Tuesday, May 12, 2020

ටැල් ටැල් ගේ ආතල් එක

මෙි සීන් එක වෙන්නෙ කල්කුඩා වලදි. අපි මෙහෙන් නිරීක්ෂණ මුර තුනක් මාර්ග ආරක්ෂක මුරයක් සහ පා මුර සංචාරයක් යනව දවසකට එළියට. මෙිවගෙන් පොයින්ට් හතරකට ගුවන් විදුලි යන්ත්‍ර හතරක් අරන් යනව.
එදා තිබුන ලංකාවයි සිම්බාබ්බෙියි මැච් එකක්. මාත් නිරික්ෂණ මුරයක හිටියෙ. දැන් පාසිකුඩා හරියෙ වතුර ටැංකියක. ඒ ටැංකිය පරන එකක්. අපි ඔිකට නැගල උඩ තමා ⁣සෙන්ට්‍රි ඉන්නෙ.
අපේ ඒ දවස්වල වැඩි පුරම භාවිතා කලේ පීආර්සී 1077 වර්ගයේ ගුවන් විදුලි යන්ත්‍රය.
අපේ ඒකකයේ උනත් වැඩි දෙනෙක් දන්නෑ මෙි සෙට් එකෙන් රේඩියෝ එක අහන්න පුලුවන් කියල.දැනන් උන්නත් ෆ්‍රීකොන්සි එක දන්නෑ. ඒත් ආරච්චි ඒව සියල්ල අකුරට දැනගෙන හිටියා. මාත් ඉතා දුකෙන් හිටියෙ මැච් එක බලන්න නැති හිංද. හිත යන්තං හරි හදාගත්තෙ සෙට් එකෙන්වත් අහන්න බැරියැයි කියල.
මාත් සෙට් එක ගන්න රෙඩියෝ රූම් එකට ගියාම.
*කෝප්‍රල් සෙට් එක.
*කොහොටද
*ඔිපී 2
නම එහෙම ලියාගෙන සෙට්එක දුන්නම මං සෙට්එක චෙක්කරල කිව්වා.
*මෙිකෙ බැටරියනං පොඩ්ඩක් මදිවගේ කෝප්‍රල්. චාර්ජ් කලේ නැද්ද.
*චාර්ජ් කලා බං.ඔය රෙද්දවල් ඔහොම්මම තමා. ආං අතනින් තව බැට්ටියක් ගනින්කො.
මාත් බොරුවක් කිව්වෙ.බැටරි චාර්ජ් තියෙන්න ඇති.ඒත් රේඩියො එක අහපුවම ටිකක් ඉක්මනින් බැටරිය බහිනව. හවස් වෙනකං තියෙන්නත් ඔින නිසා මං බැටරි දෙකක්ම ගත්තා. (මෙිව තහනං වැඩ හොඳේ.අහුවුනොත් හකුපාඩ තලනව😁😁)
අපිත් පොයින්ට් එකට ගිහින් මැච් එක එහෙම අහන්න කලින් සෙට් එක ඇහෙනවද කියල රේඩියෝ රූම් එකෙන් චෙක් කරල කාරිය හීන් සැරේ අන්තිම චැනලයට ෆ්‍රිකොන්සි එක  සෙට්කරල පැත්තකින් ඉඳගත්තා.
එක දිගට සිංදු පෙලක් යනව.තාම මැච් එක පටන් අරන් නෑ.දහය හමාරට මැච්එක පටන් ගන්නෙ. අපි තුන්දෙනාම කඩින් කඩ සිංදුත් අහන ගමන් අපේ ප්‍රධාන චැනලයට ඇවිත් ඒකත් අහගෙන හිටිය. මෙි සෙට්වල ඉද්දි විනයක් තියෙනව ඉන්න ඔපරේටර් සීයෙට සීයක් සෙට් එක අහගෙන ඉන්න ඔින කියල.මොකද ඔිනම වෙලාවක හදිසියකට මෙිකෙ කතා කරල පනිවිඩ එහෙම කියනවනෙ.ඒ නිසා. අනික අපි හරියට අහං ඉන්නවද බලන්නත් එක්ක චෙක් කරන්නත් කතාකරනව.
අනික එදා රේඩියෝ රූම් හිටියෙ කෝප්‍රල් කරුණාරත්න පීඩබ්ලිවු.එයා හිටපු ගමන් කතා කරල අපිව චෙක් කරනව සෙට් එක අහගෙනද ඉන්නෙ බලන්න. එයාට බනින නම තමා ටැල් ටැල්. මයෙ අප්පේ බලන්ඩෙපෑ ටැල් ටැල් කිව්වම තද වෙන තදවිල්ල. ඔික මොකා කිව්වත් කිව්ව එකාගෙ තිඹිරි ගෙයි ඉඳන් තමා මෙයා කියන්න පටන් ගන්නෙ. එයැයිට හරීයට තරහ යනව ඔය නම කිව්වම.😁😁😁. ඒ වගේම හරී සැරයි. හැබැයි රාජකාරියත් ඒ වගේම බ්‍රයිට්. හමුදාවෙ තියෙන හැම සෙට් වර්ගෙකම ඔිනම මුල්ලකින් රිංගල මදේත්කාල වතුරත් බීල අනික් කොනින් මතුවෙච්චි පොරක්. අනන්තෙටම ඒ ගැන දන්නව. අපිටත් පොරට ලඟ නමන්ඩ එහෙම ටිකක් අමාරුයි.

ඉතින් මැච් එකත් පටන් ගත්තා කියමුකො. අම්මෝ විස්තර විචාරක මැච් විස්තරේ දෙන්නෙ හරියට  ඌ බැට් කරනව වගේ. හම්මෙි ඉංගිරිසියෙනුයි සිංහලෙනුය් දෙන්නම තරගෙට කියන්නෙ. හරී උනුසුම් තරඟයක්ලු. පස් බැටින් අපේ අයලු.  ඉංගිරිසි විස්තර විචාරක ඒ අස්සෙ ඉංගිරිසියෙන්ම කියනව  තනි අතින් පිලම අවුට්.නන්දෙ මාමගෙ වත්ත අවුට්.පියසීලි නැන්දගෙ වත්තට බිමින් හතරයි උඩින් හයයි..ගස් කැච් ඔට්ටුයි, බැට් එක දාල දුවන්ඩ බෑ. ගහේ කෙටිල ඇල්ලුවත් අවුට්.වන් බම්ප් අවුට් දුවන පැත්තෙ විකට් එක කඩන්න ඔින  දමල ගැහුවොත් නෝ බෝල් ලු කියල. අපිටත් හොදට ඉංගිරිසි පුලුවන් හිංද හොදට අහං හිටියෙ නන්දෙ මාමගෙ වත්තට ගහල අවුට් වෙන එකා බලන්ඩ.😁😁😁😁.
දැන් මැච් එක නැගල යනව.අපිටත් මැච්එකේ සිහියෙන් හිටිය මිසක් අපේ චැනල් එකේ ඉන්න අමතක උනා පැය තුනක් හතරක් විතර. බැට්ටියත් බැහැල.එන්න එන්නම සද්දෙත් අඩුවෙනව.
*හොඳම හරිය බං යන්නෙ.ටක් ගාල බැට්ටිය මාරු කරහංකො.රෙද්ද ඇහෙන් නෑනෙ... පොයින්ට් එකේ ඉන්චාජ් හිටපු ලා/කෝ ජයලත් කිව්වා.
මාත් දඩ බඩස් ගාල බැට්ටියත් මාරුකරල රේඩියෝ රූම් එ⁣කට කතා කලා.ඇහෙනවද බලන්නයි ගොඩ වෙලාවක් අහන් හිටියෙ නැති හංදයි.
*හෙලෝ ටූ නයින් ඇල් ෆා සිග්නල් ඔිවර්..
දෙපාරක් කතාකලා ඒ විදියට.
*ටූ නයින් ඇල්ෆා ඔිකේ..ඔිවර්.
*පැහැදිලිව ඇහෙනවද ඔිවර්..
*ඇහෙන එකනං ඇහෙනව. ඔබ සෙට් එක අහගෙන නෙමෙිද ඉන්නෙ ඔිවර්.. කෝපල් කරු ඇහුව.😮😮😮
*වෙනදට වැඩිය හොදින් අහගෙන ඉන්නෙ.ඔිවර්.
*අහන් හිටියනං ඇයි ඔිකේ කලේ නැත්තෙ.මං පැය භාගයක් ඔබලව කන්ටෑක් කරගන්න කතාකලා.තමුන්ලා සෙට් එකත් එක්ක වෙන මොනවහරි කරනවද ඔතන ඔිවර්.
 ආන් බඩු බනිස් වීගෙන යන්නෙ. මං ලාකෝ ජයලට්ට කිව්වා.අපිට පැය භාගයක් කතාකකරාලු.ඒත් අපිට ඇහුන්නැනෙ.අපි සෙට් එක අහගෙනනෙ හිටියෙ.😁😁😁 මැච් එක හරි අහන්නෙ උන්නෙ.
*⁣කතා කරපු වෙලාවෙ පොඩ්ඩක් එහෙට වෙලා ඉන්න ඇත්තෙ. මොකද්ද පනිවිඩෙි ඔිවර්.
*පනිවිඩෙි කියන්නං.⁣හවසට ආවහම.දෙයියන්ගෙ නාමෙටවත් දැන් ඉදන්වත් අහගෙන ඉන්නව ඔය කෙහෙම්මල. පැහැදිලිද ඔිවර්
*සක් සුදක් සේ පැහැදිලියි ඔිවර්.
*ආරච්චි තමුන් සෙට් එකේ විහිලු කරනවද ඔිවර්. තමුන් ඇවිල්ල මාව හම්බවෙන්න ඔිවර්
*රොජර් ඔිවර්.
එයැයිට  මල පැන්නම ඒම තමා.
හම්බෙන්න කිව්වට මොකුත් නෑ ඉතින් සූට්ටක් විතර බනින එක විතරයි මටනං. මොකද හොරෙන් එලියෙ කඩෙිට සිගරට් ගේන්න යන්නෙ මං විතරයිනෙ☺️☺️☺️☺️.
*මොකද ටැල් ටැල් කියන්නෙ.කෝපල් ජයලත් ඇහුව.😁😁
*අපි සෙට් එකත් එක්ක මොනව හරි කරනවද කියල ඇහුවෙ ඔය😁😁 පැය බාගෙයක් කතාකරාලු.එච්චර තමා පුලුහන් මාත් කිව්ව.

අපි ආයෙත් අපේ වැඩෙි පටන් ගත්තා. ලංකාව දෙසිය අනු හතයි විකට් පහකට.
ඔහොම ඉන්න අතරේ මට හිතුන සෙට් එකත් තියෙන වෙලේ මැච් එකත් ටිකක් නතර කරපු වෙලේ පොඩි ආතල් එකක් ගන්න. මෙි කෑම්ප් එකෙන් අරං යන සෙට් වෙනම ජාලයකත් කණ්ඩායම් පහේ මෙින් රේඩියෝ රූම් වෙනම ජාලයකත් ඉන්නෙ. ඒකෙත් ෆ්‍රිකොන්සි කෝඩ් සයින් එහෙම අපි දන්නව.
*කෝපල් ජයා..ආතල් එකක් ගමුද.
*මොකද්ද.
*කෝපල් කරුවව අවුස්සමුද
*අනේ නිකා හිටිං.ගූ ගොඩවල් අවුස්ස ගන්නැතුව.
*එහෙම නෙමෙි ඉතින් මෙි හීනි පයිස් ආතල් එකක්නේ.ආතල්නේ.අපිනේ..😁
එයා මුකුත් කිව්වෙ නෑ. මං හිමින් සැරේ දැම්ම මෙින්  ⁣ජාලයට.
දාල කටහඩත් වෙනස් කරල හිමීට...😁😁😁
*ටැල් ටැල් කිව්ව.
අම්මට සිරි බඩු වයින් උනා කොහොමද දන්නවද රිටෙන් ඇන්න වගේ.රිටෙන් ඇන්න වගෙ.😁😁
දැං එයා කම්පැනි වලට එකවර අමතනව.
ජාලෙ ඉන්න අයත් පිලිවෙලින් ඔිකේ කලා.
*කව්ද දැන් සෙට් එකේ කතාකලේ ඔිවර්.
කම්පැනි පහෙන්ම කතාකලේ නෑ කිව.
*ඔබලා සෙට් එකේ විහිලු කරනවද.නැත්තං විහිලුවකට අරන්ද ඔිවර්..මට ඇහුනනෙ දැං අනවශ්‍ය වචනයක් කතා කරනව.
කාරුත් සද්ද නෑ. කතාකලේම නෑ කිව්වා.
මං ගින්න නිමෙනකං ඉදල ආයෙත් පෙරසේම
*ටැල් ටැල් කිව්වා.😁😁😁
අප්පටසිරි කියහල්ලකො.. ආයෙත් අමු කොල මිටි සීයකට ගිනි තිබ්බ වගේ දුං දාන්න ගත්තා නෙට් එකේ.. ඒකත් පැය බාගයක් විතර.
*හෙලෝ ඔිල් ස්ටේසොං මං එකවරක් කිව්වා.මෙික මං ලේසියෙන් අරින්නෑ.සන්රේට දැන්මම රිපෝර්ට් කරනව.ලෑස්තිවෙලා ඉන්න මෙහෙට ඔක්කොම ඔපරේටර්ල හෙටම ගෙන්නනව. තේරුනාද..අම්මට සිරි අඩිය අගලට ගිනි අරං. කම්පැනිවලින් බාරගත්තෙත් නෑ.
ඒ අස්සෙ සී කණ්ඩායමෙි කෝප්‍රල් සජිත්වීර
*මටත් දෙපාරක්ම ඇහුනා සෙට් එකේ ටැල් ටැල් කියනව.කව්රු උනත් සෙට් එාක් විහිලු කරන්නෙපා ටැල් ටැල් කියල ඔිවර්.😁😁
කෝපල් සජිත්වීර එතනත් වෙනම අිතල් එකක් ගන්න හදනව
*සජිත්වීර ඔබත් මගෙන් අහගන්නද හදන්නෙ. ඔබලාගෙ තැන්වලිනුත් චෙක් කරන්න කව්ද කතාකලේ කියල ඔිවර්...කෝපල් කරූ කිව්වා.
එයාලත් එයාලගෙං එලියට සෙට් අරං ගිය අයට කතාකරනව. උංවත් කතා කලාද අහන්න.
ඒකත් නිවීගෙන යද්දි ආයෙත්.
*ටැල් ටැල්😁😁😁
මගේ හක්කත් පයින්න එනව ඔියි ආතල් එකට😁😁😁
ඒ පාරනං සීමාව ඉක්මවා ගියා..ඔක්කොම අමතර චැනල් එකකට අරං ඇමතුවා රාජකීය ඇමතිල්ලක් ⁣හරියට කොහොමද දන්නවද...කොරලවැල්ලෙ ගෑනුටික ඇවිස්සිලා⁣ වගෙ.😁😁 ටැල් ටැල් ගානවමයි  ඇහෙන්නෙ. අනික් ඔපරේටර්ලට මෙයා බනිනවා.මෙයාට අනික් ඔපරේටර්ල බනිනව.එකම ගිනිවිජ්ජුම්බරයයි ඒකෙ නිකන් බැනුම් අහන්න බෑ කියල.. මාත් ඔික ඔක්කොම අහං ඉදල අපේ චැනල් එකට ආව පටස් ගාල.මොකද ඊලඟ ඇම වෙන්නෙ අනිවා අපි සෙට් අරං ගිය හතර දෙනා. කිව්වත් වගේම විනාඩියක් ගියේ නෑ.

*ටූ නයින් ඇල්ෆා බ්‍රාවෝ චාලි ඇන් ඩෙල්ටා  සිග්නල් ඔිවර්.
*ටූ නයින් ඇල්ෆා ඔිකේ... මං ඔිකේ කලාට පස්සෙ පිලිවෙලින් අනික් අයත් ඔිකේ කලා.
*දැං කව්රු හරි අනික් නෙට්වර්ක් එකේ හිටියද ඔිවර්.
*ටු නයින් ඇල්ෆා මමනං ගියේ නෑ. ඔබ කිව්වෙ මෙික අහං ඉන්න කියලනෙ ඔිවර්.
අනික් අයත් නෑ කිව්වා.
*ඔක්කොම අමතර එකට එන්න ඔිවර්.
*අපිත් අපේ අමතර චැනල් එකට ආව.
එයා ආයි අපිට පටන් ගත්තා ටැල් ටැල් ගාල.
😁😁😁.
*ඔික ඉතින් ඔබ අපිට කියල වැඩක් නෑනෙ.ඒක කිව්ව කෙනාව හොයාගන එයාට කියන්න. මගේ පොයින්ට් එකෙන් එහෙම දෙයක් උනේ නෑ ඔිවර්.. කෝප්‍රල් පෙරේරා කිව්වා. එයා තමා ආපේ සීනියර් කෝපල්. එයා මෙයාට බැනල.චැනල් එකෙන් අයින් උනා.
*ටූ නයින් ඇල්ෆා. මාත් එහෙමයි. කියන්න වෙන දෙයක් නෑ ඔිවර්.
මාත් ටිකක් ලයින් එකකින් වගේ කිව්වා.
ඒක එතනින් ඉවර වුනා. මං ආයෙ මෙින් නෙට්වර්ක් එකට ගිහින්
*ටැල් ටැල් 😁😁
ගාල  සෙනිකව අපේ චැනල් එකට ඇවිත් ටිකක් වෙලා ඉදල මැච් එකට දැම්මා.

මැච් එක දිනුවට වැඩිය සංතෝසයි හලෝ...
ඒක😁😁😁

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.12

No comments:

Post a Comment