Tuesday, May 12, 2020

පිදිය යුතු හෙදිය



සෙතක් සලසන දැයට ගරුවූ කැපකරන් නිරතුරුව ගත සිත
මතක් කරවයි උතුම් නයිටිංගේල් මැතිනිගෙ උසස් පිළිවෙත
නෙතක් පියවෙන අවදි කරවන ඔබෙි කරුණා ගුණය නිම් නැත
සතක් නොව ලොව සහස් ගණනින් ඔබ නිසා යළි උපන් අය ඇත

පිනේ මහිමය නිසා හිමිමුත් ලොවෙි පවතින උතුම් සේවය
ගුණේ මහිමය ඔබෙි දෑතේ අසරණුන්හට ලැබෙයි ජීවය
දැනේ විටකදි මවක් විලසට පතුරුවනවිට සුහද තාවය
බණේ මුනිදුගේ තිබෙි ලියැවී ඔබෙි සේවයෙ උතුම් භාවය

උරණ මල්වල සුවඳ මදනල ගෙනෙයි ඔබෙ ගුණ සුවඳ දාමය
අරණ වෙයි රෝහලම ඔබ හට ගත කරයි නිදිමරා යාමය
පුරණ පෙරුමන් නිසාවෙන්දෝ රෝගි සතවෙත ගලයි පේමය
දෙරණ පවතින තුරා පවතී "හෙදිය" යන ඒ උතුම් නාමය

උදා හිරුමෙන් නැගෙන පැහැබර වුවන ඔබෙ පතුරැවන කිරණේ
රඳා පවතී රෝගී සිත්තුල තිබෙි සැනසුම ඔබෙි අරණේ
නොදා ඉවතට අඳෝනාවන් ලබා දෙන නිරතුරුව සරණේ
පුදා වඳිනට තරම් වටිනා උතුම් කුළ කත ඔබයි දෙරණේ

ලොවෙි උත්තම රාජකාරිය කරයි ඔබ ගත වෙහෙස මැඩ මැඩ
නොවෙි වෙනසක් ඔබෙි මෙත් සිත නොමැත කෝපය වෙතට ඉඩකඩ
නිවෙි සත සහසක් නිසා ඔබ සිව් දෙසින් ලොව ඇසෙයි ඒ හඬ
නැවෙි තුරුවැල් පවා යන මග නමක් පවතින් දනන් තුඩ තුඩ

පිදිය යුතු අය අතර ඇතිමුත් "හෙදිය" අද  මුල් තැනට පත්වී
මදිය පැසසුම් ලැබෙන බුහුමන් නොමැත ගරු සම්මාන අත්වී
නදිය කරුණා ගලයි එනමුත් දුකට පත් ලය මඩුලු තෙත්වී
රැඳිය හැකිවෙි  දනන් සිත්තුල එයින් ඇත ඔබ ඉසුරු මත්වී

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.12

No comments:

Post a Comment