Friday, May 8, 2020

එස්එෆ් කෝස් එක කරපු හැටි

මෙි සිදුවීම වෙන්නෙ 1996 වසරේදී. මැද භාගෙ

අපි ආධුනික පුහුණු පාඨමාලාව හදාරා ඒකකයට පැමිණි පසු පළවෙනි සහ දෙවෙනි යුධ අත්දැකීම මීයන්කුලම් වලින් ලබාගෙන රාජකාරි කරන අතර තුර අපිව විශේෂ ක්‍රියාන්විත කණ්ඩ පුහුණු පාඨමාලාවක් සඳහා යුධහමුදා පුහුණු පාසල මාදුරුඔය වෙත යැව්වා. මෙි පාඨමාලාවෙි විශේෂත්වයක් තිබුනා.ඒ තමා කෝස් එකේ පළවෙනි සහ දෙවෙනි ස්ථාන ගන්න ප්ලැටූන් දෙකට විශේෂ බළකායේ වැඩ කරන  දින විසි එකක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලැබීම.
වැඩකරන දින තිස් අටක්  මාදුරු ඔය පුහුණු පාසැලේදී හැදෑරීමට සිලබස් එක සකසා තිබුන අතර ඒ පාඨමාලාවට ඒකක නවයකින් කණ්ඩ නවයක් සහභාගි වුනද ඒ සෑම පුහුණුවීමකින්ම අපේ කණ්ඩයේ නම ඉදිරියෙන්ම රැඳවීමට අපි මහත් පරිශ්‍රමයක් දැරුවා. මොකද අනිතුමා කියල එව්වෙ එස්එෆ් කෝස් එක නොකර ආපහු නං එන්න එපාමයි කියල. එවකට අපේ අනිතුමා හිටියෙ අද ලුතිතන් ජනරාල් එච්එම්එච්කේ හේරත් සර්. (විශ්‍රාමික)
අපේ බලාපොරොත්තු හා  මහන්සිය මල්ඵල ගන්වමින් අපේ කණ්ඩයට සෑම විෂයකින්ම ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවුනා. මෙිකට අපි හෙන ගේමක් දුන්නා. කණ්ඩ භාර නිළධාරි තුමා අපිට නොතේරෙන පාඩම් රෑට වෙනමම  අපිට ඉගැන්වුවා.(අපි ගොඩක් අය ආධුනිකයන් වීම නිසා)
ඒ කෝස් එක ඉවරවුනාම අනිතුමා අපිට ආඩම්බරෙන් කතාකරල ගියා. එතුමාගෙ මුහුනේ තිබුන සතුට මට අදවගේ මතකයි.

ඊලඟ අභියෝගය වුනේ විශේෂ බළකාය යටතේ පැවැත්වෙන දින විසිඑකේ පාඨමාලාවට මුහුන දීම. අනි තුමත් කිව්වෙ කඳ දවස් විසිඑකක් එස්එෆ්ලට භාර දෙනව කියල. ඒක ඔබ අපි හිතන තරම් ලේසි පහසු එකක් නෙමෙි. දෙතිස් වධ දින පතාම. කෑමට දුන්නේ විනාඩි තුනයි හතරයි පහයි. කෑවද නොකෑවද ඔවුන්ට අදාල නෑ....කියන වෙලාවට කියන විනාඩියට තත්පරයකට හරි කලින් පෙළ සැදීමයි ඔවුන්ට අදාල වුනේ.
එක දවසක් ඇස්වලට කඳුලු උනන මිහිරි අත්දැකීමකට මුහුන දීමට අපට සිදුවුනා.
මෙි පාඨමාලාවට සම්බන්ධ වීමට වාසනාව හිමිවූයේ මාදුරුඔය හැදැරූ පාඨමාලාවෙන් පළවෙනි සහ දෙවෙනි ස්ථාන ලබාගත් කණ්ඩ දෙක පමණයි.
කෝස් එක පටන් ගත්තා. දින හතක් ගියා.
