මම කල්කුඩා කඳවුුුුුුුුරේ මෙි දවස්වල හිටියෙ. දිනය 2004.12.26. එදා තමා මුහුද ගොඩ ගැලූ දවස. මෙික අනුවෙිදනීය කතාවක්.
මම එදා හිටියෙ දිවාමුරයක. මං කෑමට ඇවිත් හිටියෙ. මෙි කඳවුර ඇතුලෙම තිබුනා ක්‍රිස්තියානි පල්ලියක්.පොඩි එකක්. නමුත් ඒ වෙලාවෙ ඒකෙ කව්රුත් ඉන්නවනං මං දැක්කෙ නෑ. මං ඉතින් උදේ හතට ඔිෆ්වෙලා මුහුනත් හෝදගෙන කෑමත් කාල ගාඩ්රූම් එක කිට්ටුව ගමන් කරමින් හිටියෙ. හේතුව අපේ සුභ සාධක වෙළඳ සැලක් තියෙනව පාසිකුඩාවලට හැරෙන තැන. මෙහෙ සිංහල පවුල් කීපයකුත් ජීවත් වුනා. මං මෙි වෙළඳ සැලට යමින් හිටියෙ සිගරට් ගන්න. ඒ වෙනනොට වෙලාවනම් අටහමාරට කිට්ටුයි. මං ඉතින් හිමින් සැරේ යමින් හිටියෙ බංකරේට යන්න. එතන ඉඳල මීටර් හැත්තැපහක් විතර දුර තිබුනෙ අපේ බංකරේටත්.
මං ගියා අපේ කඩෙිට. ඒ වෙලාවෙ හිටියෙ මාණ්ඩලික සැරයන් උපාලි. මං ගිහින් සිගරට් තුනකුත් අරගෙන දහයෙ තේ එකට කන්න බිස්කට් එකකුත් අරගෙන එන්න හැරුනා.
එක පාරටම එක විලාපයයි කඳවුර ඇතුලෙ.
කෑ ගහන්නෙ දුවපියෝ දුවපියෝ කියල. ඒත් එක්ක දැක්ක කලුම කලුපාට හෙන පතරංග මහා විසාල අඩි විස්සක් තිහක් විතර උස මුහුදු රැල්ලක් එනවා. යකෝ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් දැකල නැති දෙයක් වෙමින් පවතිනව. ඒත් මං හිතුවෙ ඔික ගොඩට ආවත් ඔන්නං අපේ ලයින් එකෙන් මෙහාට එන එකක් නෑ කියල. ඒත් එක්කම ඇතුලෙ හිටපු ඔක්කොම අතට අහුවෙච්චි අහුවෙච්චි දේවල් අරගෙන දුවල එනව පාර දිගේම. සමහරු කම්බි වැටවල් කෙලින් කරගෙන දුවනව. මටත් මහ අමුත්තක් දැනෙන්න ගත්තා. හිත කිව්වෙම දුවපිය කියල. එහෙම්මම එතන ඉඳන් මාත් පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා මුහුුුුදඑනෝ දුවපියෝ කියල. ඒ ගමන්ම මගේ පොයින්ට් එකේ උන් දෙන්නටත් කෑ ගහල කිව්ව දුවපියාාාාාාාාාාාව්ව්ව්ව් කියල. ඒ වෙනකොට මාව කට්ටිය පහුකර ගෙන දුවනව. තාම රැල්ල එනව මග හොදේ. මෙිව විස්තර කර ල කිව්වට සිද්ද වෙන්න තත්පර ගානෙන් වෙලාව ගියෙ. මං බැලුව අපේ පොයින්ට් එකේ වුන් දුවනවද කියල.අම්මට සිරි කඩාගෙන පැන්නා උඩින්ම එලියට. මාත් ඇරිය ඇරිල්ලක් මහතුනි මගේ සම්පුර්න වගකීම භාර දුන්න කකුල් දෙකට. දීල කඳ කකුල්දෙකට උඩින් කෙලින් කරල චුට්ටක් ඉස්සරහට නමල ඔලුව කෙලින් කරා. අම්මට සිරි කකුල් දෙක තමන්ගෙ වගකීම ඉටුකරනව සියේට සීයක්.
පිටිපස්සෙන්ම දැං බඩු එනව. දුවාගන්න බැරිවුනා අන්තිම ටික දෙනාට රැල්ල ආව. මාත් ඒ කිට්ටුව. එකපාරටම කලුපාට වතුර කඳක් පෙන බුබුලු දමාගෙන ආව, අපිව පහුකරල ගියා. මගේ දනහිිිිසගාවටම වතුර ආව. දැං අපි උඩ පැන පැන දුවනව. කෑ ගගහ. සිවිල් ආමි පොලිස් තුන්ගොල්ලම.කලවම් වෙලා. අපි දිව්වෙත් කෑ ගගහ. ජීවිතේ ආසාව අතහැරිය. දනිස්දෙක කිට්ටුව වතුර. අපි නැවතුනා. ආපසු හැරිල බැලුව. එන්න එන්න වතුර වැඩිවෙනව. මුහුද පේන්නෑ මෙි හරියට වැහිල. අපි බොහොම අමාරුවෙන් ගොඩට ඇවිත් ටිකක් බලන් හිටිය මොකද වෙන්නෙ කියල. පොලිසියෙ කට්ටියයි සිවිල් මිනිස්සුයි දුවනව. අපි ගැලෙව්ව බූට්. කලිසම් ෂර්ට්. යට ඇඳුම් පිටින් ආයෙ වතුරට පැහැල පාර දිගේ එන්න ආව. ආයෙ වතුර වැඩිවුනා. කොහොඹ ගහක එල්ලුනා. පපුව කිට්ටුවට වතුර. ඒත් අපේ කොල්ලො ගැන බලන්න ඔින ජීවිතේ ගියත්. ඒකයි ආපහු හැරුනෙ. සමහරු කෑ ගහනව. සමහරු ගස්වල එල්ලිලා. අත් දෙකක් විතරක් මුහුද පැත්තට ගහගෙන යනව වගේ දැක්කා. තත්වෙ දරුණුයි. මෙි වතුර එක්ක අපිට පොර බදන්න බෑ. අනික රස්නෙයි ගඳයි කලුපාටයි. අපි වතුර ටිකක් අඩු වෙනකං හිටිය. අපිව මුහුද පැත්තට අදිනව වැඩී. මෙහෙම හිතාගන්නකො. අපි වැවක කරවටක් බැහැල නානකොට පොඩි පොඩි රැලි ඇවිත් මූනෙ වදින්නෙ ආං ඒවගෙ සීන් එකක් මෙතන තිබුනෙ. මෙි මගේ අත්දැකීම. මෙික සමහරු හිටපු හිටපු තැන් අනුව අත්දැකීම් වෙනස් වෙන්න පුලුවන්.
අපිට සිද්දවුන දෙයක් සිද්ද වෙන දෙයක් හිතාගන්නත් බෑ. තේරුම්ගන්නත් බෑ. කලයුතු දෙයක් හිතාගන්නත් බෑ. කොටි යුද්දෙයක් නං ඔින දෙයක්. ඒත් මුහුද අපිව හොයාගෙන ඇවිත් අපිව මරන්න හදද්දි මෙි කිසි අත්දැකිමක් නැති අපි මොනා කරන්නද.
සමහරු කොටුවෙලා එහෙං. අපි ලග ලග හිටපු අය ආයෙ වතුරට බැහැල ගහෙන් ගහට පීන පීන අපේ කට්ටිය ඉන්න තැන්වලට ආව. අවුලක් නෑ. එකම සිද්දාන්තය අපි බය වෙලා හිටපු එක විතරයි. පීනන්න අමාරු තුවාල වෙලා හිටපු එක්කෙනෙක් අපි අරගෙන ගොඩට ආව. එතනින් එහාට මුකුත් කරන්න බෑ. පැයක් එකහමාරක් යද්දි වාලච්චෙනෙන් ආව. අපි පයින්ම ආව දුවගෙන පාලමට. ඒ වෙද්දි ගොඩක් අය පාලමට ඇවිත්. මං දැක්ක ඔිට්ටමාවඩි කලපුවෙ කිට්ටුව ගොඩබිම පොල්ගස් උඩ බෝට්ටු රැඳිල තියෙනව. කලපුව පාලම උඩින් වතුර ගියාය කිව්වා දැකපු කට්ටිය. අපි කීප දෙනෙක් පාරෙ ඉදන් අදුරන අදුරන අය නවත්ත ගත්තා මගින්. මොකද නැත්තං උං ගෙදරම දුවන සයිස් එකක් තිබුනෙ. මාත් කලිසම විතරයි අරං ආවෙ. ඒක විතරයි හම්බුනේ.
දැං බලං හිටියා වතුර බැස්ස කලපුවෙ. අපි හතර පස්දෙනෙක් ආයෙ කල්කුඩා බලා ගියා. පයින්ම. අපි හිටපු හරියෙ ආමි එකේ මහත්තුරු හිටියෙ නෑ. ඒ නිසා කාටවත් කිය කිය ඉන්න ඔින වුනෙත් නැහැ. අපි පැයක් දෙකක් යනකොට කල්කුඩාවලට ආව. එනකොට වතුර බැහැලා. රැඳිච්චි වතුර විතරයි තිබ්බෙ.. කල්කුඩා පොලිසියෙ බිල්ඩිමක් ඉතුරු වෙලා තිබ්බා. කල්කුඩා කදවුරේ කිසිම කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. සියලුම දේවල් හෝදගෙන මුහුද අරන් ගිහින්. අපේ රනිල් සිල්වා කියල කොල්ලෙක් රැල්ලට කොටුවෙලා පල්ලියෙ වහලෙට නැගල. ඒ ඉන්න අතරේ ජීවිත කිහිපයක්ම එයා බෙිරගෙන තිබුනා. ඒ අතරින් 232බසේමු බළසේනාධිපතිගේ ආදරණීය දියණිය, සහ ඔහුගේ බිරිඳ,අපේත් පස් දෙනෙක් විතර බෙිරගෙන තිබුනා. කිව්වට විස්වාස කරන්න යාලුවනේ මෙි හැම කෙනාම බෙිරගෙන තිබ්බෙ මූට හෙනට තුවාල වෙලා ලේ පෙරි පෙරි. ඒ වෙලත් මූ ඒ කිසි කෙනෙක් දාල ඇවිදිනුත් නෑ. රනිල් සිල්වාට හොදට පිනන්න පුලුවන්. එයා ස්වීමින් කෝස් එකකුත් කරපු කෙනෙක් හමුදාව ඇතුලෙම. ඒකෙන් ගත්තු ප්‍රයෝජනය බලන්නකො. ජීවිත කීයක්ද.
ඊට පස්සෙ අපි ගියා අපේ තුවක්කු හොයන්න. කිසි දෙයක් නෑ. හැමදේකම සලකුනක්වත් ඉතිරි නොකර මුහුද විනාශ කරලා. ආටි ගන් එකක් තිබුනෙ පොලිසියෙ පස්කන්දක්උඩ.. අපිට වැඩි වෙලාවක් ඉන්න බැරිවුනා. අපිව අරගෙන ගියා වාලච්චෙිනට. අපේ කට්ටිය ඇවිත්. ආමි අපි කිහිප දෙනා ඇරෙන්න එක මිනිස් පුලුටක් නෑ. සතෙක් නෑ.කුරුල්ලෙක් නෑ. අඩුගානෙ කපුටෙක්වත් හිටියෙ නෑ. අපිට කිසි දෙයක් කතා කරගන්න බෑ. වචනයක් කතා කරන්න කට ඇරියනං මුහුද ගොඩගැලුවට වඩා වතුරක් අපේ ඇස්වලින් වැටෙනව. අපේ ගොඩක් මැරුනා. බලසේනාධිපතිතුමා, සහ ආදරණීය පුත්‍රයා පවා මෙලොව හැරගිහින්.
මම එදා කල්කුඩා අතැරල ආවට පස්සෙ ආයෙ කවදාවත් යන්න වුනෙත් නෑ. පස්සෙ අපි ප්‍රවෘත්තිවලින් දැන ගත්තා අහිංසක මිනිස්සු බරගානක් මැරිල කියල. අපේ කට්ටියත් පොලිසියත් කට්ටිය මැරිල කියල.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.05
No comments:
Post a Comment