Sunday, May 17, 2020

කොළඹ කාපු කට්ට

මෙි සීන් එක වෙන්නෙ මා කොළඹ තාවකාලිකව බුද්ධි අංශ රාජකාරියේ යෙදී සිටියදී වුනු සිදුවීමක්.
මා වාලච්චෙින බුද්ධි රාජකාරිවලින් පසු නැවත එම ප්‍රදේශයේ නොයොදවා කොළඹ ප්‍රදේශයේ රාජකාරි සඳහා තාවකාලිකව මාස හයක පමණ කාලයක් අනුයුක්ත කරනු ලැබුවා. ඒ මගේ ඒකකය ඒවන විට නැගෙනහිර ස්ථානගතව සිටීම නිසා හා මා ඒ රාජකාරි ඉටුකල ප්‍රදේශයේ මිනිසුන්ට මාගේ මුහුන අමතක වීමටත් ඇවැසි අවකාශයක් ලබාදීම පිණිසයි.

මා හටත් මගේ ඉන්චාජ් වූ සැරයන් වරයෙකුටත්  පැවරී තිබුනේ ඉතා භාරදූර කාර්යයක්.
අපි දෙදෙනා වෙනත් වෘත්තීකයන් දෙදෙනෙක් ලෙස පෙනීසිටිමින් පැය විසි හතර පුරාම රාජකාරි කිරීමට සිදුවූයේ උතුරෙන් ගෑස්පහ,නැගෙනහිරෙන් ආමර්වීදිය,දකුනෙන් මාලිගාවත්ත මරදාන සහ බටහිරෙන් කොටුව. ඒත් අත්‍යවශ්‍ය කරුනකට කොළඹ දිස්ත්‍රික්කය තුල ඔිනෑම තැනකට ගමන් කිරීමෙි හැකියාවක් අපි දෙදෙනට තිබුනා.( ඒ වුනත් අපට අපේ සීමාවෙන් පිටව යාමෙිදී "සේල්ස් රෙෆ්" කෙනෙක් වූ අපව භාරව සිටින නිළධාරීගෙන් අවසරයක් ගෙන ඔිල් අයිලන්ඩ් බස් පාස් එකක්ද ගත යුතු වෙනවා.)

උදේ හතට අටට පටන් ගන්න මෙි රස්සාව දෙපයට සෙරෙප්පුවක්වත් නැතුව විටකා රත්පැහැ ගැන්වුන දත් තිස් දෙක උදේ දවල් සහ රෑට හොරෙන් සැද්දත් මැම වෙලාවකම කට රතු පාටින් තබා ගන්න එකවර බුලත් විට දෙක තුනක්වත් කන්න වෙනවා. පාංඩු පාට අත්දිග රතු ඉරි තියෙන සුදු කමිසය මං හේදුවේ දවස් දෙක තුනකට සැරයක්. යං කලිසං මං එන්නං ජාතියේ බෙල් බොටම මගේ ඉනට හෙන ලොකුයි. ඒකත් ඉනට තද කරගෙන සිටියේ ගාංචුව ලොකු දිග බෙල්ට් එකකින්. ඒ බෙල්ට් එක මගේ ඉනවටෙි දෙපාරක් ඔතන්න පුලුවන් වුනත් මා ඒක අවශ්‍ය ගානට කපලා අග උල් කරල දාගෙන හිටියෙ. කොළඹ නගරයේ මද්දහනට ගිනියම් වෙච්චි තාරපාරවල් ඔස්සේ කකුල් පිච්චෙනකොට උඩ පැන පැන දවසකට හැතැප්ම සියයක් විතර නං ඇවිදින්න ඇති. හැමදාම උදේට  මල්වත්ත රෝඩ් එකෙන් පටන්ගෙන හරස්වීදි පහත් මහවීදීයත් ආවරණය කරමින් පීපල්ස් පාර්ක් එක ඩෑම් ස්ට්‍රිට් එකත් ගුණසිංහ පුරයත් ස්ටෑන්ඩ් තුනමත් හරහා නැවත කොටුවට එනකොට හවස් වෙනවා. මෙි ගමනෙදි පොලිස් නිළධාරීන්ගේ උසුලු විසුලු වලට සහ බැනුම් වලට ලක්වෙන්නේ ඔවුන්ගෙන් සල්ලි ඉල්ලලා. 😁😁😁. මට ඒ ආතල් එක සෙට් කලේ අපේම රස්සාව එයාලගෙ දෙපාර්තමෙින්තුව යටතේ කරන රාලාමි කෙනෙක්. ඒත් හිත හොඳ රාලහාමිලා මෙහි නැතුවාම නොවෙයි.
*ෂේර් බඩගිනි අප්පා. කේම නේහ්??
*ඇයි ඔියි වැඩක් කරනවකො.. ඔය අතපය හතර තියෙන්නෙ යස අගේට.
*මට්ට බර උෂ්ෂාන්ඩ බෙි ෂර්. මට ලෙඩෙි තමා තීනවා. පුදු ෂේර්.
*ඒ මොකද්ද ලෙඩෙි.
*අර ෂෙම පුපුලු එන යෙකහ්?
*ඒ කිව්වෙ?
*යේක ෂිංගල නම තන්නෙ නේ. මුකද්දප්පා යේක..අර එඟ වෙවුලලා තමා හුෂ්ම නෙතුව පිම වැටිල පෂ් කන්නෙ..
*මීමැස් මොරේ??
*ආන්නේක ෂර්. ඒ ඉංද කාරුත් වෙඩ තෙන්නෙ නේ ෂර්.
ඔය කයිය ගහල මං සීයක්නං කපනවම තමා.සමහරු කෑම දෙනවා. සමහරු කෑම අරං දෙනවා. ඒවට හරියන්න නිවාඩු ඇවිත් පංසල් ගියාම පිං දෙනවා. අපිට ඒ දවස්වල නිවාඩු ලැබුනෙ දවස් හතලිස් පහකින්. ඒ අතර මැද අම්ම තාත්තා මැරුනොත් ඇරෙන්න නිවාඩු නෑ. හැබැයි ඉතින් ආරච්චිට නිවාඩු ඔිනත් නෑ. ඊට වඩා ආතල් එකක්  කොළඹ ගත්තා.
දවසක් කෙසෙල්වත්තෙ ගිහින් ලෝයර් කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලල හිරේ නොගිහින් බෙිරුනේ හෙන අමාරුවෙන්. එලිෆින්ස්ටන් එක ගාවට ආවොත් පන් හයසීයක් වරදින්නෙම නෑ. දැන් ඔයාලා හිතනව ඇති මං හිඟා කනව කියල.😁😁 නෑ පිංවතුනි ඊට වඩා ටිකක් මෙික   උසස්.😁😁😁.
පංචිකාවත්තට හොරෙන් උස්සල පිටින් ගෙනත් මස් කරන වාහන දහයකට වඩා නං බෙිරල අයිති කාරයන්ට ලැබිල ඇති. මෙි කාලයේ එහෙම වාහනයක් නැතිවලා නඩු ඇවිත් වාහනේ අරගත්තු කව්රුහරි මෙි පෝස්ට් එක කියවනවනං මට පිංදෙන්ඩ ඈ.
ආමර් වීදියේ නීතිවිරෝදි වැඩ කොච්චර නවත්තන්න හැදුවත් ඒකනං බැරි උනා.දුකෙන් හරි කියන්නෙ ඒ සමහර ඒවට නීති නිලධාරින් මෙන්ම සමහර රජයේ අයත් යටත්.

මෙිවා ඉතින් මං තනියෙන්ම කරපු දේවලුත් නෙමෙි.  තව කීප දෙනෙක්ම හිටියා.

 මෙි රාජකාරියේදී මං වැඩ කලේ දමිළ ජාතික සැරයන් වරයෙක් එක්ක. එයා සිංහල අපිට වඩා ත්‍රස්තවාදයට වෛර කරපු කෙනෙක්.එයා  මට  "මචං" වූ අතර එයාටද මාව "මචං" වුනා..
 හමුදාවෙන් ලැබුනු 1110 නොකියා වර්ගයේ දුරකතන අපි දෙදෙනාගේම සාගත මලුවල බැහැල හිටියෙ සිදු කරන වෘත්තීය අනුව ඒවා එලියට ගතහොත් අපිටත් "මචං" කෙනෙකු කොහේදි හරි බඩු බනිස් කරන නිසා. ඒවා දහවල් කාලය පුරාම ඒ තැනම සඟවා තැබීමට තමයි අපි කටයුතු කලේ. සැරයන්වරයා ⁣දමිළ ජාතිකයෙකු වීම නිසා මෙි රාජකාරිය අපිට ගොඩක් පහසු වුවත් මාද දෙමළ නිසා කන්නවුනු කට්ටනම් නිමක් නෑ.
අප දෙදෙනා දිනක රාත්‍රී කාලයේ කොටුව ස්ටෙිෂන් එකේ නිදාගෙන ඉන්න අතරේ නොසිතූ අයුරින් බලාපොරොත්තු නොවු දෙයක් කිරීමට  සිදුවිය.
මා සිටියේ පස්වන ප්ලැට් ෆෝම් එකේ බංකුවක නිදාගෙන. ඒ වන විට රේල් පොලිසියෙන් පැමින අපිව එලියට ඇද දමන්නට දත කෑව. නමුත් අපි ආසාවකට මෙහෙම කට්ට කනවායැ. යන්න තැනක් නෑ බුදු මහත්තයෝ අදට විතරක් මෙහෙම ඉන්නං.ආයෙ කවදාවත් එන්නෑ රත්තරනේ..කියා වැඳවැටෙද්දිත් මාව එලියට දමන්නට පටන් ගත් ඔවුන් ඉන්පසු මා සමග ඔට්ටුතාන් කෙලින්නට පටන් ගත්තා. එහෙන් පන්නනකොට මං මෙහා පැත්තට ඇවිත් බංකුවක දිගැරෙනවා. එතනින් පන්නනකොට දහවෙනි එකට පනිනවා.ඒකෙන් පන්නනකොට ආයෙ තව තැනකට. මුං අපිට බැන්න විදිය මතක් වෙද්දි එදා වගෙම කේන්තියක් තාමත් හිතට එනවා. ඒත් බැගෑපත්වීම හැර අපිට කලයුතු වෙන කිසිම දෙයක් නෑ. ඔහොම තැන් දෙකක් තුනක් මාරු කරනකොට මගී පාලමෙි උඩ නෙස්ටමෝල් පෙට්ටියක් කඩා එලාගෙන නිදාගෙන හිටි සාජන්ද ඒක රෝල් කරගෙන කිහිල්ලෙ ගහගෙන පඩිපෙල බහිනවා මං දැක්කා. ඒත් එක්කම රේල් පොලිසියෙ දෙන්නෙකුත් පස්සෙං එනවා. මටත් ජොලියක් ආව. අයි යකෝ දැං මං තනි නෑනෙ. අරුන්දැලට දැං මාව එලෝලා ඇතිවෙලා අම්ම මෝ නැතුව බැනල බැනල ගියා. රෑ දොලහට කිට්ටුයි. අපේ ටාගට් එක එන්න තව ටික වෙලාවක් යනව. අපි දෙන්නත් දෙමලෙන් කයිය ගහගෙන හිටියා. බිම ඉඳගෙන. ඔය ඉන්න අතරේ මරදාන පැත්තෙන් රේල් පාර දිගේ කොර ගගහ පොරක් එනව අපි දුර තියාම දැකල ඒ කව්ද කියල අඳුරගත්තා. ඒ එනකං තමා මෙිකෙ කට්ට කෑවෙ.
ඒ එන්නෙ කව්දැයි කියල අඳුරගෙන අපි දෙන්නා ඊලඟ වැඩෙිට සූදානං උනා.
සැරයන් මට එකපාරටම දෙමලෙන් අමුතිත්ත කුනු හරපෙන් බනින්න පටන් ගත්තා. යකෝ මටත් කුනුහරපෙන් බනිද්දි කටවහං ඉන්න පුලුවන්ද.මාත් බැන්නා. දැං ස්ටේෂන් එකේ එකම ගිනි විජ්ජුම්බරයක් යන්නෙ. දෙමලෙන් කුනු හරප කිය කිය බැන ගන්නකොට ඔික මිනිස්සු අහන් ඉන්නෑනෙ. පොරවලුත් පටන් ගත්තා අපිට බනින්න. ආයෙ දුවගෙන ආව පොලිසියෙන්..😁😁😁😁 ඇවිත් පොල්ල මෙහෙක් කරනකොට මං දිව්ව. සාජනුත් දිවුව. අහුවුනානං කන්න වෙනා අම්බානකට. මං රේල් පාර දිගේ දිගටම දිව්ව මරදාන පැත්තට. සාජන් මට ගහන්න එලෝනව. මං පස්ස හැරි හැරි රේල් පාරෙ තියෙන මැල් ගල් අහුල අහුල ගගහ දුවනව. යකෝ සාජන් කෙනෙක්ට ගහන්න චාන්ස් එකක් එන්නෙ ලක්සෙකින් විතර එකෙකුට. ඒ භාග්‍ය එදා මට කොළඹදි හිමිවුනා. හැබැයි ඉතින් අපි දෙන්න කොච්චර ගහගත්තත් එකක්වත් වැදුන්නැ.
පස්සෙ මං අර මනුස්සය කිට්ටුව ඇදගෙන වැටුනා. දනිස්ස ඇමැටිටි උනා. අත උලුක්කු උනා. සාජන් මං ලඟට ඇවිත් කනට අතෑරියා පටෝං පටෝං ගාල දෙකක්. මං දන්න ඔක්කොම දෙමල කුනු හරප කිය කිය බැන්නා. මට පයිනුත් ගැහුවා. ගහල එයා එතන ඉද්දි මං කොර ගගහ තාප්පෙකින් පැනල අමාරුවෙන් නැවත පිටකොටුවට ආව. ආයෙ මට සැරයන් හමුවුනේ පහුවදා රෑ. ඒ තොටලඟදි.
මං වෙනුවට ඒ පැය විසිහතරට ගෑස්පහෙන් එහාට ඉන්න කෙනෙක් එයාට සෙට් කරගෙන තිබුනා. සාජන්  රෑ මට කෝල් එකකින් කිව්වා ටක්ගාල එයාල ඉන්න තැනට එන්න කියල. (ඒ වෙද්දි අපේ නිළධාරියෙකුත් මෙහෙ හිටියා.)
මං ගියා.ඒ මුඩුක්කු පේලි පේලි අස්සෙන් සෙරෙප්පුවක්වත් නැතුව චුරු චුරු මඩ උඩින් ඇවිදගෙන ලැට් උතුරපු වතුරත් පාග පාග කිව්ව තැනට සෝට් කට් දදා.
ගිහින් එක තැනකින් මතුවුනා. එතන අර තුන්දෙනාම හිටියා. එතනින් ආයෙ උපදෙස් ලැබුනා වෙනත් වෘත්තීකයෙක් විදියට මාරුවෙලා පොටෝ එකක් අරගෙන ඒක බල බල ආතල් එකක් ගන්න. මං ආව රෑම ගුනසිංහ පුර පැනල අනික් ස්ටෑන්ඩ් එකට. ඇවිත් ඒකෙ පොට් එකක රෑ හොදට නිදාගත්තා.
පහුවදා උදේ කලිසමකුත් ෂර්ට් එකකුත් දාගෙන මූනත් හෝදලා කාල එහෙම නැග්ග බස් එකින් එකට.

