අපේ රටෙි යුද්ධයක් තිබුනනේ.
කට්ටියට එහෙම මතකයකුත් ඇති සමහර විට😁😁. ඒත් ඒක ජීවිතේටවත් අමතක කරන්න බැරි සහ නොකල යුතු දෙයක්. සිංහලයට හැමදේම සතියයි කියනවලුනේ මතක. ඒක සහතිකම ඇත්තක්.
මං මෙි වෙනකොට හිටියෙ කෑගල්ලෙ. 2014 නිදහස් දින උත්සවය කලේ කෑගල්ලෙ. මෙිකට 583 බසේමු බළසේණාධිපතිතුමා ඇතුලු (ඊයෙ පෙරේදා මෙිජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලැබුවා.මටත් හදවතින්ම සතුටුයි ඉතින්) අපි අමුම අමු පට්ට වහක් කෑවා. හේතුව දාස්ගානක් ත්‍රී ෆෝසස් පොලිස් එස්ටීඑෆ්,සිවිල් ආරක්ෂකේ,කැඩෙට්ලා,සහ එකී මෙකී නොකී අය සඳහා සම්පූර්ණ පාලන කටයුතු කරන්න වුනේ අපට. ඒකෙනුත් සන්නිවෙිදන කටයුතු සඳහා මුහුන දෙන්න වුනේ මා ඇතුලු අපේ ඒකකයට.
දැයට කිරුලවල් නිදහස් උත්සවවල් හදිසි ආපදා සබරගමුවෙ අඩු නැතුව තිබුන කාලයක් ඒ.
අපේ සංඥා සම්බන්ධතාවයන් ඉහල මූලස්ථාන සහ රජයේ ඒ සම්බන්ධ ආයතනයන් එක්ක කලමණාකරගනිද්දි සිවිල් ආයතන වෙනුවෙන් මගේ ඔලුව අවුල් වෙලා තිබුනෙ. හේතුව තමා ඔවුන්ට අපි කියන දේ තේරෙන්නෑ. එයාලට අපි කියන දේ තේරෙන්නෑ.😁😁
බලනකොට දෙගොල්ලම එකම පුට්බෝලෙට තමා පයින් ගහල තියෙන්නෙ. ඒකෙ අමාරුම හරිය පටන්ගත්තෙ පෙරඩ් ටික රිහර්සල් ආවට පස්සෙ. මට චූටි ගැලවුමක් තිබුනෙ අපේ බලඝණ නිළධාරි අනදෙන තුමා(මෙිජර් සපුමොහොට්ටි) හිටපු හිංද. මං තමා අංශභාර ජ්‍යෙශ්ඨ කොමිෂන් නොලත් නිළධාරි හිටියෙ.
කොහොමහරි අපි කිසිම කෙනෙක්ගෙන් වචනයක් අහන්නැතුව හොඳ විතරක් හයිලයිට් වෙලා ලිපි පවා එද්දි අපේ සංඥා අංශය ගැනත් සඳහන් කර තිබීම ඇත්තටම කොළර් එක උස්සගන්න ඔින වැඩක්.
දැන් ඔිකත් ඉවරවුනා. අපිටත් සතුටුයි.
ටික දවසකට
*ආරච්චියෝ... ආර්එස්එම් මට කතාකලා
*සර්.
*සංතෝසෙ යන්නත් එක්ක මොනාහරි කරමුද.
*තන් තෝසෙ යන්න කරල වැඩක් නෑනෙ සර්.තන් තොසේ එන්න ගහමු.
*අනේ හු.... අහපු දේට කියහන්කො.
*කරමු සර්. හැබැයි තුන්සීයයි තියෙන්නෙ.😁😁
*උඹෙ ඉතින් හැමදාම තුන්සීයනෙ තියෙන්නෙ.ඔික වියදම් වෙන දවසක් නැද්ද බං☺️☺️
*බලමු සර්.මාත් හරි ආසයි ඔික වියදම් කරන්න.අනිවා පැන්සන් යන්න කලින් වියදම් කරනවාමයි කියල මා දිවුරා පොරොන්දු වෙනව සර්.☺️😁😁
කෑගල්ලෙ තමා මං ජීවිතේ හොඳටම කසපැන් පාවිච්චි කරපු කාලෙ.තනියම නෙවෙයි ඉතින්.කට්ටියත් එක්ක.මංගාව තිබුනා වියදම් නොවෙන රුපියල් තුන්සීයක්. කව්රු බොන්න කතාකලත් කොච්චර බොන්න කතාකලත් තියෙන්නෙ එච්චරයි. ඒත් ඒක දුන්නු දවසක් නම් නෑ😁😁. කව්රුත් ඉල්ලුවෙත් නෑ.අවුරුදු තුනක් විතර ඔය තුන්සීයෙන් මං බිව්වා. ඇයි යකෝ ඒ බොන විදියට කොහෙන්ද ඔච්චර සල්ලි.උදේ හිටං බීගත්තු ගමන් ඉන්නෙ.
කොහොම හරි අපි එදා බිව්වා. බීල කේස් එකකුත් ගියා. ඒ කඳවුර පිටතවාසී උනාට මං ගෙදර එන්නෙ වීකෙන්ඩ් විතරයි. හවස කට්ටිය සප්පායම් වෙලා ගෙවල්වල ගියා.මා තනිවුනා. මටත් චුට්ටක් වැඩී වැඩී වගෙත් එක්ක. ඒ වුනාට මට ගානක් නෑ. මට හවස ඇමතුමක් ආව ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 111 තුමාගෙන්
*හෙලෝ ගුඩීවිනින් සර් මං මිස්ට ආරච්චි.
*මොනහුක්..මෙි ඇවිත් ටක් ගාල මාව හම්බෙන්න.
*සර්. මට මෙස් එකටනං එන්න බෑ. මෙහෙ ඉදන් කරන්න තියෙන දෙයක්නං කියන්න සර් මං කරන්නං.
*නෑ නෑ මිස්ටර් ඇවිත් හම්බෙන්නකො..
*මං බාර් එකේ ඉන්නෙ සර්.දැං චුට්ටක් අවුල් වගේ ඉන්නෙ.
*අහ් එහෙමද. එහෙනං අහගන්නකො.දැං එනව කිව්ව පස් පිඩලි ටැක්ටරයක්. ඒක අපේ ඔපීස් එක ගාවින් නවත්තල බාගයක් බාගන්න ඔින. ඉන්න කට්ටිය අරං කරන්න පුලුවන්ද.
*රායිට් සර්.මං කරන්නං. ටැට්ටරේ බාගන්නනෙ තියෙන්නෙ. පොල්ලෙලි ටික යවන්නනෙ තියෙන්නෙ.
*කොරයි වගෙ මිස්ටර්... පස් පිඩලිටික බාගෙයයි බාගන්න ඔින.අනිත් ටික එස්ආර් එකට යවන්න.
*රායිට් තේරුනා සර්.
ප්‍රමානි 111 තුමා හරි හොඳයි ඉතින්. විහිලු කරල හිනාවෙලා හිටියට සියේට සියක් රාජකාරිය ඔිකේ.
මටත් ඇම්ම වගේනෙ ටිකක්. එක කෝල් එකකින් කරන්න තිබුනු දේ නොකර මාත් බොටමකුයි ටී ෂර්ට් කෑල්ලකුයි දාගෙන ගියා ගාඩ්රූම් එක ගාවට. එතන ඉදල කෑම්ප් එක ඇතුලට හෙන කන්ද අංසක පනහක් හැටක් විතර. අපේ ඔෆීස් එක තියෙන්නෙ කන්ද මැද. ටැට්ටරේ ඔය කන්දෙ නැවැත්තල පනිවිඩෙි කියන්න ගියොත් මරණයක් වෙන්නෙ. ඒ නිසා මං කන්ද පාමුලට ගිහින් හිටිය ටැට්ටරේ එනකං..
ටැට්ටරෙත් ආව. පනිවිඩෙත් කිව්ව.
*සර් යනවනං නගින්න. උඩින් බහින්න පුලුහන්නෙ..රියැදුරා.කිව්ව.
මාත් නැග්ග. දැං තියෙන ගියර් ඔක්කොම දාල පාගන එව්ව ඔක්කොම පාගගෙන හරි අමාරුවෙන් ලෝඩ් එක පිටින් ටැට්ටරේ කන්ද අදිනව. ඒත් එක්කම වංගුවෙන් දැම්ම මානි රථයක්. කාර් එකක්. කෑගල්ල කිට්ටුව පදිංචි අපේ ජ්‍යෙශ්ඨ නිළධාර්න්ගෙ වාහන මෙහෙ තමා පාක් කරන්නෙ. ඒකක් ආවෙ. මෙි දෙක මගින් මාරුවෙන්න ඉඩනෑ. ටැට්ටරේ නවත්තන්න බෑ. ඒත් කාර් එක එනව කඩාගෙන. ඒවයෙ රියැදුරාල ඉන්නෙ ඉතින් කෝප්‍රල් නැත්තං සාජන් කෙනෙක්. මං අතින් කිව්ව නවත්තන්න කියල. නැවැත්තුවෙ නෑ කඩාගෙන එනව. කෑගහල කිව්ව නවත්තන්න කියල. ඒත් නෑ. ටැට්ටරේ බොහාම අමාරුවෙන් කානුවට නොවැටී පෙරලෙන්නැතුව නවත්තපුවම කාර් එකත් නැවැත්තුව. ආරච්චිගෙ මල සීරෝ ඉන් උනා. රියදුරා සිවිල් හිටියෙ.
*ඈ බොල ප&@%$ තෝ දැක්කෙ නැද්ද ඔය රෙද්ද නවත්තන්න කියනව. මෙික පෙරලුනානං එහෙම තෝද ජීවිත වලට වගකියන්නෙ කියල පටන්ගත්තෙ කාර් එක සරාස් ගාල රේස් කරල ඇදල ගියා. දැං කරන්න දේකුත් නෑනෙ. ටැට්ටරේ එතනින් එහාට ගන්නම බැරිඋනා.බර වැඩි හිංද.
පස්සෙ එතන බාගෙයක් බාන්න කොල්ලො ටික දම්මල මාත් පාරෙන්ම ඉදගත්තා.
විනාඩි දහයක් යනකොට මං දැක්කා ප්‍රමානි 111 තුමා කඩාගෙන පල්ලං බහිනව. මාත් නැගිටල හිනාවක් එහෙමත් දැම්මා.
*මිස්ටර් කව්ද දැන් මෙතනින් ගිය කාර් එකට කුනුහරපෙන් බැන්නෙ.
*කව්රුවත් නෙමෙි සර් මං බැන්නෙ.
*ඇයි??
*සර්ට පේනවනෙ මෙිකෙ ලෝඩ් එක.නැවැත්තුවෙ මෙතනමයි.මෙතනින් එහාට ටැට්ටරේ හොල්ලන්නවත් බැරි හංද තමා මෙතන බාන්නෙ. කාර්එකට නවත්තන්න කිව්ව කිව්වා ඇහුවෙ නෑ.කඩාගෙන ආව. මෙිකෙ බ්‍රෙික් අහපු හිංද හොඳයි.නැතිනං නවතින්නෙ වෙලේ.මිනිස්සුත් එක්කම.
*ඒක මංදන්නෑ.කාටද බැන්නෙ කියල දන්නවද.
*දන්නෑනෙ😁😁
* හෙට බ්‍රිගේඩ් කමාන්ඩර්ම කියයි.මටත් බ්‍රිගේඩ් කමාන්ඩර්ම තමා කෝල් එකක් දාල කිව්වෙ ඒ කියපු එකාව හෙට උදේම සර් ගාවට දාන්න කියල.
*හුටා..ඇත්තද සර්😁😁
ඉවරයිනෙ. මං මෙි වෙනකොට බීල කේස් දාගෙන හිටියෙ අම්බානක.බ්‍රිගේඩ් කමාන්ඩර්ම මට කීප වතාවක් කියල තියෙනව බීම නවත්තන්න කියල. ආයෙ හෙටත් අහපංකො කන පිරෙන්න.
පහුවදා උදේ ඉතින් මාත් කන්දෙක එහෙම හොදට සුද්ද කරගෙන ගියා .
වෙච්චිදේ ඇහුවා.මාත් කිව්වා.
*අයිසේ මිස්ටර් තමුන්ට මං කියල තියනවනෙ ඔහොම බොන්න එපා කියල. කියන්න කියන්න තමුසෙ බොනව. බීල කේස් දාගන්නව. තමුන් දන්නවද ඊයෙ ඒ බැන්නෙ කාටද කියල.
*අදුරන්නෙනං නෑ සර්.
*ඒකනෙ කියන්නෙ.හරි වෙච්චි දේ වුනා. මීට පස්සෙ ආයෙ තමුන්ට කිසිම දවසක බොන්න බෑ කඳවුරේ ඉන්නකං.පැහැදිලිද.තමුසෙගෙ අයිය වගෙ හැදෙනවකො අයිසෙ. බලනව මිනිහ පෙව්වත් බොන්නෑ.කොච්චර හොඳ මිනිහෙක්ද.ඇයි තමුසෙට බැරි ඒ වගේ හැදෙන්න. මීට පස්සෙ තමුසෙ බොනවනං මෙස්එකේ බාර් එක තහනං කරනව පැහැදිලිද.
*ඔව් සර්.
අම්මොහ් මදෑ.. ඔයින් ගියා අතක් පයක් නොකැඩි.(එවකට බ්‍රිගේඩ් කමාන්ඩර් හිටියේ කමාන්ඩෝ රෙජිමෙින්තු මධ්‍යස්ථානයේත් සේනාවිධායක තුමා.අපේ අයියත් (ලොකු අම්මගෙ පුතා) එතුමාගෙ ගෝලයෙක් වීම නිසා පොඩි බෙිරුමකුත් තිබුනා ඉතින් හැමදේකින්ම)
ඊට ටික කාලෙකට පස්සෙ නාමයෝජනා ඉල්ලලා තිබුනා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිරට අයත් ස්ථානවලින්, අපේ මනෝවිද්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ පැවැත්වෙන ඩිප්ලෝමාවකට.
මෙික බ්‍රිගේඩ් කමාන්ඩර් දැකපු ගමන් බළසේනා මෙිජර් තුමාට කියල මාව යවන්න. පැන්ෂන් යන්න කලින් හැදිලවත් යයිනෙ කියල.
මාත් ඔික දැනගත්තෙ මගේ නමම ගහල අත්සනුත් කරල ක්ලාක් මගේ අතටම "මෙික පැක්ස් කරන්න දෙන්න සර්" කියල ගෙනත් දුන්නම.
මට මලපැන්නා. මංවත් දන්නැතුව කෝස් යවන්න හදනව.මේ නහින දෙහින කාලෙ. අනික මට මෙිකට යන්න බෑ බෑ වගේ. ගියොත් ආයෙ මොන මොන කැට සෙට්වෙයිද දන්නෙත් නෑ.පස්සෙ දැඩි තීරණයක් අරන් මං ගියා බළසේනාධිපතිතුමා හමුවෙලා නම අයින් කරගන්න.
*සර්...
*ආ මිස්ටර්.. අනිද්දා පාඨාමාලවට යන්න ලේස්තියි නේද.ඒක හොඳ පාඨමාලාවක්.හොඳින් කරගන්න. මමමයි නම දාන්න කිව්වෙ. ඔය බීම මොකද්ද කියල ඒකෙන්වත් ඉගෙනගත්තැකිනෙ ඔයාට. එහෙනං හොදින් පාඨමාලාව හදාරල එන්න. කැන්ග්‍රෑට්ස් ඈ. කියල නෝන්ඩියටත් හිනාවුනා.සැක් විතරක්😪😪😪😪
මාත් ඉතින්
*හා සර් කියල ආපහු ආව. අපි නරි බ්‍රාසෝ කරන්න හදන කොට, සර් බ්‍රාසොත් කරල ලැමිනේටිනුත් කරල පැක්ස් කරලත් ඉවරයි. ආයෙ කාට කතාකරන්නද. මාත් හා සර් කියල ඇවිත් මංම මගෙ නම ගහපු මෙසේජ් එක පැක්ස් කලා.සෙද්ද.
මාත් ගියා ඒ ඩිප්ලෝමාව හදාරන්ඩ.. අම්මට සිරි.අන්න කරනවනං බඩු.. පුල් ආතල් කෝස් එකක්. ඒකෙම දෙපාරක් බීල මාට්ටු. වෙන තැනකනං මදෑ. රාජගිරියෙදිම බීල මාට්ටු. දෙපාරම රෑන්ක් එක හන්දා බෙිරුනා. ඒ ඩිප්ලෝමාව භාර නිළධාරි බ්‍රිගේඩ් කමාන්ඩර්ට මූව හදන්න බෑ වෙඩි තියල දාන්නද කියල අහන්න කෝල් එකක් ගන්න හදද්දිම මං වැඳල වගේ කිව්ව ඒකනං කරන්න එපා සර් මං අදම කෝච්චියට පනිනවා කියල. (අපේ රෙජිමෙින්තුවෙ සර් කෙනෙක් තමා ඒ පාඨමාලාව භාරව හිටියෙත්)
මං බොන එක නවත්තනවාමයි කියල පොරොන්දු උනා. බැරිවෙලාවත් එහෙම කිව්වනං මට අවුරුද්දකටත් කලින්ම පැන්ෂන් එන්න තිබුනා. එහෙමයි එතනින් බෙිරුනේ.
ඒත් පස්සෙ පස්සෙ ඒ පාඨමාලාව බොක්කටම වැදුනා. තදින්ම කෝස් එකට ඇබ්බැහි වුනා. අම්මටසිරි ඇත්ත නේන්නං මොකටද යකෝ මෙි දහ ජරාවල් බොන්නෙ. හොදට පැහැදිලිව තියෙන හිතක් පිස්සු වට්ටල අපි මොනාද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. ආතල් එකද. නෑ. මිත්‍රවරුණි. අපි ඒ බීල කරන රගපෑමට හරිනං ඔස්කාර් සම්මානෙ දෙන්න ඔින.
හොඳ සිහියක් තියෙන මනුස්සයෙක් සත්තයි ඒ කෝස් එක කලානං ආයෙ ජීවිතේට බොන්නෑ. බීපුවත් පුලුවන්නං වමාරනව.
කියන්න සංදෝෂයි ඒ පාඨමාලාවෙන් පස්සෙ මං ලෙක්චරර් කෙනෙක් උනා.පස්සෙ කඳවුරක් කඳවුරක් ගානෙ ගිහින් දේශණ පැවැත්තුවා. අපේ පුහුණු පාසැල් වල දේශණ කලා. මං විස්වාස කරනව අවුරුද්දක් පුරාවට කරපු දේශණ වලින් අඩුම එක්කෙනෙක් හරි මත්පැන්, සිගරට් නවත්තන්න ඇති කියල. ඒකත් මටනං ලොකු දෙයක්.
"අවවාදයට වඩා ආදර්ශය උතුම්" කියන්නා වගෙ මං ඒ පොරොන්දු වෙච්චි දවසෙ ඉඳල අද වෙනකං කිසිම මත්ද්‍රව්‍යයක් බීල නෑ. මෙි වන විට අරක්කු සිගරටි බීඩී සුරුට්ටු එකී මෙකී නොකී සියලුම බොරු රඟපෑම් නවත්තල දැන් අවුරුදු ගානක් වෙනව.එදා ඉදං අද වෙනකං කිසිම හේතුවකට කිසිම දෙයක් පාවිච්චි කරලත් නෑ..මතුවටත් නෑ.
ආදරෙයි පැලෙම්න බ්‍රිගේඩ් කමාන්ඩ සර්😁😁😁😁
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.10
No comments:
Post a Comment