මං එතකොට වාලච්චෙින ඔට්ටමාවඩි පාලමෙි රාජකාරි කලේ.
මට මෙි වෙද්දි පැන්ෂන් එන්න තවත් ඉතුරුවෙලා තිබුනෙ අවුරුදු විසි එක හමාරක් වගේ පොඩි කාලයක්. 😁 😁😁
මං මෙතනට ඇවිත් දවස් තුනක් ඇති. අපි හිටියෙ එතකොට බ්‍රිගේඩ් එකේ. ඒ කියන්නෙ කෑම්ප් එක වටෙිට පොයින්ට් පහක් තියෙනව. කිරි මංඩලේ, පාලම,කාවත්තමුනෛ,ට්‍රාන්ස්ෆෝමර් ගාඩ් එක සහ පේපර් මිල් එකට ඇතුලු වෙන තැන ගේට්ටුව.අපිව සතියෙන් සතිය ඒ පොයින්ට්වලට මාරු කරනව. මෙි සිද්දිය වෙනකොට වෙලාව ඇති උදේ නවයට විතර.ඒ කෑම ආපු වෙලාව.එහෙම තමා අපේ සප්ලයි.උදේ කෑම නවයට.දවල් කෑම තුනට හතරට.රෑ කෑම හතට අටට එන්නෙ. හැමදාම උදේට යක්කු සීයක් කන්න බඩගිනි එන ටයිම් එකක්. කොහෙන් බත් ලොරිය මතුවෙයිදෝ කිය කිය බලන් හිටියෙ මාත්.
ඔහොම පොයින්ට් එකේ සෙන්ට්‍රි ඉන්නකොට කෑම වාහනෙත් ආව.මං කෑම දාසය දෙනෙකුට ගත්තා.අපි දහතුනක් ඉන්නව මෙතන.රෝඩ් බ්ලොක් එකේ අයත් එක්ක දාසයක්. ඒත් රෝඩ් බ්ලොක් ගියාම මෙතන ඉතුරුවෙන්නෙ අපි දෙන්නයි.සැරයනුයි තුන් දෙනයි. තේ දාන ඒව වතුර සප්ලයි කරන ඒවත් මෙි දෙන්නගෙන් තමා කෙරෙන්න ඔින.
මං දහයට ඔිෆ් වෙන්නෙ. අනිත් එක්කෙනා කාල වතුර ගෙනත් තේත් දාන්න ඔින.ඉතින්මාත් දහයට ඔිෆ්වෙලාම කන්නං කියල බඩ අතගගා හිටිය.
ඔහොම ඉන්නකොට දෙමල මනුස්සයෙකුයි ඔහුගේ අවුරුදු දහයක් විතර වුනු පොඩි එකෙකුයි ආව. මෙි දෙන්නම පොයින්ට් එක දිහායි මං දිහාය් බල බල ආවෙ.මං දුර තියාම ඔික දැක්කා.
මොන මරාලයක් සෙට්වෙයිදෝවත් දන්නැති හිංද මාත් ඇහිපිය නොගහ මෙි දෙන්න දිහා බලන් හිටිය.
කියන්න බෑනෙ සූසයිඩ්ද බෝම්බ ගහල දුවන සීන් එකක්ද කියල. එච්චර අත්දැකීමුත් නෑනෙ.
කොහොම හරි ඩබලම ලඟට ඇවිත් කෙලින්ම මං ඉස්සරහින් හිට ගත්තා
ලොකු මනුස්සය ඇහුව බඩගිනියි සර්..කෑම නැද්ද කියල
එදා අපිට කිරිබත් තිබුනෙ. මට පව් කියල හිතුන.මං විතරයි මෙතන හිටියෙ..මගේ තනියට හිටපු එකා මෙි වෙද්දි වතුර ගේන්න ගිහින් හිටියෙ. සැරයන් හට් එක ඇතුලෙ. මට පව් කියල හිතුන. ඇත්තටම මගේ අතේ කීයක්වත් සල්ලි තිබුනෙත් නෑ.
මං ගිහින් මගේ කෑම එක විතරක් ගෙනත් දුන්න කන්න. වෙිලක් බඩගින්නෙ හිටියට මැරෙනවද හිතෝතුනි..නෑනෙ.
ඒක ලමයට හරි කෑවහැකි. මට ඩියුටි ගිහින් හිටපු අයගෙ කෑම දෙන්න බෑ.එතන මැරිල මැරිල එන්නෙ බත් එක බලාගෙන.මාත් එහෙමයි.අපි කව්රුත් එහෙමයි. මිනිස්සු චෙක් කරල වාහන වලට බස් වලට ඔිවට නැගල බැහැල චෙක් කරල පැයක් දෙකක් යනකොට හෙම්බත් වෙනව හොදටම.ඒ නිසා මට එතන කව්රුත් බඩගින්නෙ තියන්න බෑ. අහන්නැතුව දීල ගුටි කන්නත් බෑ. එහෙමනං වෙන්නනෑ.ඒත් අයිති කාරය දන්නැතුව එයාව බඩගින්නෙ තියන්න බෑනෙ. ඉතින් මං මංගේ බත් එක විතරක් දුන්නා. පස්සෙදි අර මනුස්සය අතේ තිබ්බ ප්ලාස්ටික් බෝතලේ දික්කරල වතුර ටිකක් ඉල්ලුව. මං මට බොන්න තිබ්බ බෝතලෙන් වතුර එකකුත් පුරවල දුන්නා. පස්සෙ පොඩි එකාගෙ තාත්ත ඒ වතුර බෝතලෙයි ලන්ච් ශීට් එකේ ඔතා තිබුනු කිරිබත් කැට දෙකයි පුතාට දීල හෙවනක තිබුන් කොහොඹ මුලක් පෙන්නල එතනින් ඉඳගෙන කන්න කිව්ව.
මට උදේට කෑවට වැඩිය බඩ පිරුන.ඒත් මහ එකා බඩගින්නෙ. කරන්න දෙයක් නෑ..ඌට වෙිලක් අල්ලං හිටිය හැකිනෙ.
මං පොරගෙන් විස්තර ඇහුව ඒ ඉන්න අතරෙ.
මිනිහත් අවංකවම වෙන්න ඇති උත්තර දුන්නා.
*මොකද කෑවෙ නැත්තෙ උදේට.?
*ශේර් මක්කෙ කේනි නෑ.මළා. අපි තනියම ඉන්නව.මෙි කමෙි යන ගමන්..
*ගම කොහේද
*මූකුරාල්
*එතකොට මෙහෙ ආවෙ.
*වාලචෙින ගියා ශේර්.
ඒ කතාකර කර ඉන්න ගමන් ජයලත් ආව කෑමට.
*කොයි උත&@%$තො බත්... අද මොනාද තියෙන්නෙ කන්න. අම්මෝ බඩගිනිබං.
*අද කිරිබත් තියෙන්නෙ.. කෑම ඇතුලෙ . අනිත් එක්කෙනා වතුර ගේන්න ගියා ටිකක් ඉන්න වෙනව.
*තාම නැද්ද බං.රෙද්ද.බඩගිනී මැරෙන්ඩ.
මං ඒකට ඇහුං කන්න ගියේ නෑ.මං අරූව ඉන්ටවීව් කරනව.
හැබැයි අසරණම ඩබලක්.ඇදුනුත් කිලුටුවෙලා කොල්ලගෙ කලිසමත් පිටිපස්සෙන් චුට්ටක් ඉරිල තිබුනෙ.
ඒ අස්සෙ වතුර ගේනකං කෑම කන්න බලන් හිටපු ජයලත්;
*මොකද්ද බං කේස් එක.
මං විස්තරේ කිව්වා.
ඌ ඇහුව අර මනුස්සයගෙන් කාලද ඉන්නෙ කියල.පොර කාලනෑ කිව්ව.
ජයලත් ඇතුලට ගිහින් උගේ කෑම එක ගෙනවිත් අර මනුස්සයට දීල කන්න කිව්වා. පොර කිව්ව පස්සෙ කන්නං කියල.
ඒක අතේ තිබ්බ මල්ලට දාගත්තා. ඒ අස්සෙ ජයලතය මට බොන්න ඉතුරු කර ගත්තු වතුර බෝතල් බාගෙම බීගෙන බීගෙන ගිහින් ආපහු රෝඩ් බ්ලොක් එකට යන්න හැරුනා.. ඔික අර මනුස්සය දැකල ආපහු දෙන්න හැදුව කෑම එක. (පොරට සිංහල චුට්ට චුට්ට පුලුවන්.ජයලත් කන්න ආව එක තේරෙන්න ඇති.කියාගෙන ආපුවත් එක්ක)
අපි එපා කිව්ව.පොරට ඇස් දෙකට කඳුලුත් ආව.
*මෙික ගන්න සර්. ඔයාලා මගෙ පුතාලා වගෙ.මං කොහොමද ඔයාලගෙ කෑම එක කන්නෙ.මෙික ගන්න සර්.පොඩ් එකාට කැම හම්බුනානෙ.ඒ ඇති සර්.
ජයලත් කිව්ව.
*.අපිට තවටිකෙන් දවල් කෑම එක එනව.අපි කන්නං ඔයා කන්න කියල.
කොහොම හරි අපි ගත්තෙ නෑ. පස්සෙ පොර ගියා.ජයලත් ගියා.මං තනියම සෙන්ට්‍රි.
මං කල්පනේ කලේ ඇයි දෙයියනේ මෙි රටට යුද්දයක් කියල.ඊට වඩා සුලු වගේ පෙනුනත් දරුණුවෙන් හිතන්න ඔින ප්‍රශ්ණ තියෙනවනෙ මෙි මිනිස්සුන්ට කියල.
ඔික එතනින් ඉවර උනා.
ඊට දවස් පහකට කලින් මම ට්‍රාන්ස් ෆෝමර් පොයින්ට් එකේ ඉන්නැද්දි ඔිකෙ අනික් පැත්ත වෙලා තබුනෙ.මං බැනුනුත් අහල තව ටික්කෙන් හක්කත් පන්න ගන්න ලයින් එකක් එතන සිද්ද උනා.
එතන පුල්ලෙයාර් කොවිලේ පූජාවක් තිබුනා. අපිටත් කිලෝ දහයක විතර පූජා බත් හම්බුනා. අපි පස්දෙනයි ඉන්නෙත්. ඒත් එච්චර දුන්නෙ අනිත් කට්ටියටත් යවන්න කියල.
මෙි ගමෙි ඔක්කොම ඉන්නෙ අපිත් එක්ක හිතවත් කට්ටිය.රාජ්‍ය සේවකයො. ගුරුවරු,ඉලෙක්ටිසිටියෙ කෘෂිකර්මෙ පේපර් මිල්ස් එකේ ආදිය වැඩකරන අය.
එතන කෝපල් ලලිත් කුමාර තමා ඉන්චාජ් හිටියෙ.
කෝපල් මට කිව්ව
*මල්ලී ඔිව ඔක්කොම ටවුන් ගිහින් බඩු ගේන අයට ටික ටික දියන් කාල යන්න කියල.
මාත් අපිට ටිකක් තියාගෙන මෙතනින් යන කට්ටියට ටික ටික දෙන්න සැලසුම් කලා.
කෝපල් ලලිත්ම වතුර ජෝගුවකුය් අත හෝදන්න බකට් එකකුයි ඉස්සරහින් ගෙනත් තිබ්බා.
(මෙතනින් ඒ දවස්වල ටවුන් යනව එනව ඈත ගම්වල මිනිස්සු. ඒ යන්නෙ සතියකට විතර බඩුගේන්න.හරියට අපි පොලේ යනව වගේම තමා.එන්නෙ එනකොට නාහින් කටින් එල්ල ගෙන දාඩිය පොල්ල දාගෙන පයින්.මෙික ශෝට් කට් එකක්.පස්සෙ ඒ පාර වැහුව.)
මං ඇහුව කෝපල් මං දෙමල දන්නැනෙ.කොහොමද කියන්නෙ කියල.
කෝපලුත් කියනව දන්න විදියකට කියහං.උං කනවනං කයි කියල.
මාත් වැඩිය අහන්න ගියෙ නෑ. සිවිල් මිනිස්සු ආමි එකට තියෙන බයට වඩා අපි ඒ දවස්වල කෝපල්ලට බයයිනෙ.😁😁😁
මාත් එන එන අයට ටික ටික දුන්නා කන්න.කෙහෙල් අත්තකුත් .කපල ඉරාගෙන තියාගෙන හිටියෙ.
මාත් දන්න දෙමලයි නොදන්න සිංහලයි දාල කියනව එන එන කෙනාට කිරිබත් කාල යන්න කියල.
පිරිමි කට්ටියනං හිනාවෙිවී කනව මං කිව්වම.ඒත් ආසාවට එක ගෑනු කෙනෙක් එක ගෑල්ලමෙක් කෑවෙ නෑ.ගස්සනව,පුම්බගන්නව යනව.ගස්සනව පුම්බ ගන්නව යනව.
මං ඔික කිව්ව කෝපල්ට.
*කෝප්‍රල් බත් ඉතුරුයිනෙ.පිරිමි විතරයි කන්නෙ.එක බවලතෙක් මෙිව කන්නැනෙ.
එයත් ඇවිත් බැලුව.බත් එක එහෙම්මමයි.
ඉස්සරහින් ගෑනු තුන්දෙනෙක් එනව.මට කිව්ව නවත්තල දීපං බලන්න කියල.මාත් ඉතින් එයාලව නැවැත්තුව. මෙි එන්නෙ ටවුමට ගිහින් බඩු අරං එන අය.ඉහෙං කනෙන් බඩුත් එල්ලගෙන එන්නෙ.
*ඇන්ටී ඔික පැත්තකින් තියල පුක කන්න පුක දෙන්නං??
ම්හු...කෑවෙ නෑමයි.ගැස්සුව පිම්බුව ගිය.
කෝපල් ලලිත් ඒ අය ගියාට පස්සෙ..
*මොකද්ද ගස්ගෝනෝ උඹ ඒ කිව්වෙ.
*මං කිව්වෙ ඔලුවෙ තියන එක බිමින් තියල පුක කන්න පුක දෙන්නං කියල.
*යකෝ.."ඔික" කියන්නෙ දෙමලෙන් අමු කුනුහරුපයක්. පුක නෙමෙි පුක්ක කියහං.තෝ කියන විදියට ඇති මෙතනින් ගෑනු ගියාවත් යකෝ..
කෝපල් ආයෙ මට කිව්ව ගොං ප%@&$ය කියලත්.😁😁😁😁☺️☺️☺️☺️
ඇත්තනෙ.අඩෙි ඔිකෙ තෙරුම දැන ගත්තෙ පස්සෙනෙ. ඔික කියන්නෙනම් ඉතින් අමු තිත්ත එකක් තමා.😁😁😁
පුක කියන්නෙ කිරිබත් කියලනෙ මාත් හිතං හිටියෙ.බැලින්නං ඒක පුක්ක නෙ. ඊට පස්සෙ මං..සුද්ද සිංහලෙන්ම.
*ඇන්ටී.. බඩු බිමින් තියල පූජා කිරිබත් කාල යන්න
කියල මංම කෙහෙල් කොල කෑලි වලට බෙදල දුන්නා. මයෙ අප්පා බලන්ඩෙපෑ ඊට පස්සෙ පිංදිදී කාපු හැටි. පැය බාගෙයක් යනකොට හට්ටියම ඉවරයි. (ඉස්සල්ලා ගියපු බවලත්තු මං ගැන මොනා හිතුවද දන්නැ 😁😁😁😁.)
රුවින් පමුද්ත යද්දෙහිආරච්චි
2020.05.04
No comments:
Post a Comment