Friday, May 22, 2020

ජීවන් කරු


මෙි කතාවටනං මං සම්බන්ධ නූනත් කියන්නම ඔින එකක් කියල හිතුනා. මොකද මං නැතත්  පෙළභාර කෝපල් කෙනෙක්ගෙ වික්‍රමාන්විතයක් නිසා හා එදා ඉඳන්ම මාගේ විනෝදාංශයක්වු ලිවීම හේතුවෙන් පිටු දෙසීයේ සීආර් පොත් ගානක සටහන් වුනු විශේෂ සිදුවීම් එකතුවෙහි තිබුනු තවත් එක් විශේෂ කතාවක් නිසා.
මෙික වුනේ මීයන්කුලම්වලදි. අපේ තියෙනව දිවාමුරයක්. මෙි දිවාමුරය පිටුපස  60MM ⁣මෝටාර් අවි ස්ථානගත කොට ඇති හෙයින් මෙම දිවාමුරයේ රාජකාරි නියුතු තිදෙනා ඔටෝම  ඒ අවි තුනේ "බඩී" එහෙමත් නැත්තං සහායකයන් විදියට පත්වෙනව. මෙතන තිබුනු අවි තුනේ බෝම්බ තිබුනේත් මෙි  බංකරේ. ඒ ගනනින් එකසිය විස්සක්.
උදේට මීයන්කුලම් සිට දෙපැත්තට ⁣මාර්ගය පරීක්ෂා කරද්දි ඒ අයගේ සහයට මෙි මෝටාර් ගන් තුනත් සෙක්ටර් ටූ එකේ ස්ථානගත කර ඇති  මෝටාර් තුනමත් ක්‍රියාකරවන්නනුත් සමග දිවාමුරයේ තිදෙනාමත් ස්ටෑන්ඩ්බයි වෙලා තමා ඉන්න ඔින. ඒ වගේම තමා රෑටත්. රෑ එලිවෙනතුරු  ඔිනෑම මොහොතක ප්‍රහාරයක් එල්ලවුනොත් සහෝදර සෙබළුන්ගේ සහයට මෝටාර් උන්ඩ පතිත කරවීමටත් ඔවුන් අප කෙරෙහි තබන විශ්වාසයත් සීයට සීයක් රැකගත යුතු නිසාත් ඒකට සූදානම් ශරීරෙන් ඉන්න ඔින.
ඔහොම ඉද්දි මෙි දවසෙ අපිට  අමරසැපක් සෙට්වුනා. කොටින්ම කිව්වොත් කනේ හිටං සැප ඉතින්.
මෙි කියන කෝපල් එදා  ඇම්බුෂ් එකක් ගියා. ඒ රනිල් මාමිගේ සාමකාලෙ එන්න ඔන්න මෙන්න අත දිග හරියෙ තිබුනෙ. ඒක හෙට නැත්තං අනිද්දා වගෙ. ඒත් මෙි දව⁣ස වෙද්දිත් යුද්ධයම මිසක් සාමයක් තිබුන්නෑ. තාම තිබුනෙ කඹ ඇදිල්ල විතරයි.
ඒ ඇම්බුෂ් එකට හේතුවුනේ කරුණා වෙනුවට නැගෙනහිර භාරගන්න ජීවන්" එන කතාවක් අපේ බුද්ධි අංශ රේඩියෝ තරංග ඔස්සේ මොනිටර් වී තිබුනු  නිසා.
අර ඉහත නම සඳහන් කල නිසා මෙි පෙලභාර කෝප්‍රල්ව "කරු" කියන අන්වර්ථනාමයකිනුත් මෝටාර් භාරව සිටි සැරයන් "සුනිල්" යන නමිනුත් හදුන්වන්නම්.
