඊලඟ එක හෙට ගහමු  කියල කතා වෙලා අපි හතර දෙනාම ඔිෆ් ලයින් ගියා.

රුවින් පමුදිත යද්දෙහි ආරච්චි
2020.04.18

3 comments: