Tuesday, May 12, 2020

කෝන් නිසා නැවතත් කල්කුඩා කඳවුරට

මෙි සිදුවීම වෙන්නෙත් වාලච්චේන බ්‍රිගේඩ් එකේදි.
මම මෙහෙ හිටියෙ අපේ ඊ කණ්ඩායම යටතේ.
මෙහෙ රාජකාරි අමාරු උනාට ටිකක් විතර විනෝද ජනකයි.

මෙි සිදුවීම වෙද්දි මං හිටියෙ සෙක්ටර් 3 දිවාමුරයක. මෙි කඳවුරේ හැදුවා තඩි සයිස් පතරංග ලිඳක්. ඒක අඩි තිහක් විතර පළලයි. අඩි විස්සක් විතර ගැඹුරැ උනත් කටමට්ටං ඔින වෙලාවක වතුර තිබුනා.
මෙි කඳවුරේ මෙි වනකොට නාන වතුර ප්‍රශ්ණයක් තිබිල තමා මෙි ලිඳ කැපුවෙ. ඊට පස්සෙ බළසේනාධිපති තුමාගෙ උපදෙස් පිට හැදුවා වැසිකිලි පහකුත් ලිදට සමගාමිව ටිකක් දුරින්. අපිත් මෙිකෙ අත්වැඩ දුන්නා. නැත්තං හරිනෑනෙ😁😁 ඒ හිංද.
මං ඩෙිගාඩ් හිටියෙ ඔය වැසිකිලි බැදල එහෙම ඉනර වෙන දවස් ටිකේ. ඔය කාලෙ අපි දිවාමුර සතියක් වැටෙනව එක දිගට. ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරන්න ආතල් එකක් ගන්න ලියුමක් ලියන්න එහෙම වෙලාව නිදහස තිබුනා.
ඔහොම ඉන්න අතරේ වැසිකිලි බැඳල දොරවල් දාල වැඩ සම්පූර්ණ කරල තියෙද්දි ඔික පාවිච්චි කරන්නත් අවසරේ ලැබුනා. අපිටත් ඉතින් මෙික හෙන මැජික්. අලුත් පිටමනෙ තාම.

ඉතින් එක දවසක් මං උදේ මූන හොදල නා කියාගෙන එන්නං කියල මෙි ලිඳට ගියා. ගිහින් වැසිකිලියට ගියාට පස්සෙ මට හෙන අඩුපාඩුවක් තේරුනා. ඒක නිකන් මහ අමුතු කාලකන්නි හැඟීමක්. මාත් ඉතින් හිමීට වැඩෙි කරගෙන නාල මුන හෝදල පොයින්ට් එකට එහෙම ගිහින් කාල එන්න ගියා. මං තමා අන්තිමෙිටම ගියෙ.
මං කාල එනගමන් අර අඩුපාඩුව සකසන්න ලිපෙන් අඟුරු කෑලි දෙක තුනකුත් සාක්කුවෙ දාගෙන ආව.
ඇවිත් මගේ මුරකාලයත් ඉවරවුනහම අර කාලකන්නි හැඟීම පිට කරන්න අඟුරු කෑලි ටිකත් හිමින් සැරේ අරන් ටොයිලට් එකට ගිහින් දොර වහගත්තා.ඒ හැඟීම පිටවුනේ මෙි විදියට;

රෙන්ඩ බර තිබුනට
දුවගෙන ආව පලියට
වටපිට කැත නොකොට
රීල පලයන් හිතේ හැටියට.

ඔය හැඟීම ටොයිල්ට් ඔක්කොගෙම දොරවල් වල ලස්සන රවුම් අකුරෙන් ලිව්වා.ලියල මං මගේ පාඩුවෙ වැඩ කරගෙන ඉන්නකොට හවස ගියා නාන්න.
ටොයිලට් ගිහින් ආපු එකෙක් තව කෙනෙක්ගෙන්  අහනව
*කවිද බං අර කකුස්සියේ දොරවල්වල කවියක් ලියපු පාහරයා??
*මාත් දැක්ක.කව්රු උනත් හැබැයි ගැලපෙන දේයක් ලියල තියෙන්නෙ😁😁😁
*ඒ වුනාට බං අලුත් ටොයිලට් පේලියෙම ලියලනෙ.බලහං ඒක ලියල තියෙන කැත විතරක්.සම්මානයක් දෙන්න වටිනව මොකාට උනත් ලියාපු එකාට.
මං මීක් නැතුව අහං ඉදල ආව.😁😁😁

ඔහොම ඉන්න අතරේ මං ඒ දිවාමුරයෙන් නිදහස් වෙලා එලියෙ පොයින්ට් එකකට ආව.
ඒ ඇවිත් ඉද්දි දවසක් කාර්යාලීය උවමනාවකට  කඳවුර ඇතුලට ගියා. ඒ එද්දි දෑස් කුලප්පු වෙන ඇඹුල් සහගත සිතිවිල්ලක් චිත්ත සන්තානයේ පහල වුනා. ඒ සිතිවිල්ල කොච්චරද කියනවනං වෙිල් දහයකින් විතර කාල නෑ වගේ දැනුනා.ඇස්වල ඇඹුලට කෙල පිරුනා.  කලු ඉංගිරියාව කටෙි නලියන්න උනා.
මහ අඹවලු ගොඩයි ගහේ..😁😁😁
පස්සෙ හොඳට වට පිට බලල හීන් සැරේ කරතකොලොම්බන් ගහට කිට්ටු කලා. වැඩිය නෑ ගෙඩි විස්සක් විතර පොඩ්ඩක් හිමින් සැරේ කඩ කඩ බිමින් තිය තිය ඉද්දි එක පාරටම
*කව්ද අයිසෙ ඔය අඹ කඩන්නෙ කියල මහ නපුරු කටහඬක් ඇහුනා.
අම්මටසිරි වෙන්න කියල පැනල දුවන්න හිතුනත් ඒක සෙබල ගතියක් නොවෙන හිංදම
*සර්..
*සර් තමා මෙහෙ එනව.මෙහෙ එනව.මෙහෙ ලඟට එනව.
හද්දෙයියනේ බළසේනා මෙිජර් තුමාහ්😮😮😮😮
*කව්ද තමුන්ට අඹ කඩන්න කිව්වෙ.
*කාරුත් නෑ සර් කියල මහා අසරණ බැල්මක් දාල මං පිලිතුරු දුන්නා.
*තමුන් දන්නවද ඔිව  කඩන්න එපා කියල තියෙන්නෙ කියල.
නෑ කියන්න බෑ. නෑ කිව්වොත් අඹ කැඩුවට වඩා හපන් සෙල්ලමක් වෙනව. මොකද කඳවුරේ නියෝග දන්නෑ කියන එක අඹවලු වලට වඩා ඩෙින්ජර්. ඒ නිසා සද්ද නැතුව හිටිය.
*තමුන් සිග්නල් නේ?
*ඔව් සර්.
*බලනව අයිසෙ.තමුසෙ අනික් මිනිස්සුන්ගෙ නමත් කනව. අඹ කීයක් කැඩුවද.
*ටිකයි සර්. විස්සක් විතර.
මං ඇත්තම ගාන කිව්වෙ සර් එක්ක මෙික දෙකට බෙදාගෙන  ඩීල් එකක් ගහල සේප් වෙන්න පුලුවන් වෙයිද බලන්න. ඒත් වුනේ වෙන එකක්.
*ඒ අඹ ටිකත් එක්කම තමුසෙ දැංම ගිහින් තමුන්ගෙ ඔිසී හම්බෙනව හරිද.මං ඔිසිට කෝල් එකක් දෙන්නං.

බුදු කිරි අප්පේ ඔිසී හම්බවෙනවට වඩා හොදයි මෙතුමම මට වෙඩි තියල දැම්මනං.
මාත් කන්දෙක සාක්කුවෙ දාගෙන ගිහින් ඔිසී හම්බුනා.
*මෙහෙ එනව අයිසෙ. තමුසෙ මොකද්ද ඒ කරපු වැඩෙි.බලනව බ්‍රිගේඩ් එක ලගම ගහේ බයනැතුව කොහොමද අයිසෙ ඔහොම කරන්නෙ.
මං සද්ද නැතුව හිටියා. මොකද ඔිසී අහන ඒවට පිලිතුරු දෙන්න ගියොත් සයිනයිඩ් කෑව වගේ වැඩක් වෙන්නෙ.
*තමුන් දන්නවනෙ අඹ කඩන්න එපා කියල තියෙන්නෙ කියල නෙහ්.
*ඔව් සර්
*එහෙනං කැඩුවෙ..
දැං දීපල්ලකො දැං උත්තර.මං උත්තර දෙන්න ගියෙනෑ.
මං දිහා ටිකක් වෙලා බලං ඉඳල
*යනව යනව අයිසෙ යන්න.ආයෙ එහෙම මොනවට හරි චෙක් උනොත් එලෝනව ආපු දිහාටම යන්න තේරුනාද.
*ඔව් සර්.
ඔික බලාගෙන හිටපු සීඑස්එම්
*ඒයි ආරච්චි මෙහෙ වරෙන්.
*ඇයි සර්
ඔිසී මොකද කිව්වෙ.
*මට පැලෙන්න ආදරෙයි කිව්ව සර්.
*පලයන් හු&@%$ යන්න.
*ඇයි සර් කතාකලේ.
ඔිකත් අරං වරෙන්කො මෙහාට. සීඑස්එම් මාව බැලන්ස් කරන්න හදනව හිතෝතුනි අඹ ටිකට අර්න්න.
මාත් අඹ ටික අරගෙන සීඑම්එම් හිටපු තැනට ගිහින් අඹ ටික හලල ඩීල් එකක් කතා කලා.
*සර්ට අඹනෙ ඔිනෙ. දෙන්නං. හැබැයි මට විසි දෙවෙනිදා නිවාඩු යන්න ඔින.
*ඇයි මොකටද.
*ඇයි මං ගිය පාර ආපුවම කිව්වෙ වෙඩින් එකක් තියෙනව කියල.
*හරි හරි.ඒක ඔිසීට කියල තියෙන්නෙ.වෙඩින් කාඩ් එකත් දාල තියෙන්නෙ.
මාත් අඹ ටික ගොඩවල් හතරකට බෙදුව. එකක් ඉතුරු වුනා.
*සර් මෙි පහ බීඑම්ගෙන් බැනුම් ඇහුවට. මෙි පහ ඔිසීගෙන් බැනුම් ඇහුවට කියල ඒ ගෙඩි දහය පැක් එකට දා ගත්තා.
මෙි පහ ඔිසීට දෙන්න සර්.ඉල්ලන්න හිතෙන්න නැතුව ඇති පවුනෙ. මෙි පහ සර්ට.
මං සාදාරනව වැඩෙි ඉවර කලා.
* එතකොට අර ගෙඩිය.
*ඒක ආරච්චිට සර්.ඌනෙ අඹ කැඩුවෙ.
අපි අඹටික ඒ විදිහට බෙදාගෙන මගේ ටික අරං මං පොයින්ට් එකට ගියා.
ගිහින් අපි අඹටික කපාගෙන කෑවත් වෙච්චි දේ කියන්න ගියේ නෑ. විළි ලැජ්ජාවෙ පුලුවන්ද මා මත්‍රොර්ණි ඔිව කියන්න යන්න.
ඉතින් ඔහොම ඉන්න අතරෙ වෙිගයෙන් කාලය ගතවෙලා පහුවදා හවස හතර විතර වුනා.
ඔය පොයින්ට් එක තිබ්බෙ පේපර් මිල් එකටයි කදවුරටයි ඇතුවෙන තැන පාරෙ. ඔය හරියෙ තිබුනා පට්ට කෝන් ගහක්. ගෙඩි වකාරෙ. දකින දකින අය පිස්සු වැටෙන සීන් එකක් එ්කෙ තියෙන්නෙ. හරියට එල්ඊඩී බලුප් පත්තුකරල වාගෙ. දුකේ බෑ.ඇඹුල් උනත් කෝන්නෙ හද්දෙයියනේ.😁😁😁
මං හීන් සැරේ හවස හතරට විතර තවත් එකෙක් ඇදගෙන ගියා පාත පාත තියෙන ගෙඩි ටිකක් කඩන් එන්න යමු කියල. ඒත් පාත තියෙන ඒව කඩන්න උනත් ගහට නගින්න ඔින.
මාත් බූට් දෙක පිටින්ම ගහට නැග්ග.උඩටම නැග්ග.නැගල  ගෙඩි තියෙන ඉති ඉති කඩල බිමට දැම්ම.ගහේ ඉදගෙනත් මං ගෙඩිය ගෙඩිය කෑව.
ඔහෙම ඉන්න අතරේ යට ඉඳන් අනිකා කෑ ගහනව.
⁣*මෙිව ඇඹුල්නෙ බං..
*ඇඹුල් තමා යකෝ ඒකනෙ කෝං කියන්නෙ.ඒක මගෙ වැරැද්දද්ද ප&@%$යො.
*ටිකක් ඇති බං. වැඩිපුර කඩන්නෙපා.
*නෑ නෑ.ටිකක් වැඩිපුර කඩල බීඑම්ටත් යවමු.අඹ කඩපු එකට බැනල මහන්සිත් ඇතිනෙ
අපේ ඔිසීටත් ටිකක් යවමු.පවු නෙ අසරණයා.මූලග්ගායවත් වැඩිවෙන්නැතෑ.

කෝන් කඩ කඩ හිටපු මට එක පාරටම වෙනස් යමක් මීටර් උනා.යකෝ මාත් එක්ක කෝන් කඩන්න ආපු  සෙනාගෙ කට හඬ නෙමෙිනෙ ආවෙ..මං එක පාරටම බිම බැලුව.
ටහුඩු...😮😮😮 කාල වරෙල්ලකො.බ්‍රිගේඩ් කමාන්ඩගෙ බඩිය කෝං වල්ලකුත් අතේ තියාගෙන ගහ උඩට විරිත්තගෙන මාත් එක්ක කයියෙ.. බ්‍රිගේඩ් කමාන්ඩරුත් කිරි කොකා වගෙ සුදු ශෝටයි සුදු ටීෂර්ට් එකයි දාගෙන ඉනට අත්දෙකත් තියාගෙන පාරෙ හිටගෙන මං දිහා බලාගෙන.සේනාරත්න බ්‍රිගේඩ් කමාන්ඩගෙ ඉස්සරහ ඩිප් පොසිෂන් එකේ ඉන්නව.
මට හීග් ගැවුනා. ඇඟ රත්වෙලා හිරිවැටිල ගියා. අරූ හොඳවෙලාවට  බ්‍රිගේඩ් කමාන්ඩර්ටත් යවමු කියල කිව්වෙ නැත්තෙ.නැත්තං මොනා කියවෙයිද දන්නැ.

හපොයි.මං හිනාවක් දාගෙන ආසියාවෙ අහිංසකය වගේ ගහෙන් බහින්න ලේස්ති වුනා.
*හා හා හිමින් බහිනව හිමින් බහිනව. බ්‍රිගේඩ් කමාන්ඩර් කිව්වා.
*ගඩ් ඊවිනින් සර්. සාක්කුවෙ ඔබාගෙන හිටපු කැප් එක අතට ගන්න ගමන් සීරුවට ඇවිත් විෂ් කලා.
*ගුඩ් ඊවිනින්. තමුසෙගෙ නම මොකද්ද
*ප්‍රයිවට්ටාරච්චි සර්.
*ආරච්චි ඔහොමද රාජකාරි කරන්නෙ.
මොනවද ගහේ කලේ.
 බෝදි පූජාවක් කලා කියන්න කටට ආවත් හරි අමාරුවෙන් කට තදකරල පියා ගත්තා.සර්  නිරීක්ෂණ මුරයක් කරනවා වද්ද දන්නෑ කියල හිතල එහෙම අහන්න ඇත්තෙ.
*කෝන් ගෙඩි දෙකතුනක් කැඩුව සර්.
*බලනව අයිසෙ.සිවිල් මිනිස්සුත් පාරෙ යනව.තමුසෙ ගහේ..කියල ඉවරවෙලා
ඔිසිත් එක්ක ඇවිත් හෙට උදේ මාව හම්බවෙනව කියල විතරයි කිව්වෙ.😁😁😁

මාත් හවසම ගිහින් සීඑස් එම්ට විස්තරේ කිව්වා. ශේප් එකක් දාගන්න බලන්න.
එයා ඔලුවෙ අතගහගත්තා.
කොහොම හරි සීඑස්එම් ඔිසීට සීන් එක ඔිසීට කිව්වා.
ඔිසී..
*ආරච්චි........,෴.......෴......෴......෴(කිව්ව ඒව අහන්න ඔින නං ලග ඉන්න පොඩි  ලමයි අහක් කරල හෑන් පී එක ගහල අහගන්න හිතෝතුනි😁😁😁)
 *මට එහෙම බැන්නොත් මං තවුසෙව ඉතුරු කරන්නෑ හරිද?? අවසාන වශයෙන් කිව්වා.
හෙට උදේ අටට ඇවිත් හම්බවෙන්න කියනව සීඑස්එම් මූට..අනිකා ඒ පොයින්ට් එකේ ඉන්චාජ්ට ඇවිත් මාව වෙනම හම්බවෙන්න කියනවා හරිද සීඑස්එම්.

මාත් බිලට් එකට ගියා.(බඩුම බනිස්😁😁)
දැං කන ඒව ඇඟට අල්ලන්නෙත් නෑ.චෙක් වෙන්න එපා කියල පැය විසිහතරක් වත් ගියේ නෑ බඩු බනිස් උනානෙ.

මං කෝකටත් කියල එලියෙ තිබ්බ රෙදිටිකත් පෙට්ටියට නමල එහෙම දාල දාහත් පොලක විතර තිබුනු බඩු ටික එකතැනකට එකතු කරල පොයින්ට් එකට ගියා.
පහුවදා මායි ඔිසීයි දෙන්නම ගියා සර් හම්බවෙන්න.
හැබැයි බ්‍රිගේඩ් කමාන්ඩර්නම් මුකුත් කිව්වෙ නෑ.ආය ඔය වගේ වැඩ කරන්නෙපා කියල විතරයි කිව්වෙ.
එතනින් පෝල්අවුට් වෙලා ආව ඊලඟට ඔිසීගෙ ගුන ගායනාව අහන්න.
ආරච්චිගෙ දවල් කෑම බ්‍රිගේඩ් එකෙන් රෑ කෑම කල්කුඩාවලින් ගත්තා. හරී පවුනේහ්??😁😁😁

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.12

1 comment:

  1. යුද්ධ වටාපිටාවක දී ඉහල පහල සියලු නිලයන්ගේ ඇති ආතතිය සමනය කරලීම සඳහා කරන ලද අනීතික, අසම්මතික ක්‍රියාකරකම් මගින් යුද්ධය ජයගැනීම සඳහා දෙන ලද දායකත්වයට හිමි 'ආතල්' සම්මානයට හිමිකම ලබන .....

    ReplyDelete