Monday, May 4, 2020

කොරෝනා ඇඳිරි නීතිය ගෙවුනු හැටි

දැං මට වයසයි.අවුරුදු හැටක් විතර වෙනවා.😁😁 ඒත් තාම දඟකාර වයස. අද රටෙි පවතින තත්වය අනුව ගෙදරටම වී සිටීමට සිදුවුවත් ඒක මහ අමාරු වැඩක්. එකතැනක ඉන්න බැරි කඩිකනවා වගෙ ගතියක් මගේ මුලු ඇගෙන්ම දැනෙන්න ගත්තා. ඒත් පොලිසි ගානේ රස්තියාදුවීමට ඇති අකමැත්ත නිසාම බොහොමත්ම අමාරුවෙන් ඒ කිචි කිචි ගතිය ඉවසාගෙන සිටියත් මෙි ගතවුනු මාසයක කාලය තුල මට සිදුවුනු අසාධාරන කම් ගැන කතා කරන්නට කව්රුවත් නොමැතිවීම ගැන මට හිතෙන්නේම මං මහා අසරණයෙකු බවක්.
පසුගිය ටිකේ මා විසින් ඔබ සැමගේ වින්දනය සඳහා මාගේ යුධ හමුදා ජීවිතයේ සත්‍ය අත්දැකීම් අකුරු කොට පල කිරීම නිසා එම තත්ත්වය තවත් උග්‍ර අතට හැරුනු බවක් මට හැඟී ගියා. ඒ අවස්ථා කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා..
1. බත් අහිමි වීම් 05.
2. බත් දුන්නද කෑලි නොමැතිව හොදි පමණක් බෙදීම් 09.
3. වැඩි සීනි ප්ලේන්ටි කියන්න බැරිතරම්.(දියවැඩියාව හැදීම ඉලක්ක කර)
4. සීනි නැතුව තේ පමණක් ලැබීම්..කියන්න බැරි තරම්..(සීනි වැඩිකරාම ආදරය සෙනෙහස හේතුවෙන්..දැං සීනි දාන් නැතුව දෙනව බං)
5. පැදුරට වැටීම්... හැම රෑකම වගේ.කොහොමත් ඔහොම තමා. (ඕකත් දාඩියයි කියල ලොකු එකා මට කලින් උස්සපුවම බෙස්සීට් එක විතරයි)
6. හැඳි ප්‍රහාර (ඉඳුල් සහිත) ඉහේ කෙස් ගානට
7. හැඳි ප්‍රහාර (ඉඳුල් රහිත) 18 .
8. පීරිසි සහ ඇතිලි ප්‍රහාර 03.
9. හට්ටි ප්‍රහාර 2යි.(ඇලුමිනයම් හට්ටි 01යි.මැටි හට්ටි 01)
10. බැනීම්...හැමතිස්සෙම
11.මුෂ්ඨි ප්‍රහාර...නැත.( දෙන්න හිටියත් මාව අල්ලගන්න බැරිවුනා)
12.ටීවි චැනල් මාරුකිරීම්..දිනපතාම
13.පොල් ගෑම් ...හැම දාම(ඉස්කෝලෙත් පොල්ගාල විබාගෙටත් පොල්ගාල බැදලත් අවුරුදු දෙකක් පොල්ගාල දැං දැං උයන්නත් පොල් ගානව.ඒ මදිවට හීනෙනුත්  පොල් ගානව.)
14. කඩෙි යෑම්.. වෙන දෙයක් වෙද්දෙන් කියා කඩෙි යෑම් දින තුනකට වරක්(බිරිඳට තමා කඩෙි ගියෙ.අම්මනං යවයිද)
15. පෝන් එක චෙක් කිරීම් ...00. මට හොරනේනෙ කරන්නෙ.ඒ වුනාට මං දවස ගානෙ පාස්වර්ඩ් මාරු කරන නිසා බුවීට බෑ.
16. නාන්න වතුර උණු කිරීමි..දින දෙකකට වරක් කලා. (පස්සෙ ඒක එයාම නැවැත්තුව.මොකද මං කහඹිලිය වැල් වගයක් කඩං ඇවිත් පේන්න එල්ලල තිබ්බා)

ඉතින් ඔාහාම බාධක අතරේ ජීවිතේ දෝලනය වෙමින් තියෙද්දි මාගේ  පුරුෂාධිපත්‍ය අහිමි කරන්නටත් මෙයා කුමන්ත්‍රනය කලා.ඒ සටනට මං සාර්ථකව මුහුන දුන්නා.. පස්සෙ මං එයාට ලියපු කතාවක් පෙන්නුව.(කෝප්‍රල් ජයරත්නගෙ ජො⁣කාගෙ වදුරු මෑ උලපු සීන් එක).ඒ සටන ලේ වැගිරීමක් තොරව මං ජයගන්න සමත් උනා.
 එයා හොරෙන් මගෙ කතා බලනව.එයාගෙ එකවුන්ට් එකෙන්.හැබැයි ඒවනම් හරි රහයි..අතීතයට අරං යනව කියල සතුටුවුනා.
ඒත් දවසක් මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.මොකද අහපුවම..
*මගේ කරුමෙට තවුසෙම  බඳින්න වුනානෙ.
*ඔව් කරන්න දෙයක් නෑ.ඒක මගේ උපන්  වෙලාවෙ පැහැදිලව කියල තිබුනා..
*මොකද්ද?
*තමුසෙ වගෙ කේප්ප වැස්සියක් කර ගහන්න ලැබෙනව කියලා.
18. හක්ක අතගෑම් 01.

ඔහොමත් අපි ජීවත්වෙමින් ඉන්න අතරෙ දින කිහිපයකට කලින් ඉඳන් මුලු ගේම හඩු ගඳයි කියමින් මගේ කරට ගොඩවෙන ගතියක් තිබ්බා.කරුණු කාරනා සොයා බැලීමෙිදී...
19.කාල බීල නෑවීම් 18 (කාල බීල යනු මගේ කල්‍යාණ මිතුරු බව්වො දෙන්නා.)
ඉතින් මෙිව ස්වාමිපුරුෂයෙකුට ඇරෙන්න කරන්න බෑ.ඒක අත්දුටුයි.ප්‍රත්‍යක්ෂයි.

මෙි ඊයෙ පෙර්දා දවසක රෑට කන්න නූඩ්ල්ස් හදල තිබුනා. මාත් කාල කාල හට්ටියෙ ඉතුරුවෙලා තිබ්බ එ්වත් කෑවට පස්සෙ ඒව මෙලෝ රහක් නෑ යයි හැඟී ගියෙන් ඒක කියූ පසු පෙර ඒවත් එක්ක
20. බැන වැදීම් 05

ඉන්න බෑ වැස්ස පටන් ගත්තා විතරයි..චූටි චූටි අර පියාඹන කුරුල්ලො එහෙන් මෙහෙන් ගේ ඇතුලෙ සැරි සරද්දි ඩෙංගු බෝවෙලා කියමින් කන් කෙඳිරි ගාන්න වුනා.මාත් පැටිග් එකෙන් බෙිරෙන්න කොපමණ උත්සාහ කලත් බැරි උනා. ඒ අනුව
*නියෝග කිරීම් 03 (වත්ත සුද්ද කිරීම/ගස්වල අතු පෑහීම/ටින් බෙලෙක්ක පොල්කටු වැලලීම් ආදිය)
 ඇත්තටම ජීවිතේ හරි සුන්දරයි. ඒ හිංදනෙ මෙහෙම කියන්න හරි දෙයක් ඉතුරු උනේ.ඒ අස්සෙ වගාවක් ගැනත් ටීවී එකේ යන්න පටන් ගත්තා. මාත් ඔික ප්‍රවෘත්ති වලට කියන්න පටන් ගන්නකොටම පටස් ගාල චැනල් එක මාරු කරනවා. නැත්තං මටනෙ කරදරේ.ඒත් මගේ අතින් රිමෝටෙ උදුරගෙන එයා එයාට ඔිනදේ දානව..ඒකෙනුත් මටම කැටෙි සෙට්වුනා..

21. පාත්ති සැකසීම කරවිල දඹල අවර ලබු හිටවීම් දින 02. (දිනපතා වතුර දැමීම)

මෙි ලඟදි දවසක වසන්තමි චැනල් එකේ හරි ප්‍රෙමණිය ෆිල්ම් එකක් තිබුනා. ඒකෙ කොල්ලා හරි මෝඩ පහයි. ඒ වුනාට ඌ පොක්කෙන්ම අයිටම් එකට ලව්. ගෙනත් දෙන්නෙත් මහ වටින වටින එව්වා. වෙලාවකට බීච් එකේ සිංදු කිය කිය නටනව. තව වෙලාවක මල්වත්තක.තව වෙලාවක නැවක් වගේ බෝට්ටුවක. කොල්ල සල්ලි කාරය. මෙිකිට පන ඇරල ආදරෙයි. අවස්තා කිහිපයක්ම ඒවගේ ආදර වන්තයෙක් එයාට ලැබුන්නෑනෙ කියා කං කෙඳිරි ගෑවා.මාත් ඉතින් කියනව..
*ඇයි හලෝ තමුසෙට ට්‍රයි කරන කාලෙයි ලව් කරන කාලෙයි තරං පාන් බනිස් රෝල්ස් මං මෙි ගෙදරටවත් මුලු ජීවිතේටම තාම ඇදල නෑ.
ඉතින් ඔිකට ලඟහිටපු ලමයි දෙන්නත් එක්ක එකතුවෙලා මට නෝන්ඩි දැම්මා.
22. එයාගේ හක්ක අතගෑම් 01
23. ලමයින්ට බැන වැදීම් 01.
24.අද රෑත් මට බත් අහිමියි ..
අහෝ දුකකි.ඉරකි.තිතකි.මල්වැලකි.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.01


1 comment:

  1. ඔබගේ බ්ලොග් එකට් නම් ගොඩ උනේ අහම්බයෙන් ( අටම්පහුර මාර්ගයෙන් )...... අම්මාෆා....දිවි හිමියෙන් සට සකින කාලේදී වත් නොවිදාපු දුක් කන්දරාවක් නේ මේ ටිකේ උහුලන්නේ....බැරිද ආයේ ඉල්ලීමක්වත් කරලා රාජකාරි රපෝර්තු කරන්න...එහෙමවත් ගැලවීමක් තියෙයි නේ ??

    ReplyDelete