නැගල පටන් ගත්තා ඉන්න එවුන්ටත් බැහැල යන්න හිතෙන තරමෙි වොයිස් එකකින්

"⁣අත පය හතරම තිබුනට එපා අහක බලාගන්න
ලස්සන විරිදුවක් කියමි ගමන් වෙහෙස නිවාගන්න"😁😁😁
(පොටෝ එක රබානෙ දාගෙන ඒකත් බල බල තමා විරිදු කියන්නෙ)
ඒ අස්සෙ සාජන් එනවා..
"ටොෆි  ෂික්රෙට් පෙප්රමින්ට් බබල්ගම් යෙකාක් සුවින්ගම් යෙකාක්.. තිබාට බුල්ටො යෙකාක්..බබාලට බබල්ගම් මහත්තුන්ට සුවින්ගම්"ගගා. මං එතනදි ආයෙ පොරට කොක්කක් ඇද්දත් කලින් දවසට වඩා අඩුවෙන් ඇද්දෙ.නැත්තං මගීන්ගෙන් ගුටි කන්න වෙනවනෙ.😁😁.මං එතනින් බැනගෙන  ආයෙ නැග්ගෙ බදුලු යන බස් එකකට.
ඒකෙ කෝපල් නැගල..
ජොතිපාලගේ මියුරු සුමියුරු ගිත සියක්ම  අඩංගු සිංදු පොත රැපියල් වීස්සයි,ලතා වල්පොල නන්දා මාලනී හෙන්රි කල්දේරා ඇන්ටන් රුද්‍රිගු ඉස්සන් මගුරන් ලොකුවැලි ගොව්වන් මෙි දැන් අල්ලපු මාලූඌඌඌඌ..ගීත සීයම රුපියල් වීස්සයි,ගන්න විනෝද චාරිකාවකට ගයන්න ගමන් වෙහෙස යන්න කියවන්න ඔබ ආසම සිංදු සහ ඔබ කැමතිම සිංදු ඇතුලත් සිංදු පොත රුපියල් වීඊඊඊඊස්සයි...චාමර වීරසිංහගේ තනමල්විල මල් මිටියක්ම රුපියල් වීඊඊඊස්සයි ගගා..ඒ අස්සෙ මෙයා නිවාඩු යන අපේ  කොල්ලන්ට වින්ද්‍යා පියාදරි බිරිද පත්තර තුනම ඇගේ ගහනව.කලාප තුනම පනහයි කිය කිය.
ඒකට නැග්ගත් මෙලෝ රහක් නෑ.ඒ කාලෙත් මෙි වගේ තමා.මටත් ලැබුනෙ උපරිම රුපියල් පහයි දහයයි එක් කෙනෙක්ගෙන්. කනක් ඇහිල ඉන්න දැංවත් බැහැපිය යකෝ කියල හිතපු එහෙන් මෙහෙන් කෙනෙක් විස්සක් නුදුන්නාමත් නෙමෙි ඉතින්.
පස්සෙ ඔහොම ඉඳල ඉඳල සැරයන් කිව්ව සෙන්ට්‍රල් එකට යන්න මාත් පැයකින් දෙකකින් එනව කියල.
මාත් ආව. ඇවිත් නැග්ග අනුරාධපුරයකට..
"ආයුබෝ වෙිවා ආවඩා...රජරටින් කොලොම්තොටට කොලොම් තොටින් රජ රටට ආයෙ රජරටින් කොලොම් තොටට ක්ලච් එකත් බ්රේක් එකත් විතරක් පාගන සුක්කානම හුරු දෑතට ඇගෙ සෙනෙහස අහිමි උනත් ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා කිය කිය අටමස්තාන හිමි රජගහනුවරට ඔබව ආරක්සිතව කැටුව යන අපේ ඩැයිවර් මහතා බුදුන් දැක නිවන් දකින්ඩ...ඉතුරු රුපියලත් සතපනහත් අනුන්ගේ කියා තමන්ගෙන් නොදෙන ඔබටත් මටත් පාර කියන නියමිත තැනින් බස්සන ආදර කොන්දොස්තර මහතා දෙයියෝ බුදුවන්ඩ..".

"උදේ ඉඳන් රෑ වෙනතුරු බස් එක බල බල නගිනව
කීයක් හරි හොයාගන්න විරිදු සුරල් දැං ගයනව"

මිහිරි නැතත් මගෙ කටහඬ ගරු මහතුනි වෙඩි වගේය
සිරි සරසවියත් වඩින්නෙ රබන් සුරන් හඬ දිගේය

"අතපය හතරම තිබුනට නැහැ හොර මැරකං කරන්නෙ
පුලුවං විදියට ඇවිදින් රබන් සුරන් හඩ වයන්නෙ"

මං එකම විරිදුව දහපාරක් කිව්වත් ඒ ඔය මිනිස්සු කාටවත් අදාල නෑ.අහන්නෙ රබන් ගහන තාලය විතරයි. ඒක ඉතින් සුපුරුදු උපරිමෙන්ම දීල ඒකෙනුත් දෙසිය විස්සක් කපාගෙන බස් එකෙන් බැස්සා. එදා ඉදන් දවස් හතරක් උදේ දවල් රෑ මං විරිදු කියල කියල හොඳ ගානකුත් හොයාගෙන ඉන්න අතරේ කරුමෙි කියන්නෙ මටයි සැරයන්ටමයි කැටෙි සෙට්වුනා.
මං දැක්ක සැරයන් හීන් සැරේ කැපිල ගිහින් කැන්ටිම ගාව ඉඳන් කෝල් එකක් ගන්නව. මං එකම තැනක ඉඳන් එහෙට්ට මෙහෙට්ට යන්නැතුව විරිදු කියනව.
විනාඩි දහයක් යනකොට යුරෝපීය ඇඳුමෙන් සැරසුනු සේල්ස් රෙප් මහත්තය බස්එකට නැග්ග. (අපේ සර්😁😁) එයාට ටාගට්එක බාරදීල අපි බැහැල ගියා ගියාමයි...එදා ඉදන් දවස්  දහයක් මායි සැරයනුයි කෝපලුයි අපේ පොට් එකේත් පනාගොඩත්  අමර සැපක් ගත්තා.
පසුදාට පසුදා මුලු රටම හෙල්ලෙන ප්‍රවෘත්තියක් සියලු මාධ්‍ය මගින් විකාශය කෙරිලා ඊටත් දින දෙකකට පමණ පසු කොළඹ තාවකාලිකව හරි ආරක්ෂිත තැනක් කරන්නට තරම් අපිට පුලුවන් උනා.ඒකත් මුලු රටම හෙල්ලෙන සයිස් එකේ බය බීතං වෙන ප්‍රවෘත්තියක්.

(කතාව විතරක් රස විඳින්න මගෙ ආදරණීය යාලුවනේ😁😁😁)

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.17

4 comments:

  1. ඔබලාගේ රාජකාරිය අති විශිෂ්ට යි ....

    ReplyDelete
  2. ඕවා බලු වැඩ.... 95% කිව්වනම් ඉතුරු ටිකත් කියන්න ඕනේ.

    ReplyDelete