Monday, May 4, 2020

කෑගල්ලේ කවි මඩුවක් කරපු හැටි

මං මේ වෙනකොට හිටියෙ කෑගල්ලෙ. කෑගල්ලත් එක්ක මගෙ හරි ලස්සන බැඳීමක් තියෙනව.
මෙි කඳවුරේ ඉන්නැද්දි අපේ යාලුවෙක්ගෙ දුවක්ගෙ තිබුනා බිග් ගර්ල් පාටි එකක්. මගෙ ආදරණීය යාලුවනේ අපිත් ඔිවට ඉතින් හරි කැමැත්තෙන්නෙ සහභාගි වෙන්නෙ.මොකද කියනවනං ඉතින් අර කැරකෙන වතුර ඒම ඇති වෙනකං හම්බ වෙනවනෙ..ඒව බිව්වම අප්පෝ.. එක තැනක ඉන්නවත් බෑ. කැරකෙනව විසිවෙනව එක මගුලයිනෙ.
අපිත් ඉතින් මළගෙවල් මගුල් ගෙවල් පාටි ගෙවල් ඒම එනකං අතේ ඇගිලි ගැන ගැන ඉන්නෙ කැරකෙන්ඩ යන්න.අතේ ඇගිලි මදිවුනාම කකුලෙ ඇඟිලිත් ගනන් කරනව.
ඉතින් ඔහොම ඇඟලි ගනන් කර කර ඉදල මදිවෙලා කකුලෙ ඇගිලිත් ගනන් කරල ඒත් මදිවෙලා යාලුවෙක්ගෙ අතේ පයේ ඇගිලිත් ගනන් කරාම තමා ඔය පාටිය සෙට්වුනේ.
අපිටත් ඉතින් වෙන මොකේටවත් නෙමෙි..ආතල් ආතල්..

ඉතින් ඔහොම දවසත් ආව කියමුකො.අපිත් ලහි ලහියේ වරුවක් නිවාඩු දාලා නාල එහෙම හවස් ජාමෙ ඒ පැත්තට සේන්දු මාන්දු වෙමු කියල කතාවෙලා දවල්ට එහෙමත් කෑව.කන ගමන් කතාවුනා අරන් යන්නෙ මොනවද කියල. අපිත් හිටිය දහදෙනෙක්. පස්සෙ තීරණය වුනා එකා දාහ ගානෙ දාලා  ප්‍රසන්ට් දෙක තුනක්ම අරන්යමු..පොඩි දරුවොනෙ කියල. අපේ හැටි මෙි බුවා දන්න නිසා අපිට රෑට තමා ආරාධනා කලේ.

අපිත් කතා වෙච්චි විදියට තෑගිත් අරං හවස පහ විතර වෙනකොට උත්සව ගෙදරට ලඟාවුනා.
බීම එකක් ඒම බීල අන්කල් කෙනෙක්ගෙ සාක්කුවට බැහැල කට රතුවෙන්ඩ විටකුත් හැපුවා. ගමෙි වැඩිහිටි අයත් තිහ හතලිහක් විතර ඇවිත් හිටියා. අපේ සමාජශීලී භාවය කොතරම්ද කියනවනං එන එන වයසක අංකල්ලා ලස්සන චබී අක්කි බබාලා නංගි බබාලා එහෙම අ⁣පිත් එක්ක කතාවට සෙට්වුනා. උත්සවේ පැත්තක..එයාලා අපිත් එක්ක කතාව.

ඔය ඉන්න අතරෙ අක්කි බබෙකුයි නංගි බබෙකුයි දෙන්නෙක් ජංගම දුරකතනෙ දිහා බලාගෙන මුණු මුණු ගානව.මං දිහා බලනව යන්තමට හිනාවෙනව. මං ඔික දෙතුන් පාරක් දැක්කම ඇහුව..
*ඇයි නංගි මොකක් හරි අවුලක්ද. අපි කැතයි වගේනං ඉතිං කැතයිම තමා..
*අනේ නෑ අයියෙ ඔයා රුවින්ද..රුවින් පමුදිතද.?
*ඔව් නංගි ඇයි..මං දැනුවත්වනං කාටවත් ණයක් හෙම වෙලානං නෑ.ඇයි..??
*නෑ නෑ අයියා ඔයා ෆේස්බුක් එකේ කවි දාන ඒව අපි හරි ආසාවෙන් බලනව.අපිට සැක හිතුනු නිසයි එක පාරටම ඇහුවෙ.

මං ඉස්සර ඉදන් කවි ලියනව.කතා ලියන්නනං පටන් ගත්තෙ මෑතක ඉඳලා.
ඉතින් මට ඒ දෙන්නත් අදුන්වල දීල අපි ඉතින් ඔිව ගැන කතා කර කර හිටිය.මගෙ කවි හැම එකක්ම බලනවලු.ඒවා ස්ක්‍රීන් ශොට් ගහගෙන සේව් කරගෙන ඉන්න එ්වත් ඉතින් පෙන්නුව.
අපි ඔතන හිටිය වැඩිහිටි මාමලා හතර දෙනෙක් විතර.
*පුතාට කවි කියන්ඩත් පුලුවන්ද.
*අපොයි පුලුවන් මාමා.මං කවි මඩු වලට එහෙමත් යනව. හැබැයි ඊට වඩා ආස ලියන්ඩ.
*ශෝක්නෙ පුතා. අපිත් වයසට ගියාට ගොඩක් ආසයි කවි වලට.මං ඉස්සර කවි ලියනව.පත්තරවල දානව.දැනුත් ඉතින් ඉදල හිටල කවි මඩුවලටත් යනව
*ශෝක්නෙ මාමා.මමනං විනෝදෙට තමා ඔිව කරන්නෙ.
දැං මට හෙන ලකුනු එතන ඉන්න කට්ටි⁣යගෙන්. අපේ එවුන්ත් ආය මොනාද රාවනා ගැන තියෙන පුරාවෘත්තවලටත් වඩා මවල දෙන්නෙ මගේ ගැන.
මං දෙතුන් පාරක්ම කොලර් එකත් උස්ස ගත්තා.
එතන ඉතින් අපි ගොඩක් හිතවත් වුනා.කතාබහ කලා. වෙලාවත් ගිහින් කසපැන් සංග්‍රහයටත් ආරාධනා ආව කියමුකො.
අපිත් එක්ක හිටපු අංකල්ලයි අපිය් එක ටෙිබල් එකේ.
කවි පුලුවන් කිව්ව අංකල් එහෙම එක ලඟ සොට් දෙකක් විතර පැටල් කරල චුට්ටක් ගානට ආවම පුතා කවියක්වත් කියමුකො..හාද.. කියල ඇහුව.
මං කිව්ව
*මොන කවිද අංකල් මෙි වෙලාවෙ.පිස්සුනං කතාකරන්න එපා. හාද
*ආපෝ පුතා මෙි වගෙ වෙලාවට නෙහෙන්නං ඔිව තියෙන්න ඔින.
*පික්සුනං කෙලින්ඩ එපා අංකල්..අපි කාල බීල සතුටින් විසිර යමු හාද.
*ආපෝ මං හිතුවෙ පුතාට හොදට කවි කියන්න පුලුවන් ඇති කියලනෙ.
දැන් කට්ටියගෙන්ම ආරාධනා කවියක් කියන්ඩ.

මට මෑන් නෝන්ඩියක් දැම්මා.. ඒ පොර ආරච්චි කව්ද කියල හරියට නොදැනනෙ.මොකද බිව්වම මට සිතුවිලි එන්නෙ අලුතෙන් කපපු ඇලක වතුර බහිනව  වගෙ සර සර සර ගාල.
මොනවා කියවෙයිද දන්නෙත් නෑ.
මගෙ යාලුවගෙනුත් දැං බෙිරෙන්ඩ බෑ.මොකද ඌත් දන්නව මං කවි ලියනව කියනව කියල.
දැං ආරාධනා හෝ ගාල.අංකලය දාපු නෝන්ඩියත් සිහියෙ තබාගෙනම මං කිව්වා.
*හරි එකගයි.හැබැයි මං චුට්ටක් දාගෙන ඉන්නෙ.ඒ නිසා මොනවා උනත් කවි කවි විතරයි.අපි කවි නෙමෙි හොඳේ.
*ආන්න හරි.ආන්න හරි. ඒම තමා.මාත් ඒමම තමා.. හැක් හැක් හැක් ගාල නෝන්ඩි හිනාවකුත් දැම්මා.
දැං කවි අපි දෙන්න විතරයි කියන්නෙ.
අංකල්ම පටන් ගත්තා.
මාත් කවියක් කිව්වා.
අංකල් ආයෙ..
මං ආයෙ.
අංකලුත් සුපිරිම නැතත් කවියක් ගැට ගහගෙන පේලියට යන්න පුලුවන්.
දැං කවි දහයක් විතර කිව්වා.මං කිව්ව එකකට පොරට චූට්ටිත්තක් විතර තද වෙලා හිටියෙ.
 ඒකත් නිකන් ජොලි වැඩක් තමා.

රස කවි විදින  එක සරසවියට රුකුලක්
උපදින්නටත් ලැබුනලු ඒ වගෙ  උකුලක්
මට නං තිබෙි මෙතැනදි  කිව්වට සැකයක්
තවමත් තියෙනවද බරවා මැද   කකුලක්

මං ජොලියට වගේ ඇහුව

අංකල්ට මගේ ඒ කවියට අවුල් ගියා වගෙ දැනුනා.මුහුනත් චුට්ටක් විතර රතුපාටත් උනා.
මොකද වයසෙන් බාගෙකටත් වඩා අඩු එකෙක්නෙ මෙි කිව්වෙ☺️😁😁 මටත් චූට්ටක් මල පැනගෙනත් ආපු හිංද තමා එාහම ඇහුවෙ.ඇයි යකෝ කවි කියනව කියනව ඉවරවෙන පාටක් නෑ.අනික්වුන් හයියෙන් හිනා වෙනව හක හක ගගා..අර නංගිබබාලා අක්ක බබාලාත් දැං බලාගෙන සීන් එක හොඳ්😁😁
අංකලුත් ඒකට උත්තරයක් දුන්නා

" ඒ කකුලෙනුත් හොද හොද වැඩ අරන් තිබෙි"

මට ආයෙත් නිකන්ම චූන් වුනා හිතෝතුනි ඔිං ඈ.

රස පිලිතුරකි ලැබුනේ මට සබය          මැද
ඒ ගැන කියන්නට අඩුවක් තියෙන        වද
පෙනෙලත් එක්ක බිව්වොත් කහඹිලිය කැඳ
නෝනත් කියයි යන යන තැන ඔබගෙ     හොඳ

අංකල්ට මල පැන්න කියහල්ලකෝ. කව්ද හිතුවෙ අංකල්ට දැං ඒ වැඩෙි බෑ කියල.
දැං කවි මඩුව නෙමෙයි හිතෝතුනි කවි කුලප්පුවක් යන්නෙ.මටත් ඇතිවෙලා හිටියෙ  කවි කියල.පදමටත් වැදිල.අංකල්ටත් වැදිල. බෙිරෙන්න බෑ.දැං මටත් ඔින අංකල්ව පරද්දල මෙි රෙද්ද ඉවරයක් කරල අර අක්කි බබාට ටෝක් කරන්න.මෙි යකා හිංද ඒකත් බෑ.ඒත් පොර ආතාරින්නෙම නෑ එල්ලි එල්ලි එනව.මගෙ සීමාව උපරිම කිට්ටු කරල තිබුනෙ.
තවත් කවි දෙකක් පොර එකපාරටම කිව්ව.
මට මල පැන්නා.අරුං හිනාවෙනව.

පොර කවි දෙකෙන්ම කලේ මට බැන්න එක..පොර කිව්ව

කොහොමත් මෙික ⁣සිරි අයියගෙ උපන් ගම
සුන්ද්දුලි කරනව උ⁣ඹෙ හපන්                 කම

කියල.
අන්න ඉතින් අංකල් පොට වරද්ද ගත්තු තැන.😁

කවියෙකි මමත් සියනෑවෙි අංක            එකේ
දුරු කර දමමි මා පිලිබද තියෙන           සැකේ
අරගෙන ටිකක් දිග පොල්ලක් දෙකේ   දෙකේ
වැටි වැටි දුවන තුරු අරිනව නුඹෙත්   %#&කේ

අම්මට සිරි..සිරි අංකල් නැගිට්ට නෙමෙයි පුටුවත් පෙරලගෙන විසික්ක උනා.
මොනහු&@%$ක් කියනවද ඇහුවා..
හැරුනා..
කෑවෙත් නෑ....බඩු මිසින්.ඇස්පිල්ලන් ගහන ටිකට මෙයා නෑ.මගේ යාලුවත් කියනව.ඔිකට හොදවැඩෙි.නියම වැඩෙි යකෝ තෝ කලේ..කියලවත් කරගන්න බෑයකෝ..මාත් සද්ද නැතුව හිටියෙ උඹෙන්ම කන්න ඇරල ...කිය කිය මාව වර්නනා කරනව.
*ඔය යකා ඔහොම්මමයි බං.අපේ අම්මගෙ මල ගෙදරත් ඇවිත් පට්ට වදයක් දුන්නෙ බීල.ආයෙනං ඔික මතක තියෙනකං මෙි පැත්ත පලාතෙ එන එකක් නෑ.
සබෙන් හූ හඬක් ආව මොනා කියනවද ෆෙන්ස්..සන්ෆ්ලවර්ලට දෙන්නෙ මොන චියර්ද? ⁣

ඔක්කොම හිනාවෙනව.මට ලකුනු ගොඩයි.
ඒ කියන්නෙ ඒ අංකල් ඉස්සර ඉදන්ම එහෙමයිලු.
කියන්න යාලුවනේ මං වැරදිද?☺️☺️☺️

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.04.14

No comments:

Post a Comment