Wednesday, May 20, 2020

වතුපිටිවල කේස් එක

අපේ ගමෙි එහෙමත් නැත්තං වතුපිටිවල තියෙනව කර්මාන්ත පුරයක්. මෙිකෙ ප්‍රධානතම කම්හල් දෙකක් තියෙනව. එක කම්හලක් රජයෙ. අනික පුද්ගලික එකක්. පුද්ගලික එකෙත් සේවකයො දාහක් ඉන්නව.රජයෙ එකේ දහදාහක් විතර ඉන්නව.. ⁣රජයෙ එකේනං අධ්‍යක්ෂක හිටියෙ ඉස්තිරී රත්නයක්. කව්රුත් දන්නවනෙ රජයෙ ආයතනවල ලාබ අඩුයි කියල.  රජයේ කර්මාන්ත ශාලාවෙ අයට වගකීම ඉහලින්ම තියෙනව.අනිකට නෑ.ඒක පුද්ගලිකනෙ. ඉතින් ඔහොම කාලයක් යද්දි පුද්ගලික එකේ අයිතිකාරය එහෙමත් නැත්තං වසන්ත තමන්ගේ කම්හල පටන්ගත්තේ ටිකෙන් ටික අදියරෙන් අදියර. ඒ ඉන්දු අද්‍යකෂක තනතුරට එන්නත් කාලෙකට  කලින් ඉඳන්.එහෙම මහන්සිවෙලා තමා එයා එයාගෙ එක දියුණු කර ගත්තෙ. ඒත් වසන්තගෙ අරමුනේ දිශානතිය වෙනස්. එයා ඒ අස්සෙ කල්පනා කරන්නෙ රජයට අයිති එකේ හිස් ඉඩමෙන් ටිකක් අයිති කරගන්න තිබ්බොත් හොඳයි කියල. පස්සෙ වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වසන්ත කරන්නෙ අර ඉඩමෙන් බලෙන් ඒත් තදින් ඉල්ලනව. ඒ වුනත් ඒක රජයෙ. අධ්‍යක්ෂකට ආවට ගියාට දෙන්න බෑනෙ. ඒක සදාචාර සම්පන්න නෑනෙ. අනික ඉන්දුත් පුටුවෙ ඉඳගත්තෙ එයාටත් කලින් පටන් ගත්තු මෙි රන්ඩුව හොදින් හරි නරකින් හරි ඉවරකරනව කියලනෙ. ඉතින් එයා කියනව  දෙන්න බෑ කියල. පස්සෙ වසන්තත් එයාගෙ සේවකයන් රජයෙ කම්හල ගැන තවත්  කලකිරවල එයා එයාගෙ අරමුන වෙනුවෙන් තමන්ගෙ සේවකයන් තව තවත් පෙළ ගස්සවනව.  දැන් වසන්තගෙ එක අණට රොතු බුරුතු පිටින් එලියට ඇවිත් ඔින දෙයක් කරන්න පුලුවන් මට්ටමට  සේවකයන් පෙළ ගැස්සුවම මොකද වෙන්නෙ, වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, වසන්තගෙ එක අණයි ඊටත් වැඩි දේවල් කරන්න එක්ක එයාගෙ සේවකයො පෙළ ගැහෙනව. ඊට පස්සෙ වසන්තගෙ සේවකයො මොකද කරන්නෙ රජයෙ එකෙන් එලියට බහින බහින අයට  ගහන්න පටන් ගන්නව. දැං හෙන ගිනිවිජ්ජුම්බරයක් මුලු වතුපිටිවලම. අම්මෝ කාටවත් එලියට බහින්න බෑ. ඒක රජයෙ කම්හලක් වුනාට මෙි ඒරියා එකම පාලනය වුනෙත් නඩත්තු කලෙත් මෙි කම්හලෙන්. එයාට අපි කියමුකො ඉන්දු කියල. දැන් ඉන්දුට ප්‍රශ්ණ ගොඩයි. වසන්ත සේවකයන්ටත් ගහනව.එයාලගෙන් නඩත්තුවෙන ගමෙි මිනිස්සුන්ටත් ගහනව. ඉල්ලන්නෙම අර ඉඩම් කෑල්ලක්. ඒත් ඒක කාලාන්තරයක් තිස්සෙ රජ⁣ය යටතේ තියෙන නිසත් පරම්පරාවෙන් පරම්පරාවට එන ඉඩමක් අනාගතය වෙනුවෙන් ඉතිරිකරන්න ඔින නිසාත්  ඒක දෙන්නෙම නෑ. ඒක දෙනවට මෙි ඔක්කොම විරුද්ධයි. දෙන්නත් බෑ. හෘද සාක්ෂියට වගේම සදාචාර සම්පන්නත් නෑනෙ. පස්සෙ පස්සෙ ඉන්දුගෙ සිකුරුටිල අර කචල් අදින  වසන්තගෙ අයට ගහන්න පටන් ගත්තා. දැන් දෙගොල්ල හරි හරියට මරාගන්නව. පස්සෙ ඉතින් මෙි වලිය නිසා වසන්තට මනාප එයාගෙ හිතවත් කම්හල් වලින් ඉන්දුටත් හෙන පස්න.අනික එයා ගෑනියක් නිසා තවත් බලපෑම් වැඩී.සමහර විට තමන්ගෙ අයත් කියනව ඔන්න ඔය ඉල්ලන මගුලක් දීල දාමු ඉන්දු කියල. ඒත් එයාත් තව සීයට අනූවකටත් වැඩි පිරිසකුත් මෙිකටත් කැමති නෑ. ඉන්දුගෙ සේවකයනුයි සිකුරුටි බ්‍රාන්ච් එකේ අයයි වසන්තගෙ අයගෙන් පහර කන්න පටන් ගත්තම ටිකෙන් ටික මෙයාලට කල කිරෙන්න පටන් ගත්තා. එයාල හීන් සැරේ ඉන්දුගෙන් අයින් වෙන්න වගේ හදන කොට ඉන්දු එයාගෙ  සිකුරුටි සර්විස් එක නියම ප්‍රහාරක කොටසක් වශයෙන් ප්‍රථිසංස්කරණය කරනව. සිගරට් බීම තහනං කරනව.ලෙඩ්ඩු වැඩි වෙන හිංද. එයාලට අලුතෙන් ඇදුම්, උපකරණ, වාහන වෙඩි තියන්න උවමනානං තුවක්කු වර්ග,ඒවට අවශ්‍ය සෑම දෙයක්මත් ගෙනල්ල මෙයාලව සන්නද්ධ කරනව. ගහගන්න මරාගන්න බැනගන්න හොඳ සුපිරි පුහුණුවකුත් ලබාගන්න සලස්සනව.අනෙක් කම්හල්වල අයටත් වඩා අඩු වැටුපක් අරන් මැරෙන්න උනත් සූදානං තමන්ගෙ ආයතනයේ සිකුරුටිල  ප්‍රහාරක කණ්ඩායමක් දක්වා පරිවර්තනය වූ අයට  සැලකිය යුතු මට්ටමකින් එකවරම වැටුපත් වැඩිකරනව.මානසික ඒකාග්‍රතාවය වගේම චිත්ත ශක්තියත් වැඩි කරනව. ඔවුන්ගෙ මානසිකත්වය ඉහල මට්ටමකින් තියාගන්න ඔින නිසා  හොඳ පුහුණුවකුත් ලබාදෙනව. කලින් ඉඳපු සිකුරුටිලමයි මෙි.නමුත් දැං ගේට්ටු මුරකරපු සිකුරුටි තත්වෙන් මෙයාලා හාත්පසින්ම මිදිලා. ඉන්දු කරන්නෙ මදිද මදිද අහ අහ තවත් ඒ සිකුරුටි සර්විස් එකට කට්ටියත් බඳවල දෙනව. දැන් කම්හලේ එක ආයතනයක ඉන්න පිරිසටත් වඩා කීප ගුණයකින් සිකුරුටි සර්විස් එකේ පිරිස වැඩී. මෙික අතිනවීන සංකිර්ණ ස්වයංක්‍රීය පොලු දෙබල් කරු පොඩි පොඩි කැටපෝල කඩු වර්ගවලින් තමා මෙයාලව සන්නද්ද කලේ.
ඊට අමතරව ඉන්දු තව වැඩකුත් කරනව. ඒ තමා තමන්ගෙ ආයතනය යටතේත් ඉන්දුගෙ කම්හලට අයත් භූමිය පුරාමත් මෙතෙක් තමන්ට වසන්තලගෙ කෙරුවාවල් ගැන කේලං කියන්න උන්නු අය ගෙන්නල අඩුපාඩු අහල "මීට පස්සෙ හොඳට කේලම් කියන්න ඔිනෙ ඈ" කියල එයාලගෙ ඉල්ලීමුත් ලෝබ නැතුව දෙනව. ඊට අමතරව වැඩිපුර කේලං කියන්නනුත් බඳවල දීල සුපිරි පුහුණුවකුත් දෙනව.
දැං ඉන්දුට ගොඩක් සතුටුයි. වසන්ත ගැහුවොත් මෙයත් ගහනව.මෙිකට තරහ ගියා වසන්තට. ඉන්දුගෙ සිකුරුටිල අවස්ථා කීපයකදිම වසන්තගෙ අයට පන්න පන්න ගැහුව.ඒකෙන් ගොඩක් වසන්ත වැටෙන්නත් පටන් අරන් තිබුනෙ. ඒත් වසන්තත් ගේම අතාරින්න කැමති නෑ. ඊට පස්සෙ මෙයත් ඉන්දු වගේ නැතත් පුලු පුලුවං විදියට සුලු වෙනස්කම් ටිකක් කරනව. වසන්ත එක දවසක් ඉන්දුගෙ සිකුරුටි ගැන්සියක් එක තැනක කොටු කරගන්නව. ඒකට  කාන්තාවක් වශයෙන් මෙයා ගොඩක් අසරණ වෙනව. ඒත් කලගුණ සැලකීම ලේ වල තියෙන සිකුරුටි එකේ ජේඑස්ඔිල කීපදෙනෙක් තමන්ගේ බ්‍රාන්ච් එකේ  ඔිඅයිසීට කරුණු දක්වනව අරයල ටික බෙිරගන්න ඔින විදිය කියලා. ඒක පිලිවෙලින් ඒත් කඩිනමින් සිකුරුටි අධ්‍යක්ෂකට මෙික යනව.එයා ඉන්දුත් එක්ක එකතු වෙලා සුපිරි ගේමක් ගහනව. ඉන්දුගෙ මෙි වැඩ පිලිවෙලට අකමැති එයාගෙම ස්ටාෆ් එක කොකු අදිද්දි කකුලෙන් අදිද්දි, වසන්තට උදව්කරන අය ඉද්දි, මෙි සිකුරුටි අධ්‍යක්ෂකල තුන් දෙනා කියන එකට කැමති වෙනවා. සිකුරුටි අධ්‍යක්ෂකල තුන් දෙනෙක් කිව්වෙ එක්කෙනෙක් ගස් උඩින් පවා  ඉගිල්ලිලා ගිහින් ගහන්න පුහුනුව ලබපු අයගෙ ලොක්කයි, ඔිනැම ගංවතුරක වතුරක ඇලක දොලක පිහිනලා ගිහින් ගහන්න පුලුවන් අයගෙ ලොක්කයි.
ඉතින් මෙයා මෙයාට හිතවත් පිට කර්මාන්ත ශාලාවකින් එකපාර ගල්කැට පොකුරු පොකුරු විදින්න පුලුවන් කැටපෝලයක් ඉල්ලනව. පලවෙනි එක මෙයාට විරුද්දව කේලං කියනවුන්ගෙ ඒව අහල මගින්ම ගල් කරනව. ඒත් ඉතා ඉක්මනින් කාටත්ම හොරෙන් ගේම ගහල කොහොම හරි ආබාධසහිත හරි ආයෙ කැටපෝලයක් වෙනම තැනකින් ඉල්ලල ගෙන්නගන්නව. පස්සෙ ඉතින් කට්ටියම එකතු වෙලා තව අඩු වැඩිය දාල වසන්තගෙ කට්ටියට වහ කන්න සලස්සල අර කොටුකරගත්තු අය බෙිරගන්නව. ඒ අර කැටපෝලෙන් ගල් විදල. පස්සෙ වසන්ත කරපු හැම රන්ඩුවකටම අර කැටපෝලෙන් දෙන්න තිබා ගත්ත ඊස් මීස් නැතිවෙන්න. ඔහොම ඉද්දි නිළ වරණයක් ආව. ඒකෙන් ඉන්දුට හිතවත් අය පුරදුනොත් අනිවාරයෙන්ම අලුතෙන් පත්වෙලා එන කෙනෙකුට තමන්ගෙ පුටුව නැතත් දෙවෙනි පුටුවෙ ඉඳල දෙන්න වෙනව. එතකොට මෙි කම්හල දෙකෙට බෙදෙනව. ඒත් කරන්න දෙයක් නෑ.වල් කම්හලක් නෙමෙිනෙ.රජයෙනෙ. එයා කොහොමහරි මෙිකට මූනත් දීල ඇහැකුත් නැති කරගන්නව. ඒ ඉන්දු ඉන්න තැනකට වසන්තගෙ පොරක් චීනපටස් එකක්  එකක් ගහල. එයාගෙ අධ්‍යක්ෂ මණ්ඩලය පරාදවුනත් ඉන්දු හිත දැඩි කරගන්නව. වැදගත්ම පුටු තුනක වැඩ එයා බාරගන්නව. ඒකට අයිති වෙනව සිකුරුටි සර්විස් එකයි, සරප් බ්‍රාන්ච් එකයි තව එකකුයි.
පස්සෙ අලුතෙන් පත්වෙලා ආපු දෙවෙනියා වසන්තට කියනව අපි මෙික විසඳගමු හැබැයි සාකච්ඡා මාර්ගයෙන් කියල. වසන්තත් මෙි වෙනකොට ඉන්දුගෙ අයගෙන් කාල හෙම්බත් වෙලා ඉන්නෙ. ඉන්දුගෙ පොකුරු කැටපෝලෙටත් මෙයාල පන ඇරල බයයි. එයාටත් හිතිල තිබුනෙ "අනේ මටත් මෙි වගේ කැටපෝලයක් ඇත්නම්" කියල.ඉන්දුගෙ සිකුරුටි ගැන්සිය වසන්තගෙන් උදුරගත්තු දේවලුයි, වසන්ත බලෙන් අල්ලගත්තු ඉන්දුගෙ ඉඩම් කෑලි කොටස් කීපයක් නැවත උදුරගන්නයි තව පිරිස වැඩි කරගන්නයි අනික් අඩු පාඩු ඔක්කොම හදාගන්නයි නියම කාලෙ කියල හිතල  මෙයා දෙවෙනි පුටුවෙ ආරාධනාව පිළිගන්නව.
දෙවෙනි පුටුවට අලුතෙන් පත්වෙලා ආවෙ අනිල්. අනිලුත් ඉතින් අනේ අම්මෙි මෙයාලා කියන කියන දේවල් කරනව.කියන කියන දේවල් කරනව. ඉන්දුගෙ සිකුරුටිලට තමන්ගෙ සිකුරුටි කාමරවලින් පිටවෙන්න තහනං කරනව. ඉන්දු ගෙනත් දීපු අවි ඒ ඒ තැන්වල තියල ලොක් කරනව. කැටපෝලෙ අයිස් බවට පත්කරනව.ඊට අමතරව අනිල් මහ බලුවැඩකුත් කරනව. ඒ තමන්ට කේලං කියන කට්ටිය දාල ඉන්දුගෙ කේලං කියපු කට්ටිය පාවල දෙනව. වසන්තත් බල බල හිටියෙ ඔිකනෙ. පොරත් තමන්ගෙ කට්ටිය දම්මල  ඉන්දුගෙ කේලම් සෙට්එකේ සුපිරි ඔලුටික ආයෙ කේලං නොකියන්නම බැරි විදියට පොඩි කරල දානව. ඒ අස්සෙ වසන්ත එයාගෙ ඉල්ලීමුත් අනිල් දෙන ට්‍රැක් එකට ආවත් මෙයාටත් අනිල් කාරය සුවර් නෑ. මිනිහ කරන්නෙ මෙි කාලෙන් උපරිමම ප්‍රයෝජනය ගන්න එක විතරයි. හැබැයි අනිල් මෙි වෙලාවෙ තව ගේමක් ගහනව වසන්තටත් හොරෙන්. ඒ තමා වසන්තත් එක්ක කොකං පාන ගමන් වසන්තගෙ දෙවෙනියාව මෙයා සල්ලි පෙන්නල නම්මගෙන කඩාගන්නව. වසන්තට කනේ පහරක් ගැහුව වගේ උනත් වසන්ත තමන්ගෙ මන්ඩලයට කිව්වෙම "ගිය යකා ගියාවෙ අපි ගේම ගහමු බං" කියල. හැබැයි වසන්තගෙ දෙවෙනියා නොහොත් "කරුනෙ" ආවෙ නිකන්මත් නෙවෙයි එයා යටතේ හිටපු සිකුරුටිලයි උන්ට අයිති කැති පිහි මන්නා පොරෝතල උදලු විල්ලු මුල්ලු එක්ක. ඒ ආවෙ සුලු පිරිසක්. ඒක වසන්තට ගොඩක් වෙන්න ඇති.ඒත් ඉන්දුට අනුවනං සුලුම සුලු පිරිසක්. ඉන්දුගෙ සිකුරුටිලටනං දවස් දෙකකින් පහර දීල යටත් කරගන්න පුලුවන් තරමෙි පිරිසක්. පස්සෙ වසන්ත කරුනෙත් එක්ක තියෙන තරහට එයාගෙ කට්ටිය දම්මල කරුනෙටයි එයාගෙ පිරිසටයි ගහනව. මෙිකෙන් මෙි දිහා සිකුරුටි කාමරේ ඉඳල සජීවීව බලා හිටපු අපිනං දන්නව මෙිකෙන් වෙන්නෙ මොකද්ද,වුනේ මොකද්ද,අවසානය මොකද්ද කියල. මෙිකෙන් උනේ කරුනෙගෙ බරගානක් කරුනෙට සදහටම නැතිවුනු එක. ඒ ගේමෙනුත් ඉස්සරහින් හිටියෙ වසන්තමයි. කරුනෙගෙ අයියා,එයාගෙ ලේකම් ඉඳල සුලු සේවකය දක්වා බරගානක්ම කරුනෙට නැතිවුනා. කරුනෙට යන එන මං නැතිවුනාම ආතල් එකටත් එක්ක අනිල්ගෙ වචනෙට කීකරු වෙලා වසන්ත සදහටම අයින් කරල ඉන්දුගෙ කම්හලේ සේවෙට බැදෙනව. කරුනෙගෙ කණ්ඩායමෙි ගොඩක් අය පොලු කැති පිහි මන්න අතැරල සමාජ ගතවුනා.සමහරු වෙන වෙන පලාත්වල, රටවල පදිංචියට ගියා. ඒ අය හිටියත් කරුනෙට එකතු කරගන්න පුලුවන් උපරිම දෙදහකට අඩුවෙන්.ගලේ කෙටුව වගෙ කියන්නෙ දෙදාහට අඩුයි. මොකද අපිට එලියට යන්න තහනං වුනත් විසිටින් ඔෆිසර්ලා විදියට පැනල එලියෙ ඉඳං ඇස් දෙකෙන් මෙිව බලල මොලේට දාගත්තෙ. අනිල්ගෙ අධ්‍යක්ෂක මණ්ඩලයනං කියයි පනස් දාහක් හැට දාහක් වුනත් කියල. ඒත් චිත්තරපටියෙ රඟපාන නලුවො තමා පේක්ෂකයින්ට වැඩිය සහ ඊට කලින් කතාවෙ අවසානය දන්නෙ.පේක්ෂකයො චිත්තරපටිය බලල ආව් ආව් කියල දෙබසුයි පසුබිමයි බලල අප්පුඩි ගහන  එක විතරනෙ කරන්නෙ.
ඉතින් මෙහෙම යද්දි වසන්තගෙ ඒම් එක සම්පූර්ණ වුනා.එයා අනිල්ව විස්වාස කලෙත් නෑ.ඉන්දු විස්වාස කලෙත් නෑ..
ඔය අස්සෙ ආයෙ නිළවරණයක් ආව. ඒකට කම්හලේ අධ්‍යක්ෂක ධූරයට ආවෙ මහ නාහෙට නාහන පොරක්. ඒ තමා නිළමෙ.එයත් වසන්තගෙ ඉල්ලීම්වලට සාධාරනව කන් දික්කරන් හිටියත් වසන්තට මෙි වෙනකොට හුඟක්ම ඔින වෙලා තිබුනෙ වෙන එකක්. ඒත් නිලමෙ අයිය ඉවසුව. එයාට හොඳටම තේරුනා වසන්ත එන්නෙ මොකාටද කියල. මොකද එයත් ඉන්දුට පක්ෂපාති කෙනෙක් නිසා සයිඩ් එකෙන් ඊලඟට ඉන්දුගෙ පුටුව ලැබෙන විශ්වාසෙන් මෙි හැම දෙයක් ගැනම සාවදානෙන් අවදානෙන් බලාගෙන හිටියෙ. එයා දන්නව වසන්ත ඉල්ලන්නෙ මොනවද කියල. ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසල ඉංදුගෙ සිකුරුටි සේවිස් එකේ බැඳල තිබුනු මකුලුදැල් හෙම කඩල පොලුටික සුද්ද කරල කඩු පිහි තෝමර මුවහත් කරල එයාලට අවශ්‍ය අඩුපාඩුත් සකසල දීල පැත්තකින් තියාගෙන රෙඩි කරගත්තා. ඒ වසන්තගෙ කියාපටිපාටිය එන්න එන්නම සවුත්තු හින්දා හා වසන්ත අමුතු ජාතියෙ පොරක් හිංද. එකදවසක් අනිල් මහත්තය ඉන්න කාලෙ වසන්ත පොරගෙ ගෝලයො දම්මල සිකුරුටිලට ගූ ගැස්සෙව්වා. නිකනුත් නෙමෙි සිලි සිලි බෑග්වලට රීල ඒව කෝටුවලින් හිල් කරලයි ගැහුවෙ. පස්සෙ මුන් ඒකෙනුත් කුපිත වෙන්නැති හිංද එක දිගට ගල් ගැස්සුව. ඒත් බැරිඋනා.කුනු හරපෙන් බැන්නුව,ආයෙ ආයෙත් ගූ ගැස්සුව. ඒත් සිකුරුටිලට පුලුවන් වුනේ මෙික නිලමෙ අයියට වාර්තා කරන්න විතරයි.මොකද ඒ තරමට සිකුරුටිල ඉවසුව හන්ද. පස්සෙ වසන්ත එක එක කේලංකියන්නො අල්ලගෙන ජාතියන්තරේට පේන්න චිත්තරපටියක් ගැස්සුව. කලින් ඉන්දුගෙ දැන් නිලමෙගෙ සිකුරුටිලට අවාසි වෙන විදියට. ඊට පස්සෙ "මෙච්චර කරද්දිත් මුං ඉවසන්නෙ මුංනං මිනිස්සු ජාතියක් වෙන්න බෑ කියල" ටැප් එකක් වහල සංසාරෙම කෙලෝගත්තා. මෙිකෙ තව භූමිකාවක් තියෙනව. ඒ තමා සාරවිට කාරයො.පොරලත් නිකන් හිටියෙ නෑ.ඉන්දුගෙ කාලෙ ඉඳලම කිව්වෙ වසන්තට පාඩමක් උගන්වන්න ඔිනෑමයි  කියල.නිළමෙ අයියට කිව්වෙත් ඒකමයි. වසන්තට පාඩමක් උගන්නනවනං අපි ඔින සපෝර්ට් එකක් දෙන්නං කියල.
ටැප් එක වහපුවම නිලමෙ අයියට මළ පැන්නා. ඇරපිය ඇරපිය කිව්වා මූ ඇරියෙම නෑ. මෙයා කරපු වැඩෙි සිකුරුටිත් එපා තොපිත් එපා කියල වෙන කම්හලක සුලු රැකියාවක් කර කර හිටපු එයාගෙ මල්ලිට එන්න කිව්වා ආපහු සිකුරුටිලගෙ ගේම දුවවන්න. එයා කිවුවා පොලු හමුදාවෙ අහවලයි ඉගිලෙන සිකුරුටිලගෙ අහවලයි සුවීමින් කරන කට්ටියගෙ අහවලයි අධ්‍යක්ෂක කරනවනං හා කියල.ඒකට නිලමෙ හා කිව්වා. පස්සෙ මල්ලියි අලුත් අධ්‍යක්ෂකලයි එකතු වෙලා බිම් මට්ටමෙි ඉඳන් අහස්තලේ දක්වා සැලසුම් හදලා සිකුරුටිලට වැඩෙි පැවරුවා. ආයෙත් සිකුරුටිලට අවශ්‍ය කාලයේ තාලයට ගැලපෙන කඩු දුනු මුගුරු තෝමර පාරාවලලු පංචායුදේම ගෙන්නල දීල චිත්ත සත්තියත් ගොඩ නැංගුව. එයාලට විස්වාසයක් ඇති කලා. වරප්‍රසාද ගොඩක් දුන්නා. සිකුරුටිලටත් සංතෝසේ බෑ. මොකද එයාලටත් ඉවසලා ඇති වෙලා තිබුනෙ.ආත්ම ගෞරවය බිංදුවට බැහැල තිබුනෙ. පස්සෙ වසන්තට තේරෙන බාසාවෙන් උත්තර දෙන්න සිකුරුටිල පෙල ගැහුනා. එයාලා වසන්තගෙ කම්හල දෙකට බෙදල ඉස්සෙල්ල සුදුසු කොටස තෝරගෙන මුලක ඉදන් වැඩෙි පටන් ගත්තා. ඉතින් ඔන්න ඔිකයි වතුපිටිවල කම්හල් දෙකේ කතාව. මෙි රණ්ඩුව යන අතරේ නිලමෙ මහත්තයගෙ මල්ලි කාරය අමුතුම ගේම් තමා ගැහුවෙ. සිකුරුටිල ගිරාහොට ගම පහුකරල යද්දි මෙි රන්ඩුව නිලමෙගෙ පාලනයෙන් ටිකක් අතෑරුන. ඒකට හේතුව වුනේ වසන්තට කැමති අනෙක් කම්හල් වල අද්‍යක්ෂකල මෙයාටත් ඉන්දුට වගේම සමහර විට ඊටත් වඩා බලපෑම් කිරීම. හේතුව වසන්තව මෙි විපතින් බෙිරාගැනීම. ඒත් සිකුරුටි අධ්‍යක්ෂක කියන්නෙත් නාහෙට නාහන හිතුවක්කාරයෙක්. ඒකටම තකට තක නිලමෙගෙ මල්ලි. ඔක්කොම එකයි.  පොලු හමුදාවෙ රවීන්ද්‍ර ඔිඅයිසී මහත්තය එක්ක තමා සිකුරුටි හිමිජ්ජෙක් වුනු මාත් පොල්ල වන වන ගියෙ.
මෙිකට තව අඩුවැඩිය දන්න දන්න කට්ටිය දාන්න. ඒකට තහනමක් නෑ. නමුත් මං මුලින්ම කියන්න ඔින
ඉන්දු ගොඩක් මහන්සිගත්තා එක එක අධ්‍යක්ෂකල යටතේ වැඩකරල එපාවෙලා මුලුගැන්නිලා හිටපු සිකුරුටි සර්විස් එකට නැවත පනදෙන්න.එයා හිතුව වගේ එයාලත් අලුගසා දාල ආව.
සාරවිට කාරයොත් ප්‍රධාන භූමිකාවක් රඟපෑව. අනිල් ලේ හොල්ලන්නැතුව මොලෙන් ගේම ගහන්න හිටියනං අදටත් මෙි සිකුරුටිලයි අන්තිම සේවකයා දක්වායි කට්ටියටයි කම්හලෙන් එලියෙ කට්ටියටයි වෙනම හැදුනුම් පතක් හදන්න වෙනව අවට සිරි නරඹන්න යන්නත්. ඒක කොහොම හරි වැලකුනා වසන්තයා ටැප් එකක් වහන්න ගිහින්. මෙි වලිය දිහා බලාහිටපු සමහරු කියයි ඒක එහෙම නෙමෙි කියල. කලින් කිව්ව වගේ ආයෙත් කියන්නෙ පේක්සකයො කරන්නෙ චිත්තරපටිය බලල ඒකෙ කතාව යි දෙබසුයි පසුබිමයි නරඹල ඔලුවට දාගන්න එක විතරයි.නමුත් නලුවන් රගපාන්න ගත්තු වෙහෙස,චිත්තරපටි අද්යක්සක නලුවන්ට දෙන උපදෙස් දහපාලොස්පාර වරද්ද වරද්ද රඟපානකොට අහන දේවල් ගොඩක් පේක්සකයො දන්නැ. කොටින්ම වතුපිටිවල ඒ ගාමන්ට් එකේ සිකුරුටි සර්විස් එකේ පහලම එකෙක්වුනු මාත් හැමදේම දන්නෑ.නමුත් පසුබිමෙි ඉඳන් චිත්තර පටිය රගපාන හැටි බලන් හිටියා.රඟපාන්න භූමිකාවක් ලැබුනම රඟපෑව. ඉන්දු නැතුව ඔතන වෙන කෙනෙක් හිටියනං සමහර විට මෙි වලිය එදා ඉවරවෙන්න නොතිබුනත් කෙලින්ම කියන්න පුලුවන් ඒත් මෙි වෙනකොටත් වසන්ත මුලු ගමටම ගහනව කියල. ඉන්දුට බැරිවුනේ එයා ගෑනියෙක් හිංද එයාගෙම කට්ටියයි අනික් කම්හල්වල අධ්‍යක්ෂකලයි මෙයාට බලපෑම් කරපු හිංද. අනික ඉතින් හැමදාම ජීවත් වෙන්න ලස්සල ගෙයක් හදනකොට හොඳ සැලැස්මක් පිලිවෙලක් හොඳ තත්වයේ බඩු වගේම හොද බාස්ලත් ඉන්න ඔින.නැත්තං වාස්තු දෝස වලට අහුවෙනව.  අලුත් කම්හල් වලින් ඇවිත් නිලමෙ අයියට සැලසුම් හදල දුන්නෑනෙ. ඉන්දු ඉන්න කාලෙත් හිටපු අයමයි හැදුවෙ. ඒවට ඉතින් එක එක පුටුවල බලපෑම් තියෙන්නත් ඇති.ඉන්දුට නොකරන්නයි මෙයාට කරන්නයි. අනික ඒ මකුලු දැල් වලින් වැහුනු මොළගෙඩි අයින් කරල අළුත් මොළගෙඩි  අරයල අතරින්ම අරන් තමා නිළමෙ අයියලත් ගේම ගැහුවෙ. අනික හිතන්නකො ඒක වෙන්න තිබිච්චි දෙයක් විය යුතු අයුරින් වෙලා අවසාන වුනා.කොටින්ම කියන්න පුලුවන් ඒක කාලය සහ මෙි මහපොලවෙ හැටි.
ඉන්දු සී⁣යට පනහක් නෙමෙයි සීයට තිහක් විතර මෙිකට කලා.සීයට දහයක් වගේ අනිල් අයිය කලා. කලාට වඩා නැතිකලා.එයානං කලාට වඩා නොකලා කියන එකයි හොඳ. මොකද කියනවනං කරුනෙ අයියයි තව දෙදාහයි කියන්නෙ ඒක මෙි සිකුරුටිලගෙ සැලැස්ම අනුව ගියපු විදියට මහලොකු ගේමක් නෙමෙි. කරුවෙ අයිය හිටියනං සැලසුම් චූට්ටක් වෙනස් කරල කරනවනෙ එහෙනං.එයා නැති හිංදනෙ ක්‍රියාව⁣ට නැංවුන සැලසුම් හැදුවෙ.  ගැමුනු කුමාරයට අර කව්ද අම්මන්ඩි කෙනෙක් කිව්ව වගේ පිඟානෙන් අතනින් මෙතනින් අනල කන ගේමක් නෙමෙි විදියටනෙ මෙික ගියෙ. ඒකට ඉතින් කරුනෙ අයිය නෙමෙි දෙවියන්නාන්සෙ ආවත් පදිරි වෙනව. එහෙනං වසන්තට අනික් කම්හල්වල අධ්‍යක්ෂකල මාර්ගයෙන් පැනල යන්නත් තිබුනනෙ. වසන්තගෙ මොලෙත් එකයි කරුනෙ අයියගෙ මොලෙත් එකයි. නැත්තං අත්තනගලු ඔයේම දෙන්නටම උඩට යන්න තිබුනා.
අනික කරුනෙ අයිය මහ වැඩකාරයෙක් කියන්නෙ බුදු මැදුරටවත් කෝවිලටවත් පල්ලියකටවත් යන්නැති ඈයොනි.
කරුණු කාරනා දැනගෙන කියන්නෙ ඉන්දුගෙ කාලෙ කේලං කාරයො වගයක් කරුනෙ අයියට ගහන්න ලඟටමත් ගිහින් ඔලුව කෙලින් පොල්ලත් ඉස්සුවට පස්සෙ හදිස්සියෙ ගහන්න එපා ඔික පව් කියල කිව්වම පොල්ලත් පැත්තට දාල කරුනෙ අයියගෙ පිටටත් තට්ටුවක් දාල "සොරි ඈ" කියල ආපු කට්ටියත් ඉන්නව. ඒව ඉතින් වැඩක් නෑ කියල.ඉතුරු සියේට ටික අනික් අයට බෙදිල යනව.
හැබැයි ඉන්දුගෙ පාලන ක්‍රමය මට වැඩක් නෑ.මං කැමතිත් නෑ. ඒත් ඉන්දු මිස්ට බනිනවටනං මං කැමති නෑ.මං විතරක් නෙමෙි හෘද සාක්ෂියෙන් අහනවනං ගොඩක් සිකුරුටිල ඉංදු මිසීට ආදරෙයි. එයා මහන්සි අරං සිකුරුටිල පනගැන්නුවෙ නැත්තං නිලමෙි අයියටත් මීට වඩා ටිකක් කල්  ගත වෙන්නත් තිබ්බා.නොතිබෙන්නත් තිබ්බා.

ආඩලෙයි ඉම්දු මිෂී😊😊😊😊

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.20

5 comments:

  1. Proud to be a සිකුරිටි...

    ReplyDelete
  2. ටියුබ් ලයිට් වගෙ. එක සැරේටම පත්තු උනෙ නෑ. ටික වෙලවක් ගියාම තමා තේරුනෙ මොකාටද එන්නෙ කියල.

    ReplyDelete
  3. වතුපිටිවල කේස් එක ගැන සාදාරණ විස්තරයක්.....( අනියා අර උන්නැහේව දැලේ දා ගත්ත එකෙනුත් නිලමෙට යම්කිසි වාසියක් උනා නේද ) කොහොමත් පේකසකයන්ට වඩා නලු නිලියෝ තමා චිත්තරපටියේ තිරයේ පිටිපස්සේ දේවල් හරියටම දන්නේ.....වතුපිටිවල රජයේ ඉඩමේ සැකියුරිටි ආරච්චිට ජය වේවා....

    ReplyDelete
  4. Awrudu 30ka diga kathawak, new rendition by Arachchi(WWV,RSW,RSP)

    ReplyDelete
  5. මම නම් කියන්නේ ඉන්දුට කෙලවුනේ මොන්ගල්තුමෙක් වගේ සෙට් එකක් එයාගේ උපදේශක මණ්ඩලේට ගත්ත නිසා....අනිල්තුමාගේ සටන් විරාමෙ ගැන නම් කියලා වැඩක් නෑ ....ඒ ගැන දැනගන්න නිලමේ තුමාගේ සිකුරුටි සෙට් එකේ කමල් තුමාගේ පොත කියවන්න ඕනෑ ...ආරච්චිත් සිකුරුටි සෙට් එකේ හිටියට හොද නිර්මාණ හැකියාවක් තියෙනවනෙ ....සුබ පැතුම් ..ඔහොම yයන්.

    ReplyDelete