Thursday, May 14, 2020

කිරාන් කලපු මෙහෙයුම

මෙි සිදුවීමත් වෙන්නෙ කිරාන්වලදි. කිරාන් කියන්නෙ නැගෙනහිර පළාතේ අවදානම්ම කඳවුරු අතරින් අනතුරුදායකම කඳවුරක්. මෙිකට හේතුව එල්ටිටිඊ ප්‍රදේශයට කිට්ටුවෙන් පිහිටීම නිසා හා ඒ ගොල්ලන්ට මෙි භූමියේ තිබු වැදගත්කම. ඒ කාලෙ කරුනා නැගෙනහිරට ආව කියල සෙට්වලින් මොනිටර් උනාම අපිටත් රාජකාරි එහෙම හරි අමාරුයි. මෙි වෙද්දිත් මට මතකයි කීප පාරක්ම බුද්ධි අංශවලින් අනතුරු අඟවල තිබුනා තොප්පිගල ප්‍රදේශයේ තැනක කිරාන් කඳවුරට පහර දෙන්න මොඩ්ල් ට්‍රෙිනින් එකක් කරනව කියල. ඒ කියන්නෙ මෙි කඳවුර විදියටම කඳවුරක් හදල ඒකට පහර දෙන්න රිහර්සල් කරනව කියල.අපිත් මෙි දවස්වල නෙතට නින්ද නැතුව බලං හිටියෙ ඇවිත් පහර දීල අපිවත් මරල ඔලුවත් අතගාල යනකං. අනේ කරුණගෙ ලොජික්.😂😂😂. හිතේ ඇති😁😁😁.

ඒ අස්සෙ අපි අපේ ඇලට් එක උපරි⁣මයෙන් තියාගෙන හිටියෙ. ආවොත් වැලිඔය සිදුවීමෙ අනික කරන්න. ආරච්චි ඉන්න තැනකට ගහන්න එනව කියන එක කරන්න බැරි දෙයක් නෙමෙි..කරන්න ලේසිම දෙයක්😁😁😁.
මෙි දිනේ වෙද්දි ⁣කඳවුරට දවස් දෙකක් එක දිගටම උන් ආටි ගැහුවා. එදා හරි ආතල් දවසක්. උදේ හතට විතර වෙනකොට අපි ගොඩ දෙනෙක් මෙි ටයිම් එකේ කලපුවෙ හිටියෙ. මොකද අටයි තිහට පිකට් යන්න පෝලිං වෙන්න ඔින නිසා යි මං හිටපු ඩියුටිය භාරගන්න යන්න උවමනා නිසයි. ඉතින් ඔහොම අපි කලපුවෙ බැහැල අල්ලන සෙල්ලම් එහෙම කර කර ඉද්දි එකපාරටම ඩෙි ගාඩ් තුනෙන් "පික්කාප්ප්ප්ප්ප් යකෝව්ව්ව්" ගාල සද්දෙකුත් එක්ක උන්ඩ පහක් වෙඩි තියන සද්දෙ ඇහුනා. අපිට උන්හිටිතැන් අමතක වෙලා ජොකා පිටින්ම පැන පැන දුව දුව කලපුවෙන් ගොඩ ඇවිත් දුවන්න පටන් ගත්තා. ඒත් අඩි දහයක් දුවන්න හම්බුනේ නෑ...ෂ්ෂ්ෂ්ෂ්ෂ් ගාල සද්දෙයක් ආව. අපි පොලවෙ පස්කාගෙන හිටපු හිටපු තැන්වල මිහිකත බදාගත්තා. ඒක ටිකක් දුරට වැටුනෙ. ඒක ගිඩ්ඩ්ඩීරියාංංංං ගාල පුපුරනවත් එක්කම අපි ආයෙ නැගිටල දිව්වා. ආයෙත් පියවර දහයක් විතර යනකොට අර සද්දෙම ආව. අපි නැවතත් පොලව බදාගත්තා. ඔහොම ඔහොම අපි දහ පහලොස් පාරක් පස් කාල කාල කොහොම හරි ඇතුලට පැනල බංකරේකට රිංගගත්තා. මුලින් මුලින් කාටත් එකපාරටම ටාගට් ගහන්න බෑ කාතු අවි වලින්. ඒව වැටෙන තැන් මග එකෙක් ඉඳගෙන බයිනො එකෙන් බල බල තමා ටාගට් ඉල්ලන්නෙ. (උන්ගෙ) ඒත් අපේ වාසනාවට කොහොම හරි එකක් දෙකක් ලගට වැටුනට අනික්ව ටිකක් දුරින් දුරින් වැටුනෙ.
ඒ ආටි පාර දවස් දෙකක් පුරාවට තිබුනා. අපි පස්සෙ ඒ ආටි බ්ලාස්ට් වෙච්චි එවගෙන් ඉතුරුවෙන ටෙිල් කොටස් එකතු කලා 183ක්. අනිවාරයෙන්ම මීට වඩා ගැහුවා. කලපුවට වැටිච්ච ඒවගෙයි ලයින් එකෙන් එලියට වැටිච්චි ඒවගෙයි අපි ටෙිල් හෙව්වෙ නෑ. ඒව නැතුව 183ක් කඳවුරටයි වටෙිටයි ගහල තිබුනා. ඒත් ඒ ප්‍රහාරයෙන් අපිට කිසිම හානියක් වුනේ නෑ.එයට හේතුව මෙි කඳවුරේ බංකර් හදල තිබුනෙ ඔිනම ප්‍රහාරයකට ඔරොත්තු දෙන විදියට. මෙි බංකර් එකක් දෙකක් ඇරෙන්න අනික්වා ඔක්කොම පොලව යට හදපුවා. ඩෙිගාඩ්  තුනේ ප්‍රධානම රාජකාරිය වුනේ හොඳට ඇහුන්කම් දීගෙන ඉන්න එක. කොහෙන් හරි ආටියක් පිකප් උනොත් යටිගිරියෙන් "පිකාප්" කියල කෑ ගහල උන්ඩ පහක් උඩට වෙඩිතියන්න ඔින. එතකොට ඒක ඇහෙන අපි හැකි උපරිමම වෙිගෙන් ලඟම තියෙන බංකරේකට පැනල ජීවිතේ බෙිරගන්නව. එදිනත් උදේ හතට විතර පිකාප් කියල කෑ ගහල වෙඩි තිබ්බම තමා අපි දඩ බඩ ගාල කලපුවෙ ඉදන් දුවගෙන ඇවිත් බංකර වලට පැන්නේ. එකදිගට විස්සක් තිහක් ගහල නවත්තනව.ආයෙ එක පාරටම පටන් ගන්නව. ඔිහොම තමා අර 183ම වැටුනෙ. ඒත් උන්ට තිබුනු ඒ ඇම්මෙන් අපිට කිසිම හානියක් කරන්න  බැරිඋනා. බිලට් එකක්නං සීසිකඩ ගියා. ආයෙ කොහෙදෝ මංදා දඩාවතේ යන අහිංසක බව්වෙක්  තුවාල වුනත් අපේ ⁣කොල්ලෙක් මෙි ආටි ගහන අස්සෙ දුවල ගිහින් ඌව ඇදල බංකරේකට දා ගත්තා. ඌට බෙිතුත් කරල තුවාලෙත් හොද කරාට පස්සෙ බව්ව අපේ ලඟම හිතවන්තයෙක් උනා.

මෙි වෙද්දි අපේ කඳවුරෙත් තිබුනා 120එම්එම් කාතු දෙකක්. ආයෙ තිබුනා 85එම්එම් (founder )  කාතු ගන් දෙකක්. 120 ගහද්දිනං ඇතිවෙන සද්දෙට එපාවුනත් 85 founder Gun දෙක පිකප් උනාම බලන්න ආසාවෙ බෑ. ඒකට හේතුව තමා අරුන්දැලා ඉන්න තැන්වල ටාගට් වලට ගැහුවම තල්, කුඹුක් ගස් දෙකට කැඩිලා දුං දාගෙන වැටෙන්නෙ.
දවස් දෙකක් පුරාවට තිබුනු ඒ ගොල්ලංගෙ ඒ කාතු ඇම්ම වාලච්චෙින බ්‍රිගේඩ් එකේ අපේ කාතු ගැන්සිය හොඳකරල තිබුනා හතර දෙනෙක්ම එලොව යවල.

ඉතින් ඔහොම ඉද්දි කරුනා ආව කියන ආරංචියත් එක්ක අපි රෑට කඳවුරෙන් එලියට යන ප්‍රමාණය වැඩි කරල තිබුනෙ. කියන්න බෑනෙ.
අපේ ඩෙිගාඩ් තුනෙන් යනව කලින් ඉඳලම සවන්දීමෙි මුරයක්. ඒකට හේතුව කලපුව ආවරණය කිරීම.
දිවා මුර⁣ය තුනේ ඉඳල මීටර් සීයක් එකසිය පනහක් විතර තියෙනව කලපුවට. එදා එල්පී එකේ හිටියෙ මායි ලා/කෝ ප්‍රදීප් කුමාරයි ලොකුඅයියයි.ලොකු අයිය කිව්වෙ නන්දසේන කියල කොල්ලෙක්. ඌ හෙන උස මහතයි. ඒ නිසා අපි ඌට කතා කරන්නෙ ලොකු අයිය කියල.
මෙි වෙද්දි කලපුවෙ වඩදිය දාන දවස්. වඩදිය දානකොට උඩහ තියෙන ජපන් ජබර කුට්ටි කුට්ටි පල්ලෙහාට ගහගෙන එනව. මුලු කලපුවම වගේ වැහෙනව මෙිහෙම දවස් දෙකතුනක් ජබර ආපුවම. එදත් මෙි ජබර ගහගෙන ආ දවසක්.
ඔහොම ඉද්දි පාන්දර එකට විතර ලොකු අයිය එක පාරටම  අපි දෙන්නට පයින් ඇනල කීද්දුවා.
*කෝපල් කෝපල් ජබර කට්ටියක් මෙි පැත්තට එනව.මටනං හෙන සැකයි.
*කෝ කෝ කොහෙද.. අපි දෙන්නම විමසිල්ලෙන් බැලුවා.
සාමාන්‍යයෙන් වර්ග අඩියක එක හමාරක විතර ජබර කුට්ටියක් කලපුවෙ එගොඩ පැත්තෙ ඉදල මෙගොඩ ට ඇදෙනව.හිමීන් සීරුවෙ..
වතුරත් එක්ක වතුරෙ තියෙන දෙයක් පල්ලෙහාට ගහගෙන යනව මිසක් හරහට එන්න විදියක් නෑනෙ. අපිත් පැය කාලක් විතර හොඳට බලාගෙන හිටිය ලඟටම එන්න දීල. බඩුම තමා.
ඒ අස්සෙ කෝපල් කිව්වා  කඩපියව් ග්‍රෙනේඩ් එක ගානෙ කියල. කියනකං ගහන්න එපා කියලත් කිව්වා.
අපි තුන්දෙනාම හරි ආසාවෙන්  K400 වර්ගයේ අත්බෝම්බ තුනක් අරන් පින් එකත් පන්නල අතේ තියාගෙන හිටියෙ දෙන්නං ජම්බු කියල.
පස්සෙ ඒ ජබර කුට්ටිය ලඟටම ආවම අපි තුන්දෙනා ග්‍රෙනේඩ් තුනම අර පාසි කුට්ටියටයි ලඟ ලඟටයි වැටෙන්න අතෑරලා ගැහුව මැගසින් දෙකක්. නන්දෙ වෙඩි තිබ්බෙ නැ.හදිසියක් වුනොත් වෙඩි තියන්න ඔින නිසා. ඒ වෙනුවට අපි වෙඩිතියන අතරේ ලොකු අයියගේ අනෙක් බෝම්බෙත් කඩල කලපුවට දැම්මා. විනාඩි පහක් විතර ඔහොම ෆයර් එක යද්දි 2/ලුතිතන් වන්නිනායකයි ටූ ප්ලැටුන් එකේ ප්ලැටුන් කමාන්ඩරුයි අපේ කට්ටියකුයි කඩාගෙන බිඳගෙන අපි ඉන්න තැනට ආව. අපි දන්නෑනෙ කී දෙනෙක් එනවද කියල.මොකද ඒ වනවිට කෑම්ප් එකටත් ගහනව කියලනෙ තිබුනෙ. දාහක් දෙනෙක් කලපුවෙන් ආවත් අපි අපේ ගැන හිතන්නැතුව මුන්ට ගැහුවෙ අපි මැරුනත් අනික් අය හරි ස්ටෑන්ඩ් බයි වෙනවනෙ උන් හරි බෙිරෙනවනෙ කියල. ඉතින් අපි අපේ රාජකාරිය සීයට සීයක් එදින ඒ මොහොතෙ ඉටු කලා. අපි කිසිවෙකුටත් හානියක් උනේ නෑ. ඒ හරහට ආව කුට්ටිය ආයෙ කලපුව නිශ්චල වුනාම කෑලි කෑලි වලට කැඩිල හිමීට හිමීට පල්ලෙහාට ගහගෙන ගියා.අපේ උදව්වට ආව අයත් එක්ක අපි ඔක්කොම රෑ එලිවෙනකං පුල් ඇලට් එකේ ඊට ටිකක් පස්සට වෙලා ආවරණ අරගෙන ඇහැරිල හිටිය. මං ඒ අස්සෙ හීනියට චූටිම චූටි කුකුල් නින්දකුත් දාගත්තා.
රෑ එලිවෙනකං කිසිම හැල් හොල්මනක් තිබුන්නැ.
පස්සෙ ලුතිතන් වන්නිනායකගෙ උපදෙස් පිට කට්ටියක් උඩ ඇලට් එකේ ඉන්න අතරෙ අපි කලපුවට බැහැල පීර පීර පීන පීන මොනවහරි සලකුනක් තියෙනවද බැලුව. අපි ග්‍රෙනේඩ් විසිකරපු තැනට මීටර දහයක් විතර දුරකින් කිලෝ විස්සක් තිහක් විතර බර ප්ලාස්ටික් බාස්කට් එකකට අටෝපු බෝම්බයක් හොයා ගත්තා. ඒක අපි නනා ඉද්දි පිපිරුවානම් එහෙම එක පොදියට කලපුවෙ ඉන්න ඔක්කොම ටික මරන්න හරි අබාදිත කරන්න හරි පුලුවන් තරමෙි එකක්. ඒක අපි ලනු දාලා ඇදල ගොඩ අරං බලද්දි ඩෙටනේටර්වත් ගහල තිබුන්නෑ. පව් එයාල කියල හිතුන.ඩෙටනේටර් කියන්නෙ බෝම්බය පුපුරුවා හරින්න උපයෝගි කරගන්න අය්ටම් එකක්.ඒකට තමා කරන්ට් එක දීල පුපුරවන්නෙ.ඩෙටනේටරේ පුපුරනකොට තමා බෝම්බෙ බ්ලාස්ට් වෙන්නෙ.
ඉතින් ඔහොම ඉන්න අතරේ  දවාලෙ පණිවිඩයක් ඇවිත් තිබුනා පාලමෙන්, ඔිසීට හදිසියක් කියල එන්න කියල. මෙිකට ඔිසී ඇතුලෙ ඩියුටි හිටපු අපිවත් ගෙන්නගෙන පාලමට ගියා. ගිහින් පණිවිඩෙි කියපු විදියට අදාල පොට් එකට ගියා.
ඒ ගිහින් බලද්දි සල්ලඩ වෙච්චි කොටි මළසිරුරු තුනක් කලපුවෙම පල්ලෙහායින් තැනින් තැන ගොඩ ගහල තිබුනා. ඒක මාලු අල්ලන ඔරුකාරයෙක් පාලමට කියල පාලමෙන් තමා අපිට පනිවිඩෙි කියල තිබුනෙ.. පස්සෙ අපි ඒ ඒ තැන්වලට ගිහින් බොඩි චෙකප් එක කරද්දි එකෙක්ගෙ සාක්කුවෙ තිබිල බෝම්බෙ පුපුරවන්න ගෙනාපු ඩෙටනේටර් දෙක හොයා ගත්තා.
පස්සෙ වාලච්චෙින පොලිසියයි රතුකුරුසෙයි උසාවියෙනුයි ඇවිත් සිරුරු තුන අරං ගියා.
එදා හවස ඔිසි විසින් අපේ කාර්යය අගය කරලා  මාවයි ලා/කෝ ප්‍රදීප්කුමාරයි ලොකු අයියයි පලවෙනි පාරට රණශූර පදක්කමට නිර්දේශ කලා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.15

3 comments:

  1. ❤❤❤ much love heroes❤❤❤

    ReplyDelete
  2. මොකා කොහොම මොනා කීවත් , සටනක් අතරතුර තුවාල උන සතෙකු ඇදලා අරගෙන සාත්තු කරන්න තරම් ඔබලා මානුශීයයි ....( දේශපාලන මතිමතාන්තර කොහොම උනත් ) ඔබලාට කෙලින්න ආපු එකෙක්ට සැල්‍යුට් කරන්න තරම් වෙලාවකට ඔබලා අසරණයි ..........අපි බලන් ඉන්නවා....දිගටම ලියන්න....

    ReplyDelete