Friday, May 15, 2020

කිරාන් ඔරු පැද්ද හැටි

කිරාන් කඳවුර යනු මට සේම මගේ ගොඩක් මිතුරන්ට  සදාතනික සිහිවටන ලබාදුන් අරුම පුදුම කඳවුරකි. එක අතකින් මා වැඩිම කාලයක් එක තැනක හිටපු එකම කඳවුරත් මෙයමය. ඒ වසර දෙක හමාරක පමණ දීර්ඝ කාලයකි. එයට හේතුව වූයේ අපේ ඒකකයේ කොයි කණ්ඩායමක වුවද, කෙනෙකු  විනය කඩ කිරීමකට ලක් වුවහොත් චෝදනා පත්‍ර නොනගාම දඬුවම් වශයෙන් මෙි කඳවුරට ස්ථාන මාරු කර එවීමයි. මෙිකෙන්ම මෙි කඳවුරේ ඇති ස්වභාවය තේරුම් ගත හැක.

ඒ 1997 වසරයි. වැස්ස කොහාටත් එකමය. දෙන්න පටන් ගත්තම පැල් බැඳගෙන දෙනවා යැයි කියන කතාවට මෙි වැස්සම හොඳ උදාහරණයකි. වැස්ස වැටීම නිසා කලපුව උතුරා කඳවුරේ ඩිෆෙන්ස් ලයින් එක ගාවටම වතුර පිරී තිබුනි. මෙි දවස්වල වතුර නිසාත් මඩකලපුව ප්‍රදේශයේ ගංවතුර නිසාත් අපට ⁣මාර්ග ආරක්ෂා රාජකාරියේ යෙදීමට කිසිදු උවමනාවක් නොතිබුනි. ඒ නිසා අත්‍යවශ්‍යම රාජකාරියක් හැරෙන්නට කඳවුරේ අය ඉන් පිටට නොගියහ. ගං වතුරෙන් අතරමංවූ මී ගවයන් රැලක්ද  අපිත් එක්ක හැසිරෙන්නට වූයෙන්
මෙය මටත් තව දෙතුන් දෙනෙකුටත් දෙවියන් දුන් ආතල් එකක්ම වුනා.

අපේ කෑම්ප් එකේ ඉඳන් පාලම් පොයින්ට් එකට යන පාරත් වතුරෙන් යටවුනු හිංද ඒ ආතල් එක දෙගුන තෙගුන වුනා. නමුත් පාලම අතහරින්නත් බෑ. කෑමද තේද අඛන්ඩව ලබාදිය යුතුයි. ඒ සඳහා වතුරේ බැස යනවාට වඩා පහසු විකල්පයක් සොයා බලන ලෙස සීඑස්එම්ට ඔිසී දැනුම් දීමෙන් පසු එය අපි හමුවෙි තැබුවෙි "ඔන්නෝකට කෝපල්ලා ටික එකතුවෙලා මොනාහරි කරපල්ලා කියමිනි.😁😁😁

මෙි කදවුරට තෙල් ගේන්නේ බැරල් වලිනි. ඒ යුනිකෝන් එකටත් ටැට්ටරේටත් හැමදාම ලෙඩගානෙ වෙසෙන ඇමති කෙනෙක් වගේ වැජඹෙන ටාටා 1210 ලොරියෙත් පාවිච්ච්චියටයි
 මෙි තෙල් ගෙනාපු හිස් බැරල් කිහිපයක්ම කඳවුරේ ඉතුරුවෙලා තිබුනා. මට ආපු අදහසක් මගේ පෙළභාර කෝපල් මාර්ගයෙන් සීඑස්එම්ට කීවෙි එය මා කීවොත් නුදුරු අනාගතේ ඉන් මට ගැටලුවක් ඒය කියන අදහස නිසා.

*සර්. හොඳ බැරල් තියෙනවනෙ. හදමු පහුරක්. ඉවරනෙ.
*අම්මට සිරි.ඒක හොද අදහසක්. මං ඔිසීට කියන්නං.උඹල බඩු ලෑස්ති කරපල්ලකො.
ඒ පහුර හදන්ඩ මූලිකවුනේ ඇල්ෆා 3 ප්ලැටූන් එක. ඒ කියන්නෙ අපේ ප්ලැටූන් එක. මෙිකට මාත් පට්ට මහන්සියක් උනා. ලෑලි හොයන්ඩ කඹ හොයන්ඩ එපැයි. ඔිසීගෙත් අනුමැතිය මත අපි බැරල් නමයක් දාල සුපිරි ගනේ පහුරක් හැදුවා ලැලී දාල හයියට බැඳල කාරිය. හැදුවට පස්සෙ කෝ හබල්.. කාල වරෙල්ලකො.
ඒකටත් අපි විසඳුමක් හොයා ගත්තා. වැලිගොඩ දාන පහුරු වගේ දිග ලී දෙකක් ඒකට හදාගත්තා. බිම ඇන්න තල්ලු කෙරුව.බිම ඇන්න තල්ලු කෙරුව.
දැං හදල එහෙම මායි කෝපල් කරුණාරත්න ඒඩී යි (පසුව විශ්ව මඩු හිදී මියගිය අපේ සීඑස්එම්) තවත් දෙතුන් දෙනෙකුයි ටෙස්ට් රන් එකකුත් ගිහින් ආව. ඒක පට්ට ආතල් ඒයි...😁😁😁😁
ඒත් ගිහින් එද්දි හොඳ පන යනව. අතපය උරහිස් කැක්කුම අල්ලනව.
ඔය අස්සෙ ආයෙ ඒක දාන්න කිව්වා රෑට කඳවුර වටේ විසිට් එකක් යන්නත්. ඒක හරි ආතල් වුනත් මහන්සිවෙන වැඩක්.
අපිත් ඉතින් ඔිකෙ යන එන ගමන් ඒකට විසඳුමකුත් හොයන්න කල්පනා කලා. මෙි පහුර මායි කෝපල් කරුනාරත්නයි ලාකෝ විජේපාලයි ආයෙ ගුණසිරි එස් කියල කෙනෙකුයි බාරෙ තිබුනෙ. ඒකට හේතුව මෙික හදන්න මහන්සිවුනෙයි අදහසයි ඔක්කොම අපේ නිසා අපිට ගරුකිරීමක් වශයෙන් රාජකාරිත් අඩු හිංද තිබ්බ රාජකාරි වලිනුත් නිදහස් කරල තමා අපි හතර දෙනාවම මෙිකට දැම්මෙ.
දැං ඔරු පදින්න වැව් මූදු ගානෙ යන්න ඔිනද හිතෝතුනි. නෑනෙ. වතුර පය පාමුලටම ආවා. පහුර අපි හැදුව. හැබැයි අපිනං ඇතිවෙන්න ඔරු පැද්දා.
ඒත් දවස් දෙකක් විතර ගියත් වතුර වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ.වැස්සත් ඒමයි. දැං බෝට්ටු පැදල ඇතිවෙලා තිබුනෙ. බෑ කිව්වොත් තත්තෙටත් හරි නෑ😌😌😌.
එදා හවස තුනට විතර අපි හතර දෙනා ගියා කඳවුර වටෙි විසිට් එක. ඒත් හිස්බඩ කිසිම අදහසක් ආවෙම නෑ. ඒ ගිහින් ඇතුලට එනකොට ඇහෙනව අලි පත උම්බෑ පාරක්. අන්න පත්තුවුනා. සමෝසම ඔිනනෑ පත්තුවෙන්න.😁😁
*කෝපල් පොඩි වැඩක් කරමුද නැවට.
*මොකද්ද.
*උම්බෑවො දෙන්නෙක් දෙපැත්තෙන් බඳිමු.
*ඒ කොහොමද. පිස්සු කෙලින්නැතුව හිටාං. ආයෙ මගුලක් ඒ.
*මං කියනවට අහන්ඩලාකො. මං දැකල තියෙනව එකපාරක් ඔහොම සීන් එකක්.
අපි මීම්මු දෙන්නෙක් දෙපැත්තෙන් බැඳල දක්කමු. හොදට  පීනන්ඩ පුලුවන්නෙ උන්ට.
*තොට පිස්සුද යකෝ.
*ඉතින් පිස්සුද නැද්ද බලන්ඩ නිකමට කරල බලමුකො.
කොහොම හරි වදෙන් පොරෙන් මායි කෝපල් විජේපාලයි එයාවත් කැමති කරවගෙන ඒ ලෙවල් කරපු සයිස් එකේ නාම්බො දෙන්නෙකුත් බෑ බෑ කියද්දි ඇදගෙන ගියා පහුර ගාවට.
ගිහින් ඉස්සරහ කොනෙන් නොලිහෙන්න බැඳල ලනු පොටවල් දෙක දෙන්නෙක් දෙපැත්තෙන් අල්ල ගත්තා.දැං මෙික කරත්තයක් වගේ. වෙනසකට තියෙන්නෙ කරත්ත යන්නෙ ගොඩ.අපි යන්නෙ වතුරෙ.
මීම්මු දෙන්නා දැක්කුව වතුරට. අපිත් කෝකටත් කියල තුවක්කු එහෙම දාල ගියෙ. බැරිවෙලාවක්කත් මුං දෙන්න පික්සු කෙලියොත් පැනල පීනන්ඩ හරි බලාගෙන.
මයෙ අප්පේ දෙයියො දුන්නු කිරිකැට්ටා.. ඔය යන්නෙ බස බස ගාල පෙන බුබුලු දාගෙන අහසට පූස් පූස් ගගා පිඹ පිඹ පීනගෙන. හරියට හෝස් පවර් පහලොවක විතර බෝට්ටු ඇංජිමක් තිබ්බ වගේ. මුලින් මුලින් මුං දෙන්නව හරවන්න ටිකක් අමාරු උනත් උං අපිට කලින් ජොබ් එක අල්ලගත්තා. කියන්ඩ දුකේ බෑ. පැයක් ගියපු විසිට් එක විනාඩි විස්සෙන් කවර් කලා. එපා වෙනවනෙ😁😁.
වැඩෙි හරි. ගුග්ලි එල්මෝ මාකෝනි, ජොන් ලොගිබෙයාඩ්, පයිතගරස්, ගැලිලියෝ ගැලිලි, නිකලස් කොපර්නිකස්,රමනී බර්තලමියුස්, මාලනී පොන්සේකා පුන්සිරි සොයිසා වගෙ විද්‍යාඥයො ඉපදුන කාලෙ අපිත් ඉපදිලා හිටියනං අද මෙි ලෝකෙ හරි වෙනස් මෙයාලා😁😁😁..
ඒත් චූටි අවුලකට තිබ්බෙ මුං දෙන්නගෙ වෙිගෙ අපිට තවත් මදි කියල හිතුන එක.

ආව ආයෙ ඇතුලට. ආයෙත් ගත්තා කැම්පස් ගිහින් ඉවරවුනු ගමන් ලෙවල් එකේ මී නාම්බො දෙන්නෙක්. උං දෙන්නා බැන්ද පිටිපස්සෙන්. ආයෙ දැක්කුව. මයෙ කිරිහපුච්චේ දැන්නං වෙිගෙ හොදටම  ඇති. යන වෙිගෙට එන  හුලං පාර හින්දා ඇස්දෙකෙන් කදුලුත් එන සයිස්.හුස්මත් හිරවෙන ලයින් එකෙන් වෙිගෙ😁😁😁😁. දුම ඊට එහා. ජබ ජබ ෆූෂ් ෆූෂ් සද්දෙන් පොප්ලර් කැ⁣රකෙන වෙිගෙට අහල පහල උනුත් නෑවෙනව මිත්‍රොර්ණි.,
වැඩෙි සාර්තකයි. ගැහුව යූ ටර්න් එක.ආව කඳවුරට.ඇන්ජින් හතරම ගලෝල ගහකට තියල බැඳල මහන්සි මහන්සි බලන්නැතුව අපේ ගානෙ දුන්න හොදට කන්න. කෙහෙල් කඳක් පට්ට ගහල දුන්නම කන සද්දෙ බිලට් එකට ඇහෙනව.හරියට අලින්ට කිතුල් කොට දුන්න වගේ.
අපිත් වැඩෙි කරල බිලට් එකට ඇවිත් ආපහු ටුවක්කුවත් ඇරං ගියා මෙස් එකට. කෝපල් කරු කිව්වා කාටවත් මෙික කියන්න එපා කියල.කිව්වොත් එපා කියයි කියල.
දැං අපි පාලමෙි කට්ටියගෙ කෑමයි තේ බොන්න කලමණයි එයාලගෙ අවශ්‍ය ඇදුනුයි අරං ගියා පාලමට යන්න. ඒව ගොඩින් තියල ඇන්ජිං හතරම බැන්දා. බැදල බඩුත් පටෝ ගත්තා. ඊලගට
ජහ: ජහ: මක්මහ්::  ඔි ඔි ඔි..
ජහ:  වයිර: ජහ: දෙරි දෙරි කියල ඇන්ජින් ටික ස්ටාට් කලා. බස බස බස ගාල සද්දෙ ආව..එකතැන පෙන බුබුලු රාසියක් නැග්ගා..මයෙ අම්මා ඔය යන්නෙ බබාවගෙ දිය දෙබෑ කරගෙන.😁😁😁😁. පැයට හැතැම්ම එකසිය විස්සයි වෙිගෙ.  ලැබ්බොගිනි කැලේ අයිසෙ. මෙිවනෙ බඩු කියන්නෙ. විනාඩි දහයයි පාලමෙි.
අපි කෝකටත් නොගැබුරු හරියෙන් ගියෙ. එකම අවුල තිබ්බෙ සැඩ පාරක් තිබ්බ ඔික ක්‍රොස් කරන ඒක. ඒකට පිලියමක් වශයෙන් අත්දැකීම් බහුල කෝපල් කරු සැඩපාරට උඩහින් පටන් ගෙන පාලම ගාවින් ගොඩබහින්ඩ පුලුවන් විදිහෙ බෙයාරින් එකට නැවෙි සුක්කානම කැරකුව. ගැබුරු හරියෙ චූට්ටක් මුං පික්සු කෙලියත් හරි බෙයාරින් එකට අපිව අරං ලෑන්ඩ් කලා. පලවෙනි ටුවර් එක අපි එසේ සාර්ථකව අවසන් කරල එද්දි ටිකක් දුරින් ආව සැඩ පාර මග හරින්න ඔින නිසා.
ආයෙ පහුවදා උදේ..
උදෙත් අපි ටර්න් එක ගිහින් ඇවිත් ඇන්ජින් හතර ගස්බැදල ආව. ආයෙ දවල්ට ටුවර් එක යන්න බඳිද්දි ඔිසී ආව. එයා එනව අපි දන්නෑ.ලඟටම ඇවිත්.....
*ඒයි ඒයි මොකෝ ඔය කරන්නෙ..
*සර් ඇන්ජිං ගැටහගහනව... කෝපල් කරු කිව්වා.
*අයිසෙ ඔය හරක් මැරෙයි. ඔවුන් ලිහල දානව.
*මං කෝපල් දිහා බැලුව. කාලවරෙන්කො. දැං මොකෑ කරන්නෙ.
*පොඩ්ඩක් හිටහංකො.මං කියන්නං ඔිසිට කියල "සර් කිසි අවුලක් නෑ. අපි මිට කලිනුත් මෙහෙම තමා ගියෙ. මුං අපිට වඩා හොදට යනව...සර්.
*පිස්සුද අයිසෙ..බැදල පොඩ්ඩක්  දක්කනව බලන්ඩ😁😁😁..
අපි හතර දෙනාම නැග්ග... එතකොට ඔිසී.
හතර දෙනෙක් එපා බර වැඩි ඇති.දෙන්නෙක් නගින්න..
කපිතාන් කෝපල් කරුයි ලාකෝ විජේපාලයි නැග්ගා. අම්මට සිරි ගොඩ හිටිපු මං දැක්කා ඔිසීගෙ ඇස් දිලිසෙන අපූරුව.

ලඟ රවුමක් දක්කල පෙන්නපුවම..

*කෝපල් මෙහෙට ගන්නකො..මටත් නගින්න ටිකක්..😁😁😁..
මට එකපාරටම බරවැඩි ඇති සර්..කියල කියවුනත් ඔිසි මං දිහාට අතකුත් දික්කර අනේ නිකා හිටාං ඉරියව්ව පෙන්නුව. මටත් මොකෑ...ඉතින්.
එදා ඉදන් අපි හතර දෙනා දෙන්න දෙන්න මෙි රාජකාරිය වතුර බැහැල යනකංම කලා. ඒ අතරෙ ඔිසී,අනෙක් නිළධාරින් එහෙම ආතල් එකටත් එක්ක අපි එක්ක යන්න එන්න පුරුදු වුනා. මෙි වැඩෙි ඉවරනෙකංම කෝපල් කරුනාරත්න කෝපල් කෙනෙකුගෙ වගකීම හරියටම ඉටුකලා. ඒ මායි ලාකෝ විජේ පාලයි යද්දිත් එයා විසින්ම ඇන්ජින් හතර පිට් කරලා පහුරටත් සමහර වෙලාවල්වලට නැගල බලනව. එයා හැමතිස්සෙම කිව්වෙ
"උඹලගෙ තියෙන ගායට බුලක් හෙම වැදුනොත් තොපි දෙන්නව ගන්න වෙන්නෙ මූදෙන් තමා කියල. එයා ගැට ගහල දෙන නැව අපිව ගොඩක් පරිස්සමට එහෙ මෙහෙ අරං ගියා.
ඒත් එක පාරක් අපි දෙන්නට වැරදුනා.
*කෝපල් විජේපාල..යන්ද එගොඩහ කිට්ටුවට ගිහින් එන්න.
*බෑ.අම්මොහ් අඬන්නා සහ බට නලාව බලාගෙන ඇත්තෙ බයිනො එකත් දාල.(කෝපල් කරුට අපි කියන්නෙ අඩන්නා සහ බටනලාව කියල.ඒකට හේතුව ඔිනවටත් වඩා අපේ ප්ලැටුන් එකෙයි කඳවුරේ අපේ බැජ්වල අනික් අයගෙයි  ආරක්ෂාව ගැන හොයන හිංද. එයා ඒක සද්බාවයෙන් කලත් අපිට මහ වදයක් වෙලා තිබුනෙ)
කොහොම හරි කෝපල් විජේපාලත් කැමති කරවාගෙන ටිකක් දුර ලයින් එකක් ගහල කඳවුරට එනකොට කෝප්‍රල් කරු මෙස් එක ලඟ.අපි පරක්කුවට බලන්න ඇවිත්.
මොනාද මයෙ අප්පා එක වචනයක් කියනව ඇහුන්නෑ සට පටස් ගාන සද්දෙකුත් එක්ක කම්මුල් දෙක මහා දැවිල්ලක් ඇල්ලුවා. ඒත් එක්කම ලේ වගේ රහට  තද කසට රහක් දැනිල යටිතොල ඉදිමුනා. කෝපල් විජේපාලට ගහන්න බැරි හිංද මිහිරි ගී ගායනාවක් ඇහුනා. ඒත් අපි දිගටම නැව් පැද්දා..
අපේ කඳවුරට දවස් පහලොවකට සැරයක් ලැබෙන දෙසිය දෙනෙකුගෙ විතර වියලි සලාක ලොරි බාගයක්ම කිරාන් ටවුමෙ ඉදල කෑම්ප් එකට ඇද්දෙ අපේ බඩු නැවෙි. ඒව උයල එලියෙ පොයින්ට් වලට අරන් ගියෙ කෑම නැවෙි.
අපිව මහන්සි නොකර නැව අරං ගිය බුවාලට අපි මදි නොකියන්න ගොඩක් ආදරෙන් සැලකුවා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.15

මගෙ ආදර යාලුවනේ, අද සිට මාත් නැවත රැකියාවට යන බැවින් කතාව චුට්ටක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒත් නොලියා ඉන්නෙ නැහැ. කොහොමහරි ඔයාලගෙ රසවින්දනය උදෙසා පුලුවන් හැමවෙලාවකම කතාවක් පලකරනවා. සමාවෙන්න හොඳේ..

2 comments:

  1. අෆ්ෆට සිරි....අනේ අම්මෝ....රස්සාව ගහල ගියත් කමක් නෑ...( මේ නැව් පැද්ද පැදිල්ලට shipping line එකක රස්සාවක් හොයා ගන්න බැරියෑ )....නොලියා නම් ඉන්න එපා.......රසිකයන් ගෙන් කන්න වගේ හදන්නේ ආටියක් " ආරච්චි "...

    ReplyDelete
  2. ඉන්න තැන වැයික්කියෙ ආරච්චි කෙනෙක් දැක්කමයි. අම්මා දොළදුකට සද්ධර්මරත්නාවලිය කියෙව්වාවද්ද?

    ReplyDelete