Thursday, May 7, 2020

ලිඳ ලඟ සංගමය



ගම මැද පින් ලිඳකි වෙල අයිනකට             වුනූ
පටබැඳි නම්ය තොටුපල සහ පොකුණ       යනූ
කුඹුකේ ගස් මුලින් සීතල වතුර                    ඉනූ
සිත ගත වෙහෙස මැඩ මොහොතින් කරති සුනූ

කබොකෙන් තැනූවද හතරැස්                හැඩෙිට
උතුරයි වතුර නිතරම  නිල්                      කැටෙිට
මහනෙල්  සුවඳ යනවිට සිව්                     වටෙිට
දියනෑමෙි දොළක් එයි ගම්                        නඩෙිට

අවුරුදු පහ හයේ සිට මව සමග                  එහී
ගොස් නා ආපු හැටි ගැන ගැන්නවුනි           සිහී
සෝදා රෙදි පෙරෙදි, ඇය නා, ලණුව             ලිහී
අාපසු ගෙදර එනකොට මළ හිරුද               බහී

අප ගම රස්සාව ගොඩ මඩ ගොවි          තැනය
වැඩිපුර කතාබහ ලිඳ ලඟ ඒ                   ගැනය
සමහරු විහිලු, තව සමහරු බණ          ගැනය
මෙතනත් ඔිපදූපෙට හරියන                    තැනය

එළ සහ මී ගොණුන් පෙළ තණ බුදිති      වෙලේ
තිබහට ඔලුව ඇලකර කෑ ගහන            වෙලේ
නැත කිසි බෙිදෙ,මිනිසත් කම ඉහල       පෙලේ
කණුවෙන් ලිහා අරගෙන විත් දමති         ඇලේ

දියුණට මෙ ගම තීන්දු තීරණ                   ගත්තූ
සමගිය සාම කටයතු පිළිබඳ                     දත්තූ
මෙතැනදි එක්වුනේ පිරිමින් බව              ලත්තූ
උපදෙස් ⁣දෙන්නෙ වැඩිහිටියන් වැද          ගත්තූ

එදවස මව හැඩයි පාටයි තරුණ              වියයි
ඉහලට උගත් මුත් ඒ සමිතියට             නොයයි
අම්මගෙ  කට සැරයි අම්මට ගමම           බයයි
එනමුදු ගමෙි හොඳ වැඩ ගැන නිතර    හොයයි

මෙතැනදි එකතුවෙන උන් සක්වල              පීනූ
දෙපිටට කියයි බස් තම අදහස                   මෑනූ
අකමැති හිංද මෙිවට සමහර                     ගෑණූ
තරහෙන් පිටව යයි දික්කරගෙන                මූනූ

රුව ලස්සනයි ඇය විසුයේ ගම්                 මැදය
ඇගෙ අත ගනු රිසින් හිටියේ දත්              මැදය
මගෙ දීගයත් හරි ගැස්සුවෙ පිං                  ලිඳය
දිගුකල් දිනේවා ලිඳ ලඟ සං                        සදය

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.02.07

No comments:

Post a Comment