මීට කලින් දවසක  මට හිතුනා සැරයන් සුනිල් අල්ලගෙන මෙි මෝටාර්  අවි භාවිතය ගැන ටිකක් අහල ඉගෙන ගන්න ඔින කියල.ඒකට හේතුවුනේ ඔිනම සිදුවීමක කොටස්කාරයෙක් වීමට මට තිබූ ඇම්මත් හා අන් කව්රුත් නොකරන දෙයක් කර ඒක අත්හදා බැලීමට තිබූ උනත් නිසා.  මං ඒක දවසක්  සැරයන්ට කීවම ඒකට සැරයන් මට වෙලාවක් දීල කිව්වා පොතකුයි පෑනකුයි පැන්සලකුයි අඩිරූලකුයි අරං හෙට උදේ නවයට ලෑස්තිවෙන්න කියල. එදා පැය ගානක්ම යුනිෆෝම් දාඩියෙන් තෙත් වෙනකං මාත් මුතුකුඩත් දෙන්න මෝටාර් පෙරහුරුවක් ලැබුවා. (මුතුකුඩ මගේ බැජියෙක්.ඌට තිබ්බෙ යුධ උනක්) ඒක සැලකියයුතු මට්ටමක පුහුණුවක්. අපි කලේ නැත්තෙ මෝටාර් වෙඩි තිබ්බෙ නැති එක විතරයි. ඉල්ලක්කපත් ගැනීම සහ සැකසීම, ඉලක්කයට අවි සූදානම් කිරිම,සුදුසු භූමියක් තෝරාගන්න හැටි ආදිය අපි හොදට ඉගෙන ගත්තා. මෙි සැරයන් අවි සම්බන්ධ නිපුනයෙක්. කෑලි කෑලි වලට ගලවල ඔිනම අවියක් දියං, විනාඩියෙන් ඒක සවි කරලා ඉලක්කයකුත් අරන් වෙඩිත් තැබීමෙි හැකියාවක් මෙයාට තියෙනව. කතාවටත් කියන්නෙ ඔිනම අවියක් එයාගෙ බඩෙිත් තියෙනව කියල. හමුදාවෙ ගුරුමුෂ්ඨි නෑ. හංගගෙන කරල ලකුණු දාගන්න ඒව නෑ. තව එකෙක් ඉස්සරහට එයි කියල ඉරිසියාවක් වගේම තමන් දන්නවා කියන මහන්තත්තකමත් නෑ. නොදන්නා එකාට දන්න දේ උපරිමෙන්ම දෙනවා වගේම එයත් නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් හරි අහල කියාදෙනව. මෙිවන විට අපෙත් වලිග කපල අලුගසාදාල ඇවිත් ටිකක් "සීනියර්" වෙලා හිටිය කාලෙ.
අපිට ඉහල නිළ කියාදීල තිබුනෙත් නොදන්න දේ දන්න කෙනෙක්ගෙ මොලේටම අතදාල හරි කමක් නෑ අරගනින් කියල. අපිත් මෙි ඒකකයේ දෙවෙනි බැච් එක උනත් පළවෙනි බැච් එකට අපි ගොඩක් ආදරය කලා. ඒ ගොල්ලොත් අපිට එක්කුසේ උපන් සහෝදරයන්ට වගේ ආදරෙන් සැලකුවා.(ගුටි ඇනගත්තුවා,බැනගත්තුවා,පනිස්මන් දෙන ඒවා ඉතින් ඔිනම පවුලකත් වෙනවනෙ😁😁😁) එහෙම ආදරය කරන්න හේතුව මහ යුද්දෙකුත් ඉවර කරල  හමුදාවෙන් විශ්‍රාමත් එන්න තරං අපි වාසනාවන්ත උනේ ඔවුන් නිසා. එයාල ජොබ් එක හරියට කියා දීපු නිසා.කතාව දික්ගැස්සුනා නේහ්😁😁.

ඉතින් මෙි සිද්දිය වුන දා මාර්ග ආරක්ෂක මුරයට හානියක් නොවුනත් එදා හවස ඇම්බුෂ්එකට අධි අවදානමක් තිබුනා. ඒකට හේතුව අපි ප්‍රහාරයක් බලාපොරොත්තු උනේ උදේ. ඒ බුද්දි තොරතුරු අනුව. නමුත් එහෙම දෙයක් වුන් නැති නිසා නිළධාරි අණදෙන තුමා හවස තීරණය කරලා තිබුනා රැකසිට පහරදීමක් ස්ථානගත කරන්න.
ඒ අරයා ආවොත් ක්‍රොස් කරන තැනට දන්සැලක් දෙන්න.
සවස පහට එයාලා කඳවුරෙන් පිටවුනා. වෙනදාට වඩා පතුරම් බෝම්බ සහ ක්ලේමෝද, මැෂින් ගන් දෙකක්ද අවශ්‍යතාවය අනුව රැගෙන යන්න ඔවුන්ට උපදෙස් ලැබී තිබුනා. එහෙම උනේ සංවිදානෙ අය එනව කියල තිබුනෙ විස්සක විතර පිරිසක්. නමුත් කෝකටත් තෛලය කියල පනහකට සීයකට කෑම දෙන්න තරමෙි සූදානමක අරමුනක් ඔවුන්ට ලබාදී තිබුනා. නමුත් සීයක් ආවත් බහින්නෙ නමයයි.(ඒ දවස්වල එයිට් මෑන් ටීම් සංකල්පය අපි අතර එච්චර ප්‍රචලිතව තිබුන්නෑ.)
සවස එයාලා පිටත් වෙන්න කලියෙන් හතරට විතර මටත් මුතුකුඩටත් සැරයන් පනිවිඩයක් එවා තිබුනා ඉක්මනින් ඇවිත් හම්බ වෙන්න කියල.අපි දෙන්නගෙන් මං විතරයි කඳවුරේ හිටියෙ. ඉතින් ගිහින් සැරයන්ව හමුවුනා.
*කෝ මුත්තා?
* ඔිපී ඉන්නෙ  සාජන් මං කිව්වා
සැරයන් වහාම ඔිසී හමුවෙලා එයාගෙ අවසරය මත වෙන කෙනෙක් එතනට යවල මුත්තාව ඇතුලට ගෙන්නගත්තා.
අපි දෙන්නට සැරයන්ගෙන් උපදෙස්..*
*ආරච්චි,මුතුකුඩ, පහට කෝපල් කරු එලියට යනව.තත්තෙ ගැන පස්සෙ කියන්නං.දැන්ම අනික් දෙන්නත් අරගෙන ගිහින් මෝටාර් තුන රෙඩි කරන්න ඔින. අනික් සෙක්ෂන් එකත් ගිහින්ද බලල ගිහින් නැත්තං දැන්ම යන්න කියන්න.පැහැදිලිද.
*ඔි සාජන්..
අපි දෙන්නා අනෙක් සහායකයන් දෙන්නත් අරගෙන ගිහින් මෝටාර් තුනම ස්ටෑන්ඩ් බයි කලා. අමුතුවෙන්ම ගන් තුනත් පොලවත් පරීක්ෂා කරා.(චූටි හරි බුලක් වැදිල තිබ්බොත් වෙඩිකාල මැරෙන එක සැපයි😁😁😁)
අපි බෝම්බ පෙට්ටි ටික දඩ බඩ ගාල එලියට අරගෙන බෝම්බ විස්සක් විතර එලියෙන් තියල චාජර් පෙට්ටියත් එලියට අරන් ඇරල තිබ්බා.
අහස වට පිටාවත් මුල ඉදන්ම පරික්ෂා කලා. ඒ අපිට දවස්ගානක්තිස්සෙ  දුන්නු පුහුනුවේදී සැරයන් කියාදුන්නු දේවල්. මෙිකට අපි දෙන්නාවම ගන්න හේතුව උනෙත් කැමැත්තෙන්ම මෝටාර් පිලිබඳ ඉගෙන ගෙන පුහුණුවීම් පවා කරල තිබුනු නිසා.
විනාඩි තිහක් යනකොට සැරයන් ඇවිත් ආයෙත් මුලඉදන්ම අපි කරපුවා එයත් කලා. කිසිම අවුලක් තිබුනෙ නෑ.
*බෝම හොඳයි කියල දෙපාරක් සැරයන් ෆුෂ්...ෆුෂ්
ගාල නහයෙන් පිම්බා.
මෙි සැරයන් අම්බානක සිගරට් බොනවා, දවසකට පැකට් එකකට වැඩිය . ඒ හිංද හැම තිස්සෙම සෙම.ඒක සමනය කරන්නෙ ෆුෂ් ෆුෂ් ගාල පිබල. (හරියට කරත්තෙ බැදපු මී හරකෙක් වගේ😁😁😁) වචනයක් කතා කලොත් තැන නොතැන අදාල නෑ... ෆුෂ් ෆුෂ්...😁😁😁
ටික වෙලාවක් යද්දි කැඳවුමක් ඔිසීගෙන්.
අපි සියල්ලොමත් ඇම්බුෂ් එකත් ගියා නියෝග උපදෙස් ගන්න.
එතනදි ඔිසී කිව්ව විදියටනං මෙික ලේසි පාසු ගේමක් නෙමෙයි.ඇම්බුෂ් එකට  යන අය ආපහු එන එකත් සුවර් නෑ මෙයා කිව්ව තාලෙට. ඒ තරම් අනතුරුදායකයි. වාලච්චෙින කාතු ගන් ඔක්කෝමත් ස්ටෑන්ඩ්බයි කරල තියෙන්නෙ කිව්වා. එවිට කෝපල් කරු.;
*සර්. බුදුබව අත්වෙයි ආටිනං ගහන්ඩ එපා කියන්ඩ.අපි කොහොමහරි බෙිරිල එන්නං..😁😁😁😁(ඒකට හේතුව ආටි කෙනෙක්ගෙන්ම අහගන්න එකයි ඇත්තෙ😊😊😊😊)
*ඒ වුනාට එහෙම බෑනෙ කෝපල් මට ටාගට් එකට වඩා උඹලව නැතිකරගන්න බෑ.ඒ හිංද මගෙ වගකීම උඹලව ආරක්ෂිතව ආපහු ගෙන්න ගන්න එක. විශේෂයෙන් මෙි  ඇම්බුෂ් එක වැදගත්ම එකක්.. කෝපල් කරු කටපියාගත්තා.
අපිටත් එතැනදිම අවශ්‍ය උපදෙස් ලැබුනට පසුව ගුවන්විදුලි යන්ත්‍රයකුත් අරගෙනම අපි මෝටාර් පිච් එකට ආව.
කට්ටිය විසිරිලා ගියා. කියන්න අමතකඋනා..මෙි ඇම්බුෂ් එකේ ගෙම්බොත් එක්ක කතාකරපු "එරික්" හිටියා ඈ.
පහට පිටත්වෙලා  අධියර තුනකින් තමා මෙි යන අය ස්ථානගත වෙන්නෙ. අනික් මෝටාර් තුනේ අය ඒ ස්ථාන දෙකකටත් අපිට එක් ස්ථානයකටත් පලමුව ඉලක්කපත් සකසන්න කිව්වා. සවස හතට සියලුම මෝටාර්, ඇම්බුෂ් එක කිට්ටුව වටෙිට ඉලක්කපත් සකසන්න උපදෙස් ලැබුනා. අපි ඒ උපදෙස් අනුව ඉලක්ක පත් සැකසුවත් සැරයන් සතුරා එන පාර යැයි සැලකෙන එක් ස්ථානයකට එක් මෝටාරයක් ඉලක්ක කලා.
ඊට අමතරව අතිරේක භඨ පිරිසක් හවස මුලස්ථානෙන් ගෙන්නගත්තු යුනිකෝන් එකට දාල තිබුනා. ඔවුන් යුනිකෝන් එක අසලම පාරෙත්,අපි මෝටාර් ගන් තියෙන තැන්වලමත් සූදානමින් සිටියා. මෙික හරියට කිලිනොච්චි අල්ලනව වගෙ වැඩක්. එයට හේතුව ඉතාම වැදගත් ඉලක්කයක් අත්පත්කර ගැනීම සහ ඒ ටාගට් එකත් එක්ක ගමන් කරන්නේ සුලුපටු අය හා පිරිසක් නොවීම. අනෙක ඒ සමග එතැයි අනුමාන කල විශාල පිරිස සහ ඒ විශාල පිරිසට මුහුන දෙන්න ගිය අපේ වැඩකාරයින්ම නවදෙනෙක්.
