ඔයාල බලල තියෙනවද සූරියවම්සම් චිත්‍රපටිය. ලස්සනම සිංදු දෙක තුනක් තියෙන ලස්සන චිත්‍රපටියක්. කොල්ලා දුප්පත්.අන්තිමෙිදී පෝසත් වෙනව.මටත් කතාව ටිකක් එහෙං මෙහෙං තමා මතක.
රෝජාප් පූ චින්න රෝජාප් පූ... කියන සිංදුව මාර ලස්සනයි ඒකෙ.
අපි මඩකලපු ඉඳල කල්ලඩි වලට යනව අපේ උපකරණ ගබඩාවෙ බඩු ගේන්න. රෙෂන් එක පවා අපි කල්ලඩි වලින් තමා ගේන්න යන්නෙ. මෙි දවසෙ අපේ ලිපිද්‍රව්‍ය වගයක් ඇවිත් තිබුනා කල්ලඩි වලට.ඒවා ගන්න මෙින් ස්ටෝර්ස් තිබ්බෙ කල්ලඩි. ඉස්සර ඉදිරි නඩත්තු පෙදෙස තිබ්බෙ මෙහෙ. ඉතින් ඒක මට භාර විෂයක් හිංද මාත් ටැට්ටරයක් අරගෙන ගියා බඩුටික ගේන්න.
ගිහින් වව්චර කොන්ට්‍රෝල් කරල ඒවගෙ අඩුවැඩිය දාල කෙමේපහන් ඔක්කොම කරල එන්න එද්දි මං දැක්ක තාප්පෙක පෝස්ටරයක් අලවල තියෙනව. ඒකෙ ලියල තිබුනෙ "සූරියවම්සම් චිත්‍රපටය දැන් පෙන්වනවා" "ශාන්ති කල්ලඩි" කියලා. තව තිබුනා 1030,0230,0630,0930 කියල වෙලාවත් ගහල.
මං ඔිකත් රබර් ඇහැට දාගෙන මගේ වැඩ කරගෙන ගියා. ඔහොම ඉද්දි ඉරිදාවක් උදාවුනා. මට හිතුනා ආයෙ පාරක් මඩකලපුව ටවුන් එක පැත්තෙ කරක් ගහන්න. ඔිකට ඉතින් පෙර සූදානමක් එහෙම හදාගෙන ඩියුටිත් එහෙ මෙහෙ කරගෙන ලෑස්තිවුනා මැරුනත් දහයයි තිහ බලනවාමයි කියල. මට හිතුන චිත්‍රපටිය ලස්සන ඇති කියල.
කරුමෙ කියන්නෙ මට අමතක වෙලා තිබුනා ගිය සතියෙ ගහපු මැච් එකේ ඉතුරු ටික මෙි සතියෙ කියල. උදේ අට වෙද්දි කට්ටිය පීටී කිට් දාගෙන බැට් විකට් පොලු අරගෙන වතුර බෝතල් එල්ලගෙන ග්‍රවුන්ඩ් බහිනවා. මාත් මෙි මැච් එකේ ප්‍රධාන චරිතයක් රඟපෑව.මට තිබුනෙ මුරලිිිිිිගෙ භූමිකාව. ඒ කියන්නෙ මට ගහන්න බෑ. බෝල දාන්නනං රැයක් එලිවෙනකං හරි පුලුවන්. වැඩිම විකට් ගත්තු ලිස්ට් එකේ තුන්වෙනිය විතර තමා මං හිටියෙත්. මේ මැච් එකට ඉන්නැතුව ගියොත් මාව හොයනව මුලු ලෝකෙම. හොයන්නෙත් ලේසි පාසු තැන්වල නෙමෙි. තැන් දෙක තුනක විතරයි හොයන්නෙ,ඒ තැන්වල නැත්තං ආයෙ මලත් කඳවුරේ නෑ තමා.
එකක් කුස්සිය, අනික බෙිකරිය, අනික සී ගාඩ්රූම් එක. සී ගාඩ්රූම් එකේ හොයන්නෙ ඒ වෙනකොට මගේ පන ඩිංග ඒකෙ තමා රාජකාරි ඉන්නෙ.. මෙි දවස් වල බදුම අරගෙන. ඒ හිංද.
පස්සෙ වෙලාව තිබ්බොත් දෙකයි තිහ නැත්තං හයයි තිහ බලනව කියල හිතාගෙන මාත් ලැස්තිවෙලා ග්‍රවුන්ඩ් බැස්සා. එදා මැච්එක ඉවරවෙනකොට තුනයි. අපි බ්‍රිගේඩ් එකෙන්, ප්‍රතිවාදි කණ්ඩායම් හිටියෙ වෛද්‍යබළකායයි අපේ යුනිට් එකයි වැලි කතරයි ආසේඉ (ආරක්ෂක සේනා ඉංජිනේරු) නැගෙනහිර. වැලිකතර කියන්නෙ යුනිට් කිහිපයකින් නිර්මානය වෙච්චි කණ්ඩායමක්.
ඉතින් මට කියන්න සංතෝෂයි මට එදා දවසටම ගන්න පුලුවන් උනේ ලකුනු දා හතයි.ඒක මං මගේ ක්‍රීඩා ජීවිතේ එකතු කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව. විකට් දා හතරයි.😁😁😁
එදා තුන වෙද්දි මැච් එක ඉවරයි.මාත් කන්ඩායමෙි උනුසුම් හරසර මැද්දෙ ඇවිත් නාල කාල ලුකින් පිචර් ක්‍රියාන්විතයට හීන්සැරේ සූදානං උනා. මං එදා ගන්නම අමාරු කීප දෙනෙක්ගෙම විකට් ගත්තා. අපේ ඇජුටන් මලාට අවුට් කරන්න බෑ. අනික අරවින්ද සිල්වාගෙ නෑදෑයෙක් වගේ. ලෑලි තුනක් හතරක් දාල හයක් හරි හතරක් හරි දානවම තමා. අනිත් එක ඉංජිනේරු සේවා අනුකන්ඩයේ ආරක්ෂක සේනා ඉංජිනේරු කපිතන් සේනාරත්න. ඒ අනික් විකට් එක. ගහන්න ගත්තොත් ගහනව ලෙලි යන්න. එදා සර් සෙල්ලං කරේ වෛද්‍ය බළකා ටීම් එකේ. අපේ පැත්තෙ ඉන්න ඔින කෙනා ඒ කණ්ඩායමට ගිය නිසා අපිත් බයෙන් හිටියෙ.
අනික් විකට් එක වෛද්‍ය බළකායෙ ප්‍රියන්ත.අම්මොහ්.. ඒ අනිකා. එන එන එකට ගහනව.හැබැයි පලවෙනි ඔිවරෙන් කොහොම හරි කැච් එකක් දෙනවම තමා.ඒක අතැරියොත් ආයෙ අවුට් කරනව බොරු.
ඔය විකට් තුනම ගත්තෙ මං. තව අමාරු ඒව තිබුනා.ඒවට වග කිව්වෙ මගේ බැජා සුසන්ත බංඩාර.
ඒ වුනාට වැඩි විකට් ගත්තෙ මං. කනා දෙක තුනකුත් සෙට්වුනා ඉතින්. මට වෛද්‍ය බළකායෙ පියන්තත් එක්ක හෙන ඇරියස් එකක් තිබුනා ඒ දවස්වල. පොරගෙ විකට්ටුව ගත්තු දවසට මං කව්රු හිටියත් හයියෙන් හූ කියනව. එදත් හූ කිව්වා. අපේ බ්‍රිගේඩ් එකේ සීයට හැත්තැපහක් දන්නව ඒ හූකියන්නෙ ඇයි කියල. බෝල ගහන ඔක්කොම දන්නව. ඒකට හේතුව තමා එක දවසක් මට කැටයක් සෙට්වුනා මින්නේරි යන්න වැඩකට. මෙි අහක යන කැටයක්. මං කිව්වා මට උන කියල බොරුවට. කට්ට්ය විස්සාස කලේම නෑ මට උන කිව්වට. කොහොමත් බොරුනෙ. ප්‍රියන්ත මගේ සුපිරි හිතවතෙක්. පියන්ත විතරක් නෙමෙි වෛද්‍ය බළකායෙ සියලුම දෙනාම. මං මේකෙන් බෙිරෙන්න ඔින නිසා ගියා බේතුත් අරං ඉන්නෙ කිල පෙන්නන්න මොනාහරි බෙිත් ටිකක් ගන්න කියල. ඒ ගිහින් පියන්තයට කිව්ව සීන් එක. ඩොක්ටර් ගාවටත් දැම්ම. උණ බැලුවෙ පියන්ත. උන අනූනවයට තියෙනව කියල සටහන් කරල ඩොක්ටර් ගාවට ගියාම බෙිතුත් ලියල දුන්න. ඩොක්ටටත් සැකයි සැකයි වගෙ හිතෙන්න ඇති. මං බෙිත් ටික ගන්න පියන්තයට කොලේ දුන්නම මූ සතුරෙකුටවත් කරන්නැති මහා බලුවැඩක් කරා.
*මචං උඹට උන නෑනෙ. ඒ හිංද මං බෙිත් ටිකක් දෙන්නං ඒක රෑට බීපං. විටමින් වගයක් තියෙන්නෙ.උඹෙි ඇගටත් හොදයි කියල. ඒ දුන්නෙත් හිනාවත් වෙන්නැතුව මුනත් බලාගෙන
මාත් අනේ සංතෝසෙන් ඇවිත් කැටෙිනුත් නිදහස් වෙලා අරෑ කිව්ව විදියට රෑට කාල එහෙම බෙිත් ටික බිව්වා. විටමින්නෙ.
මයෙ අප්පේ කියන්ඩ විලි ලැහ්ජාහෙ බැරුවා විනාඩි දහයක් යනකොට මහා විසාල වතුර තිබහක් ආව. වතුර ජෝගුවක් විතර බිව්වා. විනාඩි දෙකයි ගියෙ. ආයෙ හෙන චූ බරක්. ගිහිල්ල ඒකත්කරගෙන ආව. ආයෙත් වතුර තිබහක්.. හත් දෙයියනේ මං ඔහොම එදා එලිවෙනකං ඇහැරිලා. මූ මට දිල තියෙන්නෙ විටමින් කියල හුජ්ජ පෙතිනෙ. එලිවෙනකං වතුර බොනව.විනාඩි දෙකෙන් දෙකට පම්ප් කරනව. ආයෙ වතුර බොනව පම්ප් කරනව. පම්ප් කරනවා වතුර බොනව.පම්ප් කර කරත් වතුර බිව්වා. වතුර බිබිත් පම්ප් කෙරුවා.. මං එදා එලි වෙනකං මාර දුකක් වින්දෙ. හරි ඒක කමක් නෑ කියමුකො.ඒ මදිවට මූ කරපු අනිත් කැත වැඩෙි කියන්නෙ මූ එි්ක කලානං කට වහගෙන හිටහංකො. නෑනෙ. ඒ මදිවට ස්ටෝර්ස් එකට කෝලුුුුුත් දාල කියල... ඔක්කොම මට කියන්නෙ ආරච්චිට කටිටිය පදිරි උනාට ආරච්චි පදිරිවුනේ පියන්තයට කියල.ඒක මට කොහොමත් දරාගන්න අමාරුයිනෙ දෙයියො..😁😁😁
ඉතින් එදා දවසෙම ඉඳන් මං මූව කන තරහෙන් හිටියෙ. හැබැයි එදා උගෙ බෙිත් වලින් මට තිබ්බ එක අමාරුවක් නං හොදවුනා. ඒ පියන්තයගෙන් ආයෙ හොර ලෙඩවලට බෙිත් ගන්නැතුව ඉන්න එක.ආං ඒකෙ පලිය විදියට තමා කොහොමහරි උගෙ විකට් එක අරං මං හූ කියන්නෙ. ඌත් මට බැනගෙන එනව හූ කිව්වම ගහන්ඩ වගෙ බැට් එකත් ඔහෙක් කරගෙන. ඒ වුනාට මං පැනල දිව්වම ඒ ඔක්කොම ඉවරයි. ඒව ඒ විනාඩ්යෙ විතරයි. ඊලඟ විනාඩියෙ ආයෙ යාලුයි.
කතාවට යමුකො. මං ඉතින් එදා පහට විතර කාලගුනෙන් පැනල මගේ සයිකල් කට්ටත් අරං ගියා ටවුන් එකට. ගිහින් ඉස්සෙල්ලම හොදට කෑව. එතනත් කේස් එක කියන්නෙ මං ගිය කඩෙි තිබුනෙ පාං ඉදියාප්ප පොල් බෝනික්කො වගෙ දේවල් විතරයි. මුදලාලි හිටියෙත් නාකි පහේ බුවෙක්. මං ඇහුව කන්න මොනාද තියෙන්නෙ කියල. (මං ටවුන් එකෙන් කන්නැතුව වෙලාව ඉතුරු වුනොත් හෝල් එක ලඟ කඩෙිකින් කන්නං කියල ගියෙ.)
*පාන් තියෙනව කිව්ව.
*කරීස් එන්න ඉරික්කු අංකල්.
*චික්කන් මීන් මට්ටුම් තම්බී.
මං ඇහුව කූරියබැරල් හොද්ද නැද්ද කියල.
මිනිහට තේරෙන්නෑ කිව්වා.😁😁😁
මං කිව්වා දෙමලෙන් එහෙනං පංගෙඩියක් පෙති දෙකකට කපල ගේන්නකො කන්න කියල.
මිනිහ ගේන්නං කියල පාං තියෙන තැනටත් ගිහිල්ල ආයෙ බර කල්පනාවකින් මගේ ගාවට ඇවිත් අහනව
*මල්ලී මොනාද කිව්වෙ.මට තේරුන්නෑ.පාං කොච්චරද්ද ඔින කියල.😁😁😁
මං ආයෙ අරකම කිව්වා. ඇයි දෙයියනේ මෙයාට මෙික තේරෙන්නැත්තෙ😁😁😁.දන්නැද්ද පාං ගෙඩියක් ගේන්න කියල කියන්න තරං අපි මෝරල නෑ කියල.ලැජ්ජබයට හැදුනු කොල්ලො අනික.
මිනිහත් දඩ සයිස් බෙලෙක් තැටියක ඔික තියාගෙන ආව. මාත් කාල ප්ලේන්ටි විතරයි තිබුනෙ ප්ලේන්ටියකුත් ගහල ගියා පෝලිමට. කෑම්ප් එකේ ඉදල කිලෝමිටර් හතක් විතර තියෙනව හෝල් එක ගාවටම.
ඉතින් ඔිඩීසී එකකුත් අරං චිත්‍රපටියත් බලල වෙිගෙන් පැදගෙන පැදගෙන ආව කෑම්ප් එකට එන්න. ඒ ආවෙත් කෙටි පාර තියෙද්දි කෝච්චි ස්ටේෂන් එක හරහා අන්තෝනි පල්ලිය ගාවට ගිහින් එතනින් ට්‍රින්කො පාරෙ ගිහිල්ලා සින්න ඌරනි වලින් වමට දාල ඒ පාරෙ කෙලින්ම කලපුව හරහා හමා එන පට්ට සීතල මදනලේ වෙලෙමින් කලපුව අයිනෙන්ම බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් ටවුමට. ඒක කිලෝමීටර් හතේ දුරට පහලවක වගේ දුරක්. එහෙම එන්න හේතුව මං කලපුව හරහා කවදාවත් වටරවුම් පාරෙන් රෑට ඇවිත් නෑ. ඒ හරිය පට්ට ලස්සනයි. වටෙිටම ලයිට්. ඈත ලයිට් දාල දූපත්වල මාර අලංකාරයි. අනික ඉස්සො කොටුවල පත්තු කරපු පැට්ටල් මැක්ස් වල ලන්තෑරුම් වල එලි.. අම්මට සිරි නිකන් සිංගප්පූරු ගියාවගෙ. මාර ලස්සනයි. ඒක වචන වලින් කියන්න බෑ ගිහිල්ලම බලන්න ඔින. ඒ අස්සෙ එදා අහසත් ඒ වගේ..පැහැදිලි අහස. ලාවට හඳ එලියත් තිබුනා. මං ඒ ඇවිත් ඔය ලස්සන බල බල පැයක් විතර හිටියා. ඉදල දැං ගියොත් හොඳයි කියල වෙලාව බලනකොට දහයයි විස්සයි. මිනිස්සුත් මා දිහා බල බල යනව.
චිත්‍රපටිය ඉවර වුනේ අටයි තිහට.
නැග්ග බයිසි කලේට. දැං ආයෙ පදිනව. පැදගෙන පැදගෙන ඇවිත් ගාන්ධි ස්ට්‍රීට් එකේ තියෙන කඩෙන් කොත්තු දෙකකුත් ගත්තා. මටයි අරුන්ටයි. අරගෙන ආව ඇතුලට එන්න.
හුටා කියහල්ලකො. එදා වෙන එවුන් වගයක්නෙ කාලගුනේ පොයින්ට් එකේ හිටියෙ.
මාව අදුරන්නෙත් නෑ. රෑට කෑම්ප් එකට ඇතුලට එන්න දෙන්නේත් නෑ. මං උන්ව අදුරන්නෙත් නෑ. මෙතන ඩියුටි කරන්නෙ අදිආරක්ෂක කලාපෙන්. එයාලා සිත්තන්ඩි කෑම්ප් එකත් එක්ක සතියෙන් සතිය මාරුවෙනව. මෙි ඇවිත් ඉන්නෙත් සිත්තන්ඩි ටීම් එකක්. දැං මොකද කරන්නෙ. යනවද නැද්ද යනවද නැද්ද. ඇතුලට යන්න ගිහින් මුං ඉහලින් ඇතුලට ගන්නද කියල අහන්න ගියොත් ඊට වඩා හොදයි මෙහෙම්මම ගෙදර යනඑක. නොගියොත් ඉන්න තැනකුත් නෑ. කරන්න දේකුත් නෑ. අන්තිමෙිදි තීරණයකට ආව මලත් යන්න එපෑ. ඒ හිංද කොහොම හරි යනව කියල.අපේ කට්ටිය එතන ඉඳී කියල මං බයනැතුව එලියට ගියේ.
පස්සෙ කල්පනා කරල කරල ආව ඇතුලට එන්න.
*හෝල්ට්. මට නවතින්නලු.
ආයෙ අහුව
*කව්ද.
බැලුව කව්ද ඉන්නෙ කියල. ලාකෝ කෙනෙක් ඩියුටි ඉන්නෙ. (හොදට ලයිට් එලිය තියෙනව මෙතෙනට)
*ආ..මචං මං ඉන්ට් එකේ කෝපල් රත්නායක..මචං
*ආ.. එන්න එන්න කෝප්‍රල්.
ලඟට ඇවිත් කිව්වා.
*අද ටිකක් වෙිලාසනින් ආවෙ මචං. ඇගට ටිකක් අමාරුයි. කාටවත් කියන්නෙපා ඈ.
*ඇයි කෝපල් එහෙම අහනවද කව්රුවත්.
*ඔව් මචං සමහර විට විතරක් අපේ ඉන්ට් එකෙන් අහනව. ඇහුවොත් කව්රුත් ආවෙ නෑ කියහංකො.ඒ ඇති.
*හරි කෝපල්.
*එහෙනං මං යනව කියල ඇතුලට ඇවිත් කලුවර තැනක් අල්ලල සරම ගලෝල සයිකලේ හැඩල් එකේ ඔතාගත්තා. එතන ඉදල පැගුව තප්පර දහයෙන් බිලට් එකට.
ගණ දෙවි නුවන එසේ පහල වීම නිසා මෙසේ සිදුවිය.
මං කෝපල් රත්නායක කියල කටට එන නමක් කියල තඩි බොරුවක් කියලනෙ ඇතුලට පැන්නෙ. අනික තඩි ප්‍රයිවට් ආරච්චි කෝපල් ආරච්චිත් කරගෙනනෙ😁
ඉතින් දෙයියනේ මං අර ලා/කෝට මූනට මුලිච්චි නොවී ඉන්න සතියක් තිස්සේ වින්ද දුක දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි දෙයියො😁.
දැකල මාව අදුරගත්තනං එහෙම තාම උඩ තියාගෙන ගහනව.😁😁😁
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.04
රෝජා පූ චින්න රෝජා පූ
ReplyDeleteඋංගල් පෙයර් එන්න රෝජා පූ