Tuesday, May 5, 2020

෴පුරඟන.ලඳුනේ෴



සුදු සඳමඩල නුබ ගැඹරෙන් අයින්             වුනා
තරු මල් පිපී තව මොහොතක් වහන්       වුනා
කලුවර හාත්පස සීතල පුරුද්                       දනා
නුඹ කොහෙ වහංවිද ආදර සිදන්              ගනා

පැළඳු  සළඹ සිරි සිරි යන හඬට                පයේ
ඉමිහිරි තාල මවමින් මෙි සොඳුරු             රැයේ
සොයමින් මිහිරියාවක් රැඳි තුරුණු           ළයේ
ඇවිදින කරුණ කිම සොඳුරිය ලොවට     බියේ

තද දම් පාට සවසක  මා පහසෙ                 ඇලී
මතකයි සෙනේ ගඟුලෙහි ගිය අයුරු         ගිලී
දෙනුවන් තිබුන මුත් ඒ උනුහුමට                 දිලී
අපි අප නොවෙන තෙක් හමුවෙමු යලිද     යලී

නුබ ගැබ අරා වියැකුනු සඳ තරුද              නැමී
මිහිමවටත් වඳී හිරු මල් කිරණෙ             තෙමී
ගමනක යෙදෙන කිසි දිනකදි නොවන        නිමී
හෙට අලුයමෙත් මෙි විලසින් පිටව              යමී

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.17

No comments:

Post a Comment