මෙි ගිය අය ගැනත් හැදින්විමක් කලොත් හොදයි කියල හිතුනා. මොකද ඔවුන් රට වෙනුවෙන් කල දේවල් කවදාවත් අපි අතර මිසක් එලියට ආවෙ නෑ. මෙහෙම හරි අගය කරනවා හොදයි කියල හිතුනා.
කෝපල් කරු (RSP) කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් තුන්දෙනෙක් එක්ක ගිහින් එල්ටීටීඊ පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.
අනිකා එම්පීඑම්ජී එක භාර  වන්නිනායක (RWPපදක්කම සහ RSP සංධාර ,)
මගෙ බැජියා. එකපාරක් වව්නතිව් අපේ කට්ටියක් ටෙරාට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව  බෙිරගත්තු ජාත්‍යන්තර පොරක්. (මෙිකට විරුද්ධ පැත්තෙන් තවත් ඇම්බුෂ් ටීම් එකක් සහයට හිටියා.නමුත් මූනට මූන මෙයා ගේම ප්ලේ කලේ කියල ඇසින් දුටු සාක්ෂි තියෙනව)අපි ආදරේට කියන්නෙ වල් එස්එෆ් කියල. (ඇඟ තනිකරම ආනෝල්ඩ් වගෙ.ඉස්සර ඉඳන්ම කුඹුරු කරල තියෙන නිසා)
අනික් එම්පීඑම්ජීඑක එරික්. එයා මැරුනත් හිනාවෙලා මැරෙන ජාතියේ අංගුට්ටෙක්. 😁😁😁
ගෙම්බො හරි කමක්නෑ ආතල් ගන්න තියෙනවනම්. එයා කෝපල් කරුගෙ බැජී. එම්පීඑම්ජි එක ටී පනස් හයට වඩා මෙයාට ලේසියිලු කියල ඒක පර්මනන්ට් කරගෙන නන්දිකඩාල්වලින් තමා ඒක බිමින් තිබ්බෙ. සුපිරි චරිතයක්. කෑමක් කිව්වොත් පස් හරි කමක් නෑ තැම්බෙනවනං. ඇහැරිල ඉන්න දෙයියෙක්. එලියට ගියොත් මලාට ඇස් පියවන්නෑ. සමහරදාට අපිත් එයා එක්ක එලියට යන්න වැටුනම අපිට ටිකක් බයනැතුව ඇහැ එහෙම පියව ගන්න පුලුවන්.
අනෙක් අය අපේ බැජ්එකට බැජ් දෙකකට විතර පස්සෙ.ඒ අය ගැන වැඩිය දන්නැති උනත් මලාට බයවුන්නං නෙවෙයි.(එයාලා පස්සෙ අපේ කන්ඩායමට ආපු අය) මොකද කතාබහෙන් උනත් කාටවත් දෙවෙනි වෙන ජාතියෙ උන් නෙවෙයි. ඒ අයගෙනුත් හේරත් මීට පෙර කඳවුරට එල්ලකල ත්‍රස්ථප්‍රහාරයකදි වෙඩි වරුසාවක් මැද්දෙ මෙින් ගේට් දෙකටම ක්ලේමෝ හතරගානෙ සෙට්කරල පුලුරවන්න ගේම් ගහපු පොරක්. (එදා අපේ කඳවුර ඇතුලටම ටෙරා එන්න දැගලුව)
කතාවට යමුකො.
