Monday, May 18, 2020

සිංහපුර කෝස් එක කරපු හැටි

මෙි කතාව වෙන්නෙ සිංහපුර වැලිකන්දෙ. දැං අර නිරෝධායන මධ්‍යස්ථානයක් දාල තියෙන්නෙ. අන්න ඒ කිට්ටුව.

අපි 2003 අවුරුද්දෙ ගියා බළඇණි පුහුණු පාඨමාලාවක්. මෙි පාඨමාලාව මුළු ඒකකයම කරනව.ඉතින් මං එතකොට කොටුවෙලා හිටියෙ ඩී කණ්ඩායමේ..😁😁😁

ඉතින් අපි එහෙ ගිහින් පාඨමාලාව හදාරමින් ඉන්නැද්දි එක දවසක් මං රෑ නවයෙ ප්‍රවෘත්ති වලට  ඇහුම්කන් දීගෙන උන්නා. එදා රෑ මං හිටියෙ තේ ගේන්න. අපිට රෑ නවයට කොත්තමල්ලි හරි ප්ලේන්ටියක් හරි දෙනව. මෙි පාඨමාලාව හරි අමාරු එකක්. මහන්සිවෙනව වැඩී. අපිට සතියකට දවස් තුනක් උදේට පාන්..බාගයක් හම්බවෙනවා😭😭😭😭..මෙික නිකන් අනේ මංදා.😁😁😁කියන්ඩත් මොකද්ද මොකද්ද වගෙ.
ඉතින් සතියක් විතර ගියාම ගැටලු විමසීමක් තිබුනා. අපි එක හඬින් පාන් තුන්කාලක් ඉල්ලා සිටියා. කියන්න සංතෝෂයි පිය මිත්‍රවර්නි අපි සටන ජයගත්තා. දැන් පාන් තුන්කාලයි ඒකට ඇති වෙන්න ඉදෙන ඒවයි දෙනවා.😋😋😋😋 ඒ අපේ අණදෙන නිළධාරි තුමාගෙ මහත්මා ගතියත් තමන්ගේ සෙබළුන්ට පියෙකු මෙන් මවක මෙන් වුනු සර් කෙනෙක්. මෙි සර් ගැනත් ටිකක් කියන්නම ඔින.
මෙි සර් පට්ටම සැරයි. වචන දහයක් කතාකලොත් නමයක්ම බැනුම්. කව්රුත් කිට්ටු වෙන්නෑ. තමාට නැගෙන පුද්ගලික ප්‍රශ්ණයක් ගැටලුවක් හිතේ හංගගෙන හිටිය මිසක් කව්රුත් එලියට දැම්මෙ නෑ. ඒ මෙතුමට තියෙන බය නිසා.
ඒක අපිට විතරක් නෙවෙයි. නිළධාරින්ටත් එහෙමයි. ඒ වුනාට අපේ සිවිල් ඇඳුමෙි ඉඳල හැමදේම හෙව්වා. හොයල හොයල හැමෝටම තියෙන ගැටලු එතුමම විසඳනව. හමුදා නීතිය අකුරටම. චර්යා නියෝග අකුරටම.

එක දවසක් මමත් තව තුන් දෙනෙකුත් නිවාඩු යන්න මෙින් ගේට් එක ගාව හිටියා. මෙිකට අපේ මාන්කේනි කඳවුරේ පිහිටුවා තිබුනු නේවල් පොයින්ට් එකේ ලීඩින් සීමන් රත්නායකත් අලුතෙන් ඇවිත් හිටපු ඒබීලා දෙන්නෙකුත් හිටියා. මෙයාල එන්නෙත් අපේ නාවල්අඩි කඳවුරට. එතනාන් තමා ලිබර්ටියට නගින්නෙ. මෙි කියන දවසෙ ලිබර්ටිය පරක්කු වෙලා තිබුනෙ. අපිට සිවිල් වාහනවල ගමන් කිරීම සපුරා තහනම්.
ආමි වාහනයක්ම එන්න ඔින. අපිත් වාලච්චේන පැත්ත බලාගෙන කොලපාට වන්ඩියක් දැං මතුවෙයි දැං මතුවෙයි කියල බලා හිටියත් වතුර බවුසරේ ඇරෙන්න කිසි වාහනයක් ආවෙ නෑ. සර්ට තිබුනු බය හිංද හොරෙන් පාරට ඇවිත් වාහනේක නැග්ගෙත් නෑ. මෙි වෙලාවෙ සර් මොකක් හරි වැඩකට ඔෆීස් එකෙන් එළියට ඇවිත් කුස්සිය පැත්තට යන්න ආව. සර් හිටපු ගමන් අපේ කෑම චෙක් කරන්න මෙහෙම එනව. කෑමත් ඉතින් ඒ දවස්වල මං හිතන්නෑ නැගෙනහිරි කිසිම කඳවුරක ඒ විදියට කෑම දුන්න කියල. හැමදාම හැම වෙිලක නැතත් දවසකට මොකක් හරි වෙනසක් කරනවම තමා. ඉතින් ඔහොම එද්දි ලීඩින් සීමන් රත්නායක පාරෙ ඉන්නව දැකල කතා කලා. එයා එකපාරටම දුවනව දැකල අපිත්  පාරට ඇවිත් බැලුව කොහෙද දුවන්නෙ කියල.
කිලික් රත්නායක සර්ට සිවිල් ඇඳුමෙන්ම සැලි්‍යුට් කලා. එයාලට පුලුහන්ලුනේ.
සර් අපිත් ඉන්නව දැකල ඔක්කෝටම කතාකලා.
*මොකද තාම ගියෙ නැත්තෙ.
*ලිබර්ටිය ආවෙ නෑ සර්.
*ලිබර්ටිය ආවෙ නැත්තං යන්න බෑනෙ. චෙක් කලාද එනවද නැද්ද කියල.
*චෙක් කලා සර්. කැඩිල කියල තමා බ්‍රිගේඩ් එකෙන් කිව්වෙ. කිලික් රත්නායක කිව්වා.
එවෙලෙම සර් කිව්වා පිටිපස්සෙන් හිටිය සර්ගෙ බඩියට
*මගේ වාහනෙන් ගිහින් දාන්න කියනව මෙි සේරම කදුරුවෙලට.
අපිත් සංතෝසෙන් නිවාඩු ආව.
ආයෙ දවසක්.
මගේ බෙල්ට් ඔිඩරේ (සෙබලුන් මැගසින් බෝම්බ පතුරම් සහ අනෙකුත් අවශ්‍ය දේවල් දාගෙන යන පැක්එක) ඉස්සරහ පොකට් දෙකම ඉරිල තිබුනෙ. ඒකට මැගසින් දානකොට වැටෙනව. මං ඒ වෙනුවට පිටිපස්සෙ තියෙන පොකට් දෙකට තමා මැගසින් දාන්නෙ. දවසක් හවස මං සවන්දීමෙි මුරයක් යන්න බිලට් එකේ ඉඳල ගාඩ්රූම් එකට යන්න එද්දි සර් පාරෙ හිටියා.
මෙි එන්නෙ ආරච්චි හිංද සර් මං එන දිහාම බලාගෙන හිටියා. මොකද මෙි වෙනකොට මං රේඩියෝ රූම් එකේ රාජකාරි ඉඳල සර්ට නිරීක්ෂණය වෙලා බැනල බැනල මෙිකෙන් මාව අයින් කරල හිටියෙ.
මං ලඟටම ආහම සර්.
*ඒයි මෙහෙ එනව.මාත් ගියා
*ඩවුන් යනවා ඔහොමම. මං බැලුව එක පාරටම මෙි මොකද්ද වෙන්න යන්නෙ කියල.
*ඩවුන් යනව අයිසෙ කිව්වම. මාත් බිම දිගාවුනා.
*දැං තමුසෙට කොටි ගහනව. තමුසෙගෙ අවියෙ මැගසින් එක ඉවරයි.මැගසින් චෙින්ජ් එකක් කරල පෙන්නනව. මම ඉස්සරහ ඉන්න කෙනා දන්නවනෙ. වෙන්න යනදේත් ඉවෙන් තේරුනා. කරන්න ඔිනදේත් තේරුනා. මාත් හරි අමාරුවෙන් ගන්න විදියට බෙල්ට් ඔිඩරේ පස්සෙ පොකට්වල  තියෙන මැගසින් එකක් ඇදල ගන්න උත්සාහ කලා. පුලුවන් කම තිබුනත් එකපාරටම ගන්න ගියේ නෑ. ඔහොම අමාරුවෙන් මැගසින් එක ගන්න දඟලන කොට මට නැගිටපිය කිව්වා.
නැගිට්ටා.
*ඔහොමද ඔියි තමුසෙ හදිසි ප්‍රහාරයක් ආවොත් හැසිරෙන්නෙ. තමුසෙ මැගසින් අරන් යන්නෙ අපි කියනවටද ඈ ඔියි කියල විනාඩි දහයක් විතර බැනල බැනල.
*ඇයි තමුසෙ අලුත් පැක් එකක් ගත්තෙ නැත්තෙ.
*ඉල්ලුව සර් ස්ටෝර්ස් එකෙන් දුන්නෑ. මං ඇත්තම කිව්වා. කීප පාරක්ම ඉල්ලුවත් මට දුන්නෙ නෑ.
*එන්න කියපිය ආර්කිවුට.
අම්මට සිරි එතනින් එහාට වෙච්චි දේවල්නං අහන්න එපා. ඒත් ඒ සීන් එකේ ප්‍රථිපලය උනේ මුලු යුනිට් එකටම ස්ටෝර්ස් එකේ තිබ්බ දේවල් එකක් නෑර බෙදල දීම. මෙිව කියවන ඔිගොල්ලන්ට සුලු දෙයක් විදියට හැඟුනත් අපිට මහමෙරක් වගේ දේවල් හොඳේ.
තව ඉතින් කියන්න අපමණ දේවල් තියේ. ඒව පස්සට දාමුකෝ.

ඉතින් ඔහොම කෝස් එකත් ගියා කියමුකො. දැන් කෝස් එක අවසානයේ ජංගල් එක තියෙනවනෙ.
මෙි ජංගල් එක. මං හිටියෙ එදා කණ්ඩායමෙි ආධාරක කණ්ඩයේ. මෙිකට 60මිමි මෝටාරයක් අරන් යන්න මට පැවරුනා. මාත් බැරල් එකයි බයිපෝට් එකයි කරේ තියාගෙන දැං යනව. කොයි වෙලේ කොතනින් අපේ කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ලවෙයිද දන්නෑ. එයාල ඉස්සරහ යනව. අපි පස්සෙන් යනව. එකපාරටම අපේ ඉසිසරහින් ගිය ටීම් එකට ඇම්බුෂ් එකකින් ගහන්න පටන්ගත්තා. අපේ කට්ටියටත් ඉතින් ඊටවඩා දෙයක් නෑ. ඉන්න ඉන්න තැන්වලම ඩවුන් ගිහින් වෙඩි තියන්න පටන් ගත්තා. දැං ඔක්කොම එක ඔිසෙට කටින් ඩෝං ගගා ප්‍රථිප්‍රහාර එල්ල කරනව. අපිත් දඩබඩ ගාල මෝටාර් දෙකත් ස්ථානගත කරල දෙන්න පටන් ගත්තා දොඹෙන්  යන්න.
සාජන් මෝටාර් ගහනව අපි කටෙන් ⁣සද්දෙ දානව.
*චිකුම් බුම්ම්ම්ම්ම්... සල සල සල සල ද්ද්ද්රාආආංංං
ඒ මං උපරිම හයියෙන් මෝටාර් බෝම්බය යන සද්දෙ කටින් දෙනව.
*චිකුම් බ්ම්ම්ම්ම්ම් ..... සල සල සල සල ද්ද්ද්රාආආංංං චිකුම් බුම්ම්ම්ම්ම්.....සල සල සල සල ද්ද්ද්රාආආංංං
ඔහොම දහපාලොස් පාරක් විතර කෑ ගහනකොට ඔිසී කෑ ගැහුවා ඇති නවත්තපාං කියල. සාජන් මෝටාර් ගහන එක නැවැත්තුවත් මං තප්පර පහෙන් පහට ද්ද්ද්රාආආංංං .... ද්ද්ද්රාආආංංං  ද්ද්ද්රාආආංංං ගානව. කතාකර කර ඉද්දිත් එක පාරටම ද්ද්ද්රාආආංංං ගානව.
*මොකද ඔියි බොරුවට කෑගහන්නෙ ඔිසී ඇහුව.
*සර් තව දොලහක් උඩ.පොඩ්ඩක් ඉන්න ඒවත් වැටෙනකං.කියල  ද්ද්ද්රාආආංංං ගෑව
සර්ට පරණ සීන් එකක් මතක් වෙලා මල පැනල පැන්න මට අතකුත් මෙහෙක් කරගෙන සොට් එකක් දෙන්න. මං මෝටාර් එකත් පෙරලගෙනම සාජන් පිටිපස්සට පැනගත්තා. ඒ සීන් එක දන්න ඔක්කොටම හයියෙන් හිනා ගියා. හරිපොරක⁣ටනෙ සිස්ටි පිකප් කරන්න දුන්නෙ. පස්සෙ ඔිසී..
*සාජන් මෙිජර් මූ හරියන්නෑ මෙතෙන්ට. මූව වහාම දාන්න කැෂුවල්ටි පාටියට ඇතිවෙනකං කෑ ගහන්න. කිව්වා.
ඒක මීට වඩා ආතල්නෙ😁😁😁. ඒ කියන්නෙ අපිට සතුරන් පහර දීපුවම තුවාල වෙන්න කලින්ම ටීම් එකක් නම් කරනව. (මෙික පුහුණුවක් හොඳේ. සතුරන්ට ඉන්නෙත් උපදේශකයින්)  ඒ ටීම් එකට වැටුනම තියෙන්නෙ තුවාල වෙච්චි එකෙක් විදියට රඟපාන්න.
අම්මොහ් මටත් මෙි මෝටාර් තඩිය උස්සං ගිහින් එපා වෙලා හිටියෙ😪😪😪😪.
ඇම්බුෂ් එකෙත් අපේ හේමන්තය බුලක් ගහල කට්ටියම පුද්ගලික වාහනවල යනව අපි දැක්කා පොඩ්ඩක් ඔලුව ගහල බලද්දි. ඒ කිව්වෙ ෆෝවර්ඩ් රෝල් ගහනව දිගටම.
ඉතින් ඔිකත් ඉවර වෙලා මාවත් තුවාලවෙන පාටියටත් දැම්ම කියමුකො. මෙිකත් ඇම්බුෂ් එකේමයි යන්නෙ. වෙනසකට තියෙන්නෙ සතුරා පහර දුන්නම රඟපාන්න. අපේ කඳවුර දාන තැනට යන්න තියෙනවා හෙනදුරක්. කොහොම හරි අපි යන්න පටන් ගත්තෙ හවස හතරට. පහුවද දොලහ විතර වුනා පොට් එකට යද්දි. ඒ ගිහින් රෙෂන් පැකට් උයාගෙන කාල වතුර එහෙම  ගන්න යන්න එපැයි. අපිත් උපදේශකයින්ට හොරෙන් හොරෙන් හැංගි හැංගි ගියා වතුර ගේන්න.එයාලට  අහුවුනොත් ඇත්තම කොටින්ට අහුවුනාට වඩා හපන්. නිදිවස්තරෙන් එල්ලල ගහන්නෙ. අපේ කට්ටියක් අහුවෙලා ඇදුනුත් ගලෝලා අත්තකත් එල්ලල යටින් මිරිස් පුච්චල. ඒ වගේ ආතල් තමා සෙට්වෙන්නෙ
ඔහොම යද්දි සෙට්වුනේ මහවැලි ගඟ. ඒක මහවැලියෙ  අත්තක්. අපි තුන්දෙනයි ගියෙ. තුන් දෙනාම ගියා වතුර ගන්න. යනකොට මහතඩි කිඹුල්ලු දෙන්නයි ගලක් උඩ. අපිට හීග් ගෑවුනා. උන්ගෙ සයිස් එක දැකල. අපි එකෙක් ඌට කටවල් දෙකයි. ඒත් වතුරත් ගන්න ඔින. ගන්නත් ඔින එතනින්මයි. වෙන තැනක් නෑ. අපි දෙන්නෙක් ඇලට් එකේ ඉන්න ගමන් එකෙක් බැස්ස වතුර ගන්න. වතුරත් අරගන්න බැස්සඑකා එනකං මං කිඹුලගෙන් සැප සනීප ගං පලාත එහෙම අහ අහ හිටියෙ ගල් කැට වලින් ගහ ගහ. ගලක් වදිනකොට ෆූෂ් ගාල පුම්බ ගන්නව බඩුදෙක. ඔහොම විනාඩි පහක් විතර ආතල් ගන්නකොට අපිට ආව තඩි ගල් ප්‍රහාරයක්. පාලම උඩ බලද්දි සතුරො සෙට් එකක් නරියො කුකුල්ලු දිහා බලනව වගෙ අපි දිහා බලාගෙන. හැරුනා අනික් පැත්ත පුරෝගත්තු වතුර බෝතල් ටිකත් එල්ලං ඇරිය ඇරිල්ලක් කැලේ මැද්දෙන් කොහොමද දන්නවද.😁😁😁 කැලෑව කෙලින් කරගෙන දුං දාගෙන.දැන් සතුරොත් පන්නනවා.අපි දුවනව.අපි දුවනවා සතුරො පන්නනව. හැබැයි ඒ කොච්චර පැන්නුවත් අපිව අල්ලනව බොරු. අපි ඔහොම දුවල දුවල ගිහින් හැංගුනා හෙන පදුරක් යට. ඒකට රිංගපුවම මෙලෝ යකෙකුට පේන්නැ. විනාඩි දෙකතුනක් යනකොට දෙන්නෙක් එනව
දුවගෙන මෙහෙන් පැන්නෙ මෙහෙන් පැන්නෙ  කිය කිය. අපි හුස්ම ගන්න එකත් නවත්තල බලාගෙන හිටියා. අම්මට සිරි ඒ කව්ද කියල බැලුවම අපේ කෝපල් හේරතුයි පීටීඅයි වීරසිංහයි. මෙි දෙන්නම අපේ යුනිට් එකේ අපේ කම්පැනි එකේ.සිංහපුර උපදේශක රාජකාරි ගිහින් හිටියෙ. මෙයලා දෙන්නට චුට්ටි දුරක් යන්න ඇරල වතුර ගේන්න ගිය කෝපුල් කස්තුරි.
*පන්නමුද බං මුං දෙන්න පස්සෙ.
*පන්නමු.හැබැයි අල්ලගත්තොත් ගස් බඳින්න ඔින.
*බඳිමු.
*එහෙනං පන්නමු.
අපි ඉන්න තැනින් එලියට ඇවිත් මෙි දෙන්න ගියපාරෙ හිමීට ඇවිත් කිට්ටුකරල අපි කෑ ගහගෙන පැන්න මෙයාලව අල්ල ගන්න. අම්මට සිරි සතුරෝ හමුදාව වෙලා.හමුදාව සතුරො වෙලා.දෙන්න දුවනව පන කඩාගෙන අපි පන්නනව.ඒ දුවන ගමනුත් අපිට කියන්නෙ තොපි තුන් දෙනාව අහුවුනොත්  මරනව කිය කිය. අපිත් තුවක්කු පොල්ලක් වගේ අමෝරාගෙන වැල් ගාලවල් වල පැටලි පැටලි වැටි වැටි පන්නනව.මෙි දුවන්නෙ අපි තුන්දෙනාට අහුවුනොත් වෙන සංගෑදිය ඒ දෙන්න දන්න හිංද. මොකද කෝප්‍රල් කස්තුරිආරච්චි හෙන නපුරා. අහු වුනොත් උන් දෙන්නව මරනව. කාටහරි රිපෝර්ට් කරල ආයෙ කන්ඩායමට එන්නද.නෑනෙ. දැං දෙන්න පාරෙ පන්නල පන්නල කොහොම හරි කෝපල් හේරත් ව අල්ලගෙන සර්ච් කලා. සිගරැට් පහයි සාක්කුවෙ. පවුනෙ කියල එයාට එකක් ඉතුරු කරල සිගරට් හතරට සටන පාවාදීල තර්ජනයකුත් කරල අපි එන්න ආව.
ඔහොමත් ඉන්න අතරේ ජංගල් එකත් අවසානෙට කෑම්ප් ෆයර් එක. මෙිකට විශේෂ අවසරයක් අරන් තිබුනෙ ජීව උන්ඩ පාවිච්චි කරන්න. එස්එෆ්එච්කි්‍යු කමාන්ඩර් කියල තිබුනෙ එකෙකුට හරි සීරීමක් වෙලා තිබුනොත් නිවාඩු කැන්සල් කියල. අපිත් කෝස් එක ඉවර කරල 2003 සිංහල අවුරුද්දට නිවාඩු යන්න දතකට මැදගෙන හිටියෙ. මෙිකට බළඇණි පාඨාමාලා තුනක් අතරෙ තරඟයක් තිබුනෙ. ඒ කටුකැලියාවෙ පුහුනු පාසැලේ  11ගැහේබ ඒකකයත් වලමන්ඩිය පුහුනු පාසැලේ තව ඒකකයකුත් එකට පුහුණුව පටන් අරන් එකට අවසන් වෙන්න තිබුනෙ. ඒකෙන් අවුරුද්දට නිවාඩු යන්න චාන්ස් එක තිබුනෙ බළඇනි පාඨමාලාවෙන් වැඩිපුර ලකුනු අරං "එක" වෙන ඒකකයට විතරයි.අනික් අය යන්නෙ ඒ යන එක ආවහම.
ඒ හේතුව නිසා අපි ගොඩක් පරිස්සමින් තමා ලකුනු කපාගන්නැතුව වැඩෙි කරගෙන ගියෙ. අපේ බලසේනාධිපති එවකට කර්නල් දවුලගල,එස්එෆ්එච්කි්‍යු කමාන්ඩ චීෆ් ගෙස්ට්, අපේ රෙජිමෙින්තු සේනාවිධායක, සේනාංකාධිපති තුමා ඔක්කොම ඇවිත් හිටියා කඳවුරට පහරදීමෙි සරඹය බලන්න. මොකද ජීව උන්ඩනෙ වෙඩි තියන්නෙත්. ඒකට සතුරන්ට හිටියෙ පඹයි. මෙිකෙම තව අංගයක් එකතු කරල තිබුනා යුධ අගලක් අත්පත් කරගැනීමකුත්. ජීව අත්බෝම්බ ගාණකුත් අනුමත වෙලා තිබුනා පුපුරවන්න. මෙික ඇත්තම සතුරු කඳවුරකට පහර දීල ඒ කඳවුර අත්පත් කරගන්න විදියට තමා සකසල තිබුනේ.
ඒක හරි සොඳුරු අත්දැකීමක්ම උනා. අපේ උප අනිතුමා හිටියෙ මගේ  හැම පෝස්ට් එකක්ම කියවන දොස්තර මහත්තයෙක්ගෙ තාත්තා කෙනෙක්. (ඒ සර්නං ඉතින් ටිකක්  නිහඬ චරිතයක්. කොල්ලෙකුට "උඹ" කියල කතාකරපු කෙනෙක්නං නෙවෙයි. ) අපේ අණදෙන නිළධාරි මඩුල්ලයි ආව ආරධිතයිනුයි අපි පහර දෙන කදවුරට පිටිපස්සෙ හෙන ගලක් උඩ ඉඳගෙන බලා ඉන්න ඇරේන්ජ් කරල තිබුනෙ.
ඉතින් කඳවුරට ගහන්න පටන් ගත්තත් කියමුකො. මෙිකට අරං තිබුනෙ ගින්දර බුලට් වගේ කොල්ලො ටිකක්. මොකද බුලක් හෙම වැදුනොත් ජීවිතයක්නෙ දෙයියනේ.ඒ ගින්දර ගොඩෙි මාත් හිටිය.හැබැයි වෙඩි තියාගෙන ගිහින් තුවාල වෙන පාටියට.අපි තුවාල පාටියට තැන් තැන්  නියම කරල තිබුනෙ කලින්ම ඒ නියමිත තැනට ගිහාම අපි වැටෙන්න ඔින තුවාල වුනු විදියට. වැටිල කෑ ගහන්න ඔින.
වැඩෙි පටන්.ගත්තා කියමුකො. මගේ නියමිත තැනට ගියත් කියමුකො. මාත් දඩබඩ ගාල පතුරම් ඔක්කොම වෙඩි තියල තුවක්කුවත් ලොක් කරල ඒකත් බිම දාල පටන් ගත්තා හූ කියල කෑගහන්න. ඇයි තුවාලනෙ. දැං මං යටිගිරියෙන් කෑ ගහනව. බුදු හම්බෝ මගේ පුප හනේ දෙයියනේ මගේ පුප අලි හත්තිකේ මගේ පුප ගාල. මටම හිතුනා සද්දෙ තව මදි කියල. ආයෙ පස්සෙ කටෙි පුල්ම හයිය දාල පටන් ගත්තා විලාප දෙන්න.ඒක ඇහෙන අනෙක්වුන් ඊට හයියෙන් පටන් ගත්තා. දැන් තරගෙට කෑ ගහනව.ඒ අස්සෙ එකෙක් කියනව එහෙම කෑගහන්ඩෙපා බං කියල.ඉතින් මාත් මට එහෙම කියන කියන එකාට කියනව
*ඉතින් තොගේ පුපයැ දන්නේඒඒඒ...මගේ පුපනේ...දන්නේ...ඒඒඒ කියල.😁😁
 අනික්වුන් කෙනෙක් තුවාල වුනාම කෑ ගහන ඒව කිය කිය සජීවී විදියටම කෑ ගහනව. මෙිකට සපොර්ට් එකට තව එකෙක් කෑ ගහන්න ගත්තා. ඒ අපේ දතා. දතා කිව්වෙ පබිලිස් මොඩල් එකේ කුකා පේමරත්න.  දැන් දෙන්නම මහ හයියෙන් කෑ ගහනව. මහපලවෙනියෙන්ම ඔිසි බයවෙලා. ඊට පස්සෙ ගලඋඩ හිටපු ඈයො ඔක්කොම බයවෙලා. දැං මුලු පාඨමාලාවමයි උපදේශකයිනුයි ඔක්කොම බයවෙලා. ඇයි දෙයියනේ ලයිව් කේස් එකක්නේ. අනික් වුන් ටිකක් වෙලා යනකොට සද්දෙ අඩුකලත් අපි දෙන්න  නෑ.තරගෙට කෑ ගහන්නෙ. එක දිගටම කෑගහනව. සීඔිත් බයවෙලා. ඇත්තටම වැදිල තමා කියල. බ්‍රිගේඩ් කමාන්ඩර් කියල " සීඕ..එක කොල්ලෙක් හරි තුවාලවුනොත් දන්නවනෙ ප්‍රථිපලය" කියල.සීඔිටත් කට උත්තර නෑ. දැං මායි දතාවයි  ස්ට්‍රෙචර් වල දාගෙන උස්සගෙන එනව කට්ටිය කට වහපිය කට වහපිය ගගා. අපි නෑ මිත්‍රෝර්නි කට වැහුවෙ. තාම කෑ ගහනව. ඔිසිට සීඔි කියල වෙඩි වැදිච්චි අය බලන්න කියල. අපේ ඔිසී හිටියෙ කපිතන් බණ්ඩාර.
සර් සෙට් එකත් අතින් ඇදගෙන දුවගෙන ආව තුවාල වුනු උන් ඉස්පිරිතාලෙ යවන්ඩ. වාහනෙත් ලෑස්ති කරල.දැං ෆයර් එක ඉවර වෙලා.පසු බැසිමෙි කොටස යන්නෙ.ඒත් මං කෑගහනව. පසු බැසීමෙි කොටස ගියත් වැඩෙි ඉවර නෑනෙ. සර් මං ගාවට ඇවිත් මොකද මොකද කියල අහනකොට මට හිනා ගියා. සර් මට ගහන්ඩ පැන්න තුවක්කුවත් අමෝරාගෙන.මොනාද හිතෝතුනි මං හිත හිත හිටියෙ නෑ..කරේ තියාගෙන ගිය  ස්ට්‍රෙචර් එකෙන් පැනල දිව්වෙ. මං දුවනව දැක්ක දතා මට වැඩිය හයියෙන් දුවන්ඩ ගත්තා.
ඒක සෙට්වලින් එහෙ මෙහෙ කතාකරල රඟපෑමෙ හැටි කිව්වම කට්ටියටම හිනා ගිහින් සීන් එකට.
පස්සෙ පාඨමාලාවෙ ෆීඩ් බෑක් එක.
==============================
පාඨමාලා භාර නිළධාරි.;
තමුන්ල වගේ ජාතියක් මං ජීවිතේට දැකල නෑ. අපේ උපදේශකයො පස්සෙ පන්නල එයාලව ගස්වල ගැට ගහල තිබුන. අහවලුන්ට පොලු ක⁣ඩාගෙන ගහන්න ගිහින් තිබුනා. ඔහොම කරනවද පාඨමාලාවල. හොරෙන් ඇවිදින්න ගිහින් කට්ටිය අල්ලගත්තම උපදේශකයින් එක්ක ගේම ඉල්ලල තිබුනා. මෙිව නොකෙරෙන වැඩ. මං ඒ ගැන දුක්වෙනවා තමුන්ල ගැන.(ඒ අපි නෙමෙි.අපේ සීකන්ඩායම)
ආයෙ සතුරාගෙ ඇම්බුෂ් එකකට අහුවුනාම අපි කියාදීල තිබුනෙ තමුන්ලට දුවන්නද. කැෂුවල්ටි වෙන අයත් දාල තමුසෙල දුවල තිබුනෙ. ඒකෙන් වුනේ දුවාගන්න බැරිවුනු අය අත්අඩංගුවට පත්වීම.ඒ අයගෙන් අහල බලනවල තමුන්ල ඒ කරපු වැඩෙි බරපතලකම. (අපේ අල්ලගත්තු අයට අමර සැපක් දීල තිබුන. එල්ලල ගහල තිබුනෙ.)
ආයෙ කට්ටියක් වතුර ගන්න ගිහින් කිඹුල්ලු එක්ක ලව්කර කර ඉන්නව ආපු වැඩෙි කරගෙන යන්නැතුව.ඒ ටීම් එක අල්ලගන්න ආපු අපේ උපදේශකයින්ව සර්ච් කරල ඉනේ බෙල්ට් එකත් ගලෝගෙන ගිහින්. ඒ මදිවට පහර දෙන්නත් හදල තියෙනව. (ආං අපි😁😁😁)
අනික අන්තිම කෑම්ප් ෆයර් එක.මොකාලද ඒ කැෂුවල්ටි පාටියට හිටපු අය.නැගිටිනව බලන්න.
අපි නැගිට්ටා. අර හයියෙන් කෑ ගහපු අය දෙන්න කෝ.
මායි දතයි අත ඉස්සුවා. ඒකටනං එතුමට හිනාවක් ගියා.තමුසෙල  මාර කිරවල් දෙකක්නෙ අයිසෙ. අරහෙ චීෆ් ගෙස්ට් පවා බයවෙලා කටවල් දෙකට.කොහෙද ගම්පලාත. ඔහොමත් කෑ ගහනවද අයිසෙ.අනික ඇත්තට තුවාල වෙලානං කමහ් නෑ. ඒත් ඔහොම..😁😁😁. හම්මෙි ඉදගන්නව ඉඳගන්නව.අදහන්න ඔින තමුසෙලා..😁😁😁
ඔහොම අපේ ගුන දොස් පැය දෙකක් විතර කතා කලත් කිව්වෙම ගහන්න ගියපුවයි ගස් බැඳපුවයි. එලෝපුවයි. රෙෂන් පැකට්  උස්සපුවයි. අපි දන්නෙත් නැතුව අපේ කට්ටියක් සතුරු කඳවුරේ තිබ්බ රෙෂන් මලුටික  උස්සලලු එහෙං.
ඊට පස්සෙ උපදේශකයනුත් කතා කලා. කිව්වෙම වැරදි විතරයි. එක හොදක් කිව්වෙ නෑ.
ඒකත් ඉවරවුනාම කපිතාන් බංඩාර ඇවිත්.*
*දතා..ආරච්චි තමුන්ල දෙන්නට දෙන්නං වෙනම  ඇතුලට ගියාම.😁😁😁.
ඇතුලට ගියාම ඔිසී වචනයක් කිව්වෙ නෑ හැබැයි.
ආයෙ ඔලුවෙ පන තියෙනකං අපි එක්ක කෝස් එකක් කරන්නෑ කිව්වා. එදා රෑම ස්කූල් තුනෙන්ම වැඩි ලකුණු ගත්තු අපි දෙයියනේ කියල අවුරුද්දට නිවාඩුනං ආව.

රුවින් පමුදිත යද්දෙහිාරච්චි.
2020.05.19.

2 comments:

  1. මේකට නං යකෝ සතියක් විතර යනකං මතක් කර කර හිනා වෙනව...

    ReplyDelete