Monday, May 4, 2020

නච්චිකුඩා මඤ්ඤොක්කා කාපු හැටි

අපි ඒ වෙනකොට හිටියෙ නච්චිකුඩා ලයින් එකේ. හැමදාම අපිට කොටි ගහනව.කොටි අපිට ගහනව. ඔය වගේ මාස තුනකට ආසන්න කාලයක් අපි ඔතන හිටියා හිරවෙලා උන්ගෙ ලයින් එක කඩාගන්න බැරුව.මං මෙි වෙනකොට හිටියෙ 11ගැහේබ සී කණ්ඩායමෙි.
ඒ යුනිට් එකේ භඨ පිරිස් ඌනතාවය මත අපිව යැව්වා ඒ යුනිට් එකේ සී කණ්ඩායම නියෝජනය කරන්න. අපිත් ඉතින් ඒ යුනිට් එකේ ඉඳගෙන කරන්න පුලුවන් උප⁣රිම ආකාරයෙන් කැපවීමෙන් රාජකාරි කලා.
ඔය ඉන්න අතරෙ අපිට ආරන්චියක් ආව කොටි ලයින් එකෙන් කීප දෙනෙක් අපේ ලයින් එකට රිංගලා ඉන්නව. කිසිම හේතුවක් මත රෑකට කිසිවෙකුත් දැඩිපරීක්ෂාවකින් තොරව ලඟට ගන්න එපා කියල.. ඒ වෙනකොට මගේ අයිය කෙනෙකුත් මෙි ලයින් එකේ හිටියා.මගේ ලොකු අම්මගෙ ලොකුපුතා. එයා එක කමාන්ඩෝ රෙජිමෙින්තුවෙ. මං මෙයාව හම්බවෙන්න කීප අවස්ථාවක්ම ගියත් එක පාරක්වත් හම්බවෙන්න උනේ නෑ. ඩෙල්ටා ගෘප් එකට ගිහින් අහපු හැම දවසෙකම කිව්වෙ.. එයා නෑ..රෙකී ගියා.. අනිද්ද එන්නෙ.
එයා නෑ එල්ආර්ආර්පී ගියා..තාම නෑ. එයා ලයින් එක පැනල ඉන්නෙ එන දවසක් කියන්න බෑ..ඔන්න ඔය වගේ..මාත් එතකොට පෙළ අණදෙන්නෙක් විදියට තමා කටයුතු කලේ.
ඔහොම ඉන්න අතරෙ අපිට සීඕ(11GW) කිව්වා..ළමයි හෙට උදේ හතරයි දහයට ලයින් එක කඩනව.සූදානම් වෙලා ඉන්න කියල.මං එදා රෙකී පාටියක හිටියෙ.ඒක යන්න කිව්වා..ගිහින් පාන්දර තුන වෙනකොට ඇවිත් අදාල තැන ස්ථානගත වෙන්න කිව්වා.

මාත් මගේ ටීම් එක අරං උන්ගෙ ලයින් එකට මීටර විස්සක් තරම් කිට්ටු කලා.එතනින් එහාට යන්න බෑ.අපිට යන්න කිව්ව තැන විශාල කානුවක් තිබුනා.ඒකෙ වතුර පිරිල තිබුනු නිසයි යන්න බැරි වුනේ. අපි එතන පැයක් විතර ඉඳලා පස්සට ආව.තේරුමක් නැති නැති නිසා.මොකද අපිට යන්නත් බෑ.උන්ට එන්නත් බෑ. උන් කතාකරනව අපිට හොදට ඇහෙනව.
ඒ පොයින්ට් එකේ කෙල්ලො කොල්ලො දෙගොල්ලම හිටියා. අපිට මෙි අවස්ථාවල කරන්නම දෙයක් නැති තැනක ඇරෙන්න වෙඩි තියන්න අවසරයක් නෑ. අපි පිටිපස්සට ඇවිත් විශාල මුලක් ආවරණය කරගෙන ඉස්සරහ බලාගෙන හිටියා.
ඔය අතරෙ අපි දැක්කා තව දෙතුන් දෙනෙක් බඩගානව ඔය පොයින්ට් එක පැත්තට. මට ඒක දැකපු කුමාරසිරි කියල අලුත් කොල්ලෙක්
*කෝපල් කෝපල් ඉස්සරහ කව්රුහරි ඉන්නව.
*කෝ කෝ..කොතැනද.කොතනද.
 මාත් කලබල උනා.මොකද කොටිද අපේ උන්ද දන්නෑනෙ.අපේ ජීවිත හතරක් අවදානමෙි දාන්න බෑ.
මං අරූ කිව්ව තැන බලන්න බඩගාගෙන ඌ හිටපු තැනට ගියා. ඇත්ත තමා. හතර දෙනෙක්.බඩ ගානව.
මං ඉතා පරිස්සමට මගේ ටීම් එකත් අරගෙන පස්සට ආව. මීටර් සීයක් විතර වෙනකං.මොකද අපේ කට්ටියක්.අනිවාරයෙන්ම.මොකක් හරි සීන් එකක් එතන ගියොත් කොටි පැත්තක.අපි දෙගොල්ලට තමා මරාගන්න වෙන්නෙ.ඒ අවදානමෙන් මිදෙන්න ඔින නිසා මං පස්සට ඇවිත් සෙට් එකේ කිව්වා සීන් එක.
විනාඩි දහයක් විතර යනකොට අපිට නැවත සෙට්එකේ කිව්වා වෙඩිතියන්න එපා.
කමාන්ඩෝස්ලා ඉන්නෙ..ඔිගොල්ලො පස්සට එන්න කියල.
මං ඒ නියෝගයත් එක්ක ඇතුලටම ආව.
ආයෙ පාන්දර නියෝගයක් ආව අද ලයින් එකට ගහන්නෑ රිලැක්ස් වෙන්න කියල. මං ඒ වන්නි මෙහෙයුම ඉවරවෙනකම්ම හිටියෙ 58සේනාංකයෙ.
උදේ හතරට විතර අර ගියපු ටීම් එක ආව.
අපි හොදට බලාගෙන හිටියෙ එනකං.
බලනකොට මෙින් බොලේ අයියකාරය.
මට හිනාත් ගියා. මං කිව්වා අයිසෙ තවුසෙලා යනකොට අපි එතන හිටියෙ කියල.සම්පූර්ණ විස්තරෙත් කිව්වා. අපි එලිවෙනකං එතන කතාකර කර හිටියා. පාන්දර තේත් ආව ඒවත් බිව්වා.ඔන්න ඔහොමයි අයිය හම්බුනේ.
ඔහොම ඉන්න අතරේ මගේ ඇම්බුෂ් ටීම් එක නිදහස් කරන්න යුනිට් එකෙන් තව ටීම් එකක් ආව. මාත් හරිම දුකෙන් ආපහු ගියා.මොකද හමුදාවෙ ඉල්ලල යන්නෙත් නෑ ඉන්නෙත් නෑ මං කවදාවත්.
යුනිට් එකට ගියාට පස්සෙ මූලස්ථානෙ ඉන්න කිව්වා.. වෙන  ටීම් එකක් නිවාඩු යනකං පුරප්පාඩුවට එතනට යවන්න. අපිට ඔහෙ වතුර තිබ්බෙ නෑ.නාන්නත් නෑ තමා ඉතින්.ඒකට අපි ගොඩක් කැමැත්තෙන් හිටියෙ.නාන වැඩෙි අතෑරලම දැම්මා.
ඉතිං ඔහොම ඉන්න අතරෙ දෙන්නෙක් හෙන පත කෙසෙල් කැන් දෙකක් අරං ආවා.බාගෙට ඉදිලත් එක්ක.
මං ඇහුව කොහෙන්ද මචෝ බඩු කියල.
මයෙ අප්පේ... ආතල් පී භගවාන් තමා.එයා කිව්ව  මාර්ග සළකුණු ඔස්සේ ඇදී ඇදී ගියා..අපි තුන්දෙනෙක්.
අම්මට සිරි කියහල්ලකො...පට්ට කෙසෙල් හේනක්.උන්ගෙ ෆාම් එකක් ඒ.එක කොටසක කෝලිකුට්ටු,තව කොටසක ⁣සීනි කෙසෙල්.ආනමාලු ඇම්බුන්...මෙික දුටුවා විතරයි ඇස් දෙකෙනුත් එක්ක කෙල බෙිරෙන්න පටන් ගත්තා.
අපි ඉදුනු කෝලිකුට්ටු  කෙහෙල් කැනක්  කපාගෙන එතනම තියාගෙන කෑව.ආයෙ වට පිට බලනකොට ඇම්බුං කැන් පොකුරයි එතන.මොනාද හිතෝතුනි අතාරින්නද කියන්නෙ..විනාඩි දෙකයි අපිට ගියෙ.ඇම්බුං කැනෙත් ලෙලියි වහල්ලයි විතරයි ඉතුරු උනේ.. ඔහොම ආාය චුට්ටක් ඉස්සරහට ගියා.. පත නෙල්ලි ගහක් හිනාාා වෙනවා.නොදැක්කාසේ අහක බලා යන්නද කියන්නෙ.
ඒවනං සුම්මා මෙි කෝපල් ආරච්චිත් එක්ක.😁☺️😁☺️ ඔහොම පැයක් දෙකක් යනකොට
 පපුව රිදෙන්න වගේ ආවා. බඩ නිකන් ලයින් එකට මල්ටි බැරල් ගහනව වගේ උනා. කකුල් ඇඹරෙන්න ගත්තා. තුන් දෙනාටම එහෙමයි. ගත්තා වතුර බෝතලේ (අපි කොහේ ගියත් සන්නද්ධවම තමා යන්නෙ.නිදාගන්නෙත් ඒව අතේම තියාගෙන තමා) රිංගුව තුන් දෙනාම පදුරක් අස්සට.
*කෝඕඕඕඕපල් මුකෑ වෙන්නෙ..බ්රාස්..😁😁😁😁.(ගජනායකය අහනව.)
*ම්ම්ම්ම්ම්මුකූත්ත් න්න්න්න්නෑඈඈඈ.. අයිසේ..බ්රාාාස්😁😁.මං කියනව.
*ඒඒඒඒනාාාාංං කමාාාහ් නෑ...බ්රාස්..😁😁බංඩාරය.

වැඩෙි කරල ආව එලියට.බඩට මාර සනීපයි.
*කෝපල් තව කැනක් කපමුද..??
*තොට පිස්සුද යකෝ..මගෙ වතුර ⁣ඉවරයි.
*මං නයට එකක් දෙන්නං කපමුද??
*බෑ.බෑ. එහෙනං කන්නැතුව අරං යමන්..
අපි මුහුන දීල තිබුනු වතුර ගැටලුව නිසා අපි කැන් දෙකක් කපාගෙන බිලට් එකට අරං ආව.
අපිත් ඉතින් කයියක් ගහගෙන හිටියෙ ඔික බංකුවක් උඩ තියාගෙන. කයිය ඉවර වෙනකොට ලෙලියි බංඩාරවහල්ලයි විතරයි.මද නෑ.
ආයෙත් ටික වෙලාවක් යනකොට මයෙ අප්පේ අමර සැපක් නෙ දෙන්නෙ.බඩ. දැං ආයෙ වතුර පුරෝගත්තා... රිංගුව කැලේ..
*කෝඕඕඕඕපල්... ව්ව්ව්තුර ග්ග්ග්ගෙනෑවැයිඊඊඊ. බ්බ්බ්බ්රාආආආස්ස්ස්😁😁

*ඔව් හු&@%$@$තෝ  ඔිව්... රීකො යකෝ කටවහගෙන.රෙද්ද මෙතන..😁😁😁😁
*අපිත් ඉතින් පදුරු පදුරු අස්සෙ රිංගලා වැඩෙත් කරගෙන ආව.

ආයෙ හවස.
*කෝපල් යමුද මඤ්ඤොක්ක ගලවන්න.
*කොහෙද..
*අහවල් තැන තියෙන්නෙ.මං දන්නව පොට් එක යමුද.?
*බලහං ඉතින් උඹලට බෑ කියන්ඩත් බෑ.ඒකත් හරිනෑ..කමහ්නෑ යමුකො..⁣උඹලගෙන් බෙිරෙන්ඩම බෑනෙ අප්පා..😁😁😁
අපි ගිහින් කිලෝ විස්සක් විතර ගලෝගෙන ආව.ඇවිත් ⁣ඩිකිස් එකක් එහෙම හෝදල ඔක්කොම සුද්දකරල තැම්බුව. අතෑරල ගිය ගෙදරකින් කොච්චි අමුමිරිස් කඩාගෙන ඇවිත් පොලුත් ගාල හැදුව කොච්චි සම්බලේකුත්.බිලිනුත් දාල.
මයෙ අප්පුච්චෝ පැය බාගෙයක් ගියෙනෑ.කට්ටිය වට වුනා විතරයි දැක්කෙ.ඩිකිස් එකේ අඩිය විතරයි.
 කිව්වට විස්සාස කරන්ඩ පිංඔතුනි.. රෑ වෙනකොට අපි දහතුන් දෙනයි ඉස්පිටිතාලෙ.😁😁😁..
මොන යුද්දෙද... අප්පා.උණ හොඳටම.
.බඩ යනව එහෙං හෝ ගාල..එක පාරක් කෝලි කුට්ටු පාටිං යනව.අනික් පාර ඇම්බුං පාටිං යනව. රෑවෙනකොට මඤ්ඤොක්ක පාටිනුත් යන්න ගත්තා.අන්තිමෙි බිලිං නාරං නෙල්ලි අමු බන්ඩක්කා මෑ කරල් අමු වට්ටක්කා ගැට පාටිනුත් යන්න ගත්තා. 😪😪😪😥😥
දැං සේලයිනුත් දුන්න අපි ගියපු ඔක්කොටම.
ඇහුව..මොනාද කෑවෙ..කියල.බොරු කියන්නත් බෑනෙ පිංවතුනි.
⁣ඩොක්ටර් අහනව..
*මොනවද උදේට කෑවෙ.
*රතු බත් සර්..
*ඒවට ඔිෆ්ලෝ වෙන්නෑනෙ.වෙන මොනාහරි කෑවද??
*සර් අපි විසිට් එක යනකොට දැක්කා ඇම්බුං කෙසෙල් කැනක් ඉදිල තියෙනව.ඉතින් අපි ඔික කපල කෑව.
*ඊට පස්සෙ ටික දුරක් එනකොට ආයෙ කෝලිකුට්ටු කැනකුත් තියෙනව දැක්ක.
*දැක්ක විතරද.කෑවෙ නෑනෙ.
*කෑව..
*වෙන??(ඩොක්ටර් ඇස් පුංචි කරල කට අරින්නෙත් නැතුව නෝන්ඩියට හිනාවුනා.
*ආයෙ චූටි දුරක් එනකොට සුදු නෙල්ලි ගහක් තිබුනා..ඒකෙනුත් ටිකක් කෑව.
*තමුසෙල අදහන්නෙපෑ ඔියි. බඩෙි ඉඩතුබුනද.ඔච්චර??
* ටිකයි කෑවෙ සර්.
*එච්චරද..
*මඤ්ඤොක්කා .කෑව සර්..මං එකපාරටම කිව්වා. අනික්වා කියනනගියේනෑ.කිව්වනං එවෙලෙම ගහල එලෝනව.
*ඒ පාරනං ඩොක්ටට විතරක් නෙමෙි..ඔක්කොටම හිනා ගියා..
*මං කියන්නද.ආයෙ සතියකට කන්නැතුව ඉන්න.එතකොට ඔික අඩුවෙලා යයි.
*මං අමාරුවෙන් හ්ම්ම් කිව්වා.
ඊටපස්සෙ අපිව එම්ඩීඑස් එකේ වෝඩ් එකට දාල සේලයින් දුන්නා. උණ බැස්සෙම නෑ.දවස් තුනක් ඉඳල හොදවුකාට පස්සෙ ආයෙ ආව.
අසනීප උනා කියල කෙහෙල්කැන් මඤ්ඤොක්කා දිහා බලාගෙන නිකං ඉන්නද හිතොතුනි කියන්නෙ.??
ආව දවසෙනං මුකුත් කෑවෙනෑ. පහුවදා අධිමාත්‍රාවඅතෑරලා මධ්‍යම පතිපදාවෙන් ආයෙ වැඩෙි පටන් ගත්තා..පහුවදා කෙහෙල් කෑව.
නතිං අවුල් වියවුල්.
පහුවදා බිලිං, පැනිදොඩං, නාරංද සිදරංද මන්දා ඒවයි කෙසෙලුයි.. අවුලක්ම නෑ.
ඊට පස්සෙන්දා.. අමු බන්ඩක්කා තක්කාලි කෙසෙල් මෑ කරල්. හවස ටිකක් බඩ රිදුනා.ඒත් අවුලක් නෑ. රෑම වෙලා වට්ටක්කා තැම්බුව.
ඊට පහුවද කුස්සියෙන් කුකුලෙක් ඉස්සුවා..හොද්ද ගැහුවා..මයියොක්කා තැම්බුවා..ආන්න අවුල..
මං ලෙඩෙි හොයා ගත්තා. මඤ්ඤොක්කා කෑවොත් අවුල්..
නැවත ඉස්පිටිතාලෙ.
අර ඩොක්ටමයි හිටියෙ.කැප්ටන් ප්‍රනාන්දු..
ආයෙ මොකද.වත්තම සුද්දකරලද ආවෙ??
නෑ සර්..මංඤොක්කා විතරයි කෑවෙ.බෙිතුත් නියම කලා.ඩොක්ටර් ඒ ගමනුත් කල්පනා කරල ආයෙ ටිකක් කල්පනා කලා. කරලා මගෙන් තැන අහගෙන ඇම්බියුලන්ස් එක යවල මංඤොක්කා පදුරු දෙක තුනක් ගලෝගෙන ආව. ගස් පිටිංම.
මාත් දැං ඉස්සරහ පුටුවෙ වාඩිවෙලා.
සර්රුත් ආව.කැඩුව අලයක්.කඩල හොදල ලෙලි ඇරල අරං එන්න කිව්වා.
අරගෙනත් ආව.මෙින් නර්ස්සුත් ගෙන්නගෙන චෙක් කලා.ආයෙ මොකද්ද මංදා කරලත් චෙක් කලා.
ඒ වෙලාවෙම ඩොක්ටර් 58සේනාංකයේ හැ⁣ම කඳවුරටම මෙසේජ් එකක් යැව්වා ප්‍රදේශයේ ඇති මඤ්ඤොක්කාවල පිටි ස්වභාවය සහ තවත් මොනාද අධික බැවින් ආහාරයට ගැනීම සපුරා තහනම් කරල.
අන්න අවුල..ඒ වෙනකොටත් ඔිව කාල තුන් හතර දෙනෙක් ඇඩ්මිට්වෙලා හිටියත් උං බයට කියල නෑ.මං ඉතින් ඇත්තම කිව්ව.ලෙජ්ජ වෙලා වැඩක් තියෙනවායැ.
එතැනින් පස්සෙ මුලු ලයින් එකටම මඤ්ඤොක්කා සම්පුර්ණවත් කෙසෙල් අධිකවත් ආහාරයට ගන්න තහනං උනා.
මාවත් ⁣බෙඩ් රෙස්ට් කරන්න දින තුනක් දීල ඉස්පිටිතාලෙන් ඩිස්චාර්ජ් කරල එව්වා.
දවසයි කිව්ව විදියට ඉන්නවුනේ.
ඔහොම ඉන්නකොට එකෙක් කිව්වා යන්ද පාම් එක පැත්තෙ මචං.(ඒ අනික් ටීම් එකේ සෙක්ෂන් කමාන්ඩර්.)
මම ගියා..මගෙ ආදරණීය යාලුවනේ.. ඒ පෙරේත කමකට ⁣එහෙම නෙමෙි.අනිකා තනියෙන් යවන්න බැරි හිංදයි මාත් ගියේ.

අපි පාම් එකට ගිහින් කරත්ත කොලොප්පං අඹ පැනි දොඩං,තුඹ කරවිල ඉරිඟු අම්මට සිරි වෙන්ඩ, උස්සං එන්ඩ පුලුවන් තරමක් කඩාගෙන ආව..පෝර උර දෙකක් පිරෙන්න.
ඒත් මං අධිමාත්‍රාවට ගියෙනෑ.මධ්‍යම පතිපදාවෙන් විතරක් රහ බැලුව..හිතෝතුනි.
හරිනෑනෙ.
මොකද ආයෙ අසනීප උනොත් ඇදුමක් ඇදන් ඉස්පිටිතාලෙ යන්න කියලද.ගියොත් ඉතිං බඩුම තමා ආයෙ. කෙලින්ම චාජ් ෂීට්..
ඔය පාම් එකේ තිබුනා දුංකල අක්කර ගානක හේනක්. අපි යනකොට සරුසාරෙට වැවිල.ආසාවෙි දුකේ බෑ.සතිදෙකෙං පාම් එක ඉවරයි.මාසෙයක් යනකොට දුංකල ගස්වල කඳ බටෙි වතරයි.
කොල නෑ.ඒවට මොකද වුනේ  කියලනං අහන්ඩෙපා.හරි නෑනෙ.ඒව නව සොයා ගැනීම්.😁😁☺️☺️☺️☺️

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.21

No comments:

Post a Comment