රෑ හතට අපි කාල බීල ස්ටෑන්ඩ්බයි උනා. එක තත්පරයක් ඇහැ පියවන් නැතුව සැරයනුත් අපිත් දිවාමුරයේ අයත් ඉදගෙන කයිය ගගහ හිටියා ගෙනාපු සෙට් එකත් අහගෙන.  ඒ අස්සෙ අපි හිමීට හිමීට සිංදුත් කිව්වා. රෑ එකොලහයි හතලිහයි. එකපාරටම සෙට් එක දෙපාරක් ප්‍රෙශ් කරන සද්දෙ ඇහුනා.ඒ ඇම්බුෂ් එකේ පෙර දැනුම් දීම. ඒකෙන් කියන්නෙ බඩු එන සද්දෙ ඇහිල අපේ අයට. ඒත් එක්කම සංඥා මැදිරියෙන් එකෙක් අපිට ඇහෙන්න හයියෙන් "සිස්ටි ස්ටැම්බායි" කියල කෑගැහුව. ඒ කියන්නෙ ඊලඟ විනාඩිය බඩුම තමා.
අපි දඩස්ගාල නැගිටල මෝටාර් ගාවින් දණගහගත්තා. මගේ ඔරලෝසුවෙන්  එකොලහයි හතලිස් අටට ලඟ ලඟම වෙලාවල් දෙකකදි  ඉස්සෙල්ලාම ක්ලෝමෝ දෙකක් බ්ලාස්ට් උනා. ඒත් උන් වෙඩි තියන සද්දෙ විතරයි ඇහුනෙ.අපේ සද්දෙ ඇහුන්නෑ.හිතන්න වෙලාවක් නොතබාම  ආයෙත් ක්ලේමෝ එකක් ගිඩ්ඩ්ඩ්ඩ්ඩීඊඊඊරියාංංං ගාල පිපිරුවා. ආයෙත් දෙකක් ලග ලගම පිපිරුවා.ක්ලෝමෝ අටක් අරංගියත් බ්ලාස්ට් වුනේ පහක් විතරයි. ඒත් එක්කම එකපාරටම හිතන්නවත් වෙලාවක් නැතුව අපේ අයගෙ ෆයර් එක ආරම්භ උනා. ඒක විනාඩි දහයක් විතර තිබුනා.ඒත් එක්කම ඔිසී (සිස්ටි පිකාප්) කිව්වා. ටහුඩු.
අරෙහෙන් ෆයර් එක දෙනවා දුංලයිස් දුන්තරලයිස් වෙන්ඩ.ඒ වෙඩි සද්දෙත් එක්ක හෙන ඇම්මක් අපේ ඇගටත් ආව.මෙහෙන් සිස්ටි පිකප් වෙන"චිකුං  බුම්" සද්දෙයි ඒව හුලං කපාගෙන යන "සල සල" සද්දෙයි එහෙ ගිහිං වැටිල පුපුරන  ද්ද්ද්රාආආංංං සද්දෙයි එක්ක කොහොමද එම්පිඑම්ජි මැෂින්ගන් දෙකකයි ටී පනස් හය අපේ ටිකයි උංගෙ ටිකයි පත්තුවෙන සද්දෙ කං පුරා ඇහෙනකොට. ඇඟ හීතල වෙනව නෙහ්?
ඒක වචනයට පෙරලන්න පවා අමාරු අමුතු හැඟීම් සමුදායක් මගේ හිතෝතුනි. ඒකෙ ආතල් එක ගන්න ඒ දවස්වල හමුදාවෙ ඉන්නම ඔින.
අපිත් ඒ අස්සෙ ඇරියෙ නෑ.සිස්ටි ඉල්ලන ඉල්ලන තැන්වලට ඉල්ලන ඉල්ලන තැන්වලට දුන්නා.
ඒක ඇඟ හිරිවැටෙන මතක් වෙද්දි ඇස්දෙකෙන් කඳුලු වැටෙන ආඩම්බරය නහරක් නහරක් ගානෙ දුවන ජාතියේ විස්මිත ප්‍රහාරයක්. ආයෙත් විනාඩි පහලොකවක් විතර යද්දි වාලච්චෙිනෙ කාතු බලඝණයට ඇම්ම හැදුනා.ඒවත් දහයක් විතර "සලස් සලස්"ගගා පාවෙලා එන සද්දෙට අපිට සිස්ටිත් දාල දුවන්න හිතුනා. ආටිනේ.ඒතරමට සුවර්නේ😁😁😁😊😊.
ඒත් එක්කම සෙට් එකෙන් ඇම්බුෂ් එකේ අය සිස්ටි හෝල්ට් කලා.ඒ ගමන්ම සෙට්එක උදුරගත්තු සාජන්
*නැගිටින්ඩෙපා නැගිටින්ඩෙපා  තව බඩු දොලහක් උඩෝ කියල කෑගැහුවා. කොහොමද සාජන්ගෙ වැඩ.ඒ වෙනකොට අපි වෙඩිතිබ්බ ඒත් තාම මග අහසෙ ගමන් කරන මෝටාර් ගානත් කිව්වා.ඒව මීටරෙන් නාඩියෙන් කරන වැඩ. සාජන් හරියටම ගැනල අන්තිම එක බ්ලාස්ට් වෙච්චිගමන් සිස්ටි හෝල්ට් කරා කිව්වට පස්සෙ තමා අරුන්දැල නැගිටින්නෙ.අපේ අත් වැඩ කලේ මැෂින්වගේ. සාජන් සියල්ල පිටිපස්සෙ ඉඳන් බලාගෙන හිටියෙ. කෝපල් රත්නායක  තමා මං හිටපු ගන්එකේ බෝම්බ ගැහුවෙ. මාත් ඒ අස්සෙ සාජන්ගෙ උපදෙස් මත බෝම්බ දහයක් විතර ගැහුව.බය ඇරෙන්න.
එක දිගටම ආටි දහයක් විතර ගහල නවත්තල පැරා එකක් ගැහුව. පැරා කියන්නෙ රෑට  එලිය විහිදුවන පැරිෂුටයක ආදාරයෙන් අහසෙ පාවෙන බෝම්බයක්.ඒක බ්ලාස්ට් වෙන්නෙ අහසෙ.ඒ බෝම්බෙ දැල්වෙන නයිට්‍රජන්ද මොනාද මන්ද ඇවිලෙනකොට පලාතම ඉරක් පෑව්ව වගේ එලිය වැටෙනව. රෝසම රෝස පාටයි.
දැං එකින් එක පැරා ගහනව. මුලින් ඇහිච්චි ෆයර් එක එන්න එන්නම අඩුවුනා. ආයෙ එකපාරටම ෆයර් එක පටන් ගත්තා.මෙි වෙනකොට යුනිකෝන් එක ඒ කිට්ටුව. ෆයර් එක පටන් අරන් විනාඩි පහෙන් යුනිකෝන් එක කෑගහගෙන ඉගිල්ලිලා ගියේ.
ආයෙ ෆයර් එක.ආයෙ නවතිනව.හිටපු ගමන් අවි දෙකතුනක් පත්තු වෙන සද්දෙ.ආයෙ කිසිම සද්දෙයක් නැ.ඔහොම විනාඩි දහයක් විතර ගියාම සෙට්එකෙන් ටාගට් වගේකට ආටි ඉල්ලුව. ඒ හරිය අපේ රේන්ජ් එකේ නෑ. ඒත් එක්කම ආයෙ ආටි දහයක් විතර ගැහුවා.පැරා බඩු වැඩ. පලමු ෆයර් එකෙන් පැයකට විතර පස්සෙ අපේ කඳවුරේ  අය එතනට ගියා. මං මෙච්චර වෙලා කිව්වෙ ෆයර් එක ගැනනෙ. ඒත් හිතේ බය තිබුනෙ අපේ අයට වෙච්චි හානිය ගැන දැනගන්නකං. ඉවසීමක් නැ මොකද වුනේ කියල.සෙට්එකේ අහන්නත් බෑ.සදාචාරයට පටහැනි හිංද. අපේ වුනුත් සෙට් එකේ කෑගහනව හුට පට හුටපට ගාල.
පැය දෙකකට විතර පස්සෙ ඒරියා එකම ක්ලියර් කරල කට්ටියක් ඇතුලට එන්න ආව. ආරක්ෂිතව අපේ ඒරියා එකට කට්ටිය ඇතුල්වුනාම අපි දුවල ගියා ගේට්ටුව ගාවට. වීරයන් පිලිගන්න. ඇම්බුෂ් එකයි ගියපු අයගෙනුයි බාගෙයක් ආවෙ නෑ. ටික දෙනයි ආවෙ. එයාලගෙනුත් විස්තරයක් ගන්න බෑ. සැරයන් හිනාවෙවි අපි ඉන්න තැනට ආව.මොකෝ මොකේ සාජන් කියල කෝපල් කෙනෙක් ඇහුව.
*කරුව ගේම ගහල බං සුපිරියට.ඒත් හරියටම විස්තරයක් නෑ තාම.
ආයෙ ටික වෙලාවක් යනකොට කට්ටියම ආපහු ආව. කෝපල් කරු හයියෙන් කතාකර කර අරෙහෙන් ආව මෙච්චරක් මෙහෙන් ආව මෙච්චරක් කිය කිය එනව.
අම්මට සිරි ඔය එන්නෙ බඩු ටික. එක්කෙනෙක් මුලක් උඩ වැටිලනං ලේ එන්නම තැරි ගහගෙන තිබුනා. ඒ ඇරෙන්න අපේ කට්ටියගෙ උඩුහමවත් කැඩිල නෑ. ඇම්බුෂ් එක දාන්න කිව්වට වඩා වෙනස් විදියකට දාල තියෙන්නෙ. ඒක භූමිය අනුව යන කෙනාට කරගන්න පුලුවන් දෙයක්.වාසනාව කියන්නෙ කෝපල් කරුගෙ සැලසුමට සුපිරියටම බඩු ටික සෙට්වෙලා.
පහුවදා උදේ චන්ද ප්‍රථිපලය.
කොටි මල සිරුරු දහනවයයි. තුවාල කාරයොත් දාසයක් (බුද්දි අංශ සෙට් එකේ මොනිටර් වෙලා)ඊට අමතරව හොයාගත්තා උන්ගෙ අවි,ඇඳුම්,ඇඳන්,කරවල, ඇතුලු ආහාර ද්‍රව්‍ය බරගානක්, තව එකිනොකී බඩු වර්ග හෙන ගොඩක්. වැඩිම මරන සහ තුවාල වෙලා තියෙන්නෙ ක්ලේමා් වලින්. උන් සීසි කඩ කැඩිල දුවන දුවන පැත්තෙ ක්ලෝමෝ බ්ලාස්ට් වෙලා. මදි හරියට වෙඩි තියල තියෙන්නෙ මෙයාල. ඊටත් වඩා සතුටුම දේ  කෝපල් කරු ඒ සටනින් පස්සෙ "ජීවන් කරු" බවට පත්වීම. (ඒක ආර්එස්පී එකටත් වඩා නම්බු නාමයක්)

ජීවන් කරු අපි ලගට ඇවිත්
*සාජන් ආයෙ කියන්නනං දෙයක් නෑ..සිස්ටි ටිකනං ටාගට්ම වැටුනා කටඋත්තර නැතිවෙන්ඩබඩු ටිකට ඈ..කිව්වම සාජන්ගෙ ඇස් අමුතු දීප්තියකින් දිලිසුනා.අපිත් කොලර් එක උස්සගත්තා. මාත් සිස්ටි වෙඩි තියපු  හමුදා ජීවිතේ පලවෙනි දවස.
ඒ ඇම්බුෂ් ටීම් එකම ආර්එස්පී පදක්කමට නිර්දේශවීම තවත් වැදගත් සිද්දියක් වුනා. ඒ අපේ ඒකකයේ පලවෙනි වතාවට එකවර වැඩි සංඛ්‍යාවක් ඒ පදක්කමට නිර්දේශ වීමෙන්..
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.22

1 comment:

  1. ඔය මීයන්කුලම්වල නේද දැන් නිරෝධායන මඪ්හ්‍යස්තානයක් තියෙන්නේ..

    ReplyDelete