Monday, May 4, 2020

අනිල් රත්නායකගෙ වියෝව

එදාට කලින් දවස හරි සොඳුරු දවසක්. උදේට ඉර පායල රෑට හඳත් පෑයුවා.රෑට තරු කියල ජාතියකුත් පෑවුවා.
කලින් දවසෙ හවස කලපුව හරහා හමා ආ ලවණ මිශ්‍රිත උනුසුම් මදනල අවු ගස්වල පිපෙන සුදු මල් වල සුවඳත් අරගෙන නැහැපුඩු සිසාරා තෙමාගියා. මෙි කතාව නොදා ඉන්න හිතුවත් දානවාම කියල හිත හදාගත්තා. මෙික අධිගම ක්‍රියාන්විතයක්.

මං එවකට රාජකාරි කලේ කිරාන් කඳවුරේ.උදෑසන තිබූ  පැහැදිලි අහසත් භූමියේ නිහඬතාවයත් එදා අපේ හිත් බොහෝ දුරට නිස්කලංක කලා.
ඒත් සුපුරුදු පරිදි උදෑසන හත අට වෙද්දි   අපේ පවතින කලබලය එහෙම්මම තිබුනා. අපිත් දඩිබිඩියේ මූන හෝදල බත්ටිකත් කටට දෙකට ගිලදාලා මාර්ග ආරක්ෂක මුරය යන්න සූදානම් වුනා.
මොනවා උනත් අපි වෙනදාවගේ දෙන උපදෙස් වලට අමතරව හදිසියක් උනොත් එකතුවෙන විදියත් කතාකර ගත්තා.
වෙනදා වෙලාවටම අපි පිටත්වුනා. මම සහ අනිල් රත්නායක  එදා රේක්ක පාටියෙ හිටියෙ.රේක්ක පාටි කියන්නෙ මෙි ටවුන් එකේ අපි යන එන හැම තැනකම ඒ දවස්වල බට්ටො දානව. මරඋගුල් අදිනව.ඒවගෙන් බෙිරෙන්න අපි රේක්ක හදාගෙන අඩිය තියන තැන් හොදට රේක්ක කරල තමා අඩිය තියන්නෙ.
අපේ හිටියා අනිල් රත්නායක කියල කෙනෙක්.පොරත් මං වගේම චරිතයක්. අපි දෙන්න එකතුවුනොත් එතන මරණයක්ම තමා. අපිට කදවුරේ කට්ටිය කියන්නෙ නාහෙට අහන්නෑ කියල. ඩෝන්ට් කෙයාර්ලු. බබා හුකුංලු. ඒත් අපි ඒව ගනන් ගත්තෙ නෑ තඹදොයිතුවකටවත්. ඒක ඉතින් ලේවල තිබ්බ දෙයක්නෙ. හැබැයි අපි ගොඩක් විනෝදෙන් හිටියා. එදා උදේ තේ ගෙනාවෙ අනිල් රත්නායක. ගෙනත් කෝප්‍රල්ලට බෙදල දීල අපේ තේ පංගු බකට් එකේම තියල වහල තියල. අපි බිලට් එකට ආපුවම තමා තේ බොන්නෙ. එක්කො ඇල්වෙලා. නැත්තං ලා රස්නෙ.
ඒත් අපි දෙන්නා කිසිම අවස්ථාවක එකට රාජකාරි යෙදෙව්වෙ නෑ. මොන රාජකාරිය කරත් තැන් දෙකක විතරයි.

දැන් අපි පිකට් එක යන්න  කඳවුරෙන් එලියට අඩිය තියල රේක්ක දෙකත් කරේ තියාගෙන ගියා මගට යනකං. මම ගියේ දකුණෙන්. කිරාන් ටවුමෙ ඉඳල තියන සෑම අඩියක්ම හරි ප්‍රවෙිශමෙන් තියන්න ඔින. අපිට පිටිපස්සෙන්  එන අයත් රේක්ක නොකරපු කිසි තැනක අඩිය තියන්නෑ. එදා හතලිස් පහෙන් විසි දෙදෙනෙකුගෙ කකුල්වල වගකීම තිබුනෙ මගෙ අතේ. මාත් ජැකට් හෙල්මට් දාල දාඩිය තුන්කාංසෙන් බෙීරි බෙිරි රේක්ක කරනව. මෙි රේක්ක පාටියෙ ඉන්නව කියන්නෙ තුන්කාලක් මැරෙනව පිකට් එකේ කෙලවරට යනකොට. හරීම අමාරුයි. ඒත් දාඩිය කොන්දෙ අමාරුව ගනන් ගත්තෙ නෑ. ආමර්ඩ් ප්ලේට් දාපු ජැකට් එකක්,ඊට උඩින් මැගසින් දහයක,  වතුර බෝතල් දෙකක  K400  අත් බෝම්බ හතරක්  මං හොරෙන් දාගෙන ඉන්න පතුරම් සියයක් සහ ග්‍රවුන්ඩ් ශීට් එකක බර දරණ බෙල්ට් ඔිඩරයක් දාගෙන තමා මෙි රේක්ක කරන්නෙ.
ඒත් අපි දෙන්නා ජොබ් එක කරගෙන ගියා. අනිල් රත්නායක පාරෙ එහා පැත්තෙ රේක්ක පාටිය. අනිල් රත්නායකයි මායි කෑ ගගහ තමා රේක්ක කරන්නෙ. හේතුව දෙන්නම පැරල් යන්න ඔින නිසා. ඔහොම කිරාන් ටවුමෙ ඉදන් වාලච්චෙින පැත්තට අපි දෙන්නා රේක්ක කරන්න ගත්තෙ ඉස්සෙල්ලම. මොකද ටවුමෙ පොයින්ට් ⁣ටික කලින්ම දාල යන්න ඔින.හදිසි ප්‍රහාරයක් එල්ලවුනොත් අපේ සහයට එන්නෙ ඒ ටීම් ටික. ඔහොම අපි දෙන්නා රේක්ක කර කර යනව.
එකපාරටම
දිඩ්ඩ්ඩ්ඩ්ඩීංංංං
මහා විශාල ශබ්දයක් එක්ක කලුදුමාරයක්.
මං එකපාරටම කෑගැහුවා
අනිලෝඔිඔිඔි..
කට්ටියම දඩබඩ ගගා එතැනට දුවන්න හදනකොට මං හැකි ඉක්මනින් පාරට ඇවිත් අනිල් හිටපු පැත්තට හැකි උපරිම වෙිගෙන් රේක්ක කරගෙන කරගෙන ගියා. යනකොට අනිල් රත්නායක වැටිල. ඇඟ හැමතැනම ලේ.
රතුපාට වෙච්චි ඇස්දෙක අඩවන් වෙලා තිබුනෙ. මට හිතුනෙම  ඌ හිනාවෙන්න උත්සාහ කරනව වගේ.
සෙට් එකේ කතාකරල කඳවුරට කිව්ව හැකි ඉක්මනට ට්‍රක්එක එවන්න කියල. ඒ ලදරම තල්ලු ස්ටාර්ට් එකක්. පැය භාගයක් යනකම් ඒ රෙද්ද ආවෙ නෑ. අරූ කෙඳිරි ගානව.
මෙි කිරාන් හිටියා බෙිකරියක් තියෙන මනුස්සයෙක්. අපිට කතා කරන්නෙ පුතා කියල. අපිත් මෙයාට ගොඩක් ආදරෙයි දෙමළ උනත්. මොකද අපේ කට්ටියගේ ජීවිත සහ කකුල් ගොඩක් බෙිරල දුන්නු පුද්ගලයෙක්.එයාගෙ තිබුනා පරන මයිනර් කාර් එකක්. ඒ වගේ බ්ලාස්ට් එකක සද්දයක් ඇහුනොත් එයා ඉන්න තැනකින් කාර් එකත් අරන් එනවා මොකද බලන්න. එදාත් ඒ මනුස්සය ආවා. ඒක මයිනර් එකක් කිව්වට සුපිරියට හදපු බාන්ඩෙයක්. හයිබ්‍රිඩ් පරද්දන වෙිගයක් තිබුනෙ.
විනාඩි පහක් යනකොට කාර්එක අාව. දැම්ම අනිල් රත්නායක.දාල අපේ දෙන්නෙකුත් නැගල කාර් එක විදුලි වෙිගෙන් පියාඹලා ගියා.

මගට යනකොට ආරන්චි වුනා..අනිල් අපිව අත්හැර දාල දෙවියන් ගාවට ගියා කියල.
අපිට මුකුත් කරගන්න බැරිවුනා. හිත් කලබලයි. පැහැදිලි හිතක් නැතුව කිසි දෙයක් කරගන්න බෑ. අනිලව ට්‍රැපින් එකකට අහුවෙලා. ඒ බ්ලාස්ට් එකේ සද්දෙ ඇහෙන්න තත්පර කීපයකටත් කලින් මං කිව්වෙ ඌට...
*අනිලා දවස හරිනෑ. මතකනෙ කතාවුනා..ඇස් ගෙඩිවලින් බිම බලහන් ඈ..රිලැක්ස් වෙන්ඩනම් එපා.. කියල.
ඒත් එතන අපි බලාපොරොත්තුවෙන්ම ආපු දේ වුනා. නමුත් වලක්ව ගන්න බැරිවුනා.
අපි එතන පැයක් විතර ඉදල ආයෙ ඉතුරු රාජකාරිය කරගෙන ගියා. අනිල්ගෙ රේක්කෙ වෙන කෙනෙක් ගත්තා. මං පාරෙ වම් පැත්ත අරගෙන අනිකට දකුනු පැත්ත දුන්න. එහෙම කරන්න උපදෙසක් කණ්ඩ භාර සැරයන්ගෙන් ලැබුනා. මොකද මම කොච්චර පිස්සු කෙලියත් රාජකාරිය පපුවෙන් කරන්නෙ. අනික වම් පැත්ත අමාරුයි රේක්ක කරන්න ටිකක්. වැඩි විශ්වාසෙට මාව දැම්මා.
මීටර් පන්සියයක් විතර මාත් දාඩිය පොල්ල දාගෙන රේක්ක කරනව.
එක පාරටම රේක්කෙ වලක වැටුනා. මං පුලුවන් තරම් ඉක්මනින් මගේ වම දකුන හිටපු අයට කිව්වා "ඩවුන් ඩවුන්" කියල. මුලු පිකට් එකම නීලින්  ගියා.මං විතරක් ඩවුන් ගියා..(බිම දිගාවුනා)
මම රේක්කෙ අතහැරල තමා ඩවුන් ගියෙ.
කෝප්‍රල් සුසන්ත එදා පිකට් හිටපු  ජේ්‍්‍යෂ්ඨ කෝපල් බඩ ගාගෙනම මං ගාවට ආව.

*මොකද මොකද???
*කෝප්‍රල් රේක්කෙ වලක වැටුනා.මට නං සැකයි.
*උඹ පස්සට වෙයන්..මං බලන්නං.අර තල්ගහ පස්සට පලයන්. ටිකක් දුරින් තිබුනු තල් ගහක් පෙන්නල කිව්වා. මාත් නැමිල පටස්ගාල ⁣කිව්ව තැනට පැන්නා.
කෝපල් සුසන්ත හෙන පරිස්සමට රේක්කෙ ඇද්දා.. ගස්ස ගස්ස ඇද්දා..
එයා මොනාහරි දැකල ඉස්සරහට ගියා.බඩගාගෙන. නිල්පාට දුඹුරුපාට ප්ලෙක්ෂිබල් වයර් ඩබලක්.
එයා ඒක ලගටම ගිහින් එක වයර් එකක් කැපුවා. අපිට වඩා දන්න අයනෙ. එකපාරටම නැගිටලා වම්පැත්තට ලග හිටපු දෙන්නෙකුත් අරගෙන දුවන්න ගත්තා.මාත් ජැකට් එක ගලවල බෙල්ට් ඔිඩරේ දාගත්තා..ඔින මගුලක් මාත් දුවනව කියල. කෝපල් සුසන්ත හැකි වෙිගෙන් කා පස්සෙ හරි පන්නනව. මීටර් පන්සියයක් විතර දුරක ඉඳන් ඒ කව්රු හරි මැගසින් එකක් විතර වෙඩි තිබ්බා
ටික වෙලාවකින්. මං එයාලට ලංකරද්දි ටිකක්  අමුතිත්ත කුනුහරප වරැසාවක් ඇහුනා.
මාත් එතනට ඉක්මනින් ලං වෙනකොට කෝපල් සුසන්ත කුනුහරපෙන්ම මටත් කිව්ව දුවපිය ආපහු කියල. මං ආවට වඩා වේගෙන් හිටපු තැනට දිව්වා.

එතන පුංච් යුද පිටියක්. සෙට්එකේ කතා කරල කොන්වොයි එක නවත්තන්න  කිව්වට ඒක සිත්තන්ඩිවලින් පිටත් වෙලා. ඒක නවත්තගන්නම ඔින. ඒත් මෙන්න විනාඩි දහයක් විතර යනකොට ඒක කඩාගෙන එනවා ඉස්සරහින්. පාරෙ හිටපු තව කෝපල් කෙනෙක් කෑ ගහගෙන කොන්වොයි එක ඉස්සරහට දුවගෙන ගිහින් මගින්ම නවත්තගත්තා. කොන්වොය් කමාන්ඩර්ට කතාකරල ඒක ආපහු හරවලා සිත්තන්ඩි වලට යැව්වා.

අපි එතන සම්පූර්ණ වට ආරක්ෂාවක් දැම්මා. දාල
කෝප්‍රල් සුසන්ත මං හිටපු තැනට ඇවිත් බඩ ගාගෙන වයර් එක කපපු තැනට ගියා. ගිහින් ඒකෙ අනික් පැත්ත කොහාටද තියෙන්නෙ බැලුවා. ඒක පාර යටට තියෙන්නෙ. ඒ කියන්නෙ පාරෙ ඉඳල මීටර් පහක් හතරක් වගේ දුරක ඉදන් පාර මැද්දටම උමගක් වගේ කපල.
කෝප්‍රල් සුසන්ත කණ්ඩ භාර සැරයන්ට කිව්වා මෙික ගලවන්න ඉංජිනියර්ස්ල ඔින කියල. ඒක සෙට් එකේ බ්‍රිගේඩ් එකට කතාකරල ටීම් එකක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ලෑන්ඩ් මයින්ඩ් එක ගැලෙව්වා. කිලෝ අනූවක සීයක බිම් බෝම්බයක්...
ප්ලාස්ටික් බාස්කට් එකක්. බැරල් කාලවල් දෙකක්. ඒක ගලවල අපි වටෙි ක්ලියර් කරන්න හදනකොට කෝපල් සුසන්ත කේඒඩී ප්ලැටූන් සාජන් එක්ක සාකච්චාවක්.
ටික වෙලාවක් යනකොට  කා පස්සෙ හරි පන්නපු  අපේ තුන් හතර දෙනෙක් ලේ පෙරාගත්තු එහෙත් මිය ගියපු එකෙක් අරං පාරට ආව. එතකොටයි මාත් දන්නෙ මෙික බ්ලාස්ට් කරන්න දෙන්නෙක් ඇවිත් එකෙක් බාවල කියල. එල්ටීටීඊ යුනිපෝම් කොට කලියමක් සහ ඊ⁣ට උඩින් ඇදපු සරමක්. කලුපාට ටීෂර්ට් එකක් ඇදගත්තු පොරක්. අනිකා දුවල.අල්ලගන්න බැරිවෙලා. බ්ලාස්ට් කරන්න රතු පාට ලොකු උස  බකට් එකක මෝටර් සයිකල් බැටරි විසිහතරක් මීටර් එකසිය පනහක පමන දුර ඉඳන් බ්ලාස්ට් කරන්න ප්ලෑන් කරල. එකක් බැටරිවල අමුනල.අනික ගාවන්න විතරයි තිබිල තියෙන්නෙ. කොන්වොයි එක ටාගට් කරන් තමා වලදාල තිබුනෙ. නමුත් ඊට කලින් කියන්න සතුටුයි මගේ කල්පනාවත් කෝපල් සුසන්තගෙ කැපවීමත් මත මහා විශාල ඛෙිදවාචකයක් ඒ අයුරින් වැලකුනා. මගේ වෙලාව කියන්නෙ ඔින එකටයි එපා එකටයි මර හඬ දාල කෑ ගහන මට, ඒ වෙලාවෙ පිකට් එකටම ඇහෙන්න හයියෙන් "ඩවුන්" කියල කෑ ගැහුනෙ නෑ. එහෙම උනානං ඒ සද්දෙ කොටින්ට ඇහිල වැඩෙි මාට්ටු කියල අනිත් වයර් එකේ කොනත් අර බැටරි කණුවක ගාවන්න හොදටම ඉඩ තිබුනා. ඒ තැන අපිව බෙිරුවෙ අනිල් රත්නායක. ඌ ගැන දුකෙන් පපුව පිරිල තිබුනෙ. අනික මගෙ රේක්කෙ වලට වැටුනම මට සිහියට ආවෙ....මටත් බඩු හරි තමා කියල... ඒ නිසා කෑගැහුවෙ නෑ..

 එදින රාත්‍රී නවයේ (මගේ ගාව තිබුනු ලොඳ පැනපු රුපියල් හාරසිය පනහේ කේපීඊ රේඩියෝ එකේ) ප්‍රධාන පුවත් වලට කියවුනා.
" අද දින මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී නිවාඩු ලබායන සෙබළුන් රැගත් වාහන පෙළක් ඉලක්ක කර පුපුරුවා හැරීමට වළදමා තිබූ කිලෝ අනූවක් පමණ බරැති බිම්බෝම්බයක් සොයාගැන්මට එම කඳවුරේ සෙබළුන් සමත් වීමෙන් මහා විනාශයක් වැලකී ගොස් ඇත. තවද, එය පුපුරුවා හැරීමට පැමිණි එක් එල්ටීටීඊ සාමාජිකයෙකු මරාදමන්නටද ඔවුන් සමත්වී ඇත.. ....... "
මට මෙි ප්‍රවෘත්ති ඇසීමෙන් ලද තෘප්තියට වඩා තෘප්තියක් කඳවුරේ නිඅ තුමත් අණදෙන නිළධාරි තුමත් විශේෂයෙන්ම 232බසේමු බළසේනාධිපතිතුමාත් මාවත් කෝපල් සුසන්තවත් අගය කිරීමෙන් ලැබුනා. ඒක මං හිතන්නෙ ආත්ම ගානකට අමතක කරන්න බැරි සිදුවීමක්. මොකද නිවාඩු යන්න මඩකලපුවෙ ඉඳන් එන අපේ සගයින් අපිව සීයට සීයක් විශ්වාස කරල එන්නෙ එයාලගෙ ජීවිත අපි රැකගනී කියල. ඒ විශ්වාසය අපි සීයට සීයක්ම රැක්කා. ඒ  එතෙක් මෙතෙක්  නැගෙනහිර පලාතෙන් හොයාගත් විශාලතම ලෑන්ඩ් මයින් එක වීමත් විශේෂත්වයක්.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.28

No comments:

Post a Comment