මෙි කතාව වෙන්නෙත් මඩකලපුව තානායම් කඳවුරේ. ඒ දවස්වල මඩකලපුවත් කියන්නෙ ඉතින් හරි සුන්දර ලස්සන තැනක් තමා.
එදා හරි විනෝදකාමී දවසක්. ඒ දවස තව තවත් ආතල් බෝ වෙිවා කියල ආතල් එකේම ගෙවන්න තවත් දවසකට පලවෙනිම කික් එක ගත්තෙ පාන්දර අටට විතර අලුයමින්ම නැගිටලා පෙර දින රාත්‍රියේ ගසා ඉතිරිවූ ගල් කාලකින් කට හෝදලා අටයි අට හාෆ් එකක් කිරි තේ කියල හිතාගෙන එක හුස්මට බීල. හමුදාවෙ තිස්දෙකයි දාසය කල්දේරමෙි හැඳිගාන ටී එකට පිටියි සීනියි කහටයි විතරයි මදි. අනික්ව ඔක්කෝම ඔිනෑවටත් වඩා තියෙන පසුබිමක ඒව කිරි තේ කියල අදුරගන්ඩ මිලී ලීටර් දෙසිය පනහෙ කෝප්පෙකින් කට කපල හතරක් වත් බොන්න ඔින.
එදා දවස අපිට විනෝද වෙන්නම විතරක් වෙන්කරපු හරි සුන්දර දවසක්.
ඒකට කියන්නෙ ටොම්බෝලා රාත්‍රිය කියලා. නමට රාත්‍රිය වෙච්චි ඔික පැවැත්තුවෙ පට්ට මද්දහනේ..
එදා ඉහල ඔිඩර්ස් එකක් ඇවිත් තිවුනා අටයි අට බෝතල් දෙකක රසය විඳගන්න ඔින කෙනෙකුට ඇහැක්ය කියල. අපි හැමදාම කාලගුනේ පොයින්ට් එකෙන් මැස්සෙක්ටවත් අහුනොවෙන්න හොරෙන් පැනල ගිහින් ගෙනත් ගහන පැලවත්ත බාගෙ හැබැයි මීට වඩා ආතල් එකක් දුන්නත් මෙික ලයිසන් පිටම හන්දා ඇල්වතුර හරි කමහ්නෑ වදිනවනං කැරකෙනවනං කියන මතයෙන් අපි හරි සංදෝසෙන් හිටියෙ. මෙදිනට බෑන්ඩ් එකක් ඉස්සරහ නටලා ඇඟ පොඩ්ඩක් ඒම හීනියට තලාගෙන කාරිය සීසීඑම්පී බුවාලටත් පේන්නම කැරකි කැරකි ඇවිත් කට දෙපැත්තෙන් විටමින් පාර ගලනකං ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නත් ආසයිනෙ. ඒ දවස්වල ඒව ඉතින් අපේ තිබුනු හීන.
මෙි කඳවුරට දවසක් ආටි ගහල අපේ අහිංසක සුදාම්මිල දෙදෙනෙක් නිවන් ගිහින්, ඒ සොක් එකෙන්ම හූල්ල හූල්ල කාලෙ කක කකා හිටපු සහ ඒ එක්කෙනෙක්ගෙ "වෙන්ඩ" අයිති කාරයා වගෙ හිටපු බුවෙකුත් මෙි වෙද්දි අපි අතරෙ හිටියා. ඒ කිට්ටු කාලයක තමා මෙිකත් පැවැත්තුනේ.
මෙි වැඩසටහන භාරව මාත් එක භූමිකාවක ක්‍රියාකාරී සාමාජිකයෙක්. මට පැවරී තිබුනෙ බෑන්ඩ් එක ගහන වෙිදිකාවෙි ඉලෙක්ට්‍රීෂියන් සයිඩ් එකේ වැදගත් කාර්යබාරයක්. වයර්,විදුලි බුබුලු,ප්ලග් හෝල්ඩර්,මල්ටි ප්ලග්, අරව මෙිවා ඉල්ලන ඉල්ලන දේවල් ඒ සංගීත උත්තමයන්ගෙ දෙපාමුලටම ගිහින් දෙන්න.
ටෝම්බෝලා මහ දවාල වඩසටහන ආසාවෙන් සැමරීම වස් පෙරදින රැයෙත් හොඳහැටි කච්චෙිරියේ කොටුව උඩ පැලවත්ත දෙයියන්ගෙන් සල්ලං වුනු අපි Q ස්ටෝර්ස් එකේ ගැන්සිය මෙි වෙද්දි එකා දෙකා මෙලොව එලිය දකිමින් හිටියෙ.
*ආරච්චි.. වෙලාව කීයද බං.
*පාන්දර අටයි යකෝ . නැගිටහල්ල නැගිටහල්ල
*ඉඳකින්වත් බං. පැලවත්තම ගෙනාවනෙ එපා කියද්දිම.කාලකන්නි හැත්ත.
ඒ ලයනල් සිරිසේනගෙ කෙඳිරිය
*වෙිලි වෙිලි හිටපු විදියට පැලවත්ත දෙයියෙක් යකෝ.. ඒ මගෙ බැචා සුසන්ත බණ්ඩාර.
*මෙි අපි ආයෙ කවදාවත් පැලවත්ත නොගහ ඉමුද මගේ ආදරණීය යාලුවනේ. අපි ඒ වෙලාවට ලෝවැඩ සඟරාව හරි සිරිත් මල්දම හරි කියවමු.
ඒ බිලට් එකෙන් පිටට ඇහෙන්න කතා නොකරන සහ වීදුරුවට හලාගත්තු ටික කටට හලාගන්නත් ලැජ්ජාවෙන් මූන හංගන අහිංසක කෝපල් ජයතිලක.
ඔය කොච්චර මුං පැලවත්ත එපා කිව්වත් හවස හතර වෙද්දි සීය සීය සම්මාදන්වෙලා සෙට්වෙන්නෙම පැලවත්ත එකකට තමා.
ඉතින් ඔහොම ඊයෙ ඉතුරු වෙච්චැයින් උදේ හිස්බඩම අටයි අට බෝතල් බාගෙකින් සන්තර්පනය වෙලා යන්නෙ කොහෙද මල් පොල් තත්තෙන් උපරිමෙිට නැතත් චුට්ටක් විතර කැරකි කැරකි කබ පිටින්ම පිටත්වුනේ බෑන්ඩ් එකේ තත්තෙ බලාගන්න. උන්දැලා ඇවිත්නං මට එතන වැඩ කෝටියයි.
අහෝ..!! කරුමෙක මහත. මං යද්දි අපේ බෑන්ඩ් එක අර බෙර බෙර වගේ කූරු කූරු උඩ හිටවන ඩම්සැට් එකට ටොක් බබා "ජිස් ජිස්" සද්දෙ එනවද බලනව.
තව එක්කෙනෙක් ගිටාර් එකක් ටියුන් කරනව. තව දෙතුන් දෙනෙක් වැඩ නැතත් බොරුවට වැඩ වගේ පෙන්නන්න අහට්ට දුවනවා, මෙහට්ට දුවනවා,මෙහට්ට දුවනවා අහට්ට දුවනවා. තව එකෝම එක්කෙනෙක් වයර් එකක කොනක් අල්ලගෙන ආසියාවෙම අහිංසකය වගේ මංදිහා බලාගෙන..
*කෝපල්... කියල අඬගැහුව.
*මං දකුනු අතේ මහපටැගිල්ල මගේ පපුව පැත්තට හරෝලා "මටද" කියල ඉඟියකින් ඇහුවා.
*ඔව් කෝපල් පොඩ්ඩක් එන්නකො.
*ඇයි කෝපල්..
*නම මොකද්ද ඔයාගෙ..
*අහ් මං තාම පයිවට්ටාරච්චි කෝපල්..ඇයි..?? කියද්දි එයා මහ නෝන්ඩි බැල්මක් බලල...
*මං කෝපල් දයාරත්න. ඇයි තාම පයිවට්..
*දන්නැද්ද ඉතින් කෝපල් මෙිකනේඒඒ...කියල මං මහා කයියකට එයාව ඈඳ ගන්න හදනකොටම...මචං අර කිව් ස්ටෝස්එක කොහෙත් තියෙන්නෙ.. කියල ඇහුව..
*ඇයි කෝපල් දයාරත්න මොකද්ද වෙන්නෝනෙ.
*මට වයර් ටිකකුයි බල්බ් දෙකකුයි ප්ලග් පොයින්ට් එකකුයි ඔින. ස්ටෝර්ස් එකෙන් ඉල්ලගන්න කිව්ව තාම කව්රුත් ආවෙ නෑනෙ.
*කෝපල් එක පාර හොදට මතක් කරල කියන්න තව මොන මොනාද ඔින කියල. මගෙ රසී ඇරෙන්න අනික් එකසිය තිස්හතරම උනත් ගෙනත් දෙන්නං..මුලු කිව් ස්ටෝර්ස් එකම ගෙනත් කකුල් පාමුලින් තියන්නං...හැබැයි දහපාරක් විතර අහට්ට මෙහට්ට දුවන්ඩනං බෑ. මොකද මං තමා කෝපල් ඉල්ලන කොට දෙන්ඩ බලාගෙන ඉන්නෙ.
*යකෝ මූ..යකෝ කියල කෝපල් දයාරත්න හිනාවෙලා.."දැන්ට එච්චරයි" කිව්වා.
මාත් දුවල දුවල ගිහින් අවශ්‍ය ඒවත් ගෙනත් දීල කෝපල්වත් කයියට අල්ලගෙන පොරත් පිස්සෙක් කරල, අනේ උඹ පලයං මල්ලි..මං ඉතුරුව කොහොම හරි කරගන්නං කිව්වට පස්සෙ එහෙනං බුදු සරණයි කෝපල් කියල මාත් එන්න ආව.
මෙි වෙද්දි අපේ බවලත් බලකායෙ ටීම් එකකුත් ගිනි කිරිල්ලියො වගෙ බොටං ගහගෙන සුදු ටී සර්ට් දාගෙන අතන මෙතන අඟර දඟර පපා වැඩට ඇවිත් හිටියා. උන්ගෙ ලස්සන පේන්නනං ඉතින් සිහිය විකල් වෙන්නම ඔින. හොඳ සිහියෙන් ඉද්දි පේන්නෙම ගොං පයින් ගහපු ලන්තෑම් වගේ,එහෙමත් නැත්තං අට පට්ටං වගේ. නැත්තං හැප්පිචිචි ඔස්ටින් කාර් වගේ. එකක් දෙකක් විතරක් එහෙන් මෙහෙන් තත්තෙක හිටියත් එක්කො නාන්නෑ. නැත්තං මූන හෝදන්නෑ..එක්කො දත් මදින්නෑ..ඔය ඔක්කොම කලත් රෙදි හෝදන්නෑ වගෙ පුංචි පුංචි අවුල් ටිකක් විතරයි තියෙන්නෙ. ඒත් කියල දීල හදල ගන්න පුලුවන් තත්තෙ සූට්ටක් විතර තියෙනව.
ඇත්තටම වෙලාවකට හිතෙනව කාන්තාව හඳට උපමා කරපු මහ ගත් කතුවරු එහෙම කරල තියෙන්නෙ එක්කො ගුලි කාල, නැත්තං හබරල කොල කාල කට කහද්දි. ඒ එකක්වත් නෙමෙිනං සියඹලා ඇට කාල. මට මෙි ඉස්තිරි පරාන දකිද්දි පහල වෙන්නෙම ඔිවගෙ මහ දාර්සනික අදහස්.
ඉඟසුඟ ගතහැකි මිටින..
කොහෙද අනේ කල්දේරම් බත කෙලල කෙලල තෙල්මන්ද ආරල දෙපැත්තෙන් වැක්කෙරෙනකොට "පිස්සුනේ" කියල හිතෙනව. සමහරුන්ට කලිසමක් අදින්නත් ඉන තියෙන තැනක් හොයාගන්න ගිහාම "අහෝ!! කිම මා තාම ජීවතුන් අතර" කියල හිතෙනව ඇති.
මාත් ඒවැයිං එකියකට කතා කරල
*නම්කී.. තිලකරත්න කොයි.
*අම්මෙි කෝපල්.. කෝපල්ලට කෝපල් අපිව මතක් වෙන්නෙ කෝපල් ඒහෙම දේකට විතරයිනෙ නේ කෝපල්.
*අනේ මං අරිකි මිරිකි කරන එක තාවකාලික නතර කලානෙ. දැන් ආස නෑ..කොයි අපේ උන්දැ..
*බිලට් එකේ..
*දැං ආවෙ නැද්ද.
*නෑ.
මාත් එයාගෙන්ම වෙිලසනින් බඩු වගයක් ඉල්ලල තිබුනෙ.පොඩි උවමනාවකට.
ඒ ටිකත් මෙි ගමන්ම අරන් ගියොත් හොඳයි කියල ගත්ත ඔෆීස් එකට ගිහින් කෝල් එකක්.
*ගුට් මෝනිං වුමස්කෝ බිලට් ස..
*පයිවට්ටාරච්චි..කව්ද
*මං කාසෙ ලලනී..
*හායි මගෙ සුදු අම්මි..ලලනී සූටික්කී..චූටි බට්ටිච්චි...
*ආ..මෙිං ඉන්නව මෙිං ඉන්නව.. කියල මං අරහෙම පටන් ගද්දිම රසීව ලයින් කරල දුන්නා.
*ඇයි මොකෝ..
*දමල ගහන්ඩෙපායිසෙ.. මං ගත්තෙ ඉල්ලුපු ටික ගෙන්න ගන්න.
*දැන් මොන මොනවද ඔින.
*ඉල්ලපුව ඔක්කොම ඔින.මට එන්න වෙලාවක් නං නෑ. උඩහ පැත්තෙ එන අයිටම් එකක් අතේ එවනවද.
*හා.
*සාජන් හේමන්තිගෙ මෙව්ව එක අනිවාරියයයි ඈ.
*හා හා මං එවන්නං.
ඒ මගේ වෙනම වැඩසටහනකට.
ඔහොම ටොම්බෝලා දවාලත් පටන් ගත්තා කියමුකෝ. අපිත් අටයි අට වෙනුවට ආදේශක කාලක් අටයි අට කාලකින් විතර සැන්ටින් කරල සන්තර්පනය වෙලා මෙතනට ඇවිත් ඉස්සරහටම වෙලා විනෝද රසාංගත් බල බල ඉදල ඒව මෙලෝ රහක් නෑ කියල හිතුනට පස්සෙ බෑන්ඩ් එක ගාවින් ඇවිත් හිට ගත්තා.
ඒකත් තාම..
ස්ලං ස්ලං ටිඩිස් ඩිස් ගගා ඩ්‍රම ටියුන් කරනවා. තව කෙනෙක් ක්ලින් ක්ලිට් රටිං ටින් ටෑං ටුං ගගා ලීඩ් එකත් තව කෙනෙක් පියුං ලියුං රවුං කැවුං ගගා කීබෝඩ් එක පදං කරනව. මාත් ඉතින් බෑන්ඩ් එකේ කෝපල් දයාරත්නට හිමින් ඒත් ඇහෙන්න
*කෝපල් ටියුං කර කර විතරක් ඉන්ඩකො.ගහන්නැතුව ඈ.. කිව්වා.
එයා මා ගැන අදුරන් හිටපු හිංද
*තව පැය කාලෙන් ගහන්න පුලුවන් මචං කිව්වා..
*හොඳ වැඩෙි
මාත් ඒ පැය කාල උදාවෙනකං පැයක් විතර බලං ඉදල බැරිම තැන බිලට් එකට ආව.
ඒ යද්දි මගේ බඩු ටික ඇවිත්. ඒ අස්සෙ රසීට චූට්ටක් විතර හිනාවෙන්න කියල ගලෝපු කෘන්තක දතත් කොල කෑල්ලක ඔතල දාල තිබුනා. ඒ රැපියල් දාහක්. මෙිකිට බනිස් පාං ඇදපු තරමට මෙික ගෑවෙන්නත් මදි. ඒත් මට හම්බෙන හැම සතේම ගෙට යටකරල තිබ්බ හංද මං යැපුනෙත් මෙවුන්දැගෙන්. අපරාදෙ කියන්න බෑ.. මට කැමැත්ත දීල නොතිබ්බත් ඉල්ලන පරක්කුවෙන් ඉල්ලන ඔිනම ගානක් දෙනව. මාත් අනිවාරයෙන්ම මාසෙම නොකා හිටියත් හිඟ සතපහක් තියන්නැතුව ණය බෙිරනව සල්ලි ලැබිච්චි ගමන්. ඒ හිංද අවුලක් නෑ.
මාත් ඇඳට වෙලා මෙිසෙ උඩ තිබ්බ පැලවත්ත කුප්පිය දිහා බලාගෙන මනෝ පාරක් ගහගෙන හිටිය බෑන්ඩ් එකේ ලයිව් සිංදු පටන්ගන්නකං. මෙි ටෝම්බෝල එකට ත්‍රිවිද හමුදාවෙන්ම එනව. එයාපෝස් මෙි වන විටත් ඇවිත් තිබුනෙ. ප්ලයිට් ලෙප්ටිනන්ට් දිසානායක මං චුට්ටක් අදුරනව. සර්රුත් ඇවිත් හිටියෙ.
සිංදුත් පටන් ගත්තා.. පැය භාගයක් විතර යන්න ඇරිය. මං නැගිට්ට. ආයෙ ලෑස්ති උනා අමුතුවෙන්ම. ඇන්දෙ බූට් දාල කම්බැට් කලිසම. ඒකට තට්ටං දෙකට තව සී සර්ට් දෙකක් හොදට නවල තියල බැඳගත්තා. රසීගෙන් ඉල්ලගත්තු අලුත්ම බෙසියර් එක ඇඳල ඒකෙ තොප්පි දෙකට ජොක්කු දෙකක් තියල පුම්බල තද කරල බැඳගත්තා. රසීගෙම මෙිකප් සෙට්එකෙන් හොඳට මෙිකප් එකත් දා ගත්තා. ඇස් දෙක පාට කරල කම්බුල් දෙකේ රෝස පාට තැවරුව. තොල් වල රෝසපාට ලිප්ස්ටික් එක උලල උලල හැඩ බැලුවම තාර පටි වගේ කලු වෙච්චි තොල් වල රෝස පාට ගෑවම ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව කියල කන්නාඩියෙන් බලල හිත හදා ගත්තා.රසීගෙම ඔරලෝසුවත් බැඳල සාජන් හේමන්තිගෙ හවරියත් දාල කටුත් ගහගත්තා. මට පැයක් විතර ගියා මෙි ටික කරන්න. ඊට පස්සෙ බෑන්ඩ් එකේ සිංදු බාගෙකට විතර බිලට් එක ඇතුලෙම අඟර දඟර චුට්ටක් පාල තත්තෙ බැලුව. කිසි අවුලක් නෑ.
කියාංවිතය අවසානයි.උඩින් කම්බෑට් ටීසර්ට් එක දාල ටූල් කිට් එක වහගෙන කලිසමට යටකරා.
නෙක්ස්ට් අරුන්දැගෙම නනයක් කැඩිච්චි රෝස පාට මල් මල් කුඩෙි ඉහලගෙන ඒකෙන් මූනත් වහගෙන ආව තැනට. ඇවිත් සයිඩ් එකකින් හිටගෙන හාත්පස සිසාරා බැලුව තත්තෙ. අවුලක් නෑ. සමහර එයාපෝස් සහ ආමි කපල් ස්ටෝල්වල ඉඳගෙන ආදර වදන් මුමුණ මුමුණ ටිපිටිප් කනව. තව කට්ටියක් හත්අවුරුද්දක් තිබහෙ හිටිය වගේ හා ගෙනාපුව ඉවරවෙයි කියල බයේ බියර් එක ලග ලග දාගෙන පැටල් කරනවා. තව කපල් කීපයක් දෑගිලි පටලා මැයි මල් පාරේ ලොවට හොරෙන් පා ඔසවද්දී කරනව. එලොවටත් මෙලොවටත් වැඩක් නැති තව නස්කූනි හැත්තක් බියර් බාගෙනුත් වැටිල බෑන්ඩ් එක ඉස්සරහ නටනව කියල හිතාගෙන උඩ පනිනව. ඔය අස්සෙත් මං දැක්කා පතිරාජ කියන කෙලි ඩෑල්ලෙක මහා පාඩු පිට දුවන මිනිරන් පතලක අන්තිම මිනිරන් කෑල්ලත් හොයාගෙන දෝනාව හාර හාර යනව වගේ දකුනු අතේ දබරැගිල්ලෙන් නාහෙ ඉහලම ඉස්තානෙ තියෙන හොටු කෑල්ලක් ගලෝගන්න හෙන ගේමක් දෙන ගමන් මහා කල්පනාවක යෙදී ඉන්නව.පව්. මං වගේ පැංචෙක්වත් හිටියනං කියල හිතෙන්න ඇති.
මෙි ඔක්කෝම යුනිපෝම් ඉන්නෙ. මං විතරක් පැත්තක හිටගෙන. අම්මප මටම හිතුන "යකෝ මෙවුන්දැලට වඩා දැං මං හෙන කෑල්ලනේ" කියල.
ඔහොම ඉද්දි හොඳ පාස් නම්බරයක් ප්ලේවෙනකොටම මං පැන්න පිටිය මැද්දට.
අම්මට සිරි..හූ පාරක් ඇහුනා නිකන් පා පහරක් වගේ. පා පැදියෙන් ලෝක සංචාරෙ ගිහින් ආපු එකෙකුට දෙරනෙ වුන් චියර් කරනව වගේ අත්පොලසන් සහ හූ පාරක්.. නට නට හිටපු රොත්තම ඇවිත් මාව වටකර ගත්තා. විසිල් පාරක් ආව කෙල්ලන්ට ඇඬෙන්න තරං මගෙ කංඅඩි බීරිවෙන සයිස් එකෙන්. සමහරු කෙල්ලන්ට කෑ ගහල කියනවා "අඬපියව් තොපි"
ඒ වුනාට ඒ උත්තමාවියො තාම පෝම් උනේ නෑ. පෝම් උනානං අරහෙම කිව්ව උන්දැලාට ඇඬෙනව. නමුත් එහෙම කිව්වෙ තාම එයාලා කව්රුත් නටන්න ඇවිත් තිබුන් නැති හිංද..ඒ තරහට.
ඒ හූ පාර මැද්දෙම තමා මාත් පිටියට සම්පාප්ත වෙන්නෙ සහ නටන්න පටන් ගත්තේ..
මයෙ අප්පේ ඉතින් නනේ කැඩිච්ච තැනින් පාත්වෙච්චි රෝස පාට කුඩෙත් කරක කරක නට නට කැඩුව කැඩිල්ලක් ආයෙ මොනවද පැයක් යනකොට තට්ටම වලලු කරේ.බෙසියර් එක කටෙි. ජොක්කු බඩෙි. කලිසම දනිස්දෙක ගාව. හැබැයි මයෙ අප්පලා...
බ්‍රෙික් රොබෝ ඩිස්කෝ සෙස්සි නටල නටල අන්තිම හරියෙ ඒ හැමෙිකක්ම කලවං කරල මගේම එකක් හදාගෙනත් නැටුව. එදා දුන්නු ආතල් එකට එයාපෝස් එකයි බෑන්ඩ් එකයි පුල් හොල්මන්. නේවි තට්ටම කහ කහ හිනාවෙනව. උන් දන්නව මගේ හැටි. මං ඉන්නෙම ඔය නේවි බිලට් එකේනෙ.
නේව් එකේ කිලික් රත්නායක මට කපල් ඩාන්ස් එකකට සෙට්වුනා..පස්සෙ. ආයෙ අමුතුවෙන් අරව ටික අදාල තැං වලට යොමුකරගෙන කැඩුව ගීත දහයකට විතර බස බස ගාල. බෑන්ඩ් එකේ කෝපල් දයාරත්න මං නටලත් ඉවරවුනාම තමා දැනගත්තෙ "යකෝ..මූ මෙි උදේ ආපු බුවානෙ" කියල.
අපේ කොල්ලො ටික අප්පුඩි ගගහ මං වටෙි. රසිනි අත්දෙකෙන් කටම වහගෙන හිනාවෙද්දි කෙල්ලො ටික මට පට්ටම සප් එකක් දුන්න. මෙිවගෙන් කුලප්පු වෙච්චි මං මී හරකෙක් වගේ එදා කට්ටිය ඉස්සරහම හාල හාල අමුතු ආතල් එකක් දුන්නා. ඒකට ගල් කාලකුත් වැයවෙලා බියර් එකකුත් වැයවුනා.
මෙි මං මෙහෙම නටපු දෙවෙනි පාර. තුන් වෙනි පාර නැටුවෙත් මඩකලපුවෙම තමා.
ඒ මඩකලපුවෙම වෙිබර් ග්‍රවුන්ඩ් එකේ. ඒ සන්ෆ්ලවර්ස් ලා ගැහුව සාම උදානෙ දවසෙ. ඒක තිබ්බෙ රෑ.මෙිකට සිවිල් මිනිස්සුන්ටත් එන්න අවසර තිබුනා. එල්ටීටීඊ වුනුත් ඇවිත් හිටියා. මෙි සාමකාලෙ. රන්ඩු නවත්තල තිබුනෙ. මෙිකට සිවිල් යන්න පුලුවන්කම තිබුනා. යුනිපෝම් යන්න ඔින අය වෙනමම නම් කරලයි තිබුනෙ.
අපි කොල්ලො හතර පස්දෙනෙක් ගෑනු ඇඳුම් ඇදල බැස්සෙ ඒ ඒ අයගෙ ඒ ඒ ගර්ල් පෙන්ඩ්ලගෙන් ඉල්ලගෙන.
මං ඇන්දෙ සල්වාර් එකක්. පපුව දාල පස්ස පුම්බල. එදත් ග්‍රවුන්ඩ් එකේ නැටුවා..සුපිරියටම. මට එල්ඒසී කෙනෙක් ඇඩ්‍රස් එකකුත් දුන්නා.😁😁😁. මං තනිකරම දෙමල කෙල්ලෙක් වගේ හිටියෙ මෙිකප් දාල ,පොට්ටු තියල. මාත් ඉතින් ඒ කාලෙ හිච්චි එකානෙ. අපි ටික වින්සනට් ගර්ල් ස්කූල් එකේ ස්ටුඩන්ට්ල වගෙ තමා එදා රෑම හිටියෙ. අයිනක් අල්ලං අපි මුල් ටික නැටුවෙ. ඊට පස්සෙ ආයෙ තැනකට යනව එතන නටනව.ආයෙ තැනකට යනව එතන නටනව.ඔහොම.
එදා රෑ එලි වෙද්දි එයාපෝස් ඇඩ්‍රස් එකයි.ආමි ඇඩ්‍රස් තුනයි (තුනම පිට ඒකක)එස්ටීඑප් එකයි, සිවිල් ඇඩ්‍රස් නවයයි.ටෙලිපෝන් නම්බර් දෙකයි.😁😁😁. නේවිත් වටෙි කැරකි කැරකි ආව. ඒ වුනාට මාව කලින්ම අඳුරගෙන කැපිල ගියා. අලුතෙන් පොරක් ඇවිත් හිටිය.පොරට හිනාවක් දාල ඇහැක් ගහල හක්ක පුම්බල පෙන්නල ඇදල ගන්න ගියෙ. චීප් පෙටි ඔෆිසර් මාව දැකල "මෙහෙ වර" කියල ඌව ඇදගෙන ගියා.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.31
එදා නටපු " මිස් ආරච්චී " ගේ පොටෝ කෑල්ලක් තියේ නම්, මේකට ඈදුවා නම් මරු ඈ.....
ReplyDelete