Monday, May 4, 2020

නච්චිකුඩා බ්ලාස්ට් එක

අපි කල්ලාර් මාවිල්ආරු ක්‍රියාන්විතය ඉවර වෙලා (නැගෙනහිර මානුෂීය මෙහෙයුම) වන්නි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙන්න යන්න බඩුත් හදාගෙන මහ රෑකට උනත් යන්න බලාගෙන නිතරම සූදානමින් හිටියෙ. ඒත් වාහන හිඟතාවය මත අපිට දවස් කිහිපයක් කල්ලාර් නැවතිලා ඉන්න උනා.
ඒ ඉන්න අතරේ මෙිජර් **තිස්ස අපේ ඔිසී එදා උදේම මට ඇවිත් හම්බවෙන්න කියල පණිවිඩයක් එවල තිබුනා. මං මෙි වෙනකොට මූලස්ථාන කණ්ඩායමෙි සීසී හිටියෙ. හිටපු එක්කෙනා ඒ වෙනකොට දෙවියො ගාවට ගිහින් හිටියෙ.
මං ගියා සර්ව හම්බුවෙන්න.
*සර් මට එන්න කිව්වද.
*ආ..ඔව්..ආරච්චි..පොඩි කේස් එකක් තියෙනව.
*මොකද්ද සර්.
*අර මහින්දලාල් මෙි පාර බැඳල ඇවිත් තියෙන්නෙ.මං ඉන්ටර්වීව් කලාම කිව්වෙ.
*ඔව් සර්..
*ආරච්චි..අපේ තවත් ඉන්න පුලුවන් මෙහෙම අය නොකිය. ඒ ඔක්කොම එකතු කරල චාර්ජ් ෂීට් ගහන්න ඔින..දන්නවනෙ.අපි මෙහෙන් යන්නෙ කොහාටද කියල.
*ඔව් සර්..
*දැංමම වැඩෙි පටන් ගන්න. වෙලාවක් ඔින නෑ.මං අද රෑට හරි චාර්ජ් එක අහනව.අහල ඉවරයක් කරමු.
*ඒක හොදයි සර්.මං හොයල වැඩෙි කරන්නං සර්.
මාත් එහෙම කියල ඇවිත් කෙලින්ම ගියෙ ඔෆීස් එකට. ඇවිත් නාම ලේඛණය අරං එක එකා ලඟටම ගිහින් විස්තර ඇහුවා.  දාහත් දෙනෙක් අහුවුනා. මහින්ද රත්න,මහින්ද ලාල් අවසන් පාර නිවාඩු ගිහින් බැඳල තිබුනෙ. හමුදාවෙ හොරෙන් බදින්න බෑ.ඒක හමුදා චර්යා නියෝග  අනුව වරදක්. අහල ඇතිනෙ අවුරුදු පහකින් පස්සෙ තමා බදින්න පුලුවන් කියල.එහෙම හොරෙන් බැන්දම චාර්ජ් එකේ යවල ඒ විවාහය හමුදාවෙි ක්‍රමයට නිත්‍යානුකූල කරනව. ඊට පස්සෙ තමා එයාට මොනව හරි උනොත් බිරිඳට වැටුප් සහ දීමනා වන්දි එහෙම ලැබෙන්නෙ.නැත්තං නෑ.
මාත් ඒ දාහත් දෙනාටම රෑ අට වෙද්දි චාර්ජ් ෂීට් ගැහුවා. කම්පියුටරයෙන් නම, වරද කරපුතැන, වරදේ ස්වභාවය ආදී දෙකක් තුනක් වගේ චුට්ටයි වෙනස් කරන්න තියෙන්නෙ එකින් එකට.. මාත් ඒව හරියට බලල හදල චාර්ජ් ෂීට් ගැහුව. සමහරු කසාද සහතික ගෙනත් තිබුනෙත් නෑ. ඒ අයට පැය 72පාස් දීල ඒව අරගෙන පුලුවන් තරම් ඉක්මනින් වැඩෙි අවසන් කරන්න අපි වගබලාගත්තා. ලියකියවිලි සම්පූර්ණ අයගෙ චාර්ජ් එක එදාම ඇහුව.
ඒ අතරෙ සර් කිව්වා.. දවස් දෙක තුන ඇබ්සන් වෙලා ආපු අයගෙත් තියෙනවනං හදන්න කියල. ඒ ඔක්කොම මං තව දෙන්නෙකුත් දාගෙන හදල ඒවත් එදා රෑම ඉවර කලා. රෑ දොලහමාර වෙද්දිත් අපි චාර්ජ් එක අහනව.(ඒව අහන වෙලාවල් තියෙනව.නමුත් අවශ්‍යතාවයේ උපරිමතාවය නිසාත් ආයෙත් වෙලාවක් එන්නැතිවෙයි කියලත් අපි රෑම වැඩෙි අවසන් කලා)
පාස් ගියපු අයගෙනුත් මහින්දලාලුත් මහින්ද රත්නත් ගෙනත් තිබුන්නෑ.
ආයෙ කාලයක් තිබුනෙත් නෑ. ගෙනාපු අයගෙ එදාරෑම අපි චාර්ජ් එක අහල ඉවර කලා. හරියටම දවස් හයකින් අපි වන්නි මෙහෙයුමට සම්බන්ධවුනා. මට එතනින් එහාට ඇඩ්මින් කරන්න වෙලාවක් ආවෙ නෑ.ඇම්බුෂ් ටීම් එක අරං හතරවටෙි යන්න වුනා. ඔහොමත් කාලෙ ගියා.

මෙික වෙන්නෙ නච්චිකුඩා ලයින්එක කඩපු දවසේ.මං එතකොට ලයින් එකේ හිටියෙ. අපි නිවාඩු යනකොට යන්නෙ ඇම්බුෂ් ටීම් එකම.
අපිත් නිවාඩු ගිහින් ආවෙ. ලයින් එක කඩපු දවසට දවස් දෙකකට කලින්.
අපි නිවාඩු එන්නෙ වැලපෙන හංදියට ඇවිත්. වැලපෙන හංදිය කිව්වෙ මැදවච්චිය. එතනට දවසකට දාහක් එක්දහස් පන්සියයක් විතර මුළු උතුරු කරේම (මෙහෙයුමෙි ඉන්න සහ නොයින්න) නිවාඩු ගිහින් එන අය හවස දෙක තුන වෙනකොට එකතු වෙනව. ඒ ඇවිත් එන හැම ආමි වහනේකටම අත දානව විනාඩියක් හරි කලින් මූලස්තානෙට යන්න බලාගෙන.
ආමි වාහනයක් ආව ගමන්ම...අපි අතදාල නවත්තල.....
*කෝපල් කොහේටද යන්නෙ??
*අපි අහවල් දිහාට යන්නෙ.
තමන්ට ඒකෙ යන්න පුලුවන් නම්..
*මාත් නගින්නද.මාත් අහවල් දිහාට..
යන්න පුලුවන්නං නගිනව.නැත්තං නෑ. හවස හතරට කොන්වොයි එක එනකං ඔහොම තමා.
කොන්වොයි එකට දාන්නෙත් ඉතා සීමිත පිරිසක් විතරයි. කොහොම යන්න ආවත් ඔය සංඛ්‍යාවෙන් අඩුම සීයකටවත් යන්නත් බැරිවෙනව. එතකොට රෑ කොහෙහරි පංසලක ඉදල පහුවදා තමා යන්නෙ. මාත් ඉසින්බැස්සගල පංසලේ නැවතිලා ඇති කීප වරක්ම.
ඉතින් වාසනාව කියන්නෙ එදා අපි එනකොට අපේ ට්‍රක් එක ඇවිත් තිබුනා බඩු වගයක් අරන් යන්න අනුරාධපුරෙන්. අපි එනකොටම ලොරිය සෙට්වුනා. අපි ඔක්කොම පුලු පුලුවන් විදියට ඔිකෙ එල්ලුනා. එල්ලිලා රෑ හත වෙද්දි මූලස්ථානෙට ආව. පහුවදාට පහුවදා ලයින් එක කැඩුවා.
අපි එදා ලයින් එක කඩල, ටිකක් මට ටීම් එක අරගෙන  පස්සට  එන්නවුනා ඒ කණ්ඩායමෙි ලයින් එකට අමතර පතුරම් වගයක් අරන් යන්න. ඒ වෙනකොට ඇල්ෆා එකේ භාගයක්ම සී කන්ඩායමෙන් පුරවල තිබුනෙ.

අපි පස්සට ඇවිත්  පතුරම් පෙට්ටි දෙක දෙක බැරි බැරි ගාතෙ කරේ තියාගෙන ඉස්සරහට යනකොට සැරයන් සිල්වා.. ඉස්සරහට හම්බුනා.
*සාජන් කොහේ යන්නෙ??
සාජන් හෙන අප්සට් මූඩ් එකක හිටියෙ.හේතුව කිව්වෙ නෑ. අපේ ලයින් එක ඉස්සරහට යනව ඒ වෙද්දි. හවස ඇති පහට..
මාත් අපේ කොල්ලො ටිකත් අමාරුවෙන් උස්සගෙන ආපු ඇමෝ පෙට්ටි ටික ගොඩ ගහගෙන පාර අයිනෙ නැවතුනා..මෙිව කොතනටද අරන් යන්න ඔින කියල හරියටම තැන දැන ගන්න ඔින නිසා. මොකද මේ වෙලාවෙ කියන තැන නෙමෙි තව පැය කාලකින් අපේ කට්ටිය ඉන්නෙ. ලයින් එක කඩල මරාගෙන මරාගෙන ඉස්සරහට යනව.
ඔය අතරේ ආවා හෙන සයිස් ඩෝසරයක්.. ඒක ආවෙ පාර ලොකු කරල කපන්න. උන්ගෙ පස් කන්ද කපල වාහන යන්න පුලුවන් වෙන්න පාර ඩෝසර් කරන්න. ඒක ගියා. ආයෙ ජේසීබී එකක් ආව.
 ටිකක් වෙලා යනකොට අපේ ට්‍රැක්ටරේ ආව.
*මහින්ද කොහාටද යන්නෙ??
*ආ කෝප්‍රල් ඇමෝද?? ඇමෝනං දාන්න.ඇජුටන් කිව්වා අරගෙන යන්න කියල.
*නෑ මචං ඇමෝ පෙට්ටි වල දාපු බිත්තර වගයක් තියෙන්නෙ.
අපි ඇමෝටික ට්‍රැක්ටරේට පැටෙව්වා.
පටවල මාත් ඉස්සරහට නගින්න හැදුවා.එකපාරටම සැරයන් සිල්වාට මොකක් හරි මතක් වෙලා මට කතාකරල කිව්වා
*මචං උඹට පුලුවන්නං ඔහොම්මම ඇල්ෆා එකේ කුමාරනායකගෙන් පුද්ගලික විස්තර ෆයිල් එක අරං වරෙන්කො..ලොකු උදව්වක්..
(ඒක මටම කියන්න හේතුවුනෙ මං විතරයි ඒ වෙනකොට ටැක්ටරෙන් බිම හිටියෙ).(නම් ලොකු වුනාට  ලඟ ලඟ තමා ආප් කන්ඩායම් පසු මූලස්ථාන  තිබුනෙ.)
පුද්ගලික් විස්තර ෆයිල් එක කියන කොටම සාජන් සිල්වාගෙ මූඩ් එක මට තේරුම් ගන්න පුලුවන්  උනා.ඒ කියන්නෙ ඇල්ෆා එකේ කී දෙනෙක් හරි මැරිල හරි තුවාල වෙලා හරි අනිවාරයෙන්ම.
*හරි මං ගේන්නං.මං එනකං යන්නෙපා.ටක්ගාල එනවා.සාජන් ඔහොමම ඉන්න.
*නෑ.නෑ.අපි ඉස්සරහ කනත්ත ගාව ඉන්නං.ඇජුටන් පුලුවන් තරම් ඉක්මනට එන්න කිව්වා ලයින් එකට යන්න.කෝප්‍රල් පයිල් එකත් අරං හීන් සැරේ ඉස්සරහට එන්න. එතනට ඇමෝටික යන්නෙ. ආනන්ද රත්න කිව්වා.එතනට කිලෝමීටරයක් විතර දුර තියෙනව.
එයා ට්‍රැක්ටරේ රියැදුරා.

මං ෆයිල් එක ගේන්න යන්න ආපහු හැරුනා.ඒ රෙද්දත් අරං ආයෙ පලයන්කො කිලෝමීටරයක්  විතර පයින්..

ඔින මගුලක් පනම් පහයි කියල හිත හදාගෙන මං අල්ෆා පසුමූලයට යන්න ගියා.

 ට්‍රැක්ටරෙත් රේස් කරල ගත්තා ඉස්සරහට යන්න. මං අඩි විස්සක්......තිහක්...හතලිහක් ඉස්සරහට යන්න ඇති.
දිඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩීඊඊඊඊන්න්න්න්න්.....
 මාවත් විසිවුනා වගෙ වුනා. දඩබඩස් ගාල ආපහු හැරිල බැලුව මොකදවුනේ කියල.
ට්‍රැක්ටරේ ටෙිලර් එක කණපිට ගැහිල.ඇංජිම ඇඹරිලා ගිනිගන්නව.දුම් වකාරයයි.
මං දුවල එන්න හැදුව හැදුව ඇවිද ගන්න බැරිවුනා වගෙ වුනා. මට මුකුත් වෙලා නෙමෙි.
කලබලේ.. පපුව නැවතිලා. ඇයි දෙයියනේ මීට විනාඩියකට කලින් කතා කරපු කොල්ලො ටික.

ටැක්ටරේ ඇංජිම පොල් මිරිකපුවම කුඩු අතේ හැඩෙිට හැදෙන විදියටම ඇඹරිලා තිබුනා.
ටැක්ටරේ කේසින් එක අඩි තිහක් විතර උස පලුගහක දෙබලක හිර වෙලා තිබුනා. ඒත් අපි එච්චරටම පව් කාරයො නෙමෙි.ටෙිලරේ හිටපු පහලොවක් විතර අතරින් හතරක් බරපතල තුවාල වෙලා තිබුනා.එතන සැරයන් සිල්වත් හිටියා. ටැක්ටරේ ඇන්ජිමෙි ගියපු මහින්ද රත්න මහින්දලාල් හා තවත් ඇල්ෆා ටීම් එකේ ⁣එක්කෙනෙකුත් ටෙිලරේ ඉස්සරහ ගියපු දෙන්නෙකුත් සදහටම අපිව අතෑරල දුර ඈතක ගමනක් ගිහින් තිබුනා. බ්ලාස්ට් එකේ හැටියට ඒ මැරුනු අයට වෙලා තිබුනු දේ ගැනනං අහන්න එපා. ඒක කාගෙ වෙලාවක්ද කියන්න නම් මං දන්නෑ. මොකද මෙි පාරෙ මෙි වෙනකොට ආමි වාහන කිහිපයක්ම ගිහින් තිබුනා. නමුත් ඒ වෙනකොට අඩුමගානෙ ඩොසරේවත් එතනින් ක්‍රොස් කරල තිබුනනං.....

මං හමුදා ජීවිතේ උපරිම ආතල් අරන් තියෙනව.ඒක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආතල් එක.
මං මගේ ඒකකයේ දෙවෙනි බැජ් එක. පලවෙනි එකත් අපි හා සමානයි.
සමහර විට මටම පුදුම හිතෙනවා වෙලාවකට මං ගැනම. හැබැයි මං  කිසිම දාක කිසිම කෙනෙකුට වලක් කපල නෑ.කේලං කියල නෑ.ඇස් රතුවෙන විහිලු කරල තිබුනත් කවදාවත් ගහ බැනගෙන නෑ. හිනාවුනත් යාලුවන්ගෙන් ආතල් ගත්තත්  යාලුකං බිඳල නෑ. බෙලි කපල.බකට් ඇදල බාල්දි පෙරලල නෑ.කැට පාත් කරල නෑ.අඩුගානෙ නිවාඩුවක් උනත් යන්නෙ ටර්න් එකට නියමිත දිනේට විතරයි. විශේෂයෙන්ම කුනුමස් රහට දිව සතුටු කරන්න කවදාවත් අහිංසක සතෙක් දිහාට මගේ අවිය එල්ලවුනේ නෑ.  මං ඉන්න තැනක එල්ල වෙන්න දුන්නෙත් නෑ. (රෙක්ක කාලෙන් පස්සෙ) ඒ විශ්වාසය මට යුද්දෙ අන්තිම අවස්ථාවෙ අන්තිම මොහොතෙ ආමි ෆ්ලෑග් එක යටට යනකං තිබුනා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.30

No comments:

Post a Comment