එදා අපිට උදේ තිබුනේ ගරිල්ලා පීටී. (ඒක මහ අමාරුම පීටී වර්ගයක් කියල මතක තියාගන්නකෝ.ඒ ඇති) දවල් එකට ඇෂුවල් එක කිව්වා.
කෑමට අපව නිදහස් කරනකොට දොලහයි පනහයි. දොලහයි පනස් නවයට පෝලින් වෙන්න නියෝගයක් ලැබුනා සීනියර් කෝපල් වූ කෝප්‍රල් කරුණාතිලක එච්එම්අයිකේ -(1විබ)ගෙන්.
අපි සැනින් හැකි වෙිගෙන් මෙස් එකට දුවල ගිහින් කෑම ගන්න වුනා. පස්සෙ මෙස් එකටම ඇවිත් ආයෙ ඒ උපදේශකවරයා කීවා එකහමාරට පෝලින් වෙන්න,දෙකට ඇෂුවල් කියල. අපිට ලොකු සතුටක් දැනුනා. හේතුව මෙි පාඨමාලාව ඉතා වෙහෙසකර එකක්. ඇස් දෙක පියවෙන්න නින්දක් ලබාගන්න පුදුම ආසාවක් තිබුනෙ. අපි රැයක් එක දිගට නිදාගත්තනං ඒ පැය දෙකක් උපරිම තුනක් විතරයි. කෑම ගැනනම් අහන්නම එපා. කැන්ටිමට යාම සපුරා තහනම්. කෑම දෙන්නෙ මැනල. ඒත් ඒක කාගන්න වෙලාවක් ලැබෙන්නෙත් කලාතුරකින්. මෙිකට හේතුව ඒ සතියෙ අපිට තිබුනු සිලබස් එක අනුව. ඒත් හැමවෙලේම දරාගැනීමෙි උපරිම සීමාවෙ අපිව රඳවන්නටයි ඔවුන් උත්සාහ කලේ.
එදින දහවල් අපි පෝලිම්වල ඉඳල කෑම ගත්තා. අරගෙන පැයක් ඉතිරිව තිබෙන නිසා අපි හිමින් ඒත්  හම්බන් අහුරු තමා ගිල්ලෙ. කුකුල් මස් ගාතයක්ම මගේ කෑම එකට දාල තිබුනා. රතුපාටට ඉදුනු දිලිසෙන ඇපල් ගෙඩියක් එදා ඩෙසර්ට් එකට ලැබුනා.(අපිට හැම වෙිලකටම පලතුරු හම්බුනා.ඒ දවස්වල උදේ ආහාරයට හමුදාවට මුදල් ලැබුනෙ)
අපි ඇපල් ගෙඩියත් මෙිසෙ උඩ තියල තමා කෑම එක අඩිය අගලට පාත් කර කර හිටියෙ. මොකද මෙි උත්තමයල  කලින් දවසකත් මෙි වගේම රොම්බ ආතල් එකක් දීල අපි අම්බානක අහුවෙලා හිටියෙ.ඒත් කෑමට පැයක් තියෙනව කියල විනාඩියෙන් පෝලිම් කරල.
බත් කටවල් දෙකක් ගිලල තුන්වෙනි එක හක්කෙ පොඩි කර කර හිටියෙ ගිලින්න...😁😁😁කියන්න සන්තෝසයි මා මිත්‍ර ක්‍රීඩාලෝලී කියවන්නනි කෑම පෙලේ අන්තිමය  මෙිසෙ ඉඳගෙන එක කටයි කටට දැම්මෙි එස්එෆ් සේනාව පංචායුදයෙන් සැදුම්ලත් මාර සෙනගක් මෙන් පුටු පෙරලගෙන මෙස් එකට කඩාවැදුනා.
විනාඩියක් දෙන්නං පෝලිම් වෙයාව්ව්ව්ව්...කියාගෙන
අපි කොටි රැලකට කොටුවුනු හා පුංචො රෑනක් මෙන් කෑම එකත් එහෙමම තියල හැකි උපරිම වෙිගෙන් ගිහින්  පෝලිම් උනා. ඔක්කොටම වැඩිය දුක කෑම ටයිම් එක. බත්ටික ගිලල ඉවර උනානං මැරුවත් කමක් නෑ.
එදා අපිව ඒ විදියට පෝලිං කරල සර්ච් පාටියක් අවුට්කරා. ඒකට මූලිකත්වය ගත්තෙ ඒ සේනාවෙ කණ්ඩ භාර සැරයන්. අපිත් විවරව දකුනෙන් පෙල හදල සීරුවෙන් හිටගෙන හිටිය පට්ට ගිනි මද්දහනේ දාඩිය තුන්කාංසෙන් බෙිරි බෙිරි පපුව ඉදිරියට දාල.
කෝපල්ල අපිල එක එකාගෙ සාක්කු චෙක්කරමින් ලඟට ලඟට එනව. නිකන්ම නෙමෙි... බත් කන්ඩ හම්බුනෙ නැතත් විනාඩියක් ගල් කරල  ඇපල් ගෙඩියෙන්වත් සැනසෙන්නං කියල හිතාගෙන ඒක හොරෙන් සාක්කුවෙ දාගෙන දුවල ඇවිත් පෝලින් වෙච්චි වු⁣න්ගෙ ඒ ඇපල් ගෙඩියත් කටෙි ගහන ගමන් අමුතු භාෂාවකින් ජාතියත් අමතලයි...
මං බය වුනා..ඇස් උඩගියා. නෙත් කෙවෙනි තුලින් කඳුලක් මෝදුවෙන අයුරක් දැනුනු සීතලෙන් මට හැඟී ගියා. දනිස් දෙක සට සට සට සට ගාල වදින්නයි ගැහෙන්නයි උනා...කලංතෙ හැදෙන්න වගෙ ආව.

කෝප්‍රල් සෝමරත්න  මා ගාවට ඇවිත් චෙක් කරල හයියෙන් යමක් කිව්වා..වගෙ මතකයි.
සාජන් මෙිං මෙි ප%@&$*යා කියල ඇපල් ගෙඩියකුයි දවල්ට කන්න දුන්නු  බත් එකේ තිබුනු කුකුල් ගාතෙයි මගේ සාක්කුවෙන් ඇදල අරං  මුලු පාඨමාලාවටම උස්සල පෙන්නුව. (කුකුල් මස් කුරුම දාල හිංදෝල තිබුනෙ.ඉදුල් ගැවෙන්නෑ.)
සැරයන් ":
අර ජාතක කතාවෙ හොරුන්ගෙ ආරමෙට වැටුනු ගිරා පෝතකයා වගේ
*ගහපිය මරපිය කොටපිය කටෙි ඔබාපිය😁😁
කිව්වා.
එක අතකින් කුකුල් කකුලත් අනෙක් අතින් ඇපල් ගෙඩියත් ගෙන මාගේ වම් හක්කේ කුකුල් කකුලත් දකුනු හක්කේ ඇපල් ගෙඩියත් අනින්න මහත් පරිශ්‍රමයක් ඒ උත්තමයා අරගත්තා. නමුත්  හක්ක එච්චර ලොකු නැති නිසා ඇපල් ගෙඩිය අතින් අරන් ඉහලට උස්සගෙන ඉන්න නියෝග කර  කුකුල් කකුල විතරක් මා මුවගෙහි එල්ලුවා.(ටෞ&%@$න්ඩ)
*කිසිම විදියකින් මෙි ඇපල් ගෙඩිය බිම වැටෙන්ඩ බෑ හරිද ප%@$&යා.. ඒත් එක්කම විෂය ඉවර වෙනකං කුකුල් අන්ඩ තොගෙ කටෙි තියෙන්ඩෝනැ ඈ....කියල මට විශේෂ උපදේශයකුත් දුන්නා.
බලන්න ආදරණීය මා මිත්‍ර ක්‍රීඩා ලෝලී කියවන්නනි මෙික ඉවසගන්න පුලුහන් ලැජ්ජාවද්ද. අපේ ප්ලැටූන් එකේ වුන් අංක අනුව හිස හරවල කට කොනක් පුම්බල මට ඇස් ගහනව. මාද හක්ක මඳක් පුම්බා පුරඟනක් විසින් සිටුවරයෙක් දැලේ දාගන්න දගලන ආකාරයට දෑස් කොනින් බලා මුහුනෙන් ඔවුන්ට සංසර්ග ඉරියව්ව පෙන්නනව.
ඇපල් ගෙඩි දහයක් පහලොවක් කණ්ඩ දෙකින්ම අහුවුනත් මාර සේනාවෙි කණ්ඩ භාර සැරයන් පැවසූ ආකාරයට ඔහුගේ පාඨමාලා ඉතිහාසයටමත් හා විශේෂ බළකා පුහුණු පාසැලේ ඉතිහාසයටමත් කුකුල් කකුලක් එක්ක පෝලිම්වුන එකම එක පුද්ගලයා මා පමණක්ම යැයි පවසා එයට ගරු කිරීම් වශයෙන් මටත් සමස්ථ පාඨමාලාවටත් එදා පැයක් පට්ට ආතල් සැපක් දුන්නා. දුන්නෙ නැත්තෙ පැණි බඹරෙ විතරයි. අනික්වා සේරම දුන්නා. තට්ට මඩෙි. වතුර ගගහ ග්‍රවුන්ඩ් එකේ. වතුර ගහල ගහල මඩ නාවල අපිව දුඹුරුපාට කෙරෙව්ව.ඒකනං ඉතින් කමක් නෑ කියමුකො. ආයෙ ඉවරවෙලා පෝලින් කරලා..
*කොයි හු%@$*තො කටෙි තිබ්බ එක.
*මඩෙි කෝප්‍රල්
*තොට කිව්වෙ මෙික ඉවරවෙනකං කටෙි තියාගන්ඩ කියල නේද??
*ඕඕ කෝප්‍රල්
*චට්ට්ට්ටාස්ස්ස්ස්... නට් පොසිෂන්..ඩවුන්න්න්..
මට මල පැන්න මිතුරනි. ඉවසීමෙි සීමාව ඉක්මවා ගියා..දරාගැනීමෙි උපරිමය ආසන්න උනා. වැලමිටෙන් දනහිසෙන් ලේ එනව දැකල හමුදාවම එපාවුනා..සේනාව මරාගෙන මැරෙනවා යකෝ  කියල හිතුනා...කියල මක් කරන්නද කියන්නකෝ..මාත් කිව්වටත් වඩා ඉක්මනින් නට් ගියා.
ඒක ටිකක් වෙලා යනකොට ඉවර වුනා.
ආයෙ ඇෂුවල් එක. හැබැයි ඒ දෙන හැම වදේකින්ම අපිට සෞඛ්‍ය ප්‍රථිලාභ ගොඩක් හිමිවෙනව. (තුන්දෝස නිට්ටයි නිවාරණයි ඉතින්)
ඔයි විදියට අපි ඒ දවසෙත් පුහුණුව ඉවරකලේ රෑ දහයට.
ඔහොම අපි පාඨමාලාව කරගෙන යන අතර තුර ආයෙ දවසක තිබ්බා ජීව උණ්ඩ සමග පුහුණුවක්. (Fire and movement ) ඒක නං කියන්නම සංතෝසයි හිතෝතුනි මැරෙන්න බය නිසා හරියටම කෙරුවෙ (අපි කලින් පුහුනු පතුරම් රිහර්සල් කරල තිබුනෙ) කෝමද දන්නවද...
මැගසින් චෙක් කරනකොට උණ්ඩ තිහෙන් විසිපහයි තාම මැගසින් එකේ. එහෙම වෙන්න හේතුව අන්තිම හරියට අපිට ටාගට් ගහන්න පතුරම් ඉතුරු කරගන්න කියල තිබුන..මැගසින් එකක්ම. අපිට පිල් මැගසින් හතරක් දීල තිබුනෙ. මාත් හිතුවෙ ඉතින් ආයෙ දුව දුව මක්කටෙයි ඔිව වෙඩි තියන්නෙ එක තැන ඉඳන් කෑම්ප් ෆයරින් එකටම මැගසින් චෙින්ජ් එකක් කරනව කියල හිතාගෙන.
ඒවුනාට අපිට වඩා ඇම්බැට්ටයො තමා උපදේශක හිටියෙ.පොරලගෙ ඇස් වහන්න අපිට අමුතුවෙන් ඉපදිලා එන්න වුනා. හිටපු ගමන් මැද්දෙන්නෙ අපිව හෝල්ට් කරල චෙක් කරේ. අපේ ප්ලැටුන් එකේම නව දෙනයි.( සද්දෙ ඇහෙනව අඩුවකට තමා චෙක් කරල තියෙන්නෙ)
හරි දැන් වෙඩි තියාගෙන පලයල්ලකො කියල අපේ නම් ටික ලියාගත්තා. (අපිට එතැන තමා මැගසින් චෙින්ජ් කරන්න තිබුනෙ.)
අපිත් එතන ඉදන් අකුරට තිතට වැඩෙි කරා. සතුරු කඳවුරත් ඇල්ලුව. පඹයො හතරක් නන්න වෙන්නම කුඩුවෙන්න වැදිල තිබුලා. හැම පබයගෙම අවම උන්ඩ දහයක් විතර වැදිල තිබුනා. එතන ඉඳල කිලෝමීටරයක් තියෙනව පටන් ගත්තු තැනට.අර අපිව මගින් අල්ලපු ට්‍රැපික් කෝපල් ඇවිත්
පෝඩ්ඩොල් බිගින් කියල යටිගිරියෙන් බෙරිහන් දුන්නා.. අපිත් අනේ කාලේ වනේ වාසේ කියල හිතාගෙන අර කිලෝ මීටරේම පෝඩ්⁣ඩෝල් ගියා.අවසානයට ගිහින් නවතින්න කිව්වම අපි තවත් ගහනව. පස්සෙ උපදේශකයො අපිව පස්සෙන් පන්නගෙන ඇවිත් ෂර්ට් කොලරයෙන් අල්ලල උස්සල තමා නැවැත්තුවෙ. නැතිනං තාම ඒ ග්‍රවුන්ඩ් එකේ පෝඩ්ඩෝල් ගහනව.😁😁😁. (ඒ අපි හිතල නෙමෙි.දුරක් ගහපු හින්ද ටිකක් යද්දි ඉතුරුව ඔටෝ වදින්නෙ) එහෙම අපිව ඉස්සුවම කොපල්ලගෙ අතෙත් පොඩ්ඩෝල් වදින්ඩ ගත්තා..😁😁😁..
ඉතින් ඔහොම අපි පාඨමාලාව හදාරගෙන ඉද්දි නයිට් කොම්පස් මාච් එකක් සෙට්වුනා.
එදා තමා මට ජොලිම දවස. ඒ වෙනකොට අපි හරි නින්දක් නැතුව හොදටම හෙම්බත් වෙලා හිටියෙ. නයිට් කොම්පස් මාච් එක කිව්වට ඒ එක ලෙග් එකක් තිබුනා කිලෝ මීටර් පහක් දුර යන්න. ඒක තමා කෙටිම දුර අපිට සෙට්වුනු. මගේ සෙක්ෂන් ⁣එකේ සෙක්ෂන් කමාන්ඩර් හිටියෙ කෝපල් ජයන්ත. අපේ ඩී කණ්ඩායමෙි කෝපල් කෙනෙක්. එයා අපිව අරං ගියෙ කැලේ මැදින් හේන් මැදින් කුඹුරු යායවල් මැදින්. ඔහොම යද්දි අපිට ඇලක් සෙට්වුනා. පළලයි ටිකක් ගැඹුරුයි. උඩහට පල්ලෙහාට ටික ටික ගියා පනින්න තැනක් තියේද බලන්න.ම්හු නෑ. පස්සෙ තීරණයකට ආව එක තැනකින් පනින්න. පෙලේ අන්තිමට උන්නු අපිට කිව්ව ඇල ක්‍රොස් කරන්න ඇලට බහින්න කියල. මෙි අස්සෙ උපදේශකයො හැංගිල බලං ඉන්නව අපි හරියට යනවද බලන්න. දැං එකෙක් ඇලට බහින්නෑ. සීතලයිනෙ.රෑනෙ. පස්සෙ කෝපල් ජයන්ත අපේ ජාතිය අමතන ගමන්ම කිව්ව බැහැපියව් හුක් කියල. අපි දඩ බඩ ජබෝස් ගාල ඇලට පැන්න. නැත්තං එස්එෆ්ලට වැඩිය හපන් මෙයාලගෙන් කන්න ගියොත්. මොනාද හිතෝතුනි ඇලවල්නං. මං පැන්න විතරයි උබ්බුරුග්  උබ්බුරුග් ගාල වතුර අහුරු දෙකක් ගිල්ල. කරවටක් වතුර. මාත් දත කාල කාල ඇලෙන් ගොඩවුනා. බුට් දෙකෙන් එකයි වතුර..දැං සීතලේ ගැහැ ගැහි චොර චොර චුරුස් සද්දෙන් අපි පෙල තියාගෙන යනව. ඒත් හරිම පාරෙ. මගදි ට්‍රැපික් එකට අහුවුනා.
*කොහෙද තොපි යන්නෙ??  අපිට කනට මිහිරි සද්දයක් ඇහුනා.
*⁣ගෙදර යන්නෙ.. කියල කියන්න හිතුනත් ඒක තවත් පනිස්මන් ජාලයක ඇරඹුමක් හිංද හිමීටකියල  කට පියගත්ත. අපිව එතන ඉන්ටව් කලා.
පෙන්නපියව් මැප්එක. කෝපල් ජයන්ත පෙන්නුව.
*පෙන්නපියව් කොම්පස් එක..ඒකත් පෙන්නුව.
වැරැද්දක් කිබුන්නෑ. ඒත් ඒ උත්තමයා විසින් අපේ වැරැද්දක් හොයාගත්තා.
*මොකද තොපි නාල.
ඒකටනං මට කටපියන් ඉන්න බැරිවුනා.
*වතුර තෙතයිනෙ කෝපල්..කියල මං හිමීට කිව්වත් අපේ ලාකෝ ජයකොඩිට ඒක ඇහුනා. එයා දකුනු කකුලෙන් මට ඇන්න පාර මං දෙරිගහගෙන කුඹුරේ මඩෙි ඇදගෙන වැටුනා.
*ආ.. නිදි මතේද කෝපල්ලා.. මෙිව මයිනර් නෙමෙි.. ලාන්සර් ඈ කිව්ව... පොඩ්ඩොල් බිගින් කිව්ව. කෙලෝරටම ගැහුවම ලෙපර්ඩ්රෝල් ඩාවුන්...කිව්ව. දැං ගාපියව්කො බඩ..
මොනාද කියන්නෙ අපි අට දෙනාම චප චප චප ගාල අර වතුරෙ ඊටත් මඩෙි එහෙට්ට ගහනවා මෙහෙට්ට ගහනව..මෙහෙට්ට ගහනව එහෙට්ට ගහනව. එතනත් පැය බාගයක් විතර පෝඩ්ඩෙිල් ගහල පෙන්නල ලෙපර්ඩ් රෝලුත් ගිහින් පෙන්නුව. පස්සෙ ඒ කුඹුරු අක්කරේම හාල හාල අපි අපේ ලෙග් එක අවසන්කලා. එක දශමයක්වත් එහෙට මෙහෙට වෙන්නැතුව ලෙග් එකේ බෝඩ් එක උඩින්ම අපි ඉවර කලා.
"බොහොම හොඳයි,කෝපල්ලාහ්..." කියල වර්ණනාවකුත් එක්කම.
ආයෙ ඔහොම දවස් දෙකක් යනකොට අපිට අත් දිග ජර්සි වගයක් යුනිට් එකෙන් එවල තිබුනා. මෙිව සුදුම සුදුයි. හරි ලස්සනයි. පුසුඹයි. අපි මෙිව පෙටිටියට හරි ලස්සනට නමල දාල කුණු බිඳක් ගෑවෙන්න නැති වෙන්න ආසාවෙන් දාල තිබුනෙ.(ඉස්සර අපිට මෙිව නොමිලේ හම්බුනා) ආයෙ කල්කිරි බෝතලයකුත් හම්බුනා. ඒකනං මට උගුරු දෙකයි තිබුනෙ.
අපි හරි ආසාවෙන් කෝස් එක ඉවර වෙලා ඒක ඇඳලා ප්ලැටූන් පොටෝ එකකුයි සෙක්ෂන්  පොටෝ එකකුයි ගහල රාමුකරල ගෙදර ගිනියමු කියල ආසාවෙන් කතාවෙලා හිටියෙ.
ඒක දීල දවස් දෙක තුනකින් හවසක
*කාටද සුදු ජර්සි හම්බුන්නැත්තේඒඒඒ...උපදේශක කණ්ඩ භාර සැරයන්..ඇහුව.
අපි ඔක්කොටම හම්බු වෙලා තිබුනෙ.
*රායිට් ඒ ජර්සිය ඇඳල හෙට උදේ හයට පොලීන්න්න්.. කිව්වා.
(එයාලා කියල තිබුනෙ ජර්සියෙන් පොටෝ ගහනව,පරිස්සම් කරගන්න කියල)
අපි හිතුව හෙට පොටෝ ගහන දවස තමා කියල. අපි රෑ ඒ ජර්සි හොදට පිරිමැදල පිලිවෙලකට නමල කොට්ටෙ යටින් තියාගත්තා වෙරලු පැහැති බැලුම් පොකට් අයිඑස් කලිසමත් එක්කම මැදපු වගේ වෙන්න. මෙි කෝස්වල අයන් නෑ.උදේ අපි පොටෝ ගන්න ලස්සනට හරි ආඩම්බරෙන් කන්නාඩිය වෙන්න පොලිස් කරපු බූ⁣ට් දෙකත් දාගෙන ගිහින් පෝලිං උනා. අපිත් ඉර තියල හොදට හොදට ඇඳගෙන ගියේ.පොටෝ එක ලස්සනට තියෙන්න ඔින නිසා.
උදේ පහයි පනහට ග්‍රවුන්ඩ්ගියා.
මස්ටර් එහෙම අරගෙන
*තුන්පෙලේන් දකුණ බලා දකුණටප් හැරෙන්..
සීග්ග්‍රේන් කල්බලාන් ලෙප් රයිටි ලෙප් රයිටි..පෙරට යා ලෙප් රයිට් ලෙප්රයට්...
අපිත් කියන කියන හැම රෙද්දම කලා උඩ බිම් බලන ගමන්..යකෝ පොටෝ ගහන්න කල් බලන්නත් ඔිනද කියල.
අපිව ඔහොම කිලෝ මීටරයක් විතර අරන් ගිහින් පාරක් අයිනෙ තිබුනු දුඹුරුම දුඹුරු පාට වෙච්චි හෙන පතරංග මඩවලක් ලඟට මූනට මූනතියල ගිහින් නැවැත්තුව.  මෙතනින් එහාට  ඉරතියල ඇදපු ජර්සියයි කලිසමෙයි කන්නාඩියක් වෙන්න පොලිස් කරපු බූට් දෙකෙයි මඩ ගෑවෙන නිසා කැලෙන කැලෙන් මඩවල මගෑරල එහා පැත්තට ගන්න.නැත්තං පොටෝ එක කැත වෙනවනෙ..රෙද්ද තමා😁😁😁😁
*රායිට් මඩවල කෙලින් පලවෙනි පෙල තනි ලයින් එකක් ගහන්ඩෝ..
ගැහුව..
පෝඩ්ඩොල් බිගින්....මයෙ කිරි අප්පේ වෙන්ඩ යන සන්තෑසිය...
අපි ඉරියව්වට ඇවිත් අත්දෙකත් දිගෑරල පෝඩ්ඩෝල් බිගින් කියනකොට පස්ස උස්සනව විතරයි..ගහන්නෑ. දෙපාරක් කිව්වා
පෝඩ්ඩොල් බිගින් කියල..එකෙක් ගැහුවෙ නෑ..පස්ස උස්සනව විතරයි. මලපැන්න පීටීඅයි
තොපෙ අප්පලට කියල....ලඟ තිබ්බ ඇහැල ගහක එල්ලිලා ඇහැල අත්තක් අඹරල කඩල ගත්තා විතරයි...සන්තානම් මෑනියනේ පලවෙනි පෙලට විතරයි කිව්වෙ බැලින්නං තුන්වෙනි පෙල පලවෙනි පෙලත් පහුකරල යනව ආං...😁😁😁
පෙලවල් තුනම එකගොඩෙි එකාපිට එකා  පෝඩ්ඩෝල් ගහනව. ඒක හරියට දකුනු ඉංදියානු පිලුම් එකක විජේ දුස්ටයගෙ සේනාවට පහර දෙනව වගෙ සීන් එකක්.එක පෝඩ්ඩෝල් එකක් ගහපුවම වලේ එහා පැත්තෙන් මතුවෙන්නෙ.
😁😁😁
කිරි අප්පුච්චියේ ඔහොම මඩ වල තරණය කරල එගොඩට ගිහින් හිටගත්තම මඩ සාක්කු වලිනුත් බෙිරෙනව. අලි බෙටි රේනු රේනු කටවල් වල හිටං. මඩ වතුර කන්වලිනුත් බෙිරෙනව. සාක්කු වලින් එකයි මඩ. අපි කිරි කොක්කු ටික වගේ ඇවිත් දුඹුරුම දුඹුරු පාටට පැහැය වෙනස් වෙලා අමුතු සත්තු ජාතියක් උනා. මොනා කරන්නද හමුදාවනෙ කියල හිත හදාගෙන අපි පීටී ඉවර කරල හතහමාර වෙද්දි ආපහු ආව.
අපි හිතුවෙ අපි විතරයි කියල. අනික් ප්ලැටුන් එකට අපිට වඩා තව කලු පැහැයකුත් එකතු වෙලා තිබුනා. අන්තිමෙිදි ජර්සියෙන් පොටෝ එකක් අරං රාමු කරන්න තිබ්බ ආසාව එස්එෆ් ඉස්කූල් එකේ මෙින් ගේට්ටුවෙ කණුවක පොලොවෙ ගහල අපි දවස් විසි එකට විසි අටක් පාඨමාලාව හදාරල යුනිට් එකට ආව.
එදා ඉදන් මම කිසිම දේකට ආසාවක්නම් දැක්කුවෙ නෑ. වෙන්න තියෙන දේ වෙන විදියට වෙන්න ඇරිය.
අපි ඒ කෝස් එකේ පලවෙනි ස්ථානයත් හොදම සෙක්ෂන් එක අපේ කණ්ඩයේ දෙවෙනි සෙක්ෂන් එකත් මා ඇතුලත් පෙල සෙක්ෂන් අටකින් තුන්වන ස්තානයත් වශයෙන් ගෞරව බුහුමන් ලැබුවා. අපි පාඨමාලාව අවසන් වෙලා අනි තුමා බැහැ දැක්කම එතුමා අපිව අදුරගන්න බැරුව මහා අනුකම්පාවකින් කම්මුලේ අත තියාගත්තා. අපේ හැඩෙි වෙනස් වෙලා කියල අනි තුමාම තමා කිව්වෙ. අපිව ගොඩක් අගය කරල දවස් දාහතරක් නිවාඩු දුන්නා. එදා කෝස් එකේ අපේ ප්ලැටූන් කමාන්ඩර් අද කර්නල්වරයෙක්..මෙි හැම දෙයක්ම එතුමත් අත්වින්ඳා.මොකද ඒ කෝස් එකේ කව්රුත් එක නිසා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.08

